ග්ලයිෆොසේට් තීන්දු වෙනස් කළේ මොන්සැන්
ජාතියට වස කවන්න දඟලන ඇමැතිවරුන්ට අභියෝගයක්
හැම දෙනාම දන්නා පරිදි මේ ආණ්ඩුවට පරිවර්තනය වීමේදී අපි බෙහෝ සේ බලපෑම් කරන ලද්දේ කෘෂි රසායන පිළිබඳ ගැටලු සඳහන් කරමින්. තිබූ ආණ්ඩුව වෙනස් කරන්න එක එක්කෙනා විවිධ විදිහට කටයුතු කළා. සමහරුන්ට ප්රජාතන්ත්රවාදය අවශ්‍ය වුණා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනෑ වුණා. සමහරුන්ට අවශ්‍ය වුණේ මානව හිමිකම් පිළිබඳව. ඒව අපටත් වැදගත් වුණත් ඒ හැම දේටත් වඩා අපට වැදගත් වුණේ ආණ්ඩුව වෙනස් කරන්න ඕන වුණේ බහුජාතික සමාගම් එක්ක පසුගිය ආණ්ඩුවේ තිබුණ අයථා ගනුදෙනු. අප විශ්වාස කරනවා පසුගිය ආණ්ඩුවේ මැති ඇමැතිවරු බහුජාතික සමාගම්වලින් මෙහෙය වූවා කියා. ඒ ගැන වැඩිදුර තොරතුරු අපට නැහැ. නඩු පවරන්නත් බැහැ. නමුත් විශාල සැකයක් තිබුණා. ඒ සැකයට හේතුව තමයි, අපි දවසක උදේ කාලයේ "ග්ලයිෆොසේට්" නමැති පූර්ණ වල් නාශකය තහනම් කරන්න (හිටපු) ආණ්ඩුවේදී තීරණයක් ගත්තා. හිටපු කෘෂිකර්ම ඇමැතිතුමා, ඒ කාලයේ හිටපු සෞඛ්‍ය ඇමැතිතුමා, දැන් අපේ ජනාධිපතිතුමා මේ සියලු දෙනා එක්කම සාකච්ඡා කරල පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව ඇතුළු කමිටුවක් මගින් නිර්දේශ කළා ග්ලයිෆොසේට් සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕනය කියල.
නමුත් උදේ ගත්ත තීරණය හවස් වෙනකොට වෙනස් වුණා. කවුද වෙනස් කළේ, කොහොමද වෙනස් වුණේ කියල සොයා බැලීමේදී අප විශ්වාස කළා සමාගම්වල සල්ලි කුට්ටි තමයි මේ තීන්දුව වෙනස් කළේ කියල.
ඉතින්, ඒ නිසා තමයි අපි කල්පනා කළේ ආණ්ඩුව සමඟ ඉදිරි ගමනකට, ජනතාවගේ අනාගතයට ගැටලුවක් තියෙනවා කියලා. අපි ඒ ගැන කල්පනා කළා. ඒ අනුව තමයි ජීවිතේ පරදුවට තියලා (සමහර අය නම් මේ ආණ්ඩුව වෙනස් කරන්න එකතු වුණේ ජීවිතේ පරදුවට තියල නෙමෙයි ආණ්ඩුව පරදින බව දැනිල මේ ආණ්ඩුවට රිංග ගත්ත අය ඉන්නවා) අපි ආණ්ඩුව වෙනස් කරන්න තීරණය කළේ. එදා ජීවිත අනතුරක් අපට තිබුණා. අපි එහෙමයි ගිය ආණ්ඩුව වෙනස් කරන්න දායක වුණේ.
නමුත් දැන් තත්ත්වය මොකක්ද? අපි ග්ලයිෆොසේට් තහනම් කිරීමට ගත්ත තීන්දුවට හේතුව කවුරුත් දන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව ගැන විද්වතුන් යෑයි කියා ගන්නා ඇතැම් පිරිසක් ලියනවා එවන් වාර්තාවක් එහි තිබුණේ නැහැ කියල. අපි අහනව ලෝක සෞඛ්‍ය සංවිධානය කොහේ හරි කියල තියෙනවද? නිර්දේශ කරල තියෙනවද ග්ලයිෆොසේට් පාවිච්චි කරන්න කියල. හැබැයි ඉතා පැහැදිලිවම ලෝක සෞඛ්‍ය සංවිධානය (මේ සංවිධානය ලෝකයේ ඇති පරම සංවිධානය නෙමෙයි) එහි තීන්දු තීරණ ලෝකයේ විවේචනයට ලක්වෙලා තියෙනවා. එහි තීරණ ලෝක ජනතාවට හිතකර විදිහට ක්‍රියාත්මක වෙලා තියෙනවා. ප්‍රකාශයට පත්කරල තියෙනවා. කොතැනකවත් කියල නැහැ ග්ලයිෆොසේට් පාවිච්චි කිරීම හිතකරයි කියල. හැබැයි කියල තියෙනවා අහිතකරයි කියල. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ අපි 2012 දී සියලුම දෙනා එකතුවෙලා ගිවිසුමක් අත්සන් කළා "තිරසාර ගොවිතැන පිළිබඳ ප්රතිප්තතිය" කියල.
ඇයි ලෝක සෞඛ්‍ය සංවිධානය තිරසාර ගොවි ප්රතිපත්තියකට ආවේ. ලෝකය පුරා හිටපු විද්වතුන් මේ රසායනික පෝර භාවිතය සහ කෘෂි රසායන භාවිතයට එරෙහිව ඉතා විද්‍යාත්මක දත්ත සහිතව විශාල හඬක් නඟපු නිසා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර ගොවිතැන පිළිබඳ ප්රතිපත්තියකට ඇවිත් නැද්ද? එහෙම එකක් ප්‍රකාශ කර නැද්ද? එතකොට තිරසාර ගොවි ප්රතිපත්තියකට අපි එකඟ වෙනවා නම් අපි මාරාන්තික ග්ලයිෆොසේට් පාවිච්චි කළ යුතුද නැද්ද? මේවාට අපේ රටේ විද්වතුන්ගෙන් පිළිතුරු අපට ඕන.
අන්තර්ජාතික වශයෙන් ග්ලයිෆොසේට් පාවිච්චි නොකළ යුතුයි. ඒ පිළිබඳ විද්‍යාත්මක තොරතුරු එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ විශාල වශයෙන් ගොනුකරල තියෙනවා. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයත් තොරතුරු ගොනුකරල තියෙනවා. ලෝකයේ විද්වතුන්ගේ විවිධ කතිකාවන් මගින්, තොරතුරු ගොනුකරල තියෙනවා. බලන්න අන්තර්ජාලයේ ඇති තොරතුරු. මේ සම්බන්ධයෙන් විවිධ රටවල වැදගත් දේශපාලන තීන්දු අරන් තියෙනවා. උදාහරණයක් වශයෙන් ඩෙන්මාර්කය මෑත කාලයේදී තීරණයක් ගත්තා භූතානය, කොස්ටාරිකාව, කියුබාව, ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක්, විශේෂයෙන්ම සිකීම් ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වස විසෙන් තොර ප්‍රාන්තයක් හැටියට නම්කළා. ඇයි? එහෙම නම් කළේ. හිමාල කඳුවැටියම, ඒ කියන්නෙ අරුණාචලම්, උත්තරාචල්, හිමාචල් මේ වගේ කඳුකර ගංගාධාරා ප්‍රදේශ තියෙන සියලුම දිස්ත්‍රික්කවල අද කෘමිනාශක, වල් නාශක විතරක් නෙමේ රසායනික පොහොර භාවිතයෙන් තොරවෙලා. සම්පූර්ණ කාබනික වීම සඳහා තිරසර ගොවි ප්රතිපත්තියක පිහිටා කටයුතු කරනවා.
ඇයි අපේ කඳුකර ප්‍රදේශ සලකන්නේ නැත්තේ. ප්‍රධාන වශයෙන් ලංකාවේ කඳුකර දිස්ත්‍රික්ක හයක් තියෙනවා. රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, බදුල්ල, මාතලේ. එතකොට අපේ හිතවත් නවීන් දිසානායක මැතිතුමා එතුමා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරල තියෙනවා. තව මාස දෙක තුනකින් තේ වතු සඳහා ග්ලයිෆොසේට් ලබාදෙන්න පුළුවෙන් වෙයි කියල. මුලින්ම කියන්න කැමැතියි එතුමාට එවැනි ප්‍රකාශයක් කරන්න බැරි බව. මොකද අපි ජනාධිපතිතුමා යටතේ ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත්කරල තියෙනවා. එතුමා මා දන්න විදිහට ඡන්දෙ ඉල්ලුවේ එක්සත් ජාතික පක්ෂයෙන්. එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්රකාශනයේ ඉතා පැහැදිලිව කියා තිබෙනවා තිරසාර ගොවි ප්රතිපත්තියකට ගමන් කරන බවට. එතකොට ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් ඉතා පැහැදිලිව කියා තිබෙනවා. ජනතාව වරමක් අප ලබාගෙන තිබෙනවා වස විසෙන් තොර ගොවිතැනට යනවා කියල. මේ ලබාගෙන තියෙන්නේ ජන වරමක්. ආණ්ඩුව වෙනස් කළේ ආපහු මේ රටේ ජනතාව මරා දමන සමාගම්වලට ඉඩ දෙන්න නෙමෙයි. ඔවුන්ගේ සල්ලිවලට ඉඩ දෙන්න නෙමෙයි. ඒ වගේම එක ඇමැතිවරයකුට කැබිනට් එකෙන් එළියට ඇවිත් ප්‍රකාශයක් කරන්න කිසිම අයිතියක් නැහැ. මම ජනාධිපතිතුමා හමුවෙලා ඇහුවා මේ ගැන. එතුමා කිසි දවසක කිසි වේලාවක කියල නැහැ ග්ලයිෆොසේට් තහනම ඉවත් කරනවා කියල. ඒ වගේම මගේ දැනුමෙ හැටියට අගමැතිතුමා කොතැනකවත් කියල නැහැ ග්ලයිෆොසේට් තහනම ඉවත් කරනවා කියල. ලෝකයේම ප්‍රසිද්ධ අන්තර්ජාතික නඩුවලට යොමුවුණු රවුන්ඩ්අප් නොහොත් ග්ලයිෆොසේට්වලට පක්ෂව ඒ සම්බන්ධව එක ඇමැතිවරකුට තනියම ප්‍රකාශයක් කරන්න පුළුවන් කමක් නැහැ. මම නෙමෙයිනෙ කිව්වෙ ග්ලයිෆොසේට් තහනම් කරනව කියල. මේ රටේ ජනාධිපතිතුමා තමයි ප්‍රකාශයට පත් කරල තියෙන්නේ ග්ලයිෆොසේට් තහනම් කරන්න කියල. මේ රසායනිකයේ අනතුර ගැන අපි ජනාධිපතිතුමා දැනුවත් කරල තියෙනවා. අපි කතා කරලා හඬ නඟල තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව කතා කරන්න කිසිවකුටත් සදාචාරාත්මක අයිතියක් නැහැ.
මම ඉතා පැහැදිලිව කියනවා ලංකාවට ආයිමත් ග්ලයිෆොසේට් ගෙන්නන්නේ නැහැ කියල. කිසිම බලවතකුට ඒක කරන්න බැහැ කියල මම බය නැතුව කියනවා. ඒක කරන්න ඉඩ දෙන්නේ නෑ. අපේ හුස්ම වැටෙන තරු ඒක කරන්න ඉඩ දෙන්නේ නැත. අපේ හුස්ම වැටෙනවා තාම. මරුණට පස්සේ මොනව වෙයිද කියල මට කියන්න බැහැ. නමුත් අපේ හුස්ම වැටෙනකම් ලංකාවට ග්ලයිෆොසේට් ගෙන්වන්නේ නැහැ.
මෙයලා මේ කියන්නේ මොකක්ද? තේ වගාවට ග්ලයිෆොසේට් අවශ්‍ය නිසා ගේන්න ඕන කියල. මේ වතු ආර්ථිකය ගැන හුඟාක් දේවල් කතාරන්න තියෙනවා. නමුත් ගොඩක් දේවල් කතා කරන්න යන්නේ නැහැ. සරළ දේවල් 2-3 ක් කියන්න කැමැතියි. ලංකාවේ අක්කර 10 ට අඩු තේ වතු හිමියෝ සියයට 60 ක් ඉන්නවා. සියයට හතළිහයි අක්කර 10 ට වඩා අයිති හිමිකරුවන්, සමාගම් ඉන්නේ. එතකොට මේ වතු රාජ්‍ය වතු විදිහයට 70 දී රජයට පවරාගත්තා. ඊට පස්සේ ආයෙමත් ටික ටික පෞද්ගලික අංශයට දුන්නා. රාජ්‍ය අංශයටත් කොටසක් තියෙනවා. අක්කර 80,000 ක් විතර ඇට තේ වගාවන් කිසිදු කළමනාකරණයක් නැතිව රජය යටතේ තියෙනවා. එතකොට දැන් මේ අය කියන්නේ ග්ලයිෆොසේට් නැතිව මේ මහ තේ වතු වගාකරන්න බැහැ කියලා. මේ තියන තේ වතු රිකිලි තේ නෙමේ. ඇට තේ. මේ වතු ආවරණය වන විදිහට තේ ඉන්දල නැහැ. පස පරිසරයට නිරාවරණය වෙලා. සමාගම් මේවා ගත්තට පස්සේ මේ තේ වගාවන් සංවර්ධනයට කිසි දෙයක් කරල නැහැ. හැබැයි කරල තියෙන්නේ පළමු වෙන්ම ලාබ ලැබීම සඳහා වතුවල තිබුණ ගස්ටික කපල විකිණීම. යෝධ ගස් සියල්ලම කපාගෙන ඒකෙ ලාභය සාක්කුවට දාගෙන.
ලංකාවේ තේ වගාව පටන් ගත්තේ 1910 දී විතර. එතන ඉඳල 2016 වෙනකම් කම්කරුවෝ සූරා කාල තියෙනවා. ඔවුන් අන්ත හිඟන ජීවිත ගතකරන, අන්ත දුප්පත් දුගී, කම්කරුවෝ ඉන්නෙ වතුවල. රටට විශාලතම ජාතික ආදායම තේ වගාවෙන් ගේනව කියන දිස්ත්‍රික්කය නුවරඑළිය. ඒ වගේම වැඩිම දුප්පත් ජනතාව ඉන්න දිස්ත්‍රික්කයත් නුවරඑළිය. මේකට හේතුව කෙටි කාලීනව කම්කරුවෝ ගැන පරිසරය ගැන හිතන්නේ නැතිව වතුකාරයන්ගේ සාක්කුව ගැන විතරක් හිතන නිසා. ඒ අයගේ 40% ක් තේ ඉඩම් තිබුණට 60% ක් තේ නිෂ්පාදනය කරන්නෙ සුළු (කුඩා) තේ වතු හිමියෝ. මේ කුඩා තේ වතු හිමියෝ අද ග්ලයිෆොසේට් ඉල්ලන්නේ නෑ. මේ ප්රශ්නය හදන්නේ මහ තේ වතු හිමියන් විසින් පමණයි. එයාල කියනවා වතු පාඩුයි කියලා. අපි කියන්න කැමතියි පාඩු නම් කරුණාකර නැවත රජයට ඉඩම් දෙන්න අපි භාරගෙන කරන්නම්. දැනටමත් තේවතු විශාල ප්‍රමාණයක් අසාර්ථකයි. මොකද පස විනාශ කරල ඉවරයි. හිස් තැන්වලට තේ වගා කරන්නේ නැහැ. ඒවගේ තැන්වල වල් වැවුනහම ඉක්මන් ලාබෙට අත දිග හැරල ග්ලයිෆොසේට් ගහනවා. කෙටි ලාභය සඳහා. අද බදුල්ලෙ පී. එච්. අගය 7 ක්. කැලණි ගඟේ පී.එච්. අගය හයට පහළින් තියෙන්නේ. අපි බොන්නේ වස මිශ්‍ර කැලණි ගඟේ වතුර. මටවත් වතුර බෝතල් මීළදී අරන් බොන්න හැකියාවක් නැහැ. කොළඹ නගරය. ගලා ගෙන එන ගංගාධාරා, කැලණි ගඟ අද දූෂණයට ලක්වෙලා. මේ වතුර එන්නෙ තේ වගා කරන හැටන්, තලවකැලේ, නුවරඑළිය, ශ්‍රී පාදය වගේ කඳුකර ප්‍රදේශවලින්. හතර දිග් භාගයෙ කඳුවළල්ලේන් ගලා එන ජලය තමයි අප බොන්න ගන්නේ. ඒ කඳුවලට තමයි මෙයාල ග්ලයිෆොසේට් ගහන්න ඉල්ලන්නෙ. ග්ලයිෆොසේට් කියන්නෙ මොනවද? එහි අති භයංකාර තත්ත්වය මොකක්ද කියල මම සමඟ මෙතන ඉන්න ලෝකයේ සුප්‍රකට ජනමාධ්‍යවේදිනියක් විස්තර කියාවි. ඇය මාරි රොබින්සන්. ග්ලයිෆොසේට් , නිපදවන මොන්සැන්ටෝ සමාගමට එරෙහිව ප්‍රසිද්ධියේ සටන් කරන ගවේෂණාත්මක මාධ්‍යවේදීනියක්. ඇයගේ පොත තමයි දැනට වාර්තාගත ලෙස අලෙවි වී තිබෙන්නේ. ග්ලයිෆොසේට් ගැන. ඒ වගේම ඇය ග්ලයිෆොසේට් වල විනාශය ගැන වාර්තා චිත්‍රපටයක් නිපදවල තියෙනවා. ඇය වගේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් ලංකාවෙනුත් බිහිවෙයි කියල මම ප්‍රාර්ථනය කරනවා. ඒවගේ වෙන්න කියල ලංකාවෙ මාධ්‍යවේදීන්ට මම ආරාධනය කරනවා. මොකද? ඒ තරමට ග්ලයිෙµdස්ට් ඇය (රොබින්සන්) මොන්සැන්ටෝ සමාගමට එරෙහිව අන්තර්ජාතික වශයෙන් නඩුවක් ගොනු කරල තියෙනවා. විද්‍යාඥයෝ විශාල පිරිසක් ඇයත් සමඟ කටයුතු කරනවා. මැය ඊට නායකත්වය ලබාදෙනවා. ඇයගේ වාර්තා චිත්‍රපටය ඔබට අද සිට බලන්න ලැබෙයි.
කොහොමද ඇමරිකාවෙ, කොහොමද ලතින් ඇමරිකාවේ ප්‍රංශයේ, ඉන්දුනීසියාවේ කොහොමද මේ සමාගම ඒ රටවල දේශපාලකයෝ සල්ලිවලට ගත්තේ කියන එක මේ වාර්තා චිත්‍රපටයේ තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයෙ වාර්තා කරල තියෙනවා පත්තර කාරයො කොහොමද සල්ලිවලට ගත්තේ කියලා. පත්තර සමාගම් සල්ලිවලට ගත්තෙ කියල. ජනමාධ්‍ය ආයතන සල්ලිවලට ගන්න හැටි තියෙනවා. ඒවගේම මේ විස හත් මුතු පරම්පරාවක් විනාශ කරපු හැටිත් මේ චිත්‍රපටයේ තියෙනවා. ඒ වගේම මේ ජනමාධ්යවේනිය මේ දිනවල රට පුරා ඇවිදල සාක්ෂි ලබා ගන්නවා. කොහොමද වකුගඩු රෝගයෙන් ගොවි රජවරු මැරෙන්නෙ කියලා. අනුරාධපුර, පොලොන්නරුව, හම්බන්තොට ගොවි පවුල් වැනසෙන ආකාරය ඇය සාක්ෂි සහිතව හොයනවා ග්ලයිෆොසේට් නිපදවන මොන්සැන්ටෝ සමාගමට එරෙහිව නඩුවක් ගොනු කරන්න.
මේ වගේ තත්ත්වයක ඉඳන් තමයි තේ වතුවලට ග්ලයිෆොසේට් ඉල්ලන්නෙ. මම නවීන් දිසානායක ඇමැතිවරයත් එක්ක මේ ගැන කතා කළා. අපි කිව්වා අසාර්ථක තේ වතු මොනවද කියල අපට කියන්න කියලා. අපි තේ වතු හොයල බලන්නම් කියල. දළු අඩුවෙන්න හේතුව තණකොළ මර්දනය කරන වෙනත් ක්‍රම තියෙනවද කියල අපි හොහල බලන්නම් කිව්වා. ලෝකයේ තේ වගා කරන රටවල කොහොමද වල් මර්දනය කරන්නෙ කියල අපි සාකච්ඡා කරල එයලට කියන්න අපි සූදානම්. මේ ග්ලයිෆොසේට් ඕන කියල කියන වතුකාරයන්ට සාකච්ඡාවක් දෙන්න අපි දැන් කතා කරල තියෙනවා. අපිත් එක්ක ඉන්නවා ග්ලයිෆොසේට් නොගහ තේ වගකරන මහ පරිමාණ වතු හිමියන්. එයලගේ දැනුම අපි ලබාදෙන්න සූදානම්. නොදන්නා වකුගඩු රෝගය කියල දෙයක් නැහැ. ඒකට දැන් තියෙන්නේ එහෙම නමක් දාල. නමුත් රජ කාලෙවත් නැති ලෙඩ දැන් තියෙනවා. පිළිකා, ගබ්සා, මන්ද මානසික දරුවෝ ආබාධිත දරු උපත් ඇස් අන්ධ ළමයි වන සතුන් උපදිනවා අංග විකෘති අතපය නැති, එතනට මේ පරිසරය ඇද වැටිල. අපේ ජීවිතවලට වෙලා තියෙන හානිය මිල කරන්න බැහැ. සංඛ්යාලේඛනලින් අපට කියන්න බැහැ. ග්ලයිෆොසේට් තේ වගාකරල ජාතික ආදායම ගැන කතා කරල වැඩක් නැහැ. මතක කියා ගන්න රොබින්සන් මහත්මියගේ මීළඟ චිත්‍රපටයෙන් කිව්වොත් ලංකාවෙ තේ වගාවට ග්ලයිෆොසේට් ගහනව කියලා. යුරෝපයේ අය ලංකාවේ තේ මිලදී ගන්නෙ නැහැ. ඒ නිසා ග්ලයිෆොසේට් විනාශය අප තේරුම් ගත යුතුයි. අපේ රටට, පරිසරයට, අපේ මතුපරපුරට වෙච්ච විනාශය තවත් සිදුවන්න ඉඩ දෙන්න බැහැ. මේ රත්තරන් මව්බිම අපි දිවිහිමියෙන් ආරක්ෂා කරන්න අපට අයිතියක් තියෙනවා. දැන් අප මුහුණ දෙන ත්‍රස්තවාදය මේ රසායනික සමාගම්. අපේ මව්බිමට අපි ආදරෙයි. අපේ රටට අපි ආදරෙයි. අපි ජීවත් වන්නේ රට වෙනුවෙන්. ඒ හින්දා මේ ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන්න අපි ඉඩ දෙන්නෙ නැහැ. ඒ සඳහා ජාත්‍යන්තරයේ සියලුම ශක්තිය අපි යොදාගන්නවා.