ග්ලයිෆොසේට් තහනම ඉවතට

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ග්ලයිෆොසේට් තහනම ඉවතට

    තේ සහ රබර් වගාවට ග්ලයිෆොසේට් භාවිත කිරීමට අවසර


    තේ සහ රබර් වගාවන් සඳහා පමණක් මාස 36ක කාල පරිච්ඡේදයක් සඳහා ග්ලයිෆොසේට් භාවිත කිරීමට අවසර දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකර තිබෙනවා.

    වල්නාශකයක් වශයෙන් ග්ලයිෆොසේට් භාවිත කිරීම ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට රජය විසින් පසුගියදා තීරණයක් ගනු ලැබුවා.

    ඒ හේතුවෙන් මෙරට වැවිලි ක්ෂේත්‍රය‍ට එල්ල වී ඇති අයහපත් බලපෑම සැලකිල්ලට ගෙන, සීමිත තත්ත්වයන් යටතේ වැවිලි ක්ෂේත්‍රය සඳහා පමණක් ග්ලයිෆොසේට් භාවිතයට අවසර දීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා විශේෂඥයින්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් අමාත්‍ය මණ්ඩලය විසින් පත්කර තිබෙනවා.

    කමිටුවේ නිර්දේශය පරිදි, ග්ලයිෆොසේට් අධිභාවිතය, අවභාවිතය සහ ජල මූලාශ්‍ර වෙත කාන්දුවීම වැළැක්වීම සඳහා නිසි අධීක්ෂණ යන්ත්‍රණයක් පිහිටුවීමට යටත්ව, දැඩි පාලනයක් යටතේ මෙම අවසරය ලබා දීමට තීරණය වී තිබෙනවා.



    logo_rupavahininewslk2016.png
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,410
    67,749
    113
    සීමිත තත්ත්වයන් යටතේ:rofl:

    දැඩි පාලනයක් යටතේ:rofl:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,190
    17,127
    113
    ගිය පාර ජන්ද අඩු උන ඵක හේතුවක් ඕක කියලා මුන් හිතන් ඉන්නේ.2020 ඒ අඩු උන ජන්ද ටික බලාගෙන ඔය දේ කරා කියලා හොඳටම පැහැදිලියි.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දැන් ඕවා ගන්න උන් ඕවා තේ වලට විතරක් දාවි කියලා හිතන්නේ කොහොමද