ග්‍රීන් ටී වලට හුරුවන්න
රසවත් කැවුම්, කොකිස්, ආස්මි වල රස බැලූ උත්සව සමය අවසන්ය. උදාවී ඇත්තේ ඒවායේ අනිසි ප්‍රථිඵල විඳීමට සිදුවන කාලයයි. උදරය පුරවා දැමීමෙන් ඇතිවන අපහසුතාවටත්, ඉණ වටා ප්‍රමාණය අඟල් කීපයකින් වැඩිවීමේ තත්ත්වයටත් ඔබ මුහුණපා සිටිනු ඇත. උත්සව සමයෙන් පසු ඇතිවන මෙවන් වෙනස්කම් සඳහා වහාම ප්‍රතිකර්ම යෙදිය යුතුය.
ඔබගේ බර අඩු කරනු වෙනුවට ඔබට නිතර කුසගිනි ඇති කරවන ශරීරයට පෝෂණයක් නොගෙනෙන ආහාර පාලන ක්‍රම වෙතින් මදකට ඉවත් වන්න. බර අඩු කරවන ක්‍රීම් වර්ග සිරුර කෙට්ටු කරවන පෙති වර්ග අමතක කරන්න.
මේ සියල්ල වෙනුවට වසර මිලියන ගණනකට පෙර චීන ජාතිකයන් සොයාගත් මේ වන විට ලොව පුරා එහි ගුණාංග තහවුරු කර ඇති පානයක් වෙත සිත යොමු කරන්න. එය කොළ පැහැතිය. දිව ගෑ සැනින් විශේෂත්වයක් ගෙන එයි, අන් කිසිවක් නොව ඒ Green Tea ය.
බීමට සූදානම් වූ උණු ජලය අඩංගු කෝප්පයකට තේ කොළ ස්වල්පයක් වැටීම හේතුවෙන් පුරාණ චීන අධිරාජ්‍යයෙකු වන ෂෙන් නුන්ගේ අහම්බෙන් මෙන් සොයාගත් Green Tea පානය එතැන් සිට ලොව පුරා ව්‍යාප්ත වන්නට විය. චීනයේ හිම මිඳුන කඳු වැටියේ සිට යුරෝපයේ ඇති උසැති කඳු මුදුන් දක්වා, ලොව නවතම කෝපි බවට පත්ව ඇත්තේ Green Tea ය.
Green Tea වුවද එය විශේෂිත තේ ගසකින් ලබාගන්නක් නොවේ. එය ලබාගන්නේද අපගේ පාරම්පරික තේ ලබාගන්නා තේ පැලෑටියෙනි.එකම වෙනස වනුයේ එය ගසෙන් ලබාගත් විගස රත් කිරීමට ලක් කර එමඟින් සෞඛ්‍ය සම්පන්න ගුණාංග රැස් කරනු ලැබීමයි. Green Tea වල අඩංගු කැවටින් නම් වූ ෆ්ලෙවර් නොයිඩ සංඝටකය එයට ආවේනික වූ කහට රසය ලබාදෙන අතරම ප්‍රතිඔක්සිකාරක ගුණයක් එයට එක් කරයි. මෙම සෞඛ්යාරක්ෂිත පානයෙහි රහස් චීන ජාතිකයන් සොයාගනු ලැබුවේ යුග ගණනාවකට පෙර වුවද වර්තමාන වෛද්‍යවරු පවා මෙතුළින් ලැබෙන ප්රතිලාභ ඉතා ඉහළින්ම පිළිගනු ලබයි.
ජ්‍යෙෂ්ඨ පෝෂණවේදිනී සිග්රිඩ් ද සිල්වා පවසන පරිදි Green Tea වල ප්‍රතිඔක්සිකාරක ගුණය ජලයේ ප්රවිතකාරක ගුණය හා එක්ව ඔබ සිරුර ඇතුළතින් පිරිසිදු කරන අතර බර කළමනාකරණයට ද උපකාරී වේ. සීනි රහිතව Green Tea පානය කිරීම, සිරුරේ බර පාලනය කිරීමේ වැඩසටහන් සඳහා යොදා ගැනීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි. එය මෙවන් කාලයකට වඩාත් යෝග්‍ය යෑයි ද ඇය පවසයි. සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු හා ජීවන රටාවට කොටස්කරුවකු ලෙස ඇය Green Tea නිර්දේශ කරයි. ඇය පවසන පරිදි ඇය ඇත්නේම ඔබව තරුණ කරනු ඇත. එසේ නම් වහාම ඨරුeබ ඔea කෝප්පයක් පානය කර ඔබේ සෞඛ්‍ය අවදි කරවන්න.