ගාමිණී දිසානායක-Part 04

bwijetunga

Junior member
  • Jun 12, 2009
    128
    4
    18
    ගාමිණී දිසානායක-Part 04

    අයුක්තියට විරුද්ධව

    ගාමිණී කවදත් තම හෘදසාක්ෂියට අවනතව දේශපාලනය කළේය. 1970 පටන් තම්න්වා තෝරා පත් කරගත් නුවර-එළියේ ජනතාවට ඇදික වගකීම් හමුවේ වුවත් කැපවීමෙන් සේවය කළ ගාමිණී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අසාධාරණකම්වලට විරුද්ධ වූයේ අද ඇමැති පදවි හොබවන එහෙයියන්ට කදිම ආදර්ශයක් වෙමිනි. උදාහරණයක් ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම, 1982 ජනමතවිචාරණය වැනි තීරණාත්මක මංසන්ධි වලදී කැබිනට් අමාත්‍යවරයකු සහ ආණ්ඩුවේ පතාකයකු ලෙස සිය අවංක අදහස් උදහස් රටේ ප්‍රජාතන්ත්‍රවාදය, පහපැවැත්ම සහ සංවර්ධනය වෙනුවෙන් ප්‍රකාශ කළ බව ප්‍රකට කරුණකි. දේශපාලනික හේතූන් මත විපක්ෂය මෙල්ල කරන විපක්ෂ දේශපාලනඥයන් හිරේ යවන වත්මන් ආණ්ඩුවේ එම ක්‍රියා වීරත්වයෙන් මාධ්‍යය හමුවේ තබන ඒවාට සුදු හුණු ගාණ වත්මන් ආණ්ඩු පක්ෂ දේශපාලනඥයන්ට ගාමිණී කදිම පූර්වාදර්ශයකි.
    මතවාදීව මුළු හදවතින්ම ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයකු වූ ගාමිණී දිසානායක කිසි විටෙකත් ප්‍රතිපාක්ෂිකයන්ට හිරිහැර කරන්නට උත්සුක වූයේ නැත. වෙනත් මතවාදීන්ට ඔවුන්ගේ දේශපාලනය රිසි සේ කරන්නට ඉඩ දිය යුතුය යන්න ඔහුගේ දෘඪ විශ්වාසය විය. එලෙසින්ම ගාමිණී තුල කිසි විටෙකත් පක්ෂ භේදයක් තිබුණේද නැත. මෙයා යූඇන්පී මෙයා ශ්‍රීලංකා කියා වර්ණ කණ්ණාඩියෙන් මිනිසුන් දෙස බලනවා වෙනුවට මිනිසත්කමින් මිනිසුන් දෙස බැලීමටත් සේවය කිරීමටත් ගාමිණී කැප වූයේ අදටත් ප්‍රබල ලෙස ශේෂව පවතින ද්වේශ සහගත පක්ෂ දේශපාලනයට අභියෝග කරමිනි.

    දිසානායක කැදැල්ල

    දිසානායක කැදැල්ල - වරුණි, ගාමිණී, ශ්‍රීමා, නවීන් සහ මයන්ත
    ඕනෑම සාර්ථක මිනිසකු පිටුපස ශ්‍රේෂ්ඨ කාන්තාවක් සිටින බව ප්‍රකට කියමනකි. ගාමිණීට සෙවණැල්ලක් වූ, මහත් ආශිර්වාදයක් වූ ඇය ශ්‍රීමා දිසානායකයි. ගාමිණීට ශ්‍රීමා මුණ ගැසෙන්නේ දෙදෙනාම නීතිය හදාරන යුගයේදීය. 1968 මාර්තුවේදී ගාමිණී සහ ශ්‍රීමා දෙපල අතිනත ගන්නා අතර ඔවුන්ට දරුවන් තිදෙනෙකි. පළමුවැන්නා නවීන් දිසානායකයි, ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අතර සිය පියා තම දේශපාලන මහගෙදර ලෙස සැලකූ පක්ෂයත් පාක්ෂිකයාත් මහජන නියෝජිතයකු ලෙස හැර දමා ශ්‍රීලනිපයට එකතු වී ඇත, දෙවැන්නිය දියණියකි ඇය නමින් වරුණි දිසානායක වන්නීය, තුන්වැන්නා, එනම් කනිටු පුතු මයන්ත මේ ලිපිය ලියන විට තම පියා අවසන් වරට නියෝජනය කළ මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකි. ගාමිණීගේ දේශපාලන ගමන්මග පුරාවට සෙවණැල්ල මෙන් දුකේදීත් සැපේදීත් ලඟ සිටිමින් දිරිය දුන් ශ්‍රීම දිසානායක මැතිණියට මෙහිලා සුවිශේෂී උපහාරයක් කලගුණ දන්නා අප විසින් පිරිනැමිය යුතුය යන්න මගේ අවංක හැඟීමයි.