ගැටළුවලට මුහුණ දිය යුතු ආකාරය...

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    ගැටළුවලට මුහුණ දිය යුතු ආකාරය...

    පින්වත් මිතුරනි,

    Sasith90 මිතුරා විසින් එම මිතුරාගේ ආගම ඇසුරෙන් කරන ලද විග්‍රහය දුටු මට සිතුනා අපගේ බෞද්ධ මිතුරන් උදෙසාත් එවන් thread එකක් අරඹන්න.

    දහම් මගෙහි කෙළවරට යන විට කෙනෙක් ලාභ-අලාභ, යස-අයස, නින්දා-ප්‍රශංසා, සැප-දුක් යන අට ලෝ දහමමෙහි අකම්පිත වන බව අප දන්නවා. එම මගෙහි ගමන් කරන අප වැන්නන් එවන් ගැටළුවලට මුහුණ දිය යුතු ආකාරය විමසීමයි මේ thread එකේ අරමුණ. එයට දායක වන ලෙස ඔබ සැමට ඇරයුම් කරනවා...

    ගැටළුවක් ආවාම කළ යුත්තේ කුමක් දැයි, සිතුවාම මට මතක් වුණේ මේ වා යි. එහි අඩු පාඩු සකස් කරන්න උදව් කරන්න කෝ.

    මෙහි අංක දක්වා ඇත්තේ වැදගත් කම අනුව නම් නොවෙයි; ධර්මයෙහි හැසිරෙන්නේ නැති අයකුට වුණත් වටහා ගන්න පහසු වෙන පිළිවෙලකට යි.
    1. කළබල නොවී, සිහි නුවණින් ගැටළුව හඳුනා ගැනීම.
    - කරදර ගැටළු සහගත අවස්ථාවල දී පවා අකුසලයට නො වැටීමට සිහි නුවණ (සති සම්පජඤ්ඤය) අපට උපකාරී වෙනවා...
    - උදාහරණයක් ලෙස, සෝතාපන්න කෙනා ශීලය ගැන නිරන්තර සිහියෙන් යුතුයි; ඒ නිසා නේ එයා ගේ ශීලය ආර්ය කාන්ත ශීලයක් බවට පත් වෙන්නේ...
    - මෙම සිහි නුවණ වැඩි දියුණු කිරීම ධර්මයේ අරමුණක් නේ...

    2. ගැටළුවේ මුල (හේතු) හඳුනා ගැනීම
    - සිහි නුවණ තොර අවස්ථාවක නම් මෙය කරන්න බෑ නේ ද?
    - අපගේ වගේම අන් අයගේත් සෑම සිතිවිල්ලක්ම, වචනයක්ම, ක්‍රියාවක්ම හේතු නිසා වන්නේ... ගැටළු බොහොමයක් වන්නේ එවන්නකට ලෝභය, ද්වේශය, මෝහය වැනි අකුසල් මුලක් හේතු වුනොත් තමයි...

    3. වරද තමාගේ නම්, නිහතමානීව, නිවරද වීම
    - මේකත් අසීරු දෙයක් නේ? මොකද අපේ හිතේ 'මානය' කියා දෙයක් තියෙනවා නේ... (රහතන් වහන්සේ ගේ තමයි මානය කිසිසේත් නැත්තේ; 'මානය' තිබෙන බව හෝ අපට වටහාගන්න පුළුවන්නම් මහත් ලාභයක්...)
    - බුදු රජාණන් වහන්සේ එසේ මත්තෙහි වරද නැවත නොවන ලෙස, සංවරය පිණිස, නිවරද වීම ප්‍රශංසා කරලා තියෙනවා...
    - හිතා බලන්න, අපේ වරදක් නිසා තවත් කෙනෙකු හා ගැටීමක් ඇති වුණා කියා... එහිදී නිවරද වීම අප සැමට සෙතක් නේ ද?

    4. වරද අනෙකා ගේ නම්, මෛත්‍රියෙන්, කරුණාවෙන් යුතුව පෙන්වා දීම;
    එම වරද නිවැරදි කිරීමට නිසි පටිපාටිය පිළිපෑදීම...
    - අපට එහිදී තරහ ඇති කර ගැනීම කාටත් හොඳ නෑ...
    - ඇත්තටම මෙවන් ගැටළු සහගත අවස්ථා, අපගේ මෙත් සිත කෙතෙක් වඩා ඇත් දැයි දැන අපට ම ගැනීමට හොඳ අවස්ථාවක් :)
    - නොනිසි ආකාර වලින් කටයුතු කිරීම (උදා: බැණ බැණ යාම; එදිරිවාදී කම් කිරීම) කාටත් හොඳ නෑ... සමාජ සම්මතය අනුව, සත්ගුණ දහම් වලට එකඟව එහිදී කටයුතු කළ යුතු යි...

    5. අනෙකා නිවැරදි කර නොහැකි නම්...

    - ඇතැම් දේ අපගේ පාලනයෙන් තොරයි; ඒවායේදී අපගේත් අන් අයගේත් ආරක්‍ෂාවට ගැලපෙන පරිදි මග හැර යන්න වෙනවා..
    - උදා: සබ්බාසව සූත්‍රයේ බුදු රජාණන් වහන්සේ කියනව කුලප්පු වෙච්ච ගවයෙක් ඉන්නව නම් මග හැර යන්න කියල; ඒ වගේම අසත්පුරුෂයාවත් මග හරින්න කියලා...
    - අප එවැනි දේ වලට මුහුණ දෙනවා නම්, සිහි නුවණින් අපගේ හැකියාවන්/සීමාවන් දැන ගෙන තමයි කරන්න ඕන.. ඒ වගේම මෙත් සිතින් මයි කරන්න ඕන...
    - උදා: කරණීයමෙත්ත සූත්‍රයේ, ස්වාමීන් වහන්සේලා පිරිසකට යම් ස්ථානයක දී නොයෙක් බාධා ඇති වෙනවා.. උන් වහන්සේලාට පවසන්නේ එම ස්ථානයටම නැවත ගොස් මෙත් සිතෙන් යුතුව ඒවා මැඩගෙන ධර්මය වඩන ලෙසයි...
    - ඒ කියන්නේ බාධාවලදී පලා යාම බුදු දහමට අනුකූල නොවන බවයි.. එහෙත් අපට නැවැත්විය නොහැකි දේ හා හැපී විනාශ වීමද අනුමත කරන්නේ නෑ... ඒ නිසා සිහි නුවණින් යුතුව, අපගේ හැකියාවන් ගැන නිසි තක්සේරුවකින් යුතුව ක්‍රියා කරන්න ඕන...

    6. එදිනෙදා වැඩ කටයුතු..
    - එදිනෙදා වැඩ කටයුතු, සංවිධානාත්මකව, දැනුවත්ව, සිහි නුවණින්, වීර්යයෙන්, අනලස්ව කරන හැටි ව්‍යග්ඝපජ්ජ වැනි සූත්‍ර දේශනාවල මනාවට කියා තිබෙනවා...
    - ඒ ගැන කෙරුන දේශනාවක්: http://budusuwanda.org/Amadahara/Mp3/13_05%20Vayaggapajja%20Sutta.mp3
    - එදිනෙදා ගැටළුවක් කරගන්න ඕනෙම නෑ (මිත්‍යා ආජීවය නම් ගරහාවට කල් වෙනවා)...
    - ඒ සියළු වැඩ කටයුතු මැද වුව, දහමෙහි හැසිරීමට නොපමා විය යුතුයි.. එයයි දහමෙහි පැසසුම් ලබන්නේ...
    - තමාගේ හැකියාවන් වලට සාපේක්‍ෂව, සෑහීමකට පත් වීම සතුටින් දිවි ගෙවීමට වැදගත්...

    7. කළණ මිතුරන්/ සත්පුරුෂයන් ආශ්‍රය
    - නිසි අය ඇසුරු කිරීම, බොහෝ ගැටළු විසඳා ගන්න, වරදෙන් මිදී දහමෙහි යෙදෙන්න මහත් රුකුලක්...
    - සත්පුරුෂයන් ඇසුරු කරන්න බිය වන්න ඕනෙ නෑ...
    - හැබැයි සත්පුරුෂයන් අසත්පුරුෂයන්ගෙන් වෙන් කර හඳුනා ගන්න නම් අමාරුයි... එකම විදිහ තමාත් සත්පුරුෂයෙක් වීම යි...
    - බුදු රජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා නේ ධර්ම මාර්ගය 100% ම රඳා පවතින්නේ කළණ මිතුරන් මත යි කියා...

    8. පින දියුණු කර ගැනීම...
    - පින කියන්නේ සැප විපාක ලබා දෙන දෙයක්...
    - අවබෝධයෙන් යුතුවම, පිනෙහි යෙදීම අනාගතයට කරන ආයෝජනයක් වගේ...

    9. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව වටහා ගැනීම (නැත්නම්, 'ධර්මයේ හැසිරීම')
    - සියළු දෙයෙහි (වඩාත් නිවැරදිව කීවොත් 'සියළු සංස්කාරවල') තිබෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව (ත්‍රිලක්ෂණය) වටහා ගෙන තිබීමත් වැදගත්..
    - උදා: අපගේ ශරීරය අප රුචි කරන ආකාරයට තබා ගත හැකි නම් කොතරම් අගේ ද?
    ඒ සඳහා උත්සාහවත් වීම වරදක් නොවේ. වරද, හැමදාම එසේ තබා ගත හැකි යැයි පැතීම, සිතීම. එසේ සිතීම නිසාම අප කවදා හෝ දුකට පත් වෙනවා...

    වෙන අයුරකින් කිවහොත්, යම් දවසක අපි දුකසේ යම් දේක අනිත්‍ය බව පිළිගන්නවා (උදා: වයසට ගොස්, ජරාජීර්ණ වුණාම), තවත් නිත්‍ය යැයි සිතෙන දෙයක සිත පිහිටුවා ගෙන (උදා: අනේ, මට මේ අයත් එක්ක නැවත වරක් උපදින්න ඇත්නම්...).

    - ඒ නිසා, සියළු සංස්කාරවල යථා ස්වභාවය (ඒ කියන්නේ හේතුවලින් හැදුන දේ හේතු නැති කළ නැති වී යන බව; ඒ කියන්නේ අනිත්‍ය බව; ඒ කියන්නේ නිත්‍ය වූ සැපක් නැති බව; ඒ කියන්නේ අනාත්ම බව) වටහා ගැනීම වැදගත්...

    - ඒක ජීවිතයේ එන බරපතළ ගැටළු වලට මුහුණ දෙන්න රුකුලක්... මේ අබෝධය නිසාම නෙ රහතන් වහන්සේලා තුළ කම්පනයක් ඇති වන්නේ නැත්තේ...

    මෙයට වඩා අනන්ත වාරයක් හොඳ ලැයිස්තුවක් බොහෝ දෙනෙක් දන්නා දේශනාවක තියෙනවා, 'මංගල සුත්‍රය' නම් වන. එහි එන කරුණු දේශනා කරන ලද්දේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ම යි...

    ඒ කියන්නේ, මා ඉහත post කළ ලැයිස්තුවේ වගේ නොවේ එම කරුණු.
    මංගල සූත්‍රයේ මනා ලෙස
    කරුණු ගොනු කර තිබෙනවා...
    ඒ ගැන විමසා බලමු ඉදිරියේ දී...

    මට තවත් දෙයක් සිහි වුණා; මම මේ post එක පැයක් විතර edit කරා.
    ඒත් මා කරන විස්තරය සුමටව ගැලපී යන්නේ නෑ නේ... ඕන තරම් අඩුපාඩු තියෙනවා...
    එහෙත් බුදු රජාණන් වහන්සේ හිටිවන ම දේශනා කරන දෑ කෙතරම් සුමටව, අර්ථවත්ව ගැලපී යනවාද?
    සම්මා සම්බුදු වරයෙකුගේ ප්‍රඥාව/අවබෝධය අසීමිත බව එයින් නැවත නැවතත් පසක් වෙනවා...


    තෙරුවන් සරණයි!
     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බොහොම පින් මිත්‍රයා.
    මට හිතෙනවා නිතරම යම් භාවනාවක් පුහුණු කරන එක ගැටලුවලට මුහුණ දෙන්න උපකාර වෙනවා කියල. ඔබ කියා ඇති පරිදි ඉන් සිහිය දියුණු වෙනවා. ප්‍රශ්නයක් එනකොට, ආවේගයෙන් අන්ධ නොවී එදෙස බැලීමට හැකියාවක් ලැබෙනවා. මට ප්‍රායෝගිකව ඇති අත්දැකීමක් තමයි නිතර භාවනා පුහුණු කරන කාලවලදි, දුකක්, තරහක් එනකොටම ඒක හඳුනාගැනීමට හැකි වීම. එහෙම හඳුනගත්තට පස්සෙ, හරි පහසුයි හැඟීම් වලට ඉඩ නොදී ප්‍රශ්නෙ දිහා බලන්න.

    මංගල සූත්‍රය ගැන මං හිතාගෙන හිටියෙ 'යහපත් කරුණු' දැක්වෙන සූත්‍රයක් හැටියට. ඒත් ඔබ මෙහෙම කිව්වම, හිතල බලන්න පෙළඹෙනවා-ඇත්තටම ගැටලුවලට මුහුණ දෙන්න උපකාර වෙන ධර්ම එහි දැක්වෙනවා තමයි.
    ඒ වගේම, ගිරිමානන්ද සූත්‍රයෙ දැක්වෙන සඥ්ඥාවන්, විශේෂයෙන් අනිත්‍ය, අනාත්ම, ආදීනව ආදිය පුහුණු කර තිබේනම් රෝගාබාධ වලදි වගේම වෙනත් ගැටලුවලදිත් හිත හදා ගන්න උදව් වෙනවා.
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    මංගල සූත්‍රය ගැන මං හිතාගෙන හිටියෙ 'යහපත් කරුණු' දැක්වෙන සූත්‍රයක් හැටියට. ඒත් ඔබ මෙහෙම කිව්වම, හිතල බලන්න පෙළඹෙනවා-ඇත්තටම ගැටලුවලට මුහුණ දෙන්න උපකාර වෙන ධර්ම එහි දැක්වෙනවා තමයි.

    පින්වත් මිතුර,

    ඒක තමයි; මාත් මෙසේ විමසල තිබ්බෙ නෑ. මේ ලැයිස්තුව සකස් කරන විට පසක් වුනේ ඒ බව.

    ඇත්තටම මංගල කරුණු අප තුළ ඇත් නම් අපේ මේ ජීවිතයේ ලෞකික ගැටළු විතරක් නොවේ, සසර ගැටළුවත් ඉවර වෙනව නෙ.

    අනෙක, ඒ කරුණු වලට වඩා ගැලපෙන යමක් අපට කෙසේ නම් සිතෙන්න ද?

    ඒ වගේම, ගිරිමානන්ද සූත්‍රයෙ දැක්වෙන සඥ්ඥාවන්, විශේෂයෙන් අනිත්‍ය, අනාත්ම, ආදීනව ආදිය පුහුණු කර තිබේනම් රෝගාබාධ වලදි වගේම වෙනත් ගැටලුවලදිත් හිත හදා ගන්න උදව් වෙනවා.

    ඒක ඇත්ත ධර්මය වන් ඔසුවක් වෙනත් නෑ...
    ධර්මයේ හැසිරෙන්න පටන් ගත් මොහොතේ සිටම සිතට කොතරම් ශාන්තියක්, සැණසිල්ලක් ලැබෙනව ද?
    ඉතින් ඒ මග සම්පූර්ණ කර ගත්තොත්...

    තෙරුවන් සරණයි!
     
    Last edited:

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    amme ela machan umbawa goda kalekin dekke mama
    honda post ekak
    mee topic ekath hondai meee dawas wala wena dewal walata :)

    පින්වත් මිතුර,
    මට එතරම් ඉඩ කඩක් තිබුනේ නෑ... පසුගිය දවස් වල...
    අනෙක EK වල දහම් සංවාදයකට වඩා තිබුනේ 'යුද්ධයක්' නේ :(

    ඔව්, පෙර සූදානමක් තිබීම ජීවිතයේ එන ගැටළුවලට මුහුණ දෙන්න උපකාරී වෙනවා නේ...

    තෙරුවන් සරණයි!
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    පින්වත් මිතුර,
    මට එතරම් ඉඩ කඩක් තිබුනේ නෑ... පසුගිය දවස් වල...
    අනෙක EK වල දහම් සංවාදයකට වඩා තිබුනේ 'යුද්ධයක්' නේ :(

    ඔව්, පෙර සූදානමක් තිබීම ජීවිතයේ එන ගැටළුවලට මුහුණ දෙන්න උපකාරී වෙනවා නේ...

    තෙරුවන් සරණයි!

    ow affa :) budu dahamata pamanak siima wechcha ewa netuwa mee wage podu thread demma nam hari

    eeeka oya ara wage thread dana ayata loku aadarsahayak :)
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    ow affa :) budu dahamata pamanak siima wechcha ewa netuwa mee wage podu thread demma nam hari

    eeeka oya ara wage thread dana ayata loku aadarsahayak :)

    ඔබ හරි මිතුර, :)
    ඒත් බුදු දහම සම්බන්ධ දේ සාකච්ඡා කිරීම මා EK වල හිඳීමේ අරමුණ නේ...

    ඔබත් දන්නවා ඇති, මා එසේ කරන්නේ, අන් ආගම් වල ඔබ වැනි පින්වතුන් කෙරෙහි අමනාපයකින් නම් නොවේ..

    මා මේ thread එකේ 'බෞද්ධ මිතුරන්ට' කියා සඳහන් කළේ නම්, මේ thread එකත් අන්තර් ආගමික වාදවලට ගොදුරු නොවීමට එය උදව් වේවි යයි සිතා...

    ඒත්, EK වල ඉන්න සෑම මිතුරෙකුටම මේ සාකච්ඡාව විවෘතයි... :)

    තෙරුවන් සරණයි!