ග්ලයිෆොසෙට්‌ නාඩගම

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ග්ලයිෆොසෙට්‌ නාඩගම

    පරිසරය උගසට තබා රඟන ග්ලයිෆොසෙට්‌ නාඩගම




    සනත් එම්. බණ්‌ඩාර
    (ගිරාඳුරුකෝට්‌ටේ කෘෂිකර්ම මධ්‍යස්‌ථානයේ හිටපු ආයතන ප්‍රධානී)

    galiposar135.jpg
    රබර් හා තේ වගාවට වල් නාශකයක්‌ ලෙස ග්ලයිෆොසෙට්‌ භාවිතයට ඉඩදුන් බවක්‌ ප්‍රකාශවෙත්ම මෙම රසායනිකයේ ආදීනව ගෙනහැර පාමින් එය තහනම් කරවීමට ක්‍රියාත්මකවූ සමාජ තලයන් නැවතත් නොසන්සුන් වී තිබේ. තහනම පැනවීමට රජය ක්‍රියාත්මක වෙත්දීත් ග්ලයිෆොසෙට්‌ ඕනෑයයි කියූ පිරිසක්‌ද රටේ විය. ඔවුනට එදා ලැබුණේ පරාජයේ සතුටයි. ග්ලයිෆොසෙට්‌ රට පුරාම තහනම් වුණි. තහනමට හේතුව හෝ තහනම ලිහිල් කිරීමට හේතුවක්‌ හෝ මෙතෙක්‌ විද්‍යාත්මකව ඉදිරිපත්වී නැත. අලියාගේ ඇඟපත අතගාන අන්ධයා මෙන් රජය විටින් විට ග්ලයිෆොසෙට්‌හි හැඩරුව මෙසේයයි පවසයි. යන්තම් හෝ අවදානමක්‌ ඇත්නම්, නැතහොත් අවදානමක්‌ නැතැයි විද්‍යාත්මකව ස්‌ථිරව සනාථ කර නැත්නම් එය භාවිතයට ඉඩදිය නොහැකි යෑයි විටෙක පැවසූ බලවතුන්, ඊට ටික කලකට පසු පවසන්නේ අවදානමක්‌ ඇතැයි ස්‌ථිරව සනාථ කර නැති නිසා ග්ලයිෆොසෙට්‌ භාවිතයට ඉඩදෙන බවකි. මෙවැනි හතරබීරි කතාවලින් හෙම්බත්වෙන ජනතාවට මතක්‌ වෙන්නේ "කලකට වහලු කලකට රහලූ" වැනි ප්‍රස්‌තා පිරුළුය.

    ලංකාවේ වැඩිපුර තිබෙන රබර් ඉඩම් බෑවුම් සහිත ඒවා නොවේ. එවැනි ඉඩමක වල් මර්දනය සඳහා උදලු ගෑවත් සැලකිය හැකි තරම් සෝදා පාළුවක්‌ සිදුවන්නේ නැත. මගේ පාසල් දිවියේ මුල් සමය ගෙවී ගියේද රබර් වගාව ආශ්‍රිතව තිබූ නිවසක බැවින් ඒ පිළිබඳ පැහැදිලි මතකයක්‌ තවමත් මා සතුව තිබේ. කිරි කැපීමට එන කාන්තාවන් හැරුණුවිට රබර් වත්තේ වල් ගැළවීමට එන කෙනෙක්‌ එකල මා දුටුවේ නැත. මුළු වත්තම රනිල කුලයේ වැල් වර්ගයකින් වැසී තිබුණු නිසා එහි ගලවන්නට තණකොළයක්‌ තිබුණේත් නැත. එම වැල් වර්ගය ගැමියන් විසින් පෝරවැල් කියා හැඳින්වුණි. එහි අරුත පසුකාලීනව මා දැනගත්තේ උද්භිද විද්‍යාව හදාරන්නට ගිය පසුයි. එය රනිල කුලයේ වැලකි. මූලගැටිති තුළ වෙසෙන සහජීවී බැක්‌ටීරියාවක්‌ විසින් පසට නයිට්‍රජන් එකතුකිරීමක්‌ කරන නිසා අවට පසෙහි එම මූලද්‍රව්‍යයයේ සරු බවක්‌ ඇතිවෙන බව ගම්මු අවබෝධ කරගෙන සිටියහ. නමේ අරුත මට වැටහුණේ ඒ අනුවයි. කලාලයක්‌ සේ බිම පුරා මෙම වැල් වැවී තිබුණි. ඒ තුළ සතා සර්පයාද බහුල විය. හැන්දෑ යාමයේ මෙහි ඇවිදින්නට ගොස්‌ පොළඟෙකුගේ ප්‍රහාරයකට හසුවූ ආකාරය මතක්‌ වනවිට නම් තවමත් ඇඟ හිරිවැටී යනවා සේ දැනේ. ඒත් ඒ පරිසරය හා අප තදින් බද්ධ වී සිටියෙමු. පෝරවැල් නිසා වත්තේ තණකොළ තිබුණේaම නැත. කිරි කැපීමට එන අය ගස්‌ පාමුල කෙරෙන තම කර්තව්‍යයට අවැසි පරිදි යම් වට ප්‍රමාණයක්‌ පෝරවැල් ගලවා තමා විසින්ම සුද්ධ කරගැනීම එකල සිරිතයි. ඉඩම් හිමියාට ඉසින්නට ග්ලයිෆොසෙට්‌ එකල තිබුණේද නැත. තණකොළ අඩුවීමට තවත් හේතුවක්‌ වූයේ රබර් වත්ත මහා දවාලටත් අඳුරේ තිබීමය. බිමට යහමින් එළියක්‌ වැටුණේ රබර් කොළ හැලෙන පෙබරවාරියේදීය. එය වියළි කාලයක්‌ බැවින් එවිටද තණකොළ වැවුණේa නම් ඒ ඉතා සීමිත ප්‍රමාණයකි. මෙවැනි තත්ත්වයක්‌ මත ඉතා තිරසාරව කෙරුණු රබර් වගාවට අද ග්ලයිෆොසෙට්‌ ඉල්ලන්නේ අප මේ වගා සංස්‌කෘතියෙන් බැහැරව කොහේ හෝ ගොස්‌ අතරමං වී ඇති බැවිනි. ස්‌වාභාවික යටි වගාවකින් වල් මර්දනයකුත්, පසට නයිට්‍රජන් එකතුවකුත් සිදුවන වටාපිටාවක්‌ වනසා දමා, ගුරුපැහැ බිම් කඩෙක රබර් ගස්‌ පේළි හුදකලා කරන ග්ලයිෆොසෙට්‌ මෙම වගාවට කිසිසේත්ම අවශ්‍ය නොවේ. අප එසේ කියන්නේ පරිසරයට කෘත්‍රිම රසායනිකයන් හෙළිය යුත්තේ නොකරම බැරි අවස්‌ථාවටය යන සරල සත්‍යය නිසාවෙනි.

    ග්ලයිෆොසෙට්‌ යනු සංස්‌ථානික වල් නාශකයකි. එනම් මෙය පත්‍ර වලින් උරාගෙන පැළෑටිය තුළ පරිවහනය වී මුල් පද්ධතියද මරා දමයි. ශාකය මියයැමට දින කීපයක්‌ ගතවන්නේ මුල් මැරීයැමට කල් ගතවෙන බැවිනි. මේ නිසා එළවළු, ධාන්‍ය වැනි වගා වල බෝගය පවතිද්දී ග්ලයිෆොසෙට්‌ යෙදීම අසීරුය. මන්දයත් යන්තමින් හෝ එය බෝග පත්‍රවල ගැටුණහොත් එයද මියයන බැවිනි. එසේනම් එම වගාවන් සඳහා මෙය අවශ්‍ය වන්නේ බිම් සැකසීමේදීය. තිබෙන වල්පැළ සමූලඝාතනය කර පිරිසිදු බිමකින් වගාව ඇරඹීම වගාකරුගේ අරමුණ විය හැකිය. නැවතත් අප සාම්ප්‍රදායික ගොවි සංස්‌කෘතියට පිටුපා ඇති බව පෙනේ. භෝගයක්‌ නොමැති විටදී පරිසර හිතකාමීව වල් මර්දනය කර වගාබිම් සකස්‌ කිරීමේ ක්‍රමවේදයන් ඕනෑතරම් අප සතුව තිබේ. අසූව දශකයට එපිටදී, ග්ලයිෆොසෙට්‌ මෙරටට පැමිණීමටත් කලින් අප මෙවන් ක්‍රම හරහා වගා පිහිටුවා යහමින් එළවළු හා ධාන්‍ය නිපදවූයෙමු. අද ගොවියාට නැතිවී ඇත්තේ නිසි උපදේශනයයි. ගොවියාට අද උපදෙස්‌ දෙන්නේ ආණ්‌ඩුවෙන් වැටුප් ගන්නා කෘෂිකර්ම නිලධාරියා නොව ගෙදරටම එන සමාගම් නියෝජිතයාය. තවත් සරල පියවරකට ගියහොත් උපදෙස්‌ එන්නේ කෘෂි රසායන අලෙවිසැලේ මුදලාලි වෙතිනි. ඔහුගේ රාක්‌කවල උදලු තල, මුල්ලු, රේක්‌ක ආදිය අසුරා තබා නැත. ඒවා ඇත්තේ හාඩ්වෙයාර් කඩවලය. එතැනට යන්නේ ගොවීන් නොව ගොඩනැඟිලි ඉදිකරන්නන්ය. කුමන හේතුවක්‌ නිසා මේවා කලවම් වී ඇතිදැයි නොතේරේ. ගොවියාගේ ඇස දැවටෙන මානයේ වල් මර්දන ආම්පන්නයක්‌ වත් නොදකින නිසාත්, තම දේශීය උරුමයන් හා පරිසරය හා ඇති බැඳීම, භාවිතයට නොගැනීම නිසාම කල් ඉකුත්වී ඇති නිසාත්, ඔහු වල් මර්දනයට විසඳුම් සොයනුයේ බෙහෙත් කඩේ රාක්‌ක තුළිනි.

    රබර් වගාවත්, එළවළු ඇතුළු අනෙකුත් භෝග වගාවනුත් ඉතා පැහැදිලිව ග්ලයිෆොසෙට්‌වලින් මුදවාගත හැකිය යන සරල සත්‍යය බලධාරීන් වහාම තේරුම්ගත යුතුය. රටවැසියා ගැනත්, පරිසරය ගැනත් සිතන අපට වඩා දියුණු ජාතීන් අද මේ සියලු අවදානම් කලාප මඟහැර ගොස්‌ සිටී. තම රටට ඇතුල් කරගන්නා එළවළු පලතුරු පමණක්‌ නොව මාළු මස්‌ පවා ඔවුහු දැඩි තත්ත්ව පරීක්‌ෂණයකට ලක්‌කරන්නේ හැමවිටම සාධනය කරගත් කරුණු පදනම් කරගෙන නොවේ. සැක සහිත දේද ඔවුහු බැහැර කරති. අවදානමේ සැකය මේ සඳහා ඔවුනට ප්‍රමාණවත්ය. එම ධර්මතාව අනුව අප ස්‌ථිර නිගමනයන්ට එනතෙක්‌ ග්ලයිෆොසෙට්‌ද පිටුදැකිය යුතුවේ. පාර පැනීම අනතුරුදායකය. කහ හෝ සුදු ඉරි තිබුණත් වාහන ඒවා මතින්ද යන නිසා ඒ මතදී හෝ අනතුරක්‌ වීමට ඉඩ තිබේ. පාර පනින්නේ නැතිව ගමන යා හැකිනම් අනතුරක්‌ විය හැක්‌කේ හදිසියේ සුක්‌කානම මත නින්ද ගිය රියෑදුරෙකු සමඟ දිවෙන වාහනයකින් පමණය. එය නම් කලාතුරකින් සිදුවන්නකි. අප හැමවිටම යොමුවිය යුත්තේ අවදානම අඩු ක්‍රියා පිළිවෙත්වලට නිසා ග්ලයිෆොසෙට්‌ වෙත පිවිසීම හදිස්‌සියට කළ යුත්තක්‌ නම් නොවේ.

    ග්ලයිෆොසෙට්‌ සමඟ ඇමිණී ගැඹුරෙන් කතා කරන්නේ තේ වගාව ගැනයි. පහතරට තේ මෙන් නොව උඩරට තේ වැවෙන්නේ බෑවුම් සහිත ඉඩම්වලය. වරෙක විදෙස්‌ රටක පාඨමාලාවක්‌ හදාරන විටදී දේශකයා මගෙන් විමසූයේ බෑවුම් සහිත භූමියක වගාව ලෙස තෝරා ගන්නේ මඤ්ඤොක්‌කාද, තක්‌කාලිද යන වගයි. මඤ්ඤොක්‌කා ගලවන විට පස බුරුල්වන නිසාත්, ඒ හරහා සෝදාපාළුව ඇතිවන නිසාත් තක්‌කාලි යනුවෙන් මා පිළිතුරු දුන්නේ ඕවත් ප්‍රශ්නදැයි සිත යටින් සිනාසෙමිනි. නමුත් මා වැරදිය. මඤ්ඤොක්‌කා ගලවන්නේ මාස 9 කට වරක්‌ය. තක්‌කාලි වගාව මාස තුනෙන් අහවර වේ. දේශකයාගේ මතය වූයේ කෙටිකාලීන බෝග වවන විට නැවත නැවත බිම් සකස්‌ කිරීමට සිදුවන බැවින් පස වැඩිපුර ඛාදනය වන බවයි. මඤ්ඤොක්‌කා වවන්නේ නම් වසරක්‌ තුළ පස පෙරළන්නේ එක වරක්‌ නිසා බෑවුම් බිමකට එවැනි බෝගයක්‌ වඩා සුදුසු බව ඔහු පෙන්වා දුනි. තේ වගා කරුවන් ග්ලයිෆොසේට්‌ම ඉල්ලා හඬන්නේ මෙවැනිම කරුණක්‌ මතය. ඇටවරා වැනි භූගත කඳන් සහිත වල් මර්දනයටනම් යාන්ත්‍රිකව පස බුරුල් කර ඒවා ගැලවිය යුතුවේ. පස සෝදා පාලුවට ලක්‌වීමේ තර්ජනය එවිට වැඩිය. මීට අමතරව මෙවැනි යාන්ත්‍රික වල් මර්දනයකට ප්‍රමාණවත් මිනිස්‌ ශ්‍රමය සොයාගැනීමද අද දවසේ දුෂ්කරය. ග්ලයිෆොසෙට්‌ භාවිත නොකර ඒ වෙනුවට වෙනත් රසායන ද්‍රව්‍යයන් භාවිතා කර නිපදවූ තේ වල එම රසායන ද්‍රව්‍යයන්ගේ ශේෂයන් සොයාගැනීම නිසා ජපානය වැනි රටවල් මේ වනවිටත් සිලෝන් ටී වලට රතු එළි දල්වා තිබේ. ග්ලයිෆොසෙට්‌ මෙන් නොව එවැනි රසායනයන් තේ ගසට උරාගන්නා නිසා ශේෂයන් තේ වල තිබීම බලාපොරොත්තු විය හැකි තත්ත්වයකි. එවන් තත්ත්වයක්‌ යටතේ වුවද අතදිග හැර එකවරම ගල්යිෆොසෙට්‌ විසඳුමෙන් ඔවුන් සනසාලීම අප අනුමත නොකරමු. යන්තම් සිදුරක්‌ දුටුවිට ඒ තුළින් ගල්යිෆොසෙට්‌ පිටතට ඇදගැනීමට දරන මෙම උත්සාහය නම් සැබෙවින්ම අස්‌වාභාවිකය. ඉන්දියාව දැනටත් ග්ල්යිෆොසෙට්‌ භාවිතා කරයි. තේ ද නිපදවයි. සිලෝන් ටී දැන් නිපදවන්නේ ග්ලයිෆොසෙට්‌වලින් තොරව යන ආරංචිය දැන් ලොව පුරා පැතිරෙමින් තිබේ. මෙය සරල සමීකරණයකින් සිතුවත් තේරුම් යන්නේ මේ හරහා ඉන්දීය තේවලට වඩා ලෝකය අපේ තේ පිළිගන්නා බවයි. අනෙක්‌ අතට ග්ලයිෆොසෙට්‌ වැනි විශාල අලෙවි භාණ්‌ඩයක්‌ යම් රටක වෙළෙඳපොල තුළින් ප්‍රතික්‌ෂේප වෙනවා යනු එම ව්‍යාපාරයේ නියෑළෙන්නන්ටද වේදනාකාරීය. මෙවන් තත්ත්වයක්‌ යටතේ මේ පිටුපස කුමක්‌ හෝ අදිසි හස්‌තයක්‌ ක්‍රියාත්මක වෙමින් බලධාරීන්ව ග්ලයිෆොසෙට්‌ වෙතට හරවනවාවත්ද යන සැකය මධ්‍යස්‌ථ මතධාරීන් වෙතින් මතුවීම ගැන පුදුම විය යුතු නැත. මෑත කාලයේ මහමොළ ගලගා සාදා ඇති ඖෂධවලින් රට ඇදගෙන ගොස්‌ ඇති අගාධයේ ගැඹුර දකින විට මේවා පොඩි වතුර වළවල් තරම්ය.

    අප රටෙහි ඇති තරමට කෘෂි, රසායනික හෝ භෞතික විද්‍යාඥයින් සිටී. ලොව පුරා භාවිත වන රෝද දෙකේ ට්‍රැක්‌ටරයේ නිර්මාණය සිදුවූයේ දේශීය විද්‍යාඥයෙකුගේ සිතුවිල්ලක්‌ හරහාය. සඳ තරණයට අසමත් වුවද, භූගත කඳක්‌ සහිත තණකොළ ගසක්‌ මරාගන්නට පරිසර හිතකාමී ක්‍රමවේදයක්‌ නිර්මාණය කිරීමට ජාත්‍යන්තරව ටෙන්ඩර් කැඳවීමට මෙවන් පසුබිමක්‌ තුළ අවශ්‍ය වන්නේ නැත. සිදුවිය යුත්තේ මෙම විද්වත් බලමුළු එකතු කරමින්, සංවිධානය කරමින්, දැනට වෙන් වෙන්ව ක්‍රියාත්මක වන හුදකලා සංග්‍රාමයන් පොදු අරමුණක්‌ කෙරෙහි නාභිගත කිරීමට සම්බන්ධීකාරකයෙකු පෙරට ඒමයි. බෑවුම් සහිත ඉඩම්වල වැවෙන ඇටවරා වැනි වල් මර්දනයට ග්ලයිෆොසෙට්‌ භාවිතා නොකර, යාන්ත්‍රික, රසායනික හෝ අවශ්‍ය නම් විකිරණ, කම්පන වැනි භෞතික ක්‍රමවේදයන් තුළින් විසඳුමක්‌ ලබාගැනීමට ඒ හරහා අපහසු වන්නේ නැත. එතෙක්‌ ග්ල්යිෆොසෙට්‌ තහනම පවත්වාගත යුතුවේ. දැලිපිහියෙන් කිරි කෑමට අවශ්‍යතාවක්‌ නැත. හැන්දක්‌ සොයාගත යුතුය. අප මීට වඩා බරපතළ අභියෝග ජාතියක්‌ වශයෙන් ජයගෙන ඇත්තෙමු.

    ලංකාවේ අප ජීවත්වීමට ආසාකරන්නේම අවදානම් කලාපයේය. බස්‌රිය තුළට ගෙනැවිත් විකුණන රටකජු ඇටයේ පුස්‌ය. ඇස්‌පර්ජිලස්‌ µaලේවන්ස්‌ නම් එම දිලීරයෙන් කොපමණ ඇµaලටොක්‌සින් ප්‍රමාණයක්‌ පොඩි එකාගේ බඩට යනවාදැයි එය ගිල්ලවන අම්මා දන්නේ නැත. අම්මා දන්නේ මස්‌ රහ එන්නට පරිප්පු උයන්නටය. ඇයට හොඳට උයන්න හැකි බව පවුලම දැනගන්නේ එවිටය. ඒත් එදා ගෘහනියන් මෙන් ඇයට පරිප්පු රසට පරිප්පු උයන්නට නම් බැරිය. යන්තම් කිරිබීම අතහැරි දරුවාගේ සිට මහල්ලා දක්‌වා සැලකිය යුතු කණ්‌ඩායමක්‌ රසායනිකයන් ගිලදමා රූපවාහිනියේ රිද්මයට කට දැවිල්ලට දඟලති. මිරිස්‌ගලේ අඹරන පොල් සම්බෝලයක්‌ සමඟ රස්‌නෙට කන කැකුළු හාලේ බත් කටක රසය ඔවුන්ට අරුමයක්‌ම වේ. එවැන්නක්‌ සොයාගෙන ඔවුන් ගව් ගණන් තරණය කර පියස්‌සේ පොළඅතු ඉරුවකුත් ඇතුළේ ලන්තෑරුමකුත් එල්ලා ඇති -ගමේකෑම කඩයකට රිංගති. එය තුළද ඇත්තේ රසකාරකයි. මේ ආකාරයට සාම්ප්‍රදායික සංස්‌කෘතියන් සෝදාපාළුවට ලක්‌වූ රටකට යථාර්ථය පෙන්වාදීම පහසු නැත. ක්‍රමවත් සැලැස්‌මක්‌ සහ සංයමයක්‌ ඒ සඳහා අත්‍යවශ්‍ය වේ.

    ග්ලයිෆොසෙට්‌ පිටුදැකීමද මෙසේ යථාර්ථවාදීව සිදුකළ යුතු වේ. ඡන්දය පැරදුණේ ග්ලයිෆොසෙට්‌ තහනම නිසායයි පවසා අවශ්‍ය අනවශ්‍ය බව නොසලකමින් පොළොවට නිකරුණේ රසායනිකයන් හලන්නට ඉඩදී, ඡන්ද දිනීමට තටමන බලධරයන්ට පරිසරයට ආදරය කරන ජනතාව කිසිදා ඡන්දය නොදිය යුතුය. මන්දයත් ඔවුන් පැවැත්ම සාදාගන්නට හදන්නේ ග්ලයිෆොසෙට්‌ පාරිභෝගිකයන්ගෙන් බැවිනි. එම ඡන්ද ටික පමණක්‌ ගෙන ජය ලබා කවුන්සිලයට යැමට හැකිනම් අප එයට ඉඩහළ යුතුය. මෙය රටේ කීදෙනෙකුගේ දැවෙන ප්‍රශ්නයක්‌ දැයි ඡන්ද අතළොස්‌ස ගැන බැලීමෙන් පසු එවිටවත් ඔවුන් තේරුම් ගන්නවා ඇත. ග්ලයිෆොසෙට්‌ ඉල්ලා හඬන්නේ ඒ තරමටම සුළු කණ්‌ඩායමක්‌ බැවිනි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිව අනිව ඔය රසායන පොහොරයි වල් නාශකයි තහනම් කරල වල් උදලු ගාන්ඩ ඔව ලියන උන්ට දෙන්ඩ ඔනෙ..

    පොහොර නැතුව අස්වැන්න අඩුවෙලා කන හාල් ටිකත් රටින් ගේනව..මෝඩ සීහලුන්ගෙ මරි මෝඩ පාන්ඩුවෙ ගොන් වැඩ..රටින් ගෙනල්ල ගිලිද්දි ඒවගෙ වස විස නැ ..ගොන් හරක්..
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අනිව අනිව ඔය රසායන පොහොරයි වල් නාශකයි තහනම් කරල වල් උදලු ගාන්ඩ ඔව ලියන උන්ට දෙන්ඩ ඔනෙ..

    පොහොර නැතුව අස්වැන්න අඩුවෙලා කන හාල් ටිකත් රටින් ගේනව..මෝඩ සීහලුන්ගෙ මරි මෝඩ පාන්ඩුවෙ ගොන් වැඩ..රටින් ගෙනල්ල ගිලිද්දි ඒවගෙ වස විස නැ ..ගොන් හරක්..

    Kalekin hari ekak umba kiyala thiyenawa Ponila gana kiyanne nathiwa
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Glyposphate is a green band herbicide, the replacements were orange band and results is toxic remnants in tea, which is nearing a total ban.
     

    latestlikes

    Junior member
  • Mar 22, 2018
    332
    21
    18
    onawata wada nishpadane karanna kiyala owwa dana eka wedak nehe anthimata . vikunanna giyama viyadamata hariyana ganak enne nehe
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Sri Lanka is a least productive country in terms of agriculture. Look at the price of Rice, Potato, Onions, etc. If we import, the cost will be fraction.
    By banning this type of chemicals, we re further reducing the productivity.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනිව අනිව ඔය රසායන පොහොරයි වල් නාශකයි තහනම් කරල වල් උදලු ගාන්ඩ ඔව ලියන උන්ට දෙන්ඩ ඔනෙ..

    පොහොර නැතුව අස්වැන්න අඩුවෙලා කන හාල් ටිකත් රටින් ගේනව..මෝඩ සීහලුන්ගෙ මරි මෝඩ පාන්ඩුවෙ ගොන් වැඩ..රටින් ගෙනල්ල ගිලිද්දි ඒවගෙ වස විස නැ ..ගොන් හරක්..

    වල් පැල කන්න තමා තෝ ඉන්නෙ අනේ මන්ද උඹ වගේ එකෙක් ගැන කතන්දර පොතකිංවත් කියෝල නෑ අම්මප :sorry:
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    small scale home gardening can be done without weedicide, but larger plantations specially Tea difficult maintain wotout suitable weedicide due to
    Not enough workers to employ on weeding
    High cost ( need minimum of 25 workers (cost 20,000)
    to clean a Ha and if Chemical available cost less than 5000 per ha.
    At the moment Glyphosate available in the Black market and they earn like nothing by selling them at very high rate like 4000/= per L
    Last year Tea Plantation recorded very low production one reason could not maintain weed free field then fertilizer will be absorbed mostly by the weeds.
    Now Up country teas have been faced severe threat beacase Tea Plantations least only with MCPA as a weedicide earlier Japanese accepted with MRL level of 0.05 ppm MCPA and now they have reduced it to 0.01 ppm. Japanese buyers is checking the MRL levels of MCPA all teas before accepting in to country and most of our tea plantation have been exceeded this limit and they have been banned to japanese market these gap will be acquired by Kenya and Vietnam. Re capture these market will be a difficult task situation is same in EU
     
    Last edited:
    • Like
    Reactions: SadSandun

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    small scale home gardening can be done without weedicide, but larger plantations specially Tea difficult maintain wotout suitable weedicide due to
    Not enough workers to employ on weeding
    High cost ( need minimum of 25 workers (cost 20,000)
    to clean a Ha and if Chemical available cost less than 5000 per ha.
    At the moment Glyphosate available in the Black market and they earn like nothing by selling them at very high rate like 4000/= per L
    Last year Tea Plantation recorded very low production one reason could not maintain weed free field then fertilizer will be absorbed mostly by the weeds.
    Now Up country teas have been faced severe threat beacase Tea Plantations least only with MCPA as a weedicide earlier Japanese accepted with MRL level of 0.05 ppm MCPA and now they have reduced it to 0.01 ppm. Japanese buyers is checking the MRL levels of MCPA all teas before accepting in to country and most of our tea plantation have been exceeded this limit and they have been banned to japanese market these gap will be acquired by Kenya and Vietnam. Re capture these market will be a difficult task situation is same in EU

    true
     
    • Like
    Reactions: Rummy678