ගාන්ධි_දිවියේ_අවසන්_දශකය

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ගාන්ධි_දිවියේ_අවසන්_දශකය

ගාන්ධි දිවියේ අවසන් දශකය



160111152649_mahathma_gandhi_624x624_bbc_nocredit.jpg


මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සේවාග්‍රාම් ගම්මානයේ ඇති තම කාර්යාලයේ දී දුරකථන ඇමතුමක් ලබා ගන්නා ගාන්ධි තුමා (1938 දී)

මහත්මා ගාන්ධිගේ ජීවිතයේ අවසන් දස වසර තුළ ගන්නා ලද දුර්ලභ ඡායාරූප ඇතුළත් ග්‍රන්ථයක් ඉන්දියාවේ ප්‍රකාශයට පත් වී තිබේ.
ඡායාරූප ශිල්පියා මහත්මා ගාන්ධිගේ දෙවන පරපුරේ ඥාති පුත්‍රයෙකු වන කානු ගාන්ධි යි.
මේ මුනුබුරා මහත්මා ගාන්ධි ගේ සහායකයෙකු ලෙස එතුමා ආ ගිය හැම තැනකම පාහේ එකට සිටි අයෙක්.
ඔහු අත තිබූ කැමරාවේ සටහන් වූ මහත්මා ගාන්ධි ගේ සේයා රූ ගණන දෙදහසකට අධිකයි. මේ ඉන් කිහිපයක්.


160111153655_mahathma_gandhi_624x624_bbc_nocredit.jpg


ගාන්ධි තුමා ගේ සිරුරේ බර කිරන අවස්ථාවක් - 1945 දී මුම්බායි නුවර (එවකට බොම්බේ නුවර) බිර්ලා මන්දිරයේ දී.

160111153409_mahathma_gandhi_624x485_bbc_nocredit.jpg


සේවාග්‍රාම් ආශ්‍රමයේ තම කාර්යාලය ඉදිරිපිටදී - හිස මත කොට්ටයක් තබා ගෙන සිටින්නේ දැඩි හිරු රශ්මිය නිසයි. (1940 දී)

160111154055_mahathma_gandhi_624x624_bbc_nocredit.jpg


මහත්මා ගාන්ධි සිය බිරිඳ කස්තුර්බා සමඟ 1938 දී.

160111153049_mahathma_gandhi_624x485_bbc_nocredit.jpg


1939 දී ගුජරාට් ප්‍රාන්තයේ දී තුන් දින උපවාසයක යෙදී සිටින අවස්ථාවක්. ගාන්ධි තුමාගේ වැඩිමහල් සහෝදරිය සහ තවත් ඥාතියෙකු දෙපසින්.

160111153514_mahathma_gandhi_624x624_bbc_nocredit.jpg


සේවාග්‍රාම් හි කුල පීඩිත කාන්තාවක් සහ ක්‍රිස්තියානි පුරුෂයෙකු විවාහ වන මොහොතේ ඊට සහභාගී වන ගාන්ධි යුවළ. (1940)

160111153932_mahathma_gandhi_624x624_bbc_nocredit.jpg


ගාන්ධි තුමාගේ බිරිඳ මිය යාමට මාස කිහිපයකට පෙර රෝගාතුරව ඇඳේ වැතිර සිටින ආකාරය - 1944 දී පූනේ නගරයේ අගා ඛාන් මන්දිරයේ දී.

160111153743_mahathma_gandhi_624x624_bbc_nocredit.jpg


ඉන්දීය නිදහස් සටනේ වීරයෙකු ලෙස සැලකෙන සුභාෂ් චන්ද්‍ර බෝස් සමඟ 1938 දී. පසෙකින් සිටින්නේ ගාන්ධි තුමාගේ බිරිඳ කස්තුර්බා.

160111152937_mahathma_gandhi_624x485_bbc_nocredit.jpg


මහා පුරුෂයන් දෙදෙනෙකු භාවනාව හදාරමින්. මහා කවි රබීන්ද්‍රනාත් තාගෝර් සමඟ බටහිර බෙංගාලයේ ශාන්ති නිකේතනයේ දී. (1940)

160111153605_mahathma_gandhi_624x624_bbc_nocredit.jpg


කුල පීඩිතයන් වෙනුවෙන් ඇරඹුණු අරමුදලකට මුදල් එකතු කිරීම සඳහා දුම්රිය ගමනක යෙදෙමින්. බෙංගාලය, අසාමය සහ දකුණු ඉන්දියාව දක්වා ගිය මෙම දුම්රිය ගමන නිමා කිරීමට තුන් මසක් ගත විය. (1945-46)

160111153157_mahathma_gandhi_624x624_bbc_nocredit.jpg


1944 පෙබරවාරියේ දී අවසන් ගමන් ගිය සිය බිරිඳ කස්තුර්බා ගේ දේහය දෙස බලා සිටින ගාන්ධි තුමා. ඇගේ දේහය අසල නිදි වරමින් පැය ගණන් යාඥා කළ බව මහත්මා ගාන්ධි ගේ ජීවිත කතාවේ සඳහන්.
‘හැට වසරක් මා සමඟ එකට සිටි ඇය නොමැති ජීවිතයක් ගැන මට හිතා ගන්නවත් බැහැ’ සිය බිරිඳ මිය ගිය දා රාත්‍රියේ මහත්මා ගාන්ධි පවසා ඇත.
අවසන් දස වසර පුරා කැමරාවත් අතැතිව ගාන්ධි ගේ සෙවණැල්ල මෙන් සිටි කානු ගාන්ධි මුනුබුරා, 1948 දී මහත්මා ගාන්ධි මිය යන මොහොතේ ඔහු ළඟ නොසිටීම දෛවෝපගත සිදු වීමකි.
කානු ගාන්ධි 1986 දී හෘදයාබාධයකින් මිය ගියේ උතුරු ඉන්දියාවේ වන්දනා ගමනක යෙදී සිටියදී.
(Photographs by Kanu Gandhi/© Gita Mehta, heir of Abha and Kanu Gandhi.)
 

MOZ

Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    thakkadi gaandi.

    reputation_neg.gif
    ගාන්ධි_දිවියේ_අවසන්_දශකය 01-16-2016 11:08 PM gon talks epa

    කවුද මේ මහත්මා ගාන්ධි කියන්නේ.....? කෙසඟ සිරුරක්, මුඩු හිසක් එක්ක අවුරුදු 70ක විතර පෙනුමක් තියෙන, සුදුපාට සලුවක් ඇඟේ දවටගෙන, දිග රිටකුත් එක්ක ඇවිදපු මහල්ලෙක්. යකඩ සපත්තුවට පෑගිලා පොඩිවෙලා තිබුණ භාරත දේශයට නිදහස අරන් දීපු ඉන්දියාවේ "ජාතියේ පියා". එතුමාගේ අහිංසාවාදී ප්‍රතිපත්ති ඉදිරියේ බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයම දෙදරලා ගියා. ඒත් එක්කම මුලු ලෝකයටම එතුමා "අහිංසාවාදයේ පියා" වුණා. අදටත් ලෝක සාමය ගැන කතා කරනකොට මෙතුමාගේ නම නොකියාම බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ.....! ජාතින් අතර සමගියේ වැදගත්කම, සමානාත්මතාවයේ අගය, ප්‍රචණ්ඩත්වයේ බිහිසුනු බව වගේ විෂයන් ගැන ලෝකෙට පොත් පත් ලියපු, ඒ ශ්‍රේෂ්ඨ භාරත රත්නයේ සැබෑ ස්වරූපය ගැන තමයි මේ ත්‍රෙඩ් එක ලියවෙන්නේ...........!

    http://www.elakiri.com/forum/showthread.php?t=1713669


    hqdefault1.jpg


    417286_367858093225193_100000030158912_1471379_273992267_n1.jpeg

     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔය යකා තමා පාරෙ බොග දාන්න පුරුදු කලේ ඉන්දියන් පරයන්ට.ඔක්කොම ජිල්මාර්ට් කාරයො තමා.