https://nccp.health.gov.lk/
ලංකාවේ national cancer control program එකෙන් දැන් ගොඩක් රජයේ රෝහල් වල Early detection of cancer clinics කරගෙන යනවා. සැකයක් තියෙනවා නම් නොමිලේ history එක බලලා clinical exam එකකින් පස්සේ අවශ්‍ය investigations කරනවා. Cancer Screening test කියන්නේ ඔය සදහන් කරපු PAP smear, mammogram වගේ test වලට. Screening test කියන්නේ definitive test නෙවෙයි. Screening test positive කියන්නේ high likelihood of cancer. Cancer එකක් නැති වෙන්නත් පුළුවන්. ඒත් positive කියන්නේ අවදානම් වැඩි. එතකොට අනිත් test වලට යොමු කරනවා. එයාලා tissue biopsy කරලා තමා cancer එක තියෙනවා කියලා තහවුරු කරන්නේ.
Screening test කියන්නේ ලොකු මනුෂ්‍ය ප්‍රජාවක්, අඩු වියදමකින්, වැඩි නිරවද්‍යතාවයකින්, ඉක්මනින් test results දෙන විදියට හදන test වලට. මොකද හැමෝටම biopsy කර කර ඉන්න time එක යනවා වැඩි සහ අවුරුද්දක් ගානේ පටක කෑලි කප කප බලන්න ගන්න ගියොත් ඒ මිනිසුන්ට ආයේ එන එක එපා වෙන නිසා. ඒක නිසා screening test රටේ සෞඛ්‍ය පහසුකම් මත වෙනස් වෙනවා. උදාහරණයක් විදියට අපිට mammogram screening test විදියට ලොකු community එකක් බලද්දී use කරන්නේ නෑ. Mammogram screening ඔෆර් කරන්නේ history එක අහලා clinical exam එකත් කරලා suspect නම් තමයි. හේතුව හැම රෝහලේම mammogram නෑ. (Private sector එකේ කැමති අයට කර ගන්න පුළුවන්) PAP smear එක හැම ගමේම MOH එකේ well women clinic එකෙන් නොමිලේ කරනවා. මොකද එකේ වියදම රජයට දරන්න පුළුවන් මට්ටමක නිසා.
දියුණු රට වල colonoscopy screening test විදියට කරනවා. අපේ රටේ එහෙම කරන්න වත්කමක් නෑ. පිළිකා තියෙන ලෙඩ්ඩුන්ට පවා colonoscopy කරන්නේ අමාරුවෙන්. වෙන ඕනේ නෑ අපේ රෝහලේ colonoscope එක කැඩුනහම රජයෙන් replace කලේ නෑ. Surgeon පෞද්ගලික වියදමෙන් අරන් දුන්න colonoscope එකෙන් තාම කරන්නේ. ආණ්ඩුවෙන් අරන් දෙනකම් ඉදීය නම් ලෙඩ්ඩු ගොඩක diagnosis මිස් වෙන්න තිබ්බ. මොකද ගුද මාර්ගයෙන් ලේ එන ඕනෑම ලෙඩෙක් අපි සලකන්නේ බඩවැලේ පිළිකා risk එකක් තියෙන කෙනෙක් හැටියට. අර්ශස් තිබිලා operation එක කළත් colonoscopy test එක screening හැටියට අනිවාරයෙනෙන් ඒ ලෙඩ්ඩුන්ට කරනවා. ඉතින් ලොකු ලෙඩ්ඩු ප්‍රමාණයක් ඉන්නවා colonoscopy list එකේ. Mammogram, colonoscopy, CT machine ඔය හැම එකේම පාවිච්චි කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ලෙඩ්ඩු burden එක වැඩි වෙනකොට රජයෙන් පහසුකම් සැපයුවේ නැත්නම් test කරන්න බැරි වෙනවා. ඒක නිසා තමයි screening test රටේ ආර්ථිකය සහ සෞඛ්‍යට වෙන් කරන මුදල් එක්ක තීරණය වෙන්නේ.
ගැබ් ගෙල පිළිකා සම්බන්ධව අවුරුදු 35 ට වැඩි නම් කාන්තාවෙන් MOH එකේ Well woman clinic එකෙන් නොමිලේ අවුරුදු 5 න් 5 ට කරගන්න පුළුවන්. (Test normal නම් 5න් 5ට, abnormal pap smear grade එක අනුව biopsy කරනවද මාස 6න් 6ත බලනවද කියලා doctor decide ක guidelines අනුව)
පියයුරු පිළිකා සම්බන්ධව නම් අවුරුදු 20-40 අයට අවුරුදු 3න් 3ට clinical breast examination, 40ත වැඩි අයට අවුරුද්දක් පාසා clinical breast examination තමා screening විදියට දැනට ලංකාවේ වෙන්නේ. සැක සහිත අයව mammogram කරනවා. ඒකෙත් 35ට අඩු අයව ultrasound කරන්නේ මොකද අඩු වයසේ අයගේ පිළිකා mammogram එකෙන් බලන්න අමාරුයි. වයසට යද්දී තමා mammogram වල accuracy එක වැඩි වෙන්නේ. පවුලේ කාට හරි (ලේ ඥාතීන්) ට breast cancer තිබ්බොත් අවුරුද්දක් පතා mammogram වලට යොමු කරනවා. සමහර රෝහල් වල වෙනම specialized breast clinic තියෙනවා.
පුරස්ථී ග්‍රන්ථි පිළිකාව සම්බන්ධව නම් ඒකෙත් මුලින් digital rectal exam එක කරන්නේ. ඒකෙදි දොස්තරට පුරස්ථී ග්‍රන්ථීය අහු වෙන විදිය සැක සහිත නම් තමා psa test එක order කරන්නේ. මොකද psa එක විතරක් කළා කියල normal results ආවට cancer නෑම කියන්න බෑ. අනික වැරදිලා හරි (urinary tract infection වලදීත් psa වැඩි වෙනවා.) abnormal result එකක් ආවොත් ඉලගට biopsy කරන්නේ. Prostate biopsy ඒකෙත් වෙනම risk තියෙනවා. Prostate එකට infection එකක් යන්න, ලේ ගලන්න, මුත්‍රා මාර්ගය අවහිර වෙන්න වගේ. එක නිසා examination එකෙන් පස්සේ අවශ්‍ය වුණොත් විතරක් psa කරන්න කියල තමා නිර්දේශ කරන්නේ.
View attachment 231111