ගාමිණී ලොකුගේ ගේ හිරිකිත වැඩ

kevinCas

Member
Mar 24, 2014
13
14
3
ගාමිණී ලොකුගේ ගේ හිරිකිත වැඩ

පසුගිය 22 වැනිදා ජනාධිපති තුමා පිලියන්දලට අවේය.ඊට පෙර කැස්බෑව,පිලියන්දල.මාකන්දන අවට සමෘද්ධිලාභී පවුල් වල මිනිසුන්ට පවසා තිබුනේ රුපියල් පන්දහසක වටිනා කමින් යුත් වියලි ආහාර මල්ලක් ලබා දෙන බැවින් 22 වැනිදා හවස රැස්වීමකට එන ලෙසය.එම මල්ල දෙනුයේ පැමින ලියාපදිංචි වන අයට පමනක් බවද පවසා තිබුණා.එදින එම අසරණ මිනිසුන් එම ස්තානයට ගියා.එදින රාතී්‍ර 7.00 පමණ වන තුරු ඔවුන් කිසි කෙනෙකුට එම රැස්වීම් භූමියෙන් එලියට එන්න දී තිබුනේ නෑ.ඔවුන්ව රදවා ගෙන තිබුණේ බලහත්කාරයෙන් නමුත් එදින එම පාර්සලය ද ලබා දී තිබුනේ නෑ. ඒ සදහා 24 වැනිදා හවස නැවත පිලියන්දලට එන ලෙසත් පවසා තිබුනා.ඒ පරිදිම නැවතත් ඔවුන් පිලියන්දලට ගියා.නමුත් කියන්න ලැජ්ජයි දීල තිබුණේ හාල් කිලෝ තුනක් සහිත බෑගයක් පමණි.මෙවර ලොකුගේ මහතාගේ බෑණාද ඡනදයට ඉදිරිපත්ව සිටී.ඔහුට ඡන්දය ලබා ගන්නට දීල තිබුණ ගුණ්ඩුව මෙයයි.සැබැවින්ම එදින රැවටීමට ලක්වූ අහිංසක මිනිසුන් එම හාල් පාර්සලය ලබා ගනිද්දීම බැණ වැදෙනු අපට අසන්නට ලැබිණී. රුපියල් 5000 ක බඩු දෙනවා කියල රවට්ටල අපිව ගෙන්න ගත්ත නිසා දෙන්න හිටිය මනාපයවත් දෙන්නෙ නෑ යනුවෙන් කාන්තාවන් වැඩි පිරිසක් කියනු අසන්නට ලැබිණි.ජනාධිපති තුමණි මේ නිගා කරන්නේ ඔබටයි.කැස්බෑව සංවර්දනය කරනු අපි ආසාවෙන් බලා සිටින්නෙමු. තත්වය එසේ තිබියදී ඔබට ඡන්දය දිනන්න මේ වගේ හිරිකිත වැඩ කරන්න අවශ්‍ය නැත.ඒවගේ වැඩ වලින් වන්නේ දෙන්න ඉන්න ඡන්දෙවත් දෙන්න හිතෙන්නේ නැති එකයි.ඔබ කැස්බෑවේ කෙනෙක් නම් බුද්ධිමත්ව තීරණයක් ගන්න.
 
Last edited:
  • Like
Reactions: dinumadushan

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,555
    22,253
    113
    Gotland
    ජනපතිට මොන නිගාවක්ද බං පොර කරන්නෙත් ඔය වගේ වැඩ තමයි. ඔක්කොම එකයි. ඔච්චර ආඩම්බරකාර ඩැඩි, ජාතියේ ඩැඩි ට පුළුවන් නේ ඔය සොන්නලුන්ව එලවල දාන්න. ඕකා unp එකෙන් ආපු එකෙක් නේ.