"ග්‍රහයට නමක් > Name planet X"
සුළු ග්රහයෙකු නම් කිරීමට ඔබටත් අවස්ථාවක්
ඇමෙරිකානු ජාතික කලයිඩ් ටොම්බෝ ප්ලූටෝ සොයාගෙන මේ වන විට වසර 80කි. එමෙන්ම ඊට නම් තැබූ වෙනීෂියා බර්නි පෙයාර් මිය ගොස් පසු ගිය 30 වැනි දා ට වසරක් සපිරේ. මේ දෙදෙනාට ගරු කිරීමක් වශයෙන් “එක්ස් ග්‍රහයා නම් කිරීම” මැයෙන් ලෝකය පුරා ක්‍රියාත්මක වන අන්තර්ජාල තරගයක් සංවිධානය කිරීමට අභාවකාශ පුනරුදය සංවිධානයේ අධ්‍යාපන අංශය ෆාදර් ෆිල්ම්ස් ආයතනය හා එක්ව කටයුතු කර ඇත.
මෙහිදී ඔබ කළ යුත්තේ සුළු ග්රහයෙකු නම් කිරීමට ඔබට අවස්ථාවක් ලැබුණ හොත් ඒ සඳහා ඔබ යෝජනා කරන නම සහ එසේ යෝජනා කිරීමට බලපෑ හේතුව සඳහන් කර ඊ-මේල් පණිවිඩයක් යැවීම පමණි.
තරග නීතිරීති
තවද,
තරග අංශ
Category 1 – අවුරුදු 1 සිට 11 දක්වා
Category 2 – අවුරුදු 12ට වැඩි
Category 3 – පාසල් කණ්ඩායම්
Category 1 යටතට ගැනෙන අයදුම්කරුවන් දෙමාපියන්ගේ හෝ ගුරුවරුන්ගේ සහය නොපැතිය යුතු ය.
Category 3 යනුවෙන් අදහස් කරන්නේ පන්තිකාමරයක, පාසලක හෝ පාසලෙන් පරිබාහිර සිසු කණ්ඩායමකි.
අවසන් දිනය
Naming X තරගය 2010 මැයි 30 වැනි දා අවසන් වන අතර තරගයේ ජයග්‍රාහකයන් 2010 ජුනි මස 14 වැනි දා ට නුදුරු දිනයක දී ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
ත්‍යාග
ජයග්‍රාහකයන් සඳහා පහත දෑ ලැබෙනු ඇත.
ඩේවිඩ් ලෙවී
මහාචාර්ය ඉයන් මොරිසන්
ආචාර්ය මාර්ක් බූයි
අධ්‍යාපනඥයන් වන, කැරොලිනා ඔඩ්මන්, ජූලියා එලිසබෙත් ටේලර්, ජැනට් අයිවි-ඩුවෙන්සින් සහ ජෝන් චැම්බර්ලින් ආදීන් ද ඒ සඳහා සහාය වේ. අභ්‍යවකාශ පුනරුදය සංවිධානයේ අධ්‍යාපන අංශයේ තිළිණ හීනැටිගල සහ ෆාදර් ෆිල්ම්ස් ආයතනයේ ගිනිටා ජිමෙනෙස් විසින් මෙම තරගය සම්බන්ධීකරණය කෙරේ.
ඔවුන් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා මෙහි පිවිසෙන්න.
ඉතා වැදගත්: ඔබේ ඊ-මේල් පණිවිඩයේ විෂය සඳහන් කිරීමට ඇති ස්ථානයේ ඔබ අයත් වන තරග අංශය හා යෝජනා කරන නම යෙදීමට අමතක නොකරන්න.
උදාහරණ: Category 1 – Plutoආදී ලෙස
ඔබේ අයදුම්පත් මෙම ඊ-මේල් ලිපිනයට 2010 මැයි 30 වැනි දාට පෙර යොමු කරන්න. [email protected]
වැඩිදුර තොරතුරු: Click Here

- අයදුම්කරුවෙකු එකවර එක් නමක් පමණක් යෝජනා කළ යුතු අතර, ඒ සඳහා සැපයෙන හේතු පාඨය වචන 25කට නොවැඩි විය යුතු ය.
- ඔබගේ නම, වයස, වසර සහ පාසලේ නම, ලිපිනය, සහ විද්‍යුත් ලිපිනය සඳහන් කළ යුතු ය.
- විද්‍යුත් ලිපිය එවන විට, එහි subject යනුවෙන් සඳහන් වන කොටුවේ ඔබ අයත් වන තරග අංශය සහ ඔබ යෝජනා කරන නම සඳහන් කළ යුතු ය. උදාහරණයක් ලෙස Category 1 – Pluto ආදී ලෙස සඳහන් කළ යුතු ය. මෙම ක්‍රමය අනුගමනය නොකළ හොත් ඔබ තරගයෙන් ඉවත් කිරිමට එය හේතු වනු ඇත.
- එකම නම අයදුම්කරුවන් කිහිපදෙනෙකු යෝජනා කර ඇති විට, වඩා වේලාසනින් ලැබුණු අයදුම්පතට පමණක් අවස්ථාව ලැබෙනු ඇත. එබැවින් කඩිනමින් අයදුම් කරන්න.
- විනිශ්චය කරුවන්ගේ තීරණය අවසාන තීරණය වන අතර අවසන් දිනයෙන් පසුව ලැබෙන අයදුම්පත් භාරගනු නොලැබේ.
- එක් වදනක් තිබීම වඩා සුදුසු වන අතර අකුරු ප්‍රමාණය 16ක් හෝ ඊට අඩු විය යුතු ය.
- පහසුවෙන් උච්චාරණය කළ හැකි විය යුතු ය.
- විරෝධාත්මක නොවිය යුතු ය.
- දැනට නම් කර ඇති කුඩා ග්‍රහලෝක හෝ උපග්‍රහයන්ගේ නම්වලට වඩාත් සමාන නම් නොවිය යුතු ය.
තවද,
- සුරතල් සතුන්ගේ නම් යෝජනා කිරීම අධ්යර්ය කෙරේ.
- කෙලින්ම හෝ වක්‍රාකාරයෙන් වෙළෙඳ නම් භාවිත කිරීමට ඉඩ දෙනු නොලැබේ.
- ඔබ හැකි තරම් නිර්මාණශීලී විය යුතු යතු ය. ඉහත උපදෙස් වලට අනුකූලව පුළුල්ව සිතිය යුතු ය.ප්ලුටෝ නම් කිරීමට යෙදුනු 1930 වසරට වඩා විසල් විද්‍යාත්මක දැනුමකින් පිරිපුන් ලෝකයක අද අපි වෙසෙන බව අමතක නොකළ යුතු ය.
තරග අංශ
Category 1 – අවුරුදු 1 සිට 11 දක්වා
Category 2 – අවුරුදු 12ට වැඩි
Category 3 – පාසල් කණ්ඩායම්
Category 1 යටතට ගැනෙන අයදුම්කරුවන් දෙමාපියන්ගේ හෝ ගුරුවරුන්ගේ සහය නොපැතිය යුතු ය.
Category 3 යනුවෙන් අදහස් කරන්නේ පන්තිකාමරයක, පාසලක හෝ පාසලෙන් පරිබාහිර සිසු කණ්ඩායමකි.
අවසන් දිනය
Naming X තරගය 2010 මැයි 30 වැනි දා අවසන් වන අතර තරගයේ ජයග්‍රාහකයන් 2010 ජුනි මස 14 වැනි දා ට නුදුරු දිනයක දී ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
ත්‍යාග
ජයග්‍රාහකයන් සඳහා පහත දෑ ලැබෙනු ඇත.
- විනිශ්චය මණ්ඩලය අත්සන් කරන ලද සහතිකයක්
- ඔබ යෝජනා කරන නම විධිමත් ආකාරයකින් අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමයේ කුඩාවස්තු නාමකරණය සඳහා වූ කමිටුව වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.
- ඔබට ඉතාලියේ බෙලැක්ට්රික්ස් නිරීක්ෂණාගාරයේ දුරේක්ෂය භාවිත කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇති අතර ඒ සඳහා වෘත්තීය තාරකා විද්‍යාඥයෙකුගේ සහාය ද ලැබෙනු ඇත. මේ සඳහා ඔබට අවැසි වන්නේ අන්තර්ජාල සම්බන්ධතාවයක් පමණි.
- ෆාදර් ෆිල්ම් වෙතින් වැනීෂියා ගේ කතාව ඇතුළත් Naming Pluto වාර්තාමය සිනමාකෘතියේ පිටපතක් හා පෝස්ටරයක් ලැබෙනු ඇත.