පිළීතුරු හම්බුනෝ...
ස්වභාවික සංසේචනයක් යනු කුමක්ද?
පුරුෂයකු සහ කාන්තාවක් අතර ලිංගික සම්බන්ධතාවයෙදී මෝචනය වන ශුක්‍රානු කාන්තාවගේ යෝනි මාර්ගයේ තැන්පත්වේ. ස්වභාවිකව උකු ගතියක් ඇති ශුක්‍ර තරලය යෝනියෙදී දියර ගතියට පත්වේ. ඒ සඳහා විනාඩි 10 - 30ත් අතර කාලයක් ගතවේ. සඵල ශුක්‍රාණු යෝනි මාර්ගයෙන් ගැබ්ගෙල හරහා ගර්භාශයටත් එයින් පැලෝපීය නාළය තුලටත් ඇතුළු වී එහි ඇති ඩිම්බයන් කරා පිහිනා යයි. එම ශුක්‍රාණු ඩිම්බයක් වටා එක් වී එක් සාර්ථක ශුක්‍රාණුවක් ඩිම්බය සමග සංසේචනය වේ. ඉන්පසු සන්සේචනයෙදී ඩිම්බ සෛල බෙදීමෙන් කළලයක් සේ වර්ධනය වෙමින් පැලෝපීය නාලය ඔස්සේ ගර්භාෂයට පැමිණ අධිරෝපණය වීමෙන් ගැබ් ගැනීම සිදුවේ. මෙය දරු උපතක් දක්වා කෙමෙන් කෙමෙන් වර්ධනය වනු ඇත. ස්වභාවිකව ඩිම්බයක් පරිනතව, මෝචනය වන සහ පැලෝපීය නාල වල අවහිරතා නොමැති කාන්තාවක් සහ ශුක්‍රාණු ශක්තිය හීන නොවුනු පුරුෂයකු අතර සරු කාලයේ සිදුවන එක්වීමකින් ස්වභාවික පිළිසිඳ ගැනීමක් සිදුවේ.
නිසි ලෙස පිළිසිඳ ගැනීමක් නොවන විට කුමක් කල යුතුද?
නමුත් මාස හයක් පමණ කාලයක් උත්සාහ කිරීමෙන් පසුවත් පිළිසිඳ ගැනීමක් සිදුනොවේ නම් ඩිම්බ උත්තේජනය කර ඔසප්වීමෙන් දින 12කට පසු සිදුකරන ස්කෑන් පරීක්ෂාවකින් ඩිම්බය නිසි ලෙස පරිනත වී ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුය. ඉන්පසු අවශ්‍ය නම් HCG නම් එන්නත ලබාදී ඩිම්බය මෝචනය වීමට සලස්වා ඉන් පසුවේ අඹු සැමි සම්බන්ධතාව පවතවීමෙන් ස්වභාවික ගැබ් ගැනීමක් සිදු කළ හැක. ඒ සඳහා ඔසප්වීමෙන් දින 12කදී කරන ස්කෑන් පරීක්ෂාව අනිවාර්ය වේ. එමෙන්ම ඔසප් වූ දිනයේ සිට නව වන දිනයෙන් පසු සැමියා ශුක්‍රාණු පිට නොකළ යුතු අතර දොළොස්වන දිනයේ පරීක්ෂාවෙන් ඩිම්බයක් ඇතිබව තහවුරු වූ පසු HCG එන්නත ලබාදී ඊට පසු දින තුනක්, දිනකට වරක් සැමියා සමග එකතු වීම අනිවාර්ය වේ. එමෙන්ම සැමියාගේ ශුක්‍රාණු පරීක්ෂණයක් අනිවාර්යෙන් සිදුකල යුතු බව මතක තබා ගත යුතුය. ශුක්‍රාණු ප්‍රමාණය අඩු තත්ත්වයේ පවතී නම් ස්වාභාවිකව ගැබ් ගැනීමක් සිදුවීමේ හැකියාව අවම විය හැක. එවිට ප්‍රතිකර්ම වලය යොමු විය යුතුය.

Last edited: