🙏අන් සැපතට ඊර්ෂ්‍යා කිරීමේ ආදීනව🙏

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    🙏
    මත්තා ප්‍රේත වස්තුව
    🙏


    අලංකාර ලෙස හැඳ පැලඳගෙන සිටින අය දුටු විට ඊර්ෂ්‍යාවෙන් පෙළෙන, නිවෙසක් පිළිවෙළට තනා ජීවත් වීමට උත්සාහ කරන විට එම ස්ථානයන්ට අණවින කොඩිවින සිදුකරන පිරිස් සමාජය තුළ ජීවත් වෙති. එසේ නොමැති ද ස්වාමියාගේ සෙනෙහස මනාව ලැබෙන බිරිඳක් දුටු විට ද්වේෂයෙන් දැවෙන, එවන් කැදලි කඩා ඉහිරවීමට කූට උපක්‍රම යොදන කතුන් ද දුලබ නො වෙති.

    මත්තා… ඇය භාග්‍යවතුන් වහන්සේ ජීවමාන යුගයේ සිටි එවන් කතක් වූවා ය. ඇගේ කතාවේ බිහිසුණු විපාකය මුලින් සඳහන් කළ දරුණු සිත් ඇති කා හටත් අගනා උපදේශයකි.

    සැවැත් නුවර විසූ එක්තරා ශ්‍රද්ධා සම්පන්න උපාසකයෙකුගේ බිරිඳ මත්තා නම් විය. ඇය තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් නොමැත. අප්‍රසන්න චරිතයක් ඇති ඇය ක්‍රෝධය බහුල, දරුවන් නොමැති ස්ත්‍රියක් වූවා ය. තමාගේ කුල පරපුර පවත්වාගෙන යා යුතු බැවින් එම උපාසකතුමා වෙනත් බිරිඳක් විවාහ කර නිවසට කැඳවාගෙන පැමිණියේ ය.

    තිස්සා නම් වූ ඇය පහන් සිත් ඇත්තියකි. ස්වාමිපුරුෂයා හට ප්‍රිය මනාප විය. කෙටි කලකින් ඇය ගර්භිණී බවට පත්ව දස මසක් ගතවීමෙන් පුතෙකු බිහි කළාය. එම පුතු භූත යැයි නම් ලැබී ය. තිස්සා මහත් ශ්‍රද්ධාවෙන් භික්ෂූන් වහන්සේලා සිව්නමක් උදෙසා නිතර උපස්ථාන ද කළා ය. වඳ ස්ත්‍රියක් වූ මත්තා ඇය කෙරෙහි බොහෝ ඊර්ෂ්‍යාවෙන් පසු වූවා ය.

    ඔවුන් දෙදෙනා ම දිනක් දිය නෑමෙන් පසු තෙත් වූ හිස කෙස් ඇතිව නිවසෙහි සිටියෝ ය. තිස්සාගේ ස්වාමි පුරුෂයා ඇගේ ගුණධර්මයන් දැක ඇයට බොහෝ සෙනෙහස දැක්වී ය. එම නිසා ම ඔහු ඇය සමඟින් බොහෝ වේලාවක් කථා කරමින් සිටි අතර මත්තා එය දැක ඊර්ෂ්‍යාවෙන් දැවුණා ය.

    ඊර්ෂ්‍යාව යටපත් කර ගැන්මට නො හැකි වූ මත්තා නිවස අතුගා එකතු කර ගත් කුණු රොඩු සහිත දුහුවිලි තිස්සාගේ හිස මත හැළුවා ය. පසු කලෙක මත්තා මරණයට පත් වූ අතර ඇගේ උපත සිදු වූයේ ප්‍රේත ආත්ම භාවයක යි. ඇයගේ අකුසල කර්මවල බලවත් භාවය හේතුවෙන් බලවත් දුක් වර්ග පහකින් ඇය දැවුණා ය.

    දිනක් සැඳෑ සමයක ගෙය පිටුපස දිය නාමින් සිටි තිස්සාව අසලට පැමිණි එම ප්‍රේත ස්ත්‍රිය ඇයට තම සිරුර පෙනෙන්නට සැලැස්වූවා ය.

    (තිස්සා) – “විලි වැස්මක් නැති, බියකරු ශරීර වර්ණයක් සහිත, මස් ලේ නැති බැවින් නහර වැල් ඉල්පී ගිය, උස් වූ ඉල ඇට සහිත සම නහර පමණක් ඇති සිරුරකින් යුත් ඉතා කෙට්ටු සිරුරක් ඇති නුඹ මෙහි සිටින්නේ ය. නුඹ කවරෙක් ද?” තිස්සා විමසා සිටියා ය.

    (මත්තා) – “පෙර භවයෙහි මම මත්තා නම් වූයෙමි. නුඹ තිස්සා නම් විය. නුඹගේ ස්වාමිපුරුෂයාගේ සමාන පතිනිය යි. අකුසල් කොට මරණින් මතු ප්‍රේත ලෝකයෙහි උපත ලැබුවෙමි.”

    (තිස්සා) – “නුඹ සිත, කය, වචනයෙන් කවර අකුසලයක් කරන ලද්දේ ද?”

    (මත්තා) – “ක්‍රෝධයෙන් පෙළුනෙමි. පරුෂ වචන කියන්නියක් වූයෙමි. ඊර්ෂ්‍යා කරන්නියක් ද මසුරු කෛරාටික ස්ත්‍රියක් ද වීමි. මම නුඹට දුෂ්ට වචන, වැඩකට නැති වචන ද කියමින් මෙහි පැමිණියෙමි.”

    (තිස්සා) – “මත්තා ක්‍රෝධ සිතින් සිටි බව නම් මමත් දනිමි. ඒ අකුසල් කළ බව මමත් දැන සිටියෙමි. දැන් මම වෙනත් යමක් අසන්නම්. කුමන පවක් නිසා ද මේ කුණු කසළ සහිත පස්වලින් කිළුටු වූ සිරුරක් ලැබුණේ..?”

    (මත්තා) – “නුඹ හිස සෝදා නා පිරිසිදුව ලස්සන ඇඳුම් පැලඳගෙන සිටියා මතකයි. මම නුඹටත් වඩා අලංකාර ලෙස සැරසී සිටියෙමි. මා බලා සිටියදී ම ස්වාමිපුරුෂයා නුඹ සමඟින් ම කථා කරමින් සිටියේය. මට ඉවසුම් නැති විය. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ඉපදුණි. කසළ සහිත පස් ගෙන නුඹව නහවා දැමුවෙමි. එම පවින් කසළ පස් සහිත සිරුරක් ලැබුවෙමි.”

    (තිස්සා) – “මගේ ඇඟට කුණු කසළවලින් දමා ගැසූ බව නම් මටත් මතකයි. එහෙත් කුමන හේතුවක් නිසා කැසීමේ රෝගයකින් පෙළෙන්නේ ද?” තිස්සා විමසුවා ය.
    එවිට ප්‍රේතිය පිළිතුරු දෙන්නී ය…

    “බෙහෙත් ඖෂධ වර්ග ගෙන ඒමට අපි දෙදෙනා ම වනාන්තරයට ගියෙමු. නුඹ නම් වෙදුන් විසින් කියන ලද බෙහෙත් වර්ග ම පමණක් ගෙන ආවා ය. මම නුඹට නොපෙනෙන්නට කසඹිලියා කොළ සහ ගෙඩි ගෙන ආවෙමි.
    ඒ කසඹිලියා කොළ සහ පත්‍ර නුඹට නො දන්වා ම නුඹගේ නිදන ඇඳට දැමුවෙමි. ඒ බලවත් අකුසල කර්මයේ විපාකයෙන් කැසීම් රෝගයෙන් පෙළෙන්නෙමි.”

    (තිස්සා) – “ඔබ මගේ නිදන ඇඳට කසඹිලියා කොළ, ගෙඩි දැමීම නම් මමත් දනිමි. එහෙත් කවර කරුණක් නිසා මෙසේ නිර්වස්ත්‍ර වී ද?”

    (මත්තා) – “මිත්‍රයෙකුගේ මංගල උත්සවයකට නුඹටත්, ස්වාමි පුරුෂයාටත් ආරාධනා ලැබී තිබුණා මතකයි. නමුත් මට ආරාධනාවක් නො ලැබුණි. ඔබට නොදැනෙන්නට මම ඔබගේ ඇඳුම් සොරා ගත්තෙමි. එම පවින් මට විළිවසා ගන්නට පවා ඇඳුමක් නැති විය.”

    (තිස්සා) – “නුඹ මගේ ඇඳුම් සොරා ගත් බව මමත් දැන සිටියෙමි. වෙනත් කාරණයක් මම දැන් අසා සිටින්නෙමි. කවර කාරණයක් නිසා නුඹේ ශරීරයෙන් අසූචි ගඳ හමන්නේ ද?”

    (මත්තා) – “තිස්සා, නුඹට අයත් අලුත් මල් මාලාවක් ද සුවඳ විළවුන් වර්ග ද මම රැගෙන ගොස් අසූචි වළකට විසි කළෙමි. එම පවින් අසූචි දුගඳ සිරුරෙන් හමන්නේ ය.”

    (තිස්සා) – “තවත් දෙයක් අසන්නම්… කුමන හේතුවක් නිසා මෙසේ දුකට පත් වීමට සිදු වූයේ ද?”

    (මත්තා) – “අප දෙදෙනාට ම තිබුණේ ස්වාමි පුරුෂයාට අයත් සමාන ධනයක්. දිය යුතු දාන වස්තු තිබිය දී මම කිසිවක් නො දුන්නෙමි. පිනක් නො කළෙමි. එම අකුසලයෙන් මම දුකට පත් වූයෙමි.”

    (තිස්සා) – “මත්තා මනුෂ්‍ය ලෝකයේ සිටියදී නුඹගේ වැඩකාරියෝ සහ ආභරණ ද නුඹ විසින් පාවිච්චි කරන ලද වස්තු සම්පත් දැන් පාවිච්චි කරන්නේ වෙනත් ස්ත්‍රීන් විසින්. බලන්න මේ කිසිවක් සදාකාලික වන්නේ නැහැ. ස්ථිර නැහැ. සියල්ල හැරදා යා යුතුයි. ඒ සැප සම්පත්වලට ඊර්ෂ්‍යා ලෝබකම් ද නො කළ යුතුයි.

    භූත නම් මා පුතුගේ පියා තව ස්වල්ප මොහොතකින් සල්පිලේ සිට ගෙදරට පැමිණෙයි. ඔහු නුඹට යමක් දෙන්නේ නම් කොතරම් හොඳ ද? එතෙක් මේ ගෙයි පිටුපස රැඳී සිටින්න. පිටත්ව නො යන්න…” මත්තාට අනුකම්පා කරමින් තිස්සා පැවසුවා ය.

    “මම නිරුවතින් නොවැ පසුවන්නේ. දුර්වර්ණ සිරුරත් නහර වැල් ඉල්පී ගොසින්. මේ නග්න දුර්වර්ණ රූපය වැසිය යුතු බැවින් ස්ත්‍රීන්ට නම් පුදුම ලජ්ජාවෙකි. එම නිසා ස්වාමිපුරුෂයා මා නොදකීවා.” මත්තා ලජ්ජාවෙන් පැවසුවා ය.

    “එසේ නම් නුඹ යමක් හේතුවෙන් සියලු සැපතෙන් සමෘද්ධිමත් වෙනවා නම් එය මට පවසන්න පසුබට වන්න එපා. මම එය ඉටු කරන්නම්. කුමක් ද අවශ්‍ය? ඇඳුමක් ද ආහාරයක් ද කවර උපකාරයක් ද මට පවසනු.”

    “භික්ෂූන් වහන්සේලා අටනමක් උදෙසා දන් දී මට පින් අනුමෝදන් කරනු මැනවි. මම සියලු සැපතින් සමෘද්ධිමත් වන්නෙමි.”

    තිස්සා එය අසා භික්ෂූන් වහන්සේලා අටනමක් උදෙසා දන් පැන් වස්ත්‍ර පූජා කොට එය ප්‍රේතියට අනුමෝදන් කළා ය. දක්ෂිණා දුන් සැණින් ඇයට දිව්‍යමය ආහාර වස්ත්‍ර පැන් ද පහළ විය.

    පසුව ඇය දිව්‍ය ස්වරූපයෙන් ම තිස්සා හමුවට පැමිණියා ය.

    “නුඹ විසින් දෙන ලද දක්ෂිණාව හේතුවෙන් මම දිව්‍ය සැපතින් සතුටු වෙමි. නැගණියනි, නුඹ ඥාතීන් සමඟ බොහෝ කල් ජීවත් වේවා!

    “සොඳුරිය, ලෝභ ද්වේෂ සහිත මසුරු බව දුරු කොට මිනිස් ලොව දී දන් දී කුසල් කර ශෝකයක් නොමැති, දහඩිය කුණු නොමැති පිරිසිදු දිව්‍ය උපතට පැමිණෙන්න.”

    තිස්සා මෙම පුවත තම ස්වාමියාට සැල කර සිටියා ය. ඔහු එය භික්ෂූන් වහන්සේලාට පවසා සිටි අතර භික්ෂූන් වහන්සේලා විසින් භාග්‍යවතුන් වහන්සේට මෙම පුවත සැල කෙරෙන ලදී. භාග්‍යවතුන් වහන්සේ එය අර්ථය ලෙස ගෙන පැමිණි පිරිසට ධර්මය දේශනා කළ සේක. එය බොහෝ සත්වයන්ට සුගති සම්පත් උදාකර දීමට සමත් විය.

    සටහන – හර්ෂ නිලංක පෙරේරා

    ඇසුර – ප්‍රේත වස්තු වර්ණනාව ග්‍රන්ථය
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    පර දෙමල, අපිට වහල් කම් කරන්න අවිල්ල රටෙ කෑල්ලක් ඉල්ලන්න තොපිට තියෙන ඈයිතිය මොකක්ද? තොපෙ ආර ජයලලිතත් වල කජ්ජ ගහුවනේ, මහ කොටියගේ ඔලුවටම තිබ්බනේ, තොපි ඔක්කොම ඔය නය ගෙවන්න හරක් වෙල ඉපදෙවි මෙ රටේම
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    සම්මුති ලොකයේ දෙවල් තියෙනවා, පරමාර්ත ලොකේ දෙවල් නෑහ. තියෙන්නේ පරමාර්ත දර්ම විතරයි