ග්‍රෙරෝ මෛත්‍රියට බරවෙයි

monson

Well-known member
  • May 7, 2007
    25,603
    28,559
    113
    ග්‍රෙරෝ මෛත්‍රියට බරවෙයි

    අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රෙරෝ මහතාද මෛත්‍රීපාලනයක් උදෙසා සහය දැක්වීමට සූදානම් බව වාර්තාවේ.

    මේ වන විට මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීම සඳහා ඉදිරිපත්ව සිටින ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා මහතා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක්ද ඔහු පවත්වා ඇත.

    ජනප්‍රිය අධ්‍යාපනඥයෙක් වන හා ගුරුවරයෙක් වන ග්‍රෙරෝ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසුණු අයෙකු වන අතර පසුව 2011 වසරේදී ආණ්ඩුවට එක්විය. එහිදී අධ්‍යපන නියෝජ්‍ය ඇමැතිකමක්ද ඔහුට ලැබුණු නමුත් එහි කිසිදු බලයක් සහිත නොවීය. පසුගිය සති කිහිපය තුල ඔහු මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචරක කටයුතුවලින්ද ඉවත්ව සිටියේය.

    meet.jpg

    අද දින අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රෙරෝ මහතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාව පෞද්ගලිකව හමුවූ අවස්ථාව

    - http://www.lankadaily.com/latestnews/item/3571-2014-12-29-07-11-22
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,603
    28,559
    113
    තොණ්ඩා මහින්ද අන්නයි!

    ඊයේ (28) නුවරඑළියේ පවත්වන ලද මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක රැලිය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බව බුද්ධි අංශ වාර්තා කරයි. අමාත්‍ය තොණ්ඩමාන් මහතා වතු ජනතාව 25,000ක් රැලියට සහභාගී කරවන බවට පොරොන්දු වී සිටි අතර 6,000ක් පමණ පිරිසක් සහභාගී කරවා ඇති බව වැඩිදුරටත් අනාවරණය වේ.

    මෙම රැලිය නුවරඑළිය ටෙලිකොම් කාර්යාලය අසල බදුල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා පවත්වා තිබේ. මේ නිසා උත්සව සමයේ නුවරඑළියට පැමිණෙන විදේශීය සංචාරකයන් ඇතුළු පිරිසට දැඩි අපහසුතා විඳීමට සිදුව ඇත.

    මෙම රැලියට ජනතාව ප්‍රවාහනය කිරීම සඳහා ලංගම බස්රථ 800ක් පමණ යොදවාගෙන තිබුණු බවත් අනුරාධපුර රැලියෙන් පසුව විශාල බස්රථ ප්‍රමාණය යොදවාගෙන තිබුණේ මෙයට බව බුද්ධි අංශ වාර්තා වැඩි දුරටත් වාර්තා කරයි. අනුරාධපුරය, රඹුක්කන, ගිරිවුල්ල, දිවුලපිටිය, ඇල්පිටිය, මතුගම ආදි ඉතා දුර බැහැර ප්‍රදේශවල සිට ගෙන්වන ලද බස්රථ ප්‍රධාන මාර්ග දෙපස නවත්වා තිබිණ. මේ නිසාද ඉතා බරපතල මාර්ග දුෂ්කරතා සිදු වූ බව හෙළිවේ.

    බුද්ධි අංශ තවදුරටත් වාර්තා කරන්නේ තොණ්ඩමාන් අමාත්‍යවරයාගේ නියෝග නොතකා වතු ජනතාව මෙම මැතිවරණයේදී කටයුතු කරමින් සිටින බවය.

    -lankatruth
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,603
    28,559
    113
    හමුදාව,පොලීසිය, රාජපක්ෂ අණනොතකා හරී

    ජනාධිපතිවරණයේ ක්‍රියාකාරීත්වය හමුවේ සමාජ ජන කණ්ඩායම් රාජපක්ෂ රෙජීමය හැර යාමට පටන්ගෙන ඇති අතර ඒ අතරට මහින්ද රාජක්ෂගේ කැබිනට් මණ්ඩලයේද සාමාජිකයන් ඇතුලත් වේ.

    කෙසේ නමුත් මේ වන විට රාජපක්ෂවරුන් තමන්ගේ ආරක්ෂාවට බලුකුක්කන් ගානට දමා සිටි . ආරක්ෂක අංශයන්හි නිලධාරීන් ජනාධිපතිවරණයේදී පෙර මැතිවරණවලදී තිබූ නම්‍යතාවයන් නොමැතිව වෙනසක් වෙනුවෙන් ක්‍රියාකරමින් සිටී.

    ඒ අනුව රාජපක්ෂවරුන්ගේ යකුළු පහරට ලක් වූ පොලීසියේ ද හමුදාවේ මෙන්ම බුද්ධි අංශ නිලධාරීන්ද මෛත්‍රීපාලනයක් වෙනුවෙන් ඉතා රහසිගතව ක්‍රියාකරමින් සිටින බව වාර්තාවේ.

    උතුරු නැගෙනහිර ප්‍ර දේශයන්හි මෙම තත්වය වැඩිවශයෙන් දක්නට ලැබෙන අතර මෙම නිලධාරීන් ඔවුන්ගේ සේවා ස්ථානයේ පමණක් නොව ඉන් බැහැරවද පිරිස් ඒකරාශි කරමින් පවතී.

    මෙවැනි තත්වයන් ඇතිවූ ස්ථානයන් අපට වෙත වාර්තාවී ඇතත් ඒවා ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටිනුයේ ඔවුන් ඉදිරි දින කිහිපය තුළද මෙම රාජකාරියේ යෙදීම මගින් රටට සිදුකරන මෙහෙවරක් ඇගයීම වශයෙනි.

    - http://sinhala.theindependent.lk/index.php/news2/7211-2014-12-29-00-26-49
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    gero sir niyama pudgalayek apita 2003 di physics igannuwa Rs 40 igatte , class eke fees eka witarai methuma lamai laksha ganakata nomile adyapanaya laba dee tiyanawa
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    බුද්ධි අංශ වාර්තා කසිකබල් සයිට් වලට දුන් දුර්ලභ අවස්ථාවක් :rofl:
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    තොණ්ඩා මහින්ද අන්නයි!

    ඊයේ (28) නුවරඑළියේ පවත්වන ලද මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක රැලිය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බව බුද්ධි අංශ වාර්තා කරයි. අමාත්‍ය තොණ්ඩමාන් මහතා වතු ජනතාව 25,000ක් රැලියට සහභාගී කරවන බවට පොරොන්දු වී සිටි අතර 6,000ක් පමණ පිරිසක් සහභාගී කරවා ඇති බව වැඩිදුරටත් අනාවරණය වේ.

    මෙම රැලිය නුවරඑළිය ටෙලිකොම් කාර්යාලය අසල බදුල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා පවත්වා තිබේ. මේ නිසා උත්සව සමයේ නුවරඑළියට පැමිණෙන විදේශීය සංචාරකයන් ඇතුළු පිරිසට දැඩි අපහසුතා විඳීමට සිදුව ඇත.

    මෙම රැලියට ජනතාව ප්‍රවාහනය කිරීම සඳහා ලංගම බස්රථ 800ක් පමණ යොදවාගෙන තිබුණු බවත් අනුරාධපුර රැලියෙන් පසුව විශාල බස්රථ ප්‍රමාණය යොදවාගෙන තිබුණේ මෙයට බව බුද්ධි අංශ වාර්තා වැඩි දුරටත් වාර්තා කරයි. අනුරාධපුරය, රඹුක්කන, ගිරිවුල්ල, දිවුලපිටිය, ඇල්පිටිය, මතුගම ආදි ඉතා දුර බැහැර ප්‍රදේශවල සිට ගෙන්වන ලද බස්රථ ප්‍රධාන මාර්ග දෙපස නවත්වා තිබිණ. මේ නිසාද ඉතා බරපතල මාර්ග දුෂ්කරතා සිදු වූ බව හෙළිවේ.

    බුද්ධි අංශ තවදුරටත් වාර්තා කරන්නේ තොණ්ඩමාන් අමාත්‍යවරයාගේ නියෝග නොතකා වතු ජනතාව මෙම මැතිවරණයේදී කටයුතු කරමින් සිටින බවය.

    -lankatruth

    නුවර එලියේ ප්‍රධාන පාර වහලා දාපු නිසා මට පැය දෙකක් ගියා නුවරැලිය නගරය පහු කරන්න. ඒ මදිවට ලංගම බස් 200 විතර පාර පුරා නවත්තලා. මිනිස්සුන්ගේ කාලේ නාස්ති කරනවා.:no::no:
     
    Last edited: