ගැනිමීඩ් (Ganymede) උපග්‍රහයා මත ජීවින් සිටීමට ඉඩ &#
විද්‍යාඥයන් කියන විදියට ජීවයක් පවතින්න නම් ජලය පැවතීම අත්‍යවශ්‍යයි.අපි කලින් ලිපියක සෙනසුරුගේ උපග්‍රහයෙකු වන ටයිටන් මත ජීවය පැවතීමේ ඉඩකඩ ගැන කතා කළා.ටයිටන් මත පවතින්නේ මීතේන් පිරුණු සාගර වුනත් එහිදීත් ජීවය පවතින බවට සැක කරන්නේ කුඩා ජල අංශු අතර.අද අපි කතා කරන්නේ කුඩා ජල අංශු නෙමෙයි, ඉතා විශාල ද්‍රවමය ජලය පවතින සාගර ගැන.ඒ වගේම මේවා පවතින්නේ අපේ පෘතුවියේ නෙමෙයි.පෘතුවියෙන් එපිට උපග්‍රහයෙක් මත.
බ්‍රහස්පති කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා.ඒ වගේම තමයි අපේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලම උපග්‍රහයා හිමි වෙන්නෙත් බ්‍රහස්පති ග්‍රහයාට.නම් වශයෙන් කිව්වොත් ගැනිමීඩ් තමයි සෞරග්‍රහ මණ්ඩලයේ වගේම බ්‍රහස්පතිගේත් විශාලම උපග්‍රහයා.මේ ගැනිමීඩ් සිකුරු ග්‍රහයාටත් (Mercury) වඩා විශාලයි.
ගැනිමීඩ් මතුපිට ස්ථරය සම්පූර්ණයෙන්ම වගේ අයිස් වලින් වැහිලයි තියෙන්නේ.1970 ගණන් වලදී නාසා විද්‍යාඥයන් සැක කළා මේ අයිස් තට්ටුවට යටින් ද්‍රව ජලය සහිත සාගර තියෙන්න පුළුවන් බව.ඊට පස්සේ 90 දශකයේදී අභ්‍යවාකාශගත කල ගැලිලියෝ යානය මේ මතය තහවුරු කෙරෙන සාක්ෂි සැපයුවා.නිකම් සාගර නෙමෙයි මෙහි පවතින්නේ.ලවණ සහිත සාගර.පෘතුවි සාගර වල සෝඩියම් ක්ලෝරයිඩ් බහුලව පවතිනවා වගේ මේ සාගර වල මැග්නීසියම් සල්පේට් බහුලව පවතින බව තමයි විද්‍යාඥයන් කියන්නේ.
ගැනිමීඩ් සාගර පිළිබඳ නවතම තොරතුරු වලින් කියවෙන්නේ මෙහි සාගර තට්ටු වශයෙන් පැවතිය හැකි බවයි.ඒ කියන්නේ උඩින්ම අයිස් තට්ටුවක්,ඊළඟට ජලය නැවත අයිස් තට්ටුවක් සහ නැවත ජලය වශයෙන් සාගර තට්ටු ගණනාවක් පැවතිය හැකි බව.මේ නවතම පරීක්ෂණ මාලාව මෙහෙයවන්න මූලික වුනේ නාසා විද්‍යාඥයකු වන ස්ටීව් වොන්ස් (Steve Vance) විසින්.
මේ නවතම මතය නිසා ගැනිමීඩ් මත ජීවය පැවතීමේ ඉඩ කඩ ගැන නැවතත් සිතන්න විද්‍යාඥයන් නැවතත් යොමු වෙලා තියෙනවා.මේ නිසා නාසා ආයතනය වෙනම ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් තුන් දෙනෙකු වන යුරෝපා ( Europa),ගැනිමීඩ් (Ganymede) සහ කැලිස්ටෝ ( Callisto) පරීක්ෂා කරන්න.මේ සඳහා 2022 දී ගවේෂණ යානයක් යවන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.2030 වන විට අදාළ යානය බ්‍රහස්පති වෙත ලඟා වන අයුරෙන් තමයි මෙය සැලසුම් කරලා තියෙන්නෙ.
මේ නාසා විද්‍යාඥයන් අවධානය යොමු කරපු උපග්‍රහයින් තිදෙනාට අමතරව සෞරග්‍රහ මණ්ඩලය තුල ජීවය පැවතිය හැකි තවත් තැන් දෙකක් ඔවුන් සඳහන් කරනවා.ඒ තමයි සෙනසුරු උපග්‍රහයින් වන ටයිටන් (Titan) සහ එන්ක්ලෝඩස් (Enceladus).මෙයින් ටයිටන් මත ජීවය පැවතීමේ ඉඩකඩ ගැන අපි කලින් ලිපියක කතා කළා.ජීවය පැවතිය හැකි අනිකුත් උපග්‍රහයින් වන යුරෝපා ( Europa), කැලිස්ටෝ ( Callisto)එන්ක්ලෝඩස් (Enceladus) ගැන ඉදිරි ලිපි වලින් බලාපොරොත්තු වෙන්න.
මූලාශ්‍රය - http://rt.com/news/156648-ganymede-moon-layered-oceans/
සෙනසුරු උපග්‍රහයන් මත ඉදි වුනු පිටසක්වල ගොඩනැගිලි,අඟහරු ජීවින් වගේ පිටසක්වල ජීවින් ගැන අලුත්ම විස්තර දැනගන්න පිවිසෙන්න www.ufonewzlanka.blogspot.com

පෘථිවියේ ජීවය හැදිල තියෙන්නෙ කාබන් සහ ජලය මූලික කරගෙන, වෙනත් ග්‍රහලෝකයක වෙනත් දෙයක් මූලික කරගෙන හැදෙන්න පුළුවන් කියන එක සරල සිධාන්තයක් .. 

... උඹ හිතන්නෙ විශ්වයේ තියෙන හැම පරමාණුවක්ම පෘතුවියේ තියෙනව කියලද
මම කිව්වේ ජලය නැතුව ඉන්න පුළුවන්,