\ ගැටඹේ රාජෝපවනාරාම පුදබිමේ ඓතිහාසික පසු&#3510

EvilClown

Member
Jul 21, 2012
102
12
0
Mini Van
\ ගැටඹේ රාජෝපවනාරාම පුදබිමේ ඓතිහාසික පසු&#3510

z_pic350-fea.jpg


සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වූ ශ්‍රීමත් දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින ඓතිහාසික සෙංකඩගල පුරවරයට පිවිසෙන මුවදොර අභියස ශාන්ත පරිසරයක පිහිටා ඇති එම පුදබිම ලොව සුපතල පුණ්‍ය භූමියකි.

1638 මාර්තු මස 24 වන දින කන්ද උඩරට දෙවන රාජසිංහ රජතුමා සහ දියෝගෝද මැලෝ පෘතුගීසි සෙන්තියාගේ නායකත්වයෙන් දෙපිරිස අතර ගන්මෝරු වෙලේදී ඇතිවූ සටන බිහිසුණු සටනක් වූ අතර පෘතුගීසි හමුදා සමූල ඝාතනය කරමින් විජයග්‍රහණයකින්ම කෙළවර විය.

සිංහල හමුදාව කඳවුරු ලා සිටි ස්ථාන තුනේ නායකත්වයට උර දුන් කුමාරවරු තිදෙනා සිහිපත් කරමින් රාජසිංහ බෝධිය, කුමාරසිංහ බෝධිය, විජයපාල බෝධිය යන නමින් බෝධීන් තුනක් රෝපණය කරන ලදී. අප පුදබිමට අයත් “ කුමාරසිංහ බෝධිය” පසු කළ “ ජය මහා බෝධිය” නමින් චිර ප්‍රසිද්ධ විය. සෙංකඩගල රාජ්‍ය බිඳ වැටීමෙන් අනතුරුව ද්‍රවිඩයන්ගේ කෝවිලක් බවට පත් විය. සතුන් බිලිදීම සඳහාද යොදා ගත්හ. ක්‍රි. ව. 1920 දී බෞද්ධ පිරිසක් එක්ව “ ශ්‍රී සාමග්‍රි ධර්ම වර්ධන” සමිතියක් පිහිටුවාගෙන සංවිධානය වීමේ ප්‍රතිඵලය මත ද්‍රවිඩ කෝවිල ඉවත් කර බෝධිය පිහිටි පෙදෙස අයිතියට පවරා ගන්නා ලදී. ක්‍රි. ව. 1928 දී බෞද්ධ ආරාමයක්ද ඉදිකරන ලද අතර වරින්වර භික්ෂූන් වහන්සේ වස්වැස ඇතත් ස්ථිර හිමි නමක් වැඩවාසය කර නොමැත.

ක්‍රි. ව. 1938 දී ගාල්ලේ යටලමත්තේ අමරවංශ ස්වාමීන් වහන්සේ මෙහි ස්ථිර අධිපතිත්වයට පත් වූ අතර නව යුගයක ඇරඹුමද උදාවිය. ගං ඉවුරේ බෝධීන් වහන්සේ පසෙක කුඩා බුදු මැදුරක් ද ඉදිවිය. ක්‍රි. ව. 1947 අගෝස්තු මස 14 වෙනි දින රාත්‍රියේ ඇති වු මහා ජල ගැල්මෙන් කුඩා ආවාසය පමණක් නොව ගඟ දෙපස පිහිටි සුවිසල් මන්දිර පවා ජල රකුසාට ගොදුරු විය. ජල ගැල්ම අති ප්‍රබල වුවද ගං ඉවුරේ බෝධීන් වහන්සේට හෝ ප්‍රතිමා ඝරයට කිසිදු හානියක් සිදු නොවීය. එය අසිරියකි. එතැන් පටන් වඩාත් අසිරිමත් පුදබිමක් බවට පත්විය.

ක්‍රි. ව. 1938 – 1957 පුණ්‍ය ශ්‍රී අමරවංශ නාහිමිපාණන් වහන්සේද 1958 – 1985 ජාතිය අවධි කළ ආචාර්ය පූජ්‍ය ලබුදූවේ සිරිධම්ම නායක මාහිමිපාණන් වහන්සේද අධිපතිත්වය ඉසිලූ අතර එතැන් පටන් අද දක්වා පූජ්‍යතර කැප්පිටියාගොඩ සිරිවිමල නායක මාහිමිපාණන් වහන්සේ මෙහි අධිපතිත්වය උසුලති.

දෙවන විමලධර්ම සූරිය රජතුමාගේ අනුශාසකත්වය මත ගැටඹේ තොටදී පැවැත්වූ උපසම්පදා විනය කර්මයට පසුව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 68 වන උපසම්පදා මහා විනය කර්මය අප පුදබිම කේන්ද්‍ර කොටගෙන මහවැලි නදී “ උදකුක්ඛෙප” සීමා මාලකයේ දී ජූනි මස 23 වන දින සිට ඇරඹෙන වගයි.

Credit to divaina
 
Last edited:

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ගැටඹේ පන්සලේ බුද්ධ ප්‍රතිමා වහන්සෙ දිහා බලන් ඉන්න ඉන්න ආසයි.
    බුදුන් දකින්නට පිනක් ලබුනා වගෙයි මට නම් ඒ මල් ආසනය ඉදිරියට ගියාම.
    වටිනා විස්තරයට ස්තුතියි..
    රෙප්+++++