ගහකොළ, ඉරහඳ, ලෝකය නැද්ද?

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    බුදුන් වදාළ ධර්මය වටහගන්න යන අතිබහුතරයක් හිරවෙන තැන තමයි, ශූන්‍යත්වය-නිවන සහ තමන්ගේ ඉන්ද්‍රියයන්ට ගෝචරවන භෞතික ලෝකය පිළිබඳ පටලැවිල්ල.

    සතරමහාධාතුවෙන් විද්‍යාමාන වන ඉරහඳ, ගහකොළ සහ අනන්ත විශ්වය කියලා දෙයක් නැද්ද? ඔව් තියෙනවා!
    කාටද? එහෙම හිතන-දකින-දැනෙන, එහිම ගිලී සිටින, විඤ්ඤානය විසින් හසුරුවන කෙනෙකුට. එහෙම නැත්තං සත්වයා කොහොමද ඇලෙන්නෙ? ආශ්වාද විඳින්නේ?

    පෙර සංඛාර විපාකය අවිජ්ජා ආශ්‍රවවලට 31 තලයේ ඒ ඒ ස්වභාවයන් සහ ස්වරූපයන් විඤ්ඤානය තුළින් හමුවීම තමයි අපි බාහිර ලෝකය කියලා කියන්නේ.

    ගිජුළිහිනියාට ජලය පෙනෙන්නේ ලේ වගෙයි. පාපය බලවත් කෙනාට හැම දෙයක්ම ගින්න සහ දැවීම විදිහටයි දැනෙන්නේ.
    එතකොට රහතුන්ට? විඤ්ඤානයේ වහලෙක් නොවන රහතුන්ට ලෝකයක් නෑ. හැබැයි අපට "පේන" රහතුන්ගේ 'සතරමහාධාතු පිට පොත්ත' මේ සතරමහාධාතු ලෝකය පරිහරණය කරනවා. ඒක 'එයාගෙ' වැඩක් නෙවෙයි !

    එහෙනං කොහොමද ලෝකය ශූන්‍යයි කියන්නේ? මෙන්න මෙතන තමයි පොත් දාහක් ලියලවත් තේරුම් කරන්න දුෂ්කර කාරණය. ඕක එකම උදාහරණයකින් විතරක් දක්වමු. සාමාන්‍යයෙන් සත්වයා හිතන්නේ තමන්ගේ මස් ඇසෙන් ලෝකයේ තියෙන රූප දකිනවා කියලා. නමුත් 'ඇස' කවදාවත් දකින්න බෑ. සතරමහාධාතුව, සතරමහාධාතු අඳුනන්නෙ නෑ. බාහිර රූපයට නමක් නෑ, හඳුනගන්න බෑ. මේ පැත්තෙ(අභ්‍යන්තර) පෙනීම පෙනෙන කෙනෙක් නෑ !

    ඔය යථාර්ථය දකින කෙනෙකුට ලෝකය ශූන්‍යයි !
    එයා ලෝකයේ දුකින් නිදහස්. සළායතන නිරෝධයි ! 🙏
    (පස්සතො නත්‍ථි කිඤ්චනං-දකින්නාට කිසිවක් නොවේ)

    ධර්මය නුවනැතියන්ටයි කියන්නේ ඒකයි. ඉතිං මේක පටලවගන්න එපා. විඤ්ඤානය විතරක් ම පරිහරණය කරන අවිද්‍යා සහගත සත්වයාට භෞතිකයක් සහ ලෝකයක් තියෙනවා. එයාට එතනින් එහාට දකින්න, හිතන්න බෑ. අන්න ඒ නිසයි, මේසා දහදුක් විඳගෙන, විඤ්ඤානයෙන් ඔබ්බට ප්‍රඥා ආලෝකය විහිදුවා දකින්න පුළුවන් සම්මාසම්බුදු කෙනෙක් පහළ වෙලා, නිර්වාණගාමී ධර්මයක් සහ ප්‍රතිපදාවක් ලෝකයට කියා දෙන්නෙ.

    Copied ~
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    පාපය බලවත් කෙනාට හැම දෙයක්ම ගින්න සහ දැවීම විදිහටයි දැනෙන්නේ.
    මගෙත් පාපය බලවත් ඈති ! මටත් හැමදේම ගින්නක් තමා කිසිම අතකින් විවේකයක් නෑ !
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    ගිජුළිහිනියාට ජලය පෙනෙන්නේ ලේ වගෙයි. පාපය බලවත් කෙනාට හැම දෙයක්ම ගින්න සහ දැවීම විදිහටයි දැනෙන්නේ.
    එතකොට රහතුන්ට? විඤ්ඤානයේ වහලෙක් නොවන රහතුන්ට ලෝකයක් නෑ. හැබැයි අපට "පේන" රහතුන්ගේ 'සතරමහාධාතු පිට පොත්ත' මේ සතරමහාධාතු ලෝකය පරිහරණය කරනවා. ඒක 'එයාගෙ' වැඩක් නෙවෙයි !

    මොනවද බන් මේ බයිල? ආයෙත් උච්චේදයෙනෙ...ඒ මදිවට ලෝක ශුන්ය කියල තව බයිලාවක් දාල..උබ මේ වෙනකොට මේ බයිලාවලින් ගොඩ වෙලා තියෙන්න ඕනෙ..
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    මොනවද බන් මේ බයිල? ආයෙත් උච්චේදයෙනෙ...ඒ මදිවට ලෝක ශුන්ය කියල තව බයිලාවක් දාල..උබ මේ වෙනකොට මේ බයිලාවලින් ගොඩ වෙලා තියෙන්න ඕනෙ..

    ලෝකයක් නැහැ කියන්නේ අනිච්ච, අනත්ත, දුක්ඛ දකින නිරායාස සිහිය. අනිච්ච කියන එකටම ශූන්‍ය කිව්වට අවුලක් නැහැනේ?

    climax එක මෙතන තියෙන්නේ. අතන *නැහැ* කියලා සමහරවෙලාවට හිතුනත්, මෙතන හරියට කියෙව්වොත්, අතන *නැහැ* කියලා හිතපු අවුල හම්බෙනවා.
    නමුත් 'ඇස' කවදාවත් දකින්න බෑ. සතරමහාධාතුව, සතරමහාධාතු අඳුනන්නෙ නෑ. බාහිර රූපයට නමක් නෑ, හඳුනගන්න බෑ. මේ පැත්තෙ(අභ්‍යන්තර) පෙනීම පෙනෙන කෙනෙක් නෑ !

    උබ මේ වෙනකොට මේ බයිලාවලින් ගොඩ වෙලා තියෙන්න ඕනෙ..

    බයිලා වලින් ගොඩ එන්න වෙන්නේ බයිලා වල අවුලක් දැකලමනේ. ඔබතුමායි, මායි මෙතන ඉදියිද සංඛතයේ අවුලක් අනුමාන මට්ටමකින් වත් දැක්කේ නැත්තම්?
    ------ Post added on Feb 21, 2026 at 9:48 AM

    මගෙත් පාපය බලවත් ඈති ! මටත් හැමදේම ගින්නක් තමා කිසිම අතකින් විවේකයක් නෑ !

    මෛත්‍රි භාවනාව කරපන් daily.
    ------ Post added on Feb 21, 2026 at 9:56 AM
     
    • Like
    Reactions: NRTG and Yeezus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,822
    113
    Mother Earth
    ගිජුළිහිනියාට ජලය පෙනෙන්නේ ලේ වගෙයි.
    84644528-ln-DQz-Bg-X-327w.jpg
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113

    උපමාවක්

    උබට මේ වගේ thread එකක් පේන්නෙම අප්‍රිය දෙයක් විදිහට වගේ තමයි. තියපු bricks තමයි විපාකෙට එන්නේ.
     
    • Like
    Reactions: NRTG

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,900
    2,833
    113
    43
    Wakanda
    උබල ධාර්මිකයි කියල හිතුවට මෙලොවට පරලොවට දෙකටම වැඩකට නැති ජීවිතයක් ගෙවන්නෙ.
    විදින දුක සාධාරණීකරණය කරන්න හේතු හොයන්නෙ නැතිව ආර්තිකය හදාගනින් මහන්සිවෙලා
     
    • Sad
    Reactions: NRTG

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    ලෝකයක් නැහැ කියන්නේ අනිච්ච, අනත්ත, දුක්ඛ දකින නිරායාස සිහිය. අනිච්ච කියන එකටම ශූන්‍ය කිව්වට අවුලක් නැහැනේ?

    කොහෙද බන් බුදු හාමුදුරුවො මෙහෙම කතා කියල තියෙන්නෙ?

    බයිලා වලින් ගොඩ එන්න වෙන්නේ බයිලා වල අවුලක් දැකලමනේ. ඔබතුමායි, මායි මෙතන ඉදියිද සංඛතයේ අවුලක් අනුමාන මට්ටමකින් වත් දැක්කේ නැත්තම්?
    ------ Post added on Feb 21, 2026 at 9:48 AM

    සන්කතයක් නෙවේ බන් කියන්නෙ...මේ තියෙන බයිල කතාවලින් මොන බයිල කතාවද සන්කතයෙ අවුල දකින්න දක්කන්නෙ කියෙල උබට තේරිල තියෙන්න ඕනෙ මේ වෙනකොට කරපු කතා එක්ක...
     
    • Like
    Reactions: Blair Solari

    හ්ම් 🙏🏻