ගහක මල් පිපිලා පිපෙන්නේ

Extra One

Well-known member
  • Jan 12, 2012
    3,450
    1,145
    113
    ගහක මල් පිපිලා පිපෙන්නේ

    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී..
    .


    හරි ලස්සන ප්‍රේමණීය සින්දුවක්.... ආදරවන්තයින් කී දෙනෙක් තමන්ගෙ පෙම් හසුන්වල, එස් එම් එස් වල, ඊමේල් වල මේ ගීතය ලියන්න ඇත්ද.....? ආදරවන්තියින් කීදෙනෙක් මේ ගීතය සිය සහකරු හෝ සහකාරිය ළග තියාගෙන ගායනා කරන්න ඇත්ද....? ඒ තරමටම ප්‍රේමණීයවූත්, සුන්දරවූත්, ඉත්මත් ඉක්මනින් සිත්තුල තැන්පත්වී ජනප්‍රිය වූත් ගීතයක් තමා මේ.

    ඒත් මේ ගීතය සමලිංගික ඇසුර සාධාරණයයි පවසමින් සමලිංගික ආදරය ගැන ප්‍රකාශකරන ගීතයක්... දැන් අපි බලමු කොහොමද එහෙම වෙන්නෙ කියල.....

    හැමෝම වගේ මේ ගීතයේ මුල් කොටසන්ම තීරණයකට ඇවිත් ඉවරයි ආදර වන්තයෙක් ආදර වන්තියකට කියන ගීතයක් කියල.... ඇත්ත ඕන කෙනෙකුට එහෙම හිතෙනව තමා .... මොකද සරලව පද ගැලපීමක් සිදුකරල තියෙනව ඒ මුල් කොටසෙ. මේ මුලු ලෝකයම සුවද කරන්නට ගස් වල මල් පිපෙන්නේ ඇයි කියල මට තාමත් තේරෙන්නෑ.. ඒ ගස් වලින් දෝරෙ ගලන මල් සුවද වගේම සුවදට.. (සමහරවිට ඒ සුවද ඊටත් වඩා වෙන්නැති ) මගේ සිතේ විකසිත වෙන මල් සුවද .. සුවදක් වෙන්නෙ ඇයි කියල මම දන්නෑ... ඒ මල් පිපෙන්නෙ ඇයි කියල දන්නෑ වගේම ඔබ වෙනුවෙන් මගෙ හිත ඇදුනෙ ඇයි කියලත් මම දන්නෑ...


    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී...


    නමුත් දෙවන කොටස ගැඹුරින් විශ්ලේෂණය කලොත් අපිට ගීතය තුල මුල් බැසගත් සැබෑ අර්ථය හොයාගන්න පුළුවන්.. සැබෑ අර්ථය බුද්ධිමත් ශ්‍රාවකයාට පමණක් තේරුම්ගැනීමට අවස්ථාවක් ලබාදීමටත් සාමාන්‍ය ශ්‍රාවක රසයෙන් එය වසන් කිරීමට මෙහි ගීත රචකයා ප්‍රභල සාර්ථක උත්සාහයක් දරල තියෙනව.

    ලෝක ස්වභාව අනුව පිරිමියෙක් ප්‍රේම කරන්නෙ කාන්තාවකට හරියට කාන්තාරය සූර්ය රශ්මියට ප්‍රේම කරනව වගේ. නමුත් කාන්තාරයට අවැසිනම් නිතරම නොලැබෙන වර්ෂාවට උනත් පණවගේ ආදරේ කරන්න පුළුවන්. අපූරු උපමා යොදාගනිමින් යමුනා මාලනී නම් පද රචිකාව ඉතාම සංයමයෙන් සමලින්ගික ප්‍රේමයක පැටලුනු අයෙකුගේ සිතුවිල්ලක් මෙහි ප්‍රකාශවෙනව. එනම් ලෝක ධර්මතාවයට අනුව ගැහැණියක් හා පිරිමියෙක් එකිනෙකාට ආලය කිරීම සිදුවූවත් විශම ලිංගිකත්වයෙන් ඔබ්බට ගොස් සමලිංගිකයන් කෙරේත් ආදරය නම් හැගීම ඇතිවිය හැකි බවයි. මෙම පදපෙල අවසානයේ රචකයා යොදා ඇති "ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්.. කරනු බැහැ තහනම්.." පද පෙලින් සමලිංගික ආදරය සම්මතයෙන් ඔබ්බට ගොස් අසම්මතයේ ක්‍රියාවක් බැවින් මෙකී සෙනෙහස ලොවෙන් සගවනා සෙනෙහසක් බවත් කිසිවෙකුට ඒ හැගීම යටපත් කරන්නට බැරි බවත් කියන්න උත්සාහ කරනව...


    "කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
    ඇතත් ලෝ දහමින්
    සොදුරු වැස්සට දැවෙන කතරත්
    ආදරෙයි පණමෙන් "


    ගීතයේ අවසන් කොටසෙදිත් පද රචකයා සිංහල භාෂාවේ තිබෙන හරිම සුන්දර වචන උපමා උපමේ යොදාගනිමින් තමා අපට මේ අසම්මත කතාව පැහැදිලි කරන්නෙ. "සදට සදහට සෙනේ පෑ මුත් උදුල තරු කැටයම්..." සද , තරු දෙකම අයිති රාත්‍රි අහසට ඒක තමා ලෝක සම්මතය.. සද තරුවටත්, තරුව සදටත් පෙම් කරනව ... ගැහැණිය පිරිමියටත් පිරිමිය ගැහැනියටත් වගේ... සම්මතය එපරිදි උනත් ඒ සම්මතයට එපිටින් ගිහින් සදට පෙම්බදින්නෙ නැතිව දිවා කාලයේ හිරුට පෙම්බදින අයත් ඉන්න පුළුවන් නේද.... ? කියල තමයි අවාසාන පදයෙන් අහන්නෙ.


    "සදට සදහට සෙනෙහෙ පෑමුත්
    උදුල තරු කැටයම්
    හිරුටපෙම් බැදි එකම තරුවක්
    සිටිය නොහැකිද යම් "


    සරලව පැහැදිලි කරන්න හරිම අපහසු ගීතයක් .... ඒත් ඉල්ලීමක් කල නිසා පුලුවන් තරම් සරලව විග්රසහ කලා.... දැන් අපේ යාළුවො තවමත් ඉන්නෙ ආදරවන්තයෙක් ආදරවන්තිට කියනවා කියන මතයේද.... ඔන්න දන්නකෙනෙකුට මම මුළින් සදහන් කලා වගේ ලියුම් වල ලියල යවන්න දෙන්න එපා හොදේ.... හිතන්න ඔබේ ප්‍රේමවන්තිය හෝ ප්‍රේමවන්තය දැන් ඔබට මේ ගීතය ලියල දුන්නොතින් වෙන දේ.......... හොදට අහගනී නේද යාළුවනේ..... සිංහල ගීතයේ තියෙන රසය ඒක තාමා කියන්නෙ එකක් නමුත් යටින් හැමෝටම හොරෙන් ගලාගෙන යන්නෙ තවත් අර්ථයක්..... ඒ යටි අර්ථය සැබෑවටම හදුනගන්නෙ ඔබ වගේ බුද්ධිමත් හා ඉහල රසයක් තියෙන සීමිත පිරිසක් පමණයි....

    කොහොම උනත් අපිට මේ ගීතය විවිධ පැතිකඩයන් හා විවිධ මාන ඔස්සේ හා විවිධ බුද්ධිමට්ටම් වලින් දකින්න විදින්න පුළුවන් කමක් තියෙනවා.....

    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී...

    කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
    ඇතත් ලෝ දහමින්
    සොදුරු වැස්සට දැවෙන කතරත්
    ආදරෙයි පණමෙන්
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
    ඒ වගෙයි මනරම්
    කරනුබැරි තහනම්

    සදට සදහට සෙනෙහෙ පෑමුත්
    උදුල තරු කැටයම්
    හිරුටපෙම් බැදි එකම තරුවක්
    සිටිය නොහැකිද යම්
    නුඹට නොහැගෙන මගේ ප්රේුමය
    ඒ වගේ මනරම්
    පුදුමවෙයි නුඹ නම්


    ගායනය - කරුනාරත්න දිවුල්ගනේ
    පද රචනය - යමුනා මාලනී පෙරේරා
    තනුව - ගුණදාස කපුගේ

    මේක මට ආපු email එකක් රීෆෝස්ට් නම් සොරි.......................
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මට නම් ඕක වැඩකට නැති සින්දුවක්.

    උදාහරන දෙකක් දෙන්නම්..
    ගහක මල් පිපිලා පිපෙන්නේ.
    ඇයි මේ පිපිලා පිපෙනව කියන්නෙ .repetition කියන්නෙ මෙන්න මේ දොශයට. හරියට වාක්ය සම්පූර්ණ කරන්න එකම වචනෙ තෙරුමක් නැතිව රිපීට් කරල.මීට හොදයි "ගහක මල් පිපිලා දිලෙන්නේ" කිව්වනම්.නමුත් රචකයා ඒ තරම් වත් දැනුමක් නැතුව ඔහේ වචන පාවිච්චි කරල තියෙනවා.
    අනෙක තමයි මි යන්නෙන් සින්දුවක chorus එක ලිවීම. මී යන්නෙන් "අමමී" වගේ සම්මන්යෙන් මී අකුර අගට එන වචන් දැම්ම වගේ නෙමෙයි මම කියන පුද්ගලයා කරන ක්‍රියාවට අවසන යොදන මි දැමීම ප්‍රාතමික ලිවීමක්. ඒ කියන්නෙ ඕනම ලමයෙකුට පුලුවන්
    කන්නෙමි,යන්නෙමි,වදිනෙමි,සිටියෙමි කියල වචන අගට දාල කවි හදන්න නමුත් ඒක මහලොකු කවි ලිවීමක් නෙමෙයි.
    හැබැයි මෙවගෙ මූලික වැරදි දෙකක් කරන කවියා පසුව ඉතා ඉහල ගනයේ භාශා රටාවක් පාවිච්චි කරනවා.

    "සදට සදහට සෙනෙහෙ පෑමුත්
    උදුල තරු කැටයම්
    හිරුටපෙම් බැදි එකම තරුවක්
    සිටිය නොහැකිද යම්
    "

    මේ කෑල්ල නම් විශිෂ්ටයි.