ගාලු කොටුව පෙම්වතුන්ට වැසෙයි!

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ගාලු කොටුව පෙම්වතුන්ට වැසෙයි!

    ගාලු කොටුව පෙම්වතුන්ට වැසෙයි!
    :(:(:(

    අද දිනයේ සිට ගාලු කොටු පවුර ආශ්‍රීත ප්‍රදේශය පෙම්වතුන්ගෙන් තොර කලාපයක් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව එම පරිශ්‍රයේ පෙම්වතුන් ලෙස හැසිරෙන පුද්ගලයන් ඉවත් කිරීම සදහා පොලීසිය සහ යුද හමුදාව යොදවා ඇති බව "ගාලු උරුමය පදනම" සංවිධානය පවසයි.

    එම සංවිධානය පවසන්නේ ගාලු කොටු පවුරේ ඓතිහාසික උරුමය රැක ගැනීමේ අරමුණින් මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක වන බවයි.

    කෙසේ වෙතත් ගාලු නගරය ආශ්‍රිතව පෙම්වතුන්ට නිදහසේ මුණ ගැසීමට වෙනත් ස්ථානයක් නොමැතිවීම තුළින් ඔවුන් බලවත් අපහසුතාවට පත්වනු ඇති බව පවසයි.

     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ඉතාමත් හොද තීරණයක්. මෙම නිසා ගාලු කොටුව නැරබීමට එන දේශීය සහ විදේශීය සංචාරකයින්ට පහසුවෙන් ගාලු කොටුව නැරබීමට හැකි වෙනවා. අසබ්‍යය ලෙස හැසිරෙන පෙම් ජෝඩු නිසා, කුඩා ළමුන් රැගෙන පැමිණෙන වැඩිහිටි යට විදීමට සිදුවෙන අපහසුතාද වැලෙකෙනවා.

    ගාලු නගර සභාව අසල පොදු උද්‍යානයේ පෙම් වතුන්ට කාලය ගත කිරීමට හැකියාව සැම විටම පවතිනවා.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ගාලු කොටුව කියන්නේ රටේ ජාතික උරැමයක් වගේම පුරාවිද්යාත්මක ස්ථානයක්. ඒක තියෙන්නේ ලවි කරන්න නෙවෙයි. පෙම්වතුන්ට සිදුවන අපහසුතාවය ගැන හිතනවාට වඩා ගාලු කොටු පවුර බලන්නට එන ස0චාරකයන් හා විශේෂයෙන් කුඩා දරැවන් අපහසුතාවයට ලක්වීම ගැන හිතන්න ඕනේ.
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එක අතකින් හොඳයි. එක අතකින් නරකයි. වහාම මේ ගැන හොයලා බලන්න චාමිකට බාර දෙන්න ඕනා
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    සීගිරි චිත්‍ර ටිකත් erase කරන්න වෙයි.. අසභ්‍යයි නෙ? :rolleyes:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ගාලු කොටුව කියන්නේ රටේ ජාතික උරැමයක් වගේම පුරාවිද්යාත්මක ස්ථානයක්. ඒක තියෙන්නේ ලවි කරන්න නෙවෙයි. පෙම්වතුන්ට සිදුවන අපහසුතාවය ගැන හිතනවාට වඩා ගාලු කොටු පවුර බලන්නට එන ස0චාරකයන් හා විශේෂයෙන් කුඩා දරැවන් අපහසුතාවයට ලක්වීම ගැන හිතන්න ඕනේ.

    :yes::yes: