ගැබිණියක්_කපා කොටා ඝාතනය කරයි
තියුණු ආයුධයකින් පහර දී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා.ඒ හම්බන්තොට - හුංගම - ගුරුපොකුණ ප්රදේශයේදීයි.පොලීසිය සඳහන් කළේ හදිසි දුරකථන ඇමතුමකට ලද තොරතුරක් අනුව අදාළ ඝාතනය පිළිබඳ තොරතුරු අද (02) දහවල් සොයා ගත් බවයි.
වයස අවුරුදු 72 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 32 හැවිරිදි ගැබිණියක වූ දියණිය මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඔවුන් පදිංචිව සිටි නිවස තුළදීයි.නිවසේ අල්මාරිවල රෙදි පිළි අතුළු සියල්ල ඇද දමා ඇති බවද පොලිසිය පැවසුවා.මිය ගිය මව සූරියවැව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කාරියවසම්ගේද මව බවයි පොලිසිය සඳහන් කළේ.
මිය ගිය දියණියගේ ස්වාමිපුරුෂයා හම්බන්තොට කාර්මික විද්‍යාලයේ පාඨමාලාවකට ගොස් සිටි අතර නිවසට පැමිණි අවස්ථාවේ ඉදිරිපස දොර ඇර තිබු බවත්, නිවසට ඇතුලු වි බලන විට තම බිරිඳ හා මව ඝාතනය කර ඇති බව දුටු බවත් ගැබිණි කාන්තාවගේ ස්වාමිපුරුෂයා වන ජයසිංහ කෝරලේ ආරච්චිගේ සම්පත් යන අය පොලිසියට පවසා තිබෙනවා.
NETH NEWS
කාන්තාවන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කරයි - එක් කාන්තාවක් ගැබිණියක්

Last edited: