ගාමිණී දිසානායක-Part 03
පෙර වැව් බැඳි රජ දරුවෝ ඔබගෙන් යළි පණ ලැබුවෝ
77 එක්සත් ජාතික පක්ෂ ජයත් සමඟ ගාමිණී කැබිනට් ඇමැතිවරයෙකු ලෙස තේරී පත්වීම නිරායාසයෙන්ම සිදු විණි. කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන්නට පෙර නුවරඑළියට හෙලිකොප්ටරයක් යවා ගාමිණී සහ ශ්‍රීමාව ජේ.ආර්. කොළඹට කැඳවීය. වැවිලිකරයේ දේශපාලනඥයකු වූ ගාමිණී අපේක්ෂා කළේ වැවිලි කර්මාන්ත ඇමැතිවරයා වන්නටය. නමුත් ජේ.ආර්.ගේ නිවහන වූ බ්‍රේමාර් මන්දිරයට ගිය විට ගාමිණීට දැන ගන්නට ලැබුණේ තමන් නව රජයේ වාරිමාර්ග, විදුලිබල සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස පත් කෙරෙන බවයි. ගාමිණී මේ අනපේක්ෂිත පුවතින් කණස්සල්ලට පත් වුවද පසුව ජේ.ආර්. රජයේ වැදගත්ම වගකීම වන කඩිනම් මහවැලිය තම දෙඋර මත වැටෙන බව පසක් වීමෙන් පසු සතුටට පත්විය. ජේ.ආර්. ඇතුළු 24 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයේ තුරුණුතම ඇමැතිවරයා ලෙස එදින සවස සුභ මොහොතින් ගාමිණී දිසානායකයන් දිවුරුම් දුන්නේය. එවිට ඔහුගේ වයස අවුරුදු 35ක් පමණි.
වික්ටෝරියා වේල්ල
ගාමිණී සිය අමාත්‍යාංශයේ වැඩ භාරගත්තේ සුවිශේෂී අන්දමිනි. අමාත්‍යාංශය මගින් එවූ සුවිසාල නිල රථය ප්‍රතික්ෂේප කළ හෙතෙම මුලින්ම ගියේ සමගි පෙරමුණු ආණ්ඩුවේ වාරිමාර්ග ඇමැතිවරයා වූ මෛත්‍රීපාල සේනානායක හමුවන්නටය. එහිදී තමා වැඩ භාරගන්න උත්සවයට දේශපාලනයේ ජ්‍යේෂ්ඨයකු මෙන්ම ප්‍රබල ප්‍රතිවාදියකු වූ මෛත්‍රීපාල සේනානායකට සහභාගී වන ලෙස ආරාධනා කරනුයේ ගාමිණීගේ සැබෑ මහත්මාභාවය පිළිබිඹු කරමිනි.
ජේ.ආර්. රජයේ භාරධූරතම වගකීමක් ගාමිණීගේ දෙඋර මත වැටී තිබුණි. වසර ගණනාවක පටන් ශ්‍රී ලාංකිකයන්ගේ සිහිනයක්ව පැවැති මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කිරීම ගාමිණීගේ වගකීම විය. 1970දී ඩඩ්ලි රජය වසර 30ක ව්‍යාපෘතියක් ලෙස දියත් කළ මහවැලිය සමගි පෙරමුණු පාලන කාලයේදී එකතැන පල් විණි. අවුරුදු 30කට නියම වූ මහවැලිය, කඩිනම් මහවැලිය ලෙස අවුරුදු 6කින් නිම කිරීමේ අභියෝගය තුරුණු කැබිනට් ඇමැතිතුමා සතුටින් භාරගත්තේය. කෘෂිකර්මය, මහාමාර්ග, වාරිමාර්ග, විදුලිබලය, අධ්‍යාපනය, සෞඛ්‍යය, ඉඩම් යනාදී සකලවිධ ක්ෂේත්රයන් ආවරණය කරමින් මහවැලි මිටියාවත කේන්ද්‍රකොටගත් සශ්‍රීක එහෙත් ජනශූන්‍ය ප්‍රදේශ අස්වද්දා සරුසාර කෙත් බිම් නිර්මාණය කරමින් රටත් ජනතාවත් සුඛිත මුදිත කිරීම මහවැලි සංවර්ධන යෝජනා ක්රමයේ ප්‍රධාන අභිප්‍රාය විය.
70-77 සමගි පෙරමුණු ආණ්ඩුවේ වාරිමාර්ග ඇමැතිවරයා මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පතාකයකුද වූ මෛත්‍රීපාල සේනානායක මහතා පාර්ලිමේන්තුවේදී කීවේ ජේ.ආර්. ගාමිණීගේ ලණුවක් ගිල ඇති බවයි. මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය කිසිලෙසකින්වත් වසර 6ක් 7ක් වැනි කෙටි කාලයක් ඇතුලත සමාප්ත කළ නොහැකි යැයි ඔහු දැඩි ලෙස ප්‍රකාශ කළේය. මෙයින් නොසැලුණු ආණ්ඩුව මෙම ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා අවශ්‍ය කරන්නා වූ ප්රාග්ධනය සොයන්නට උත්සුක වූහ. ඔවුන්ගේ ප්‍රධාන අපේක්ෂාව වූයේ ලෝක බැංකුවෙන් මේ සඳහා කිසියම් සහයෝගයක් ලබාගැනීමය. ලෝක බැංකුව විශාල ජනකායකට සෙත සැලසෙන රටේ විශාල භූමි ප්‍රදේශයක් අස්වැද්දෙන මෙම ව්‍යාපෘතියට කැමැති වුවත් තුන්වැනි ලෝකයේ රටක කිසි ලෙසකින්වත් මෙවන් ව්‍යාපෘතියක් වසර 6ක්, 7ක් ඇතුලත හමාර කළ නොහැකි යැයි තරයේ විශ්වාස කළෝය. මෙය කළ නොහැක්කකැයි දැඩි ලෙස විශ්වාස කළ ඔවුහූ මහවැලි සංවර්ධන ව්‍යාපාරයට ආධාර ලබා නොදීමට තීරණය කළෝය. වෙනත් ඇමැති කෙනෙකු නම් “ප්‍රතිපාදන නෑ”, “සල්ලි පාස් වුණේ නැහැ”, “මේක කරන්න බැහැ” කියා තම දෑත සෝදා ගෙන පැත්තකට වනු ඇත. එහෙත් ගාමිණී තවත් එක් ඇමැතිවරයකු නොවීය, ඔහු ලෝක බැංකු තීරණයෙන් නොසැලුණේය.
සාමාන්‍යයෙන් අමාත්‍යංශ ව්‍යාපෘතියක් සඳහා මුදල් සෙවීම අමාත්‍යාංශයේවත් ඇමැතිතුමාගේවත් වගකීම නොවන්නේය, සාමාන්‍යයෙන් එවන් ව්‍යාපෘති සඳහා මුදල් සැපැයීම භාණ්ඩාගාරයේ වගකීමයි. එම මුදල් කාර්යක්ෂමව විය පැහැදම් කර ව්‍යාපෘතිය සාර්ථකත්වයෙන් හමාර කිරීම ඇමැතිවරයා ඇතුළු අමාත්‍යාශයේ වගකීමයි. එහෙත් අද බොහෝ ඇමැතිවරුන් ව්‍යාපෘති සඳහා සල්ලි හියන්නේ නැතුවා මෙන්ම භාණ්ඩාගාරයෙන් ලැබෙන ප්රතිපාදනද නැති නාස්ති කරයි. ගාමිණී දිසානායකයන් රටටම පූර්වාදර්ශයක් විය. ඔහුට භාණ්ඩාගාරයෙන් මහවැලිය සඳහා ප්‍රතිපාදන ප්‍රමාණවත් ලෙස නොලැබෙන බව දැන ගත්විට ජේ.ආර්.ගේ අනුමැතිය සමඟ ලෝක ආර්ථික බලවතුන් හමුවට ගියෝය. බ්‍රිතාන්‍යය, ජර්මනිය, ස්වීඩනය ඈ රටවලට ගොස් මහවැලි ව්‍යාපෘතිය ගැන ද්වීපාක්ෂික සාකච්ඡා පැවැත්වූයේය. රට වෙනුවෙන් ලොවම දිනූ බවට පුරාජේරු නොගැසුවත් ඔහු ක්‍රියාවෙන් එය කළේය. ත්‍රිත්ව විද්‍යාලයෙන් ලත් පන්නරය සහ ඉංග්‍රීසී භාෂාවේ ව්යක්ථභාවය ඔහුට ද්වීපාර්ක්ශික සාකච්ඡා සාර්ථක කරගැනීම සඳහා විශාල අස්වැසිල්ලක් වන්නට ඇත. (වරෙක බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් රැජිණ මෙරට සංචාරය කළ විට ඇයගේ පරිවාරක ඇමැතිවරයා ලෙස ගාමිණී දිසානායකයන් පත් කරන්නේ මේ නිසාමය). ආධාර දෙන රටවල් මහවැලියට ආධාර දෙන්නට නිර්ලෝභීව නොපැකිල ඉදිරිපත් වන්නට විය. වරෙක වික්ටෝරිය ජලාශයට ආධාර කිරීම සඳහා බ්‍රිතාන්‍ය සහ ජර්මනිය අතර ශීත යුද්ධයක්ද හටගත්තේය. මේ සෑම සියළු සාකච්ඡාවන්ම සාර්ථකත්වයෙන් නිමා කරමින් ඒ ඒ රටවල හොඳහිත වර්ධනය කර ගනිමින් මහවැලියට අවශ්‍ය සහය ජාත්‍යන්තරයෙන් ලබා ගැනීමේ සුවිශේෂී රාජතාන්ත්‍රික භාවය ගාමිණී ඇතුළු ශ්‍රී ලංකා සාකච්ඡා කණ්ඩායම මැනැවින් පසක් කර සිටියේ ලොවටම ආදර්ශයක් සපයමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස කොත්මලේ ජලාශයට සහ විදුලි බලාගාරයට ස්වීඩන් රජයත්, වික්ටෝරියා වේල්ල සහ විදුලි බලාගාරයට මහා බ්‍රිතාන්‍යයත්, රන්දෙණිගල සහ රන්ටැඹේ යන ජලාශ දෙකටත් විදුලිබලාගාර වලටත් ජර්මානු රජයත් ආධාර ලබාදුන්හ. මාදුරු ඔය ජලාශයට කැනඩාව ආධාර සැපයූවේය. අද ඇමැතිවරුන් මෙන් බැරිබැරියාවෙන් ඇඹරෙමින් දෝලාවෙන් කතා කියා ගමන පයින් නොගිය ගාමිණී දිසානායකයන් සිය කාර්යය ඉලක්කයන් නිරායාසයෙන්ම සපථ කරනු ලැබුවේ රට පමණක් නොව ලොවම විස්මයට පත් කරවමිනි. වික්ටෝරියා වේල්ල නිම කිරීමේ උළෙලේදී ගාමිණී තෙපලූ වදන් මේ දස්කම විදහා පෑමට හොඳම ප්‍රකාශයයි.
“අපහසු යැයි කියූ දේ අප පහසුවෙන්ම නිම කළා. නොහැකි යැයි කියූ දේ ඉටු කරන්නයි අපේ වෑයම.”
ලංකාවේ මෑතකාලීන ඉතිහාසයේදී දියත් කෙරුණු සුවිශාලතම බහුකාර්යය සංවර්ධන යෝජනා ක්‍රමය වූ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය හරහා මහවැලි නදිය ආශ්‍රය කරගත් ප්‍රදේශ පමණක් නොව දිවයිනේ බොහෝ ග්‍රාමීය, දුෂ්කර ප්‍රදේශ සංවර්දනය කෙරිණි. දෙහිඅත්තකණ්ඩිය, අරලගංවිල වැනි ප්‍රදේශ බිංදුවෙන්ම පටන්ගෙන නිමකරමින් මහවැලියෙන් නැගෙනහිර ජනාවාසකරණය සිදු කරන ලදි. අම්පාර, දිඹුලාගල, ගිරාඳුරුකෝට්ටේ, මනම්පිටිය වැනි ප්‍රදේශද මහවැලිය නිසා සුවිශාල පණක් ලැබීය. දිවයින පුරා දුප්පත් ගොවීන් තෝරා ගෙන ඔවුන්ට ස්වර්ණභූමි ඔප්පු හරහා මහවැලි ඉඩම් ප්රදානය කරමින් මහවැලි භූමීන් ජනපදකරණයට ලක් කළ ගාමිණී දිසානායකයන් ඒ ප්‍රදේශවල වාරි තක්ෂණයෙන් නතර නොවී මංමාවත්, පාසල්, රෝහල් යනාදියද තනා දුන්නේය. මහවැලි ජනපදිකයින්ගේ දියුණුව උදෙසා ඇති කෙරුණු මහවැලි කේන්ද්‍රය අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොනිල ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍යය සංදර්ශන වේදිකාව බවට පත්ව තිබීම අතිශයින්ම සෝචණීයය. අද එසේ වුවත් එදා මහවැලි සංවර්ධන අධිකාරිය සහ මහවැලි කේන්ද්‍රය කේන්ද්‍ර කොටගෙන මහවැලි ජානපදිකයින්ගේ ජීවන තත්ත්වය නංවා ලනු වස් සුවිශේෂී ව්‍යාපෘති දියත් කෙරිණ. මහවැලි ක්‍රීඩ උළෙල, මහවැලි මහ ගොවියා තේරීම යනාදී උත්සව හරහා මහවැලි ජානපදිකයින් තුල තරඟකාරීත්වය සහ අධ්‍යාත්මය හදන්නට ගාමිණී වග බලා ගත්තේය. ගාමිණී මහවැලි ජානපදිකයින්ගේ දුක සැප කවදත් සොයා බැලීය, මිනිසුන් අතරට ගොස් ඔවුන්ගේ ප්‍රශ්නවලට කන් දුන්නේය, ජනතාවගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්නයක් කර ගත්තේය. අමාත්‍යාංශයේ සුළු සේවකයාගේ සිට සියල්ලන් හා ගාමිණී කුළුපඟ විය, මිනිසුන්ට ආදරය කළ ගාමිණී නිරායාසයෙන්ම මිනිසුන්ගේ ආදරයටද පාත්‍ර විණි. අදටත් මහවැලි ජානපදිකයින් රැසකගේ නිවෙසේ බුදු කුටියට පසෙකින් ගාමිණී දිසානයාකයන්ගේ ඡායාරූපයක් එල්ලා ජනතාව ඔහුට මල් පහන් දල්වන්නේ එබැවිනි. මින්නේරි ජලාශය ඉදිකරවා පෙර රජ දවස හෙළ වාරි කලාවට ආඩම්බරයක් ගෙන දෙමින් රජරට කෙත්වතු අස්වැද්දූ මහසෙන් රජතුමා මින්නේරි දෙවියන් ලෙස පුද පූජාවට ලක්වූයේ යම්සේද 20වන සියවසේදී රජරට අස්වද්දා රට බත බුලතින් සරු කළ ගාමිණී දිසානායකයන්ද මහවැලි දෙවියන් ලෙස පුද පූජාවට ලක්වීම පුදුමයක් නොවනු ඇත.
දේශීය ආයෝජන රුපියල් මිලියන 2500කුත් විදේශ ආයෝජන රුපියල් මිලියන 2260කුත් යොදා ඉදිකෙරුණු මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයෙන් අස්වැද්දූ අම්පාර සහ පොලොන්නරුව දෙදිස්ත්රික්කයන් අද වන විටත් ලංකාවේ වැඩිම වී ප්‍රමාණයක් නිෂ්පාදනය කරන දිස්ත්‍රික්කයන් දෙකය. මහවැලි ජලවිදුලි බලාගාර රටේ විදුලි ඉල්ලුමෙන් සුවිශාල පංගුවකට දායක වන අතර සෘජු සහ වක්‍ර රැකියා මිලියන ගණනක් ඇති කරන ලද මහවැලිය අදටත් රටේ අභිමානයක් ලෙස දිදුලන්නේ එදා මෙදා තුර රටේ දියත් කෙරුණු කිසිඳු සංවර්ධන යෝජනා ක්‍රමයකින් මහවැලියෙන් වූ සෙත ජනතාවට අත් නොවූ නිසාය. වගා නොකළ ඉඩම් අක්කර 650,000ක් සහ වගා කළ ඉඩම් අක්කර 250,000ක් සශ්‍රීක කළ මහවැලි ව්‍යාපාරයෙන් ආගරපතනින් ඇරඹ කි.මි.335ක් ගලා බැස ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙනා මහවැලි ගං කොමළිය හෙළ ආර්ථිකයේත් කෘෂිකර්මයේත් කශේරුකාවක් බවට පත්කර ගත්තා යැයි කිවහොත් එය නිවැරදිය. 1990 දශකය වන විට මහවැලිය සඳහා වැය වූ සියළු මුදල් ව්‍යාපෘතියේ ප්රතිලාභයන්ගෙන් හිලව් කර තිබූ අතර ණය ගෙවීම්ද සම්පූර්ණ කර තිබුණේ රටට බරක් නොවූ මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය විද්‍යාමාන කරමිනි.