ග්ලයිෆොසේට් තහනම ඉවතට
තේ සහ රබර් වගාවන් සඳහා පමණක් මාස 36ක කාල පරිච්ඡේදයක් සඳහා ග්ලයිෆොසේට් භාවිත කිරීමට අවසර දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකර තිබෙනවා.
වල්නාශකයක් වශයෙන් ග්ලයිෆොසේට් භාවිත කිරීම ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට රජය විසින් පසුගියදා තීරණයක් ගනු ලැබුවා.
ඒ හේතුවෙන් මෙරට වැවිලි ක්ෂේත්‍රයට එල්ල වී ඇති අයහපත් බලපෑම සැලකිල්ලට ගෙන, සීමිත තත්ත්වයන් යටතේ වැවිලි ක්ෂේත්‍රය සඳහා පමණක් ග්ලයිෆොසේට් භාවිතයට අවසර දීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා විශේෂඥයින්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් අමාත්‍ය මණ්ඩලය විසින් පත්කර තිබෙනවා.
කමිටුවේ නිර්දේශය පරිදි, ග්ලයිෆොසේට් අධිභාවිතය, අවභාවිතය සහ ජල මූලාශ්‍ර වෙත කාන්දුවීම වැළැක්වීම සඳහා නිසි අධීක්ෂණ යන්ත්‍රණයක් පිහිටුවීමට යටත්ව, දැඩි පාලනයක් යටතේ මෙම අවසරය ලබා දීමට තීරණය වී තිබෙනවා.
තේ සහ රබර් වගාවට ග්ලයිෆොසේට් භාවිත කිරීමට අවසර