ගායන ශිල්පී නාමල් උඩුගම
ගායන ශිල්පී නාමල් උඩුගමට ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලෙන් රු.ලක්ෂ 10 ක්
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ විශේෂ අනුමැතිය යටතේ ගායන ශිල්පී නාමල් උඩුගම මහතාට ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියනයක මුදලක් ලබා දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරයි.
ඉන්දියාවේ රෝහලක ප්‍රතිකාර ලබන නාමල් උඩුගම මහතා වෙනුවෙන් රුපියල් මිලියනයක් වූ අනුමැතිය සහිත ලිපිය මාර්තු 06 වන දා ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත ෆැක්ස් මගින් යැවූ බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.
එහි පිටපතක් ඔහුගේ භාර්යාවට ද යැවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය.
අදාළ රුපියල් ලක්ෂ 10 ක මුදල චෙක්පතකින් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට මාර්තු 15 වන දා යැවූ බව ද අදාළ නිවේදනයෙන් අවධාරණය කරයි.
නාමල් උඩුගම මහතාට ප්‍රතිකාර සඳහා මුදල් අවශ්‍ය බවට සිය සංගමය ජනාධිපතිවරයා දැනුවත් කළ විට ඔහු වෙනුවෙන් රු. 10,000ක් ලබා දීමට හැකි බවත් ඒ සඳහා නාමල් උඩුගම මහතාගේ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට තමන්ට පැවසූ බවට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගායන ශිල්පී මධුමාධව අරවින්ද මහතා කළ ප්‍රකාශය පදනම් විරහිත බව ද ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කළේ ය.