සුනාමියෙන් ගාලු ටවුන් එකම ෆ්ලැට් උනානේ, බස්ටෑන්ඩ් එකත් විනාස උනා නේද? එහෙම වෙලත් ගාලු කොටුවට හානියක් නොවුනෙ ඇයි?
@Kalegana
@Kalegana
කොටුවේ බැම්ම ඉතාමත්ම පළල් ඒ වගේන උසයි බන්. අඩුම ගානේ අඩි 40 වත් පළල වෙනවා ගොඩක් තැන් වල. ඒ වගේම කිසිම හිඩැසක් නැ වතුර ඇතුලට එන්න. තියෙන්නේ තැන් 2ක් විටරයි, ඒ වගේම කොටුව ඇතුලේ තියන වතුර බැහැල යන්න හදපු හොද තාක්ෂණික ක්‍රමයක් තියනවලු dutch උන් හදපු. කොටුව කොහොමත් ගාල්ල නගරයට වඩා උසිනුත් වැඩියි ගොඩක් තැන් වල...සුනාමියෙන් ගාලු ටවුන් එකම ෆ්ලැට් උනානේ, බස්ටෑන්ඩ් එකත් විනාස උනා නේද? එහෙම වෙලත් ගාලු කොටුවට හානියක් නොවුනෙ ඇයි?
@Kalegana
ඉස්සරකාලේ සුද්දන්ටත් සිංහලුන්ටත් සිමෙන්ති තිබ්බේ නෑ.කොන්ක්‍රිට් නෑ..ඒකයි රහස..දෙයියනේ කියලා ගල් තිබ්බා.. වැඩ බැරි මෝඩ මී ගොන් සුද්දෝ පස්සේ යන ලංකාවේ ඉන්ජනේරුවන්ට නොතේරුනාට ඒක තමයි ඇත්ත..![]()
ඒක වෙන්න ඕනේ. එතකොට කොටුව ඇතුලෙ තියෙන ගොඩනැගිලි වලටත් කිසිම හානියක් නැතුව ඇති නේද බං?කොටුවේ බැම්ම ඉතාමත්ම පළල් ඒ වගේන උසයි බන්. අඩුම ගානේ අඩි 40 වත් පළල වෙනවා ගොඩක් තැන් වල. ඒ වගේම කිසිම හිඩැසක් නැ වතුර ඇතුලට එන්න. තියෙන්නේ තැන් 2ක් විටරයි, ඒ වගේම කොටුව ඇතුලේ තියන වතුර බැහැල යන්න හදපු හොද තාක්ෂණික ක්‍රමයක් තියනවලු dutch උන් හදපු. කොටුව කොහොමත් ගාල්ල නගරයට වඩා උසිනුත් වැඩියි ගොඩක් තැන් වල...
ඔව් ඒකත් ලොකු හේතුවක් වෙන්න ඇති මාත් හිතන්නේ. මොක වුනත් මූද එක්කම ජීවත් වුන රටක් නිසා ඕලන්දකාරයො දන්නවා ඇති ඔය වගේ නිර්මාණයක් කරන්න හරිම විදියඔය පරණ ස්ට්‍රක්චර්ස් මෙතරම් කල් පවතින්න හේතුව ඒවා ප්‍රසිද්ධ තැන් වීම, එතකොට මිනිස්සු නිතර ගැවසෙන නිසා ඒවා නිතර නඩත්තු කරනවා. ඉතින් අතැරලා දැම්මොත් අවුරුදු කීපයකින් විනාස වෙන ඉඳිකිරීම් අවුරුදු දාස් ගානක් ප්‍රශ්නයක් නැතිව තියෙනවා. ඉතින් ඒ තරම් ශක්තිමත් නැති හුණු බදාම, මැටි වලින් හදපු නිර්මාණ වුනත් කල් පවතිනවා. ඔය පවුර කීප වරක් සිමෙන්තියෙන් පසු කාලෙක අලුත්වැඩියා කරන්න ඇති. කොහොමත් අඩි ගානක් ගනකම ගල් බිත්තියක් නිසා සුනාමියෙන් බේරෙන්න ඇති. මාතර කොටුව එහෙමත් ලොකු හානියක් වුනේ නැහැ
ඔව් උඹ බන් මුහුද අයිනේ ඔය වගේ බලකොටු සිය ගණන් හදල ඇති ලෝකේ වටේ, ඉතින් උන් මේවා ගැන ගොඩක් දැනුම තියන නිසා දන්නවා හදන්න ඕනෑම දෙකට මුණ දෙන්න පුළුවන් වෙන්න.ඒක වෙන්න ඕනේ. එතකොට කොටුව ඇතුලෙ තියෙන ගොඩනැගිලි වලටත් කිසිම හානියක් නැතුව ඇති නේද බං?
ඕලන්දෙ රටත් මුහුදු මට්ටමට වඩා පාතයිලු නේ. උන් හෙන මැච් එකක් ගහනවලු මූද ගොඩ නේන විදියට තියාගන්න. ඒ ක්‍රම දන්න නිසා සුපිරියටම හදන්න ඇති මේක
අම්මටහුඩුකොටුව ඇතුලටත් වතුර අවා. එත් අඩි 2,3 වගේ උසක් තමයි.