ග්‍රෑන්ඩ්පාස්හි-මොකද-වුණේ?
ග්‍රෑන්ඩ්පාස්හි මොකද වුණේ?
ඉස්ලාම් බැතිමතුන් ග්‍රෑන්ඩ්පාස්හි පල්ලියක් තුල යාඥා කරමින් සිටිය දී එම පල්ලියට බෞද්ධ අන්තවාදින්ගේ ප්‍රහාරයක් එල්ල වූ බව ලොව පුරා ප්‍රචාරය විය. එය සිදු වුණේ මුස්ලිම්වරුන්ගේ අතිශයින්ම වැදගත් දිනයක් වූ රාමසාන් දිනට පසු දිනයි. එබැවින් ලංකාව පිළිබඳත් බෞද්ධයින් පිළිබඳත් විශේෂයෙන්ම සිංහල බෞද්ධයින් පිළිබඳත් නොමැකිය හැකි කළු පැල්ලමක් මෙම සිදුවීම ජනිත කර ඇත. නමුත් මෙම සිදුවීමේ පසුබිම විමසීමේ දී බෞද්ධයින් පිළිබඳ අනුකම්පාවක් මෙන්ම මෙම අර්බූදය ඇති කළ මුස්ලිම්වරුන් පිළිබඳ දැවැන්ත ප්‍රතිරෝධයක් ද ඇති වීම වළකනු නොහැකිය. ඇති තතු දැකීම සඳහා මෙම සිදුවීමේ නිධාන කතාවට අපි දැන් එබී බලමු.
ස්වර්ණ චෛත්‍ය මාවතේ අද සමාධි විහාරය ලෙස දැක්වෙන ස්ථානය 1960 දශකයේ ප්‍රචලිතව තිබුණේ කොළඹ පත්තිනි දේවාලය ලෙසයි. 1970 දශකයේ දී උපාසිකාරාමයක් බවට පත්වුණු මෙම දේවාල භූමිය 1997 දී සමාධි විහාරය බවට පත්විය. මෙම විහාරයට මීටර් 20ක් පමණ දුරින් පිහිටි ඉඩමක අයිතිකරු ලෙස සිටි සෝමදාස එම ඉඩම මුස්ලිම් පල්ලියක් ඉදි කිරීම සඳහා 1980 දී විකුණන ලදී. සමාධි විහාරයට මීටර් 30ක් පමණ දුරින් ජයතිලකාරාමය නමින් වසර සීයකට වඩා පැරණි විහාරස්ථානයක් වේ. එම විහාරස්ථානයේ වැඩ සිටි පූජ්‍ය මැටරඹ මහින්ද නාහිමි විසින් මෙම ස්ථානයේ පල්ලිය ඉදි කිරීමට විරෝධය පා මැද කොළඹ පළමු මන්ත්‍රි ආර් ප්‍රේමදාස අගමැතිතුමා හරහා සංස්කෘතික ඇමතිට 1980.04.17 ලිපියක් යවන ලදී. උන්වහන්සේගේ විරෝධයේ පදනම වූයේ පල්ලිය ඉදි කරන ඉඩමට යාබදව පැරණි බෝධියක් තිබීමත් එම ඉඩම පන්සලට සමීපයේ පිහිටා තිබීමත්ය.
ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලාගේ විරෝධය මැද නිසි අවසර ලබා ගැනීමකින් තොරව එම පල්ලිය ඉදි කිරීමට මුස්ලිම්වරු සමත් වූහ. ඉන්පසු පල්ලිය දෙසට වැවී තිබුණු බෝ ගසේ අතු වරින් වර කපා දැමීම පිළිබඳ බෞද්ධයින්ගේ විරෝධය එල්ල වුවත් කාලය සමග බෝ ගස යට පල්ලිය තිබීම පිළිබඳ විරෝධය පහ විය. පල්ලියේ පූජකවරු සහ අසල්වැසි පන්සල් දෙකේ භික්ෂුන් වහන්සේලා ඉතා සමගියෙන් කටයුතු කළහ. එම සමගිය ප්‍රදේශයේ සිංහල සහ මුස්ලිම් ජනතාව අතර ද පැතිරිණි. වෙසක් සමයේ බෞද්ධයින් මුස්ලිම්වරුන්ට දන්සැල් දුන් අතර රාමසාන් සමයේ මුස්ලිම්වරුන් බෞද්ධයින්ට ආහාර පාන වලින් සංග්‍රහ කරන ලදී. මෙසේ දිගු කළක් පැවති සමගියට හදිස්සියේම කණකොකා හැඬුවේ 2010 දී නව පල්ලියක් ඉදි කිරීම ඇරඹීමත් සමගිනි.
සමාධි විහාරයට වම් පැත්තෙන් මීටර් 15ක පමණ දුරින් ඉදි කෙරෙන නව ගොඩනැගිල්ල දැවැන්ත පල්ලියක් බවට භික්ෂුන් වහන්සේලාට ආරංචි විය. පන්සලට මීටර් 20ක් පමණ දුරින් ඉදි කළ පල්ලියට එරෙහිව අතීතයේ මතු වුණු විරෝධතා සිහිපත් වුණු ජයතිලකාරාමයේ වත්මන් විහාරාධිපති පූජ්‍ය මැටරඹ ධම්මානන්ද හිමි මේ පිළිබඳ සිය විරෝධය ජනාධිපති, ආරක්ෂක ලේකම්, ආගමික කටයුතු ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් ඇතුළු වගකිවයුතු සියළුම දෙනාට 2010 ජූලි 18 දින ලිපි යැවීමෙන් දැන්වීය. පන්සලට මෙතරම් සමීපයෙන් පල්ලියක් ඉදිවීමෙන් සිකුරාදා දිනක පසළොස්වක පෝය යෙදුනොත් ආගමික ගැටුමක අවදානමක් ඇති බව උන් වහන්සේ පෙන්වා දුන්හ.
2010 ජූලි 23 දින උන්වහන්සේ මෙම අනවසර පල්ලිය පිළිබද ග්‍රෑන්ඩ්පාස් පොලීසියට පැමිණිලි කරන ලදී. මෙම පැමිණිල්ල විභාගයේ දී ඉදිකරන ගොඩනැගිල්ලේ හිමිකරු වන හසන් මුබාරක් පැවසුවේ තමන් ඉදි කරන්නේ පල්ලියක් නොව ගබඩාවක් බවයි. ඒ බව තමන්ට ලිඛිතව දැනුම් දෙන මෙන් භික්ෂුන් වහන්සේලා ඉල්ලූහ. එවිට මුබාරක් විසින් 2010 ජූලි 29 දින ලිපියක් නිකුත් කරමින් මෙම ගොඩනැගිල්ල ඉදි කරන්නේ තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයකට බව සඳහන් කලේය. කෙසේ වෙතත් එම ගොඩනැගිල්ල පල්ලියක් නොවන බව සඳහන් නොකිරීමට ප්‍රවේශම් විය. එම ප්‍රකාශයත් සමග විරෝධතාකරුවෝ නිහඩ වූහ.
ජනාධිපතිතුමාට යැවූ ලිපිය ආගමික කටයුතු අමාත්‍යාංශයට යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රාදේශීය ලේකම් විසින් මෙම ගොඩනැගිල්ල පිළිබද පරීක්ෂණයක් අරඹන ලදී. එහිදී 2012 පෙබරවාරි 23 දින ප්‍රකාශ ලබා දුන් ගොඩනැගිල්ලේ අයිතිකරු මුබාරක් මෙන්ම කොන්ත්‍රාත්කරු වන හුසේන් මොහොමඩ් ද පවසන ලද්දේ ඉදි කරමින් පවතින ගොඩනැගිල්ල පල්ලියක් නොව ගබඩාවක් බවයි.
2012 අප්‍රේල් 19 දින ධම්මානන්ද හිමියන්ට නැවතත් පොලීසියේ පැමිණිල්ලක් ගොනු කිරීමට සිදු විය. එම පැමිණිල්ලෙන් පැවසුනේ මුස්ලිම් පල්ලියක තිබෙන අයුරින් පිරිසිදු වීමේ ස්ථාන ගොඩනැගිල්ල තුල ඉදි කර ඇති බැවින් ඉදි කරන්නේ පල්ලියක් බව තහවුරු වී ඇති බවයි. මුබාරක් නැවතත් පොලීසියට පැවසුවේ තමන් කිසිම අයුරකින් මෙම ස්ථානයේ පල්ලියක් ඉදි නොකරන බවයි. නමුත් මෙම ස්ථානය පොලීසිය විසින් පරික්ෂා කළ විට එම පිරිසිදු වීමේ ස්ථාන දැක ගැනීමට ඔවුන්ට ද හැකි විය. ඊට ඉතාම කපටි පිළිතුරක් දුන් මුබාරක් පැවසුවේ අත්වැරදීමකින් ඒවා ඉදිකර ඇති බවත් සතියක් ඇතුළත ඒවා ඉවත් කරන බවත්ය. සතියකින් පසු එම ස්ථාන නැවත පරික්ෂා කරන ලෙස භික්ෂුන් වහන්සේලා ඉල්ලා සිටියත් අබිරහස් හේතුවක් මත පොලීසිය යළිත් කිසිම දිනක එම පරීක්ෂණය නොකරන ලදී.
2012 ජූලි 20 දින පන්සලේ දායකයෙකු වන දයාරත්න විසින් නැවතත් පොලීසියට පැමිණිලි කලේ ගබඩාවක් ලෙස හැදින්වූ ගොඩනැගිල්ල ඉතා පැහැදිලිවම පල්ලියක් ලෙස ඉදි කරන බවයි. නැවතත් මුබාරක් පොලීසියට පැවසුවේ තමන් ඉදි කරන්නේ ගබඩාවක් මිස පල්ලියක් නොවන බවයි. නමුත් මෙම අවස්ථාවේ දී ස්ථානීය පරික්ෂාවක් කිරීමට දයාරත්න කළ ඉල්ලීම පොලීසිය ඉටු කලේ නැත.
අවසානයේ දී මෙම ස්ථානය පල්ලියක් ලෙස පවත්වා ගෙන යෑමට මුස්ලිම් මවුලවිවරුන්ට පවරා ඇති බවට තොරතුරු ලැබුණු හෙයින් ඒ පිළිබඳ භික්ෂුන් වහන්සේලා විසින් 2012 නොවැම්බර් 20 දින පොලීසියට පැමිණිලි කරන ලදී. වසර තුනක් පුරා භික්ෂුන් වහන්සේලා කළ පැමිණිලි සනාථ කරමින් මෙවර වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් පොලීසියට පැමිණෙන්නේ මුබාරක් නොව යාබද පල්ලියේ පූජකයාය. පූජකයා පවසන්නේ මෙම ගොඩනැගිල්ල මුබාරක් විසින් දෙහිවල ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණූ බවත් ඔහු විසින් පල්ලියක් සඳහා එය පරිත්‍යාග කළ බවත්ය. එය පල්ලියක් ලෙස පිලිගෙන වකුබ් සභාව විසින් නිකුත් කළ ලිපිය ද ඔහු පොලීසියට ඉදිරිපත් කලේය. මෙහිදී භික්ෂුන් වහන්සේලා පෙන්වා දුන්නේ නව ආගමික ස්ථානයක් ඉදි කිරීම සඳහා ආගමික කටයුතු ලේකම්ගේ එකඟතාවය ලබා ගත යුතු වුවත් එවැනි එකඟතාවයකින් තොරව වකුබ් සභාව විසින් මෙම ගබඩාව පල්ලියක් ලෙස පිලිගැනීම නීති විරෝධි බවයි.
මෙහිදී භික්ෂුන් වහන්සේලා ලියුම්කරුගේ සහය පැතූ අතර ලියුම්කරු විසින් ආගමික කටයුතු ලේකම් සමග මේ පිළිබඳ සාකච්ඡාවක් සංවිධානය කරන ලදී. ඒ අනුව 2012 නොවැ 27 දින ආගමික කටයුතු අමාත්‍යාංශයේ දී මෙම අනවසර පල්ලිය පිළිබඳ සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදී මුස්ලිම් පාර්ශවය පැවසුවේ බැතිමතුන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන බැවින් පවතින පල්ලිය ප්‍රමාණවත් නොවන අතර පල්ලියට යාබදව දැවැන්ත බෝ ගසක් ඇති හෙයින් පල්ලිය පුළුල් කිරීමට ද නොහැකි බවයි. එබැවින් නව පල්ලිය ඉදි කළ බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් භික්ෂුන් වහන්සේලා පැවසුවේ නව පල්ලිය පන්සල් වලට අතිශයින්ම සමීපව පිහිටා ඇති බැවින් ආගමික ගැටුම් නිර්මාණය විය හැකි බවයි. එබැවින් තමන් නම්‍යශීලි වෙමින් පල්ලියට යාබද රජයේ ඉඩමේ ඇති බෝ ගස කපා ඉවත් කිරීමට විරුද්ධ නොවන බව භික්ෂුන් වහන්සේලා පැවසූහ. එම යෝජනාවට දෙපාර්ශවය එකඟ වීමෙන් පල්ලිය පිළිබඳ ගැටළුවට ස්ථිර විසඳුමක් ලැබුණු බව විශ්වාසයෙන් කවුරුත් විසිර ගියහ.
2013 ජූනි 04 දින වන්නි දිසා මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේ මැදිහත්වීමෙන් නෝම්බි කාලයේ දී යාඥා කටයුතු සඳහා ගබඩාව භාවිතා කිරීමට අවසර දෙමින් ආගමික කටයුතු ලේකම් ලිපියක් නිකුත් කලේය. මේ පිළිබඳ ප්‍රදේශයේ බෞද්ධයින්ට දැන ගැනීමට නොලැබුණි.
ජූනි 25 දින මධ්‍යම රාත්‍රියේ දී සමාධි විහාරයේ සැතපී සිටි අනුරුද්ධ හිමියන්ව අවදි කළ අසල්වැසියෙකු පැවසුවේ ගබඩාවේ ශබ්ද විකාශන යන්ත්‍ර බඳිමින් තිබෙන බවයි. තමන් තවත් වතාවක් රැවටී ඇති බව බෞද්ධයින්ට පෙනී යෑමෙන් ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් පැන නැගිණි. නමුත් තමන් සාකච්ඡා කර ප්රශ්නය විසඳා දෙන බවට අනුරුද්ධ හිමි පොරොන්දු වීමෙන් තත්වය පාලනය විය. පසු දින උදෑසන සිට එම ගබඩාවේ යාඥා කටයුතු ආරම්භ වූ අතර මේ පිළිබඳ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට නොහැකි වූ හෙයින් ජූනි 27 දින උන්වහන්සේ විසින් පොලීසියට පැමිණිලි කරන ලදී.
පොලීසියේ දී යාඥා කටයුතු නැවැත්වීමට එකඟ වුවත් ඔවුන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා නොකර දිගටම යාඥා කටයුතු කරගෙන ගියහ. පොලීසිය ශබ්ද විකාශන යන්ත්‍ර ඉවත් කිරීමට හෝ යාඥාවන් සඳහා ගබඩාව භාවිතා කිරීම නැවැත්වීමට හෝ ඉදිරිපත් නොවන ලදී. එබැවින් ජූලි මස 02 දින එම ගබඩාව ඉදිරියේ බෞද්ධයෝ සාමකාමි උද්ඝෝෂණයක් පැවැත්වූහ. එම උද්ඝෝෂණය පැවැත්වෙන විට එම ස්ථානයට පැමිණි නියෝජ්‍ය පොලිස්පති ගුණවර්ධන ශබ්ද විකාශන යන්ත්‍ර ඉවත් කර ගබඩාව මුද්‍රා තැබීය.
ජූලි මස 07 දින භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම මත මෙම ලියුම්කරු මෙම ස්ථානය පරික්ෂා කිරීමට ගිය අතර පන්සල් දෙක සහ පල්ලි දෙක පිහිටා ඇති ස්ථාන දැකීමෙන් දැවැන්ත ආගමික ගැටුමකට මුල පිරීමක් බව අවබෝධ විය. එමෙන්ම වසර තුනක් පුරා ගබඩාවක් බව රටට පෙන්වමින් ආණ්ඩුව සහ බෞද්ධයින් රවටමින් මුස්ලිම් පල්ලිය ඉදි කළ වංචා සහගත ක්‍රියාවලිය පිළිබඳ ද අවබෝධයක් ලැබිණි. ඒ අනුව බෞද්ධ, මුස්ලිම් සහ පොලීසිය යන තුන් පාර්ශවයම කැඳවා සම්මුතියකට එළැඹීම සඳහා ආගමික කටයුතු ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් කැඳවීමට ලියුම්කරු මැදිහත්විණි.
ජූලි 09 දින භික්ෂුන් වහන්සේලා ප්රමුඛ බෞද්ධ නායකයින් ද ඉස්ලාම් පූජකතුමන්ලා ප්රමුඛ මුස්ලිම් නායකයින් ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ප්රමුඛ පොලිස් නිළධාරින් ද ආගමික කටයුතු ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමට සහභාගි වූහ. එම රැස්වීමේ දී සියළුමදෙනාගේ එකඟත්වයෙන් තීරණය වූයේ අගෝස්තු 09 දින දක්වා වූ රාමසාන් කාලයේ දී පමණක් මෙම ගබඩාව යාඥා කටයුතු වලට යොදා ගැනීමටයි. ඉන්පසු සියළුම පාර්ශව සාකච්ඡා කර මෙම ප්‍රශ්නයට ස්ථිර විසඳුමකට එළැඹීමට ද තීරණය විය. මෙම එකඟතාවය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 107 වගන්තිය ප්‍රකාර නියෝගයක් බවට පත් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විසින් එහි පිටපත් සෑම පාර්ශවයකටම ලබා දෙන ලදී.
ඉහත තීන්දුව මත අගෝස්තු 09 දින රාමසාන් උත්සවයෙන් පසු ගබඩාවේ යාඥා කිරීම් නවතාවි යැයි බෞද්ධයින් බලාපොරොත්තු විය. නමුත් අගෝස්තු 10 දින සවස ද මුස්ලිම්වරු යාඥාවන් සඳහා ගබඩාවට එක්විය. මේ පිළිබඳ විමසීමේ දී මහනුවර දිසාවේ මුස්ලිම් ඇමතිවරයෙකුගේ මැදිහත්වීමෙන් තමන්ට මෙම ස්ථානයේ පල්ලියක් පවත්වාගෙන යෑමට ආගමික කටයුතු ලේකම්වරයා අවසර දී ඇති බව මුස්ලිම්වරු පැවසූහ. ඒ අනුව ලේකම්ගේ 2013.08.08 දිනැති ලිපියේ පිටපත් බෞද්ධයින්ට ලබාදෙන ලදී. එම ලිපියට අනුව අසල්වැසි පන්සල් දෙකේ විහාරාධිපතිවරුන්ට ද පිටපත් යොමු කර ඇතත් උන්වහන්සේලාට ඒවා ලැබී නොතිබුණි.
මෙම ලිපිය දැකීමෙන් බොදු තරුණයින්ට දැනුනේ මුස්ලිම්වරුන් පමණක් නොව ආණ්ඩුව විසින් ද තමන්ව රවටා ඇති බවයි. එබැවින් විශ්වාසය බිඳ වැටී හැඟීම්බර වුණු තරුණයෝ භික්ෂුන් වහන්සේලාගේ උපදෙස් ද නොතකා ඝණ්ටාර නාද කර සෙනඟ කැඳවා ගබඩාව ඉදිරිපිට උද්ඝෝෂණයක් කැඳවූහ. එම ගබඩාවට ගල් පහර එල්ල වුණේ මෙම උද්ඝෝෂණය අතරය. මේ අනුව පහරදීමක් සිදු වී තිබෙන්නේ මුස්ලිම් ජනතාව විසින්ම ගබඩාවක් ලෙස හැඳින්වූ ස්ථානයට මිස මාධ්‍ය වාර්තා කළ අයුරින් මුස්ලිම් පල්ලියකට නොවේ.
ජූලි 11 දින ආගමික කටයුතු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේ දී ගබඩාව අත්හැර මුස්ලිම් පල්ලිය පුළුල් කිරීමටත් පල්ලිය අසළ ඇති වන්දනා නොකරන බෝ ගස කපා ඉවත් කිරීමටත් දෙපාර්ශවය එකඟවීමෙන් සහ තමන්ගෙන් සිදුවුණු වරදට මුස්ලිම් නායකයින් භික්ෂුන් වහන්සේලාගෙන් සමාව ගැනීමෙන් අර්බූදය සාමකාමිව විසඳා ගැනීමට හැකි විය. කෙනෙක් නීතිය අතට ගෙන පල්ලියකට හෝ ගබඩාවට ගල් ගසත් නම් එය වරදකි. එමෙන්ම ගැටුම් වලට තුඩු දෙන අයුරින් නීතිය නොසළකා ආගමික සිද්ධස්ථාන යමෙක් ඉදි කරත් නම් එය ඊටත් වඩා බරපතල වරදකි.
නීතිඥ උදය ගම්මන්පිල
මෙම ලිපිය ෆේස්බුක්හි ෂෙයාර් කරන්න මෙතනින් යන්න.
https://www.facebook.com/photo.php?fbid=10151790683314253

Last edited: