ගැබිනි මවට

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ගැබිනි මවට බසයේදී තිරිසන් ලෙස සලකයි.. බස් රථය හෝදවයි..

    February 16, 2017 at 12:00 pm | lanka C news | ලංකා සී නිවුස්
    Bus.jpg
    කටානේ මවගේ නිවසේ සිට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සදහා හල්පේ මාතා සායනයට එමින් සිටි ගැබිනි කාන්තාවකට බසයේදී වමනය යාම නිසා බසයෙන් බසින්නට ඉඩ නොදී බලහත්කාරයෙන් ගමනාන්තය කරා රැගෙන ගොස් බස් රථය පිරිසිදු කරවා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරු බව කියන කොන්දොස්තර සහ රියැදුරා සැකපිට අත්අඩංගුවට ගත් බව කොටදෙනියාව පොලීසිය කියයි.
    විවාහයෙන් පසුව කොටදෙනියාව හෙට්ටිමුල්ල ප‍්‍රදේශයේ පදිංචිව සිටින මෙම කාන්තාව සිය මවගේ කටානේ නිවසේ සිට ඇයගේ මවත් සමග මීරිගම බලා එන පෞද්ගලික බස්රියකින් මීරිගම හල්පේ පැවැත්වෙන වෛද්‍ය සායනයට සහභාගීවීමට පිටත් වී ඇත.
    තරමක් අසනීප තත්ත්වයෙන් පසුවූ ගැබිනි කාන්තාව අපහසුතාවයෙන් ගමන් කරද්දී කොටදෙනියාව නාවාන ප‍්‍රදේශයේදී වමනය ගොස් තිබේ.
    මේ බව දුටු කොන්දොස්තර ජරාව අයින් කර මිස බසයෙන් බහින්න එපා යැයි තර්ජනය කර ඇත.ගැබිණි කත ඇයගේ මව සමග හල්පේ සායනයට යන මාර්ගය අසලදී බසයෙන් බහින්නට සැරසුණත් කොන්දොස්තර ඊට ඉඩ නොදීම නිසා ඔවුන්ට මීරිගම නගරය කරා එන්නට සිදුවී තිබේ.
    මීරිගම නගරයට පැමිණි පසුව ඔවුනට බසය සෝදා දමන ලෙස කොන්දොස්තර උපදෙස් දීම නිසා අසරණවූ ගැබිනි කත හා ඇයගේ මව බසයේ කාපට් ආදිය ඉවත් කර බසය පිරිසිදු කර ඇත.
    මේ කටයුත්ත අවසන්වීමෙන් පසුව ඔවුනට සායනයට සහභාගී වීමට කාලයක් ලැබී නැති අතර ආපසු නිවසට ගොස් මේ සිදුවීම ගැන බස්නාහිර පළාත් මාර්ගස්ථ ප‍්‍රවාහන අධිකාරිය වෙත දැනුම් දී තිබේ.
    – ලංකාදීප
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හප්පා කොටදෙනියාවේ පොලිසිය නේද :rolleyes::rolleyes: නීතිය හරියට ක්‍රියාත්මක වෙයිද ?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බස්‌එකේ වමනේ දැම්මනං දැන් කාපට්‌ - සීට්‌ හෝදපං...
    ගැබිණි මවත් මහළු මවත් බස්‌ එක සෝදති

    ගයාන් සමරසිංහ



    වර්තමාන සමාජයේ ජීවත් වන සමහර මිනිස්‌සු හැසිරෙන්නේ තිරිසන් සතුන්ටත් වඩා අන්ත අයුරින්ය. මේ කතා කරන්න යන්නේද එවැනිම තිරිසන් සතෙකුටත් වඩා අන්ත අයුරින් හැසිරුණ මිනිස්‌ තිරිසනුන් දෙදෙනකු පිළිබඳවයි.

    කටානේ පදිංචිකාරියකවූ පුෂ්පා මැදි වයසේ විවාහක කාන්තාවකි. ලොකු මිල මුදලක්‌ නොමැති වුවත් ඇය කිසිවෙකුටත් අත නොපා තම සැමියා සමඟ සතුටින් කාලය ගත කළාය. කාලය කෙමෙන් ගතවෙද්දී ගැහැනියක ලබන උතුම්ම පදවිය වන මවු පදවිය සඳහා ඇය උරුමකම් කීවාය.

    ගැබිනි මාතාවක්‌ මාස දහයක්‌ පුරාවට නොවිඳිනා දුක්‌ විඳිමින් තම කුස තුළ සිටින කිරි සප්පයා පරිස්‌සම් කරගත යුතුය. පුෂ්පාද තම කුසට මාස කිහිපයක්‌ ගතවූ පසු තම මවගේ නිවෙස වෙත යන්නේ ආරක්‍ෂාව ගැන තවදුරටත් සිතමින්ය.

    කටාන ප්‍රදේශයේ ඇති මවගේ නිවසේ සිට ඇය මාතෘ සායනය සඳහා පැමිණෙන්නේ හල්පේ ප්‍රදේශයටයි. තමන්ටම කියා වාහනයක්‌ නොමැති නිසා ඇය ඒ සඳහා යන්නේ පොදු ප්‍රවාහන සේවයේ පිහිටෙනි.

    පසුගිය දිනකද ඇය තම මව සමඟ මාතෘ සායනය වෙත පැමිණීම සඳහා පිටත් වූවාය. කටාන ප්‍රදේශයෙන් ඔවුහු ගොඩවූයේ මීරිගම බලා යන පෞද්ගලික බස්‌ රථයකටයි.

    ගැබිනි මාතාවක්‌ වුවත් එම බස්‌ රථයේ කොන්දොස්‌තරවරයා පුෂ්පාට කිසි ගරුසරුවක්‌ දැක්‌වූයේ නැත. බොහෝ බස්‌රථවලට ගැබිනි මාතාවක්‌ ගොඩවූ විගස වාඩිවීමට අසුනක්‌ නොමැති වුවහොත් කොන්දොස්‌තර වහාම ඇයට අසුනක්‌ ලබාදීමට කටයුතු කරයි. එහෙත් මෙම බස්‌රථයේ කොන්දොස්‌තරවරයා එතරම් කාරුණික නොවීය. ඔහු කළේ ඇයගෙන් මුදල් ලබාගෙන "ඉස්‌සරහට යන්න" කියා කීම පමණි.

    මඳ දුරක්‌ බස්‌ රථයේ තෙරපි තෙරපී නැගිට ගිය පසු කාරුණික පුද්ගලයකු පුෂ්පා වෙත අසුනක්‌ දීමට ඉදිරිපත් විය. එම බස්‌රථයේ කොන්දොස්‌තර තුළ කිසිදු ප්‍රසන්න පෙනුමක්‌ නොතිබුණි. ඔහුට වුවමනා වූයේ හැකිතාක්‌ මගීන් පටවාගෙන රුපියල් ශත වැඩිකර ගැනීම පමණි. එලෙසම ඔහු මගීන්ට කතා කළේ ඉතාම පහත් ආකාරයටයි.

    කිසිම වැදගම්මකට නොමැති එම කොන්දොස්‌තර තැන විටින් විට රියෑදුරු තැනටද හෙමින් යන්න, හයියෙන් යන්න ආදී උපදෙස්‌ ලබාදෙයි. ඒ අතරතුර සමහර මගීන්ටද උස්‌ හඬින් ඉස්‌සරහට යන්න, මැද පේළියෙන් අයින්වෙලා ඉඩ දෙන්න ආදිය පවසමින් කෑකෝ ගසයි.

    බස්‌රථයට නැඟ කිලෝමීටර් තුනක්‌ පමණ ගිය පසු ගැබිනි මාතාවක්‌ වන පුෂ්පාට එකවරම ඔක්‌කාරයට ආවේය. ඒ සමඟම ඇයගේ මුවින් වමනය පිට විය. ක්‍ෂණිකව සිදුවූ එම දෙයින් බස්‌රථය තුළම වමනය දැමීමට ඇයට සිදු විය. බස්‌රථය තුළ සිටි මගීහු එය දෙස අනුකම්පා සහගතව බැලූහ.

    ගැබිනි මාතාවක්‌ වන පුෂ්පා බස්‌ රථය තුළ වමනය දැමීම නිසා කොන්දොස්‌තර නමැති මිනිස්‌ තිරිසනාට අසීමිත ලෙස කේන්ති ගියේය. කේන්තිය පාලනය කරගත නොහැකි තැන එම තිරිසනා මගීහු ඉදිරියේ එම ගැබිනි කාන්තාවට බැණ වැදුණේ මෙලෙසින්ය.

    "මේක බස්‌ එකක්‌. තේරෙන්නේ නැද්ද වමනේ යනකොට එළියට දාන්න. මුළු බස්‌ එකම ගඳ ගස්‌සනවා. මොන කරුමෙකට මේකට නැග්ගද මන්ද... වමනේ දානව නම් තමන්ගේ වාහනයක්‌ අරන් යන්න තිබුණනේ. බලනවා තමුසෙට කරන දේ අද. ආයි බස්‌වල වමනේ නොදාන්නම පාඩමක්‌ උගන්වනවා මම..." සෙනඟ ඉදිරියේ එම තිරිසන් කොන්දොස්‌තරගේ වචන ටික ඇසීමෙන් ඇයගේ දෑස කඳුළින් තෙත් වූවාය. අන්ත අසරණ ලෙස ඇය කිසිවක්‌ කරගත නොහැකිව මුහුණ ලේන්සුවෙන් වසා ගත්තාය. ඇයගේ මව "අනේ පුතේ එයාට බබෙක්‌ හම්බ වෙන්න ඉන්නවා. ඒකයි වමනේ ගියේ... අපිට සමාවෙන්න" කියා පැවසුවාය.

    සිත් පිත් නොමැති තිරිසන් කොන්දොස්‌තරගේ හදවත එම වචනවලින් උණු නොවීය. තවත් තිරිසන් ගති පෙන්වූ ඔහු "මට වැඩක්‌ නැහැ. බබෙක්‌ හම්බ වෙන්න ඉන්නවාද නැද්ද කියල. ඒවා ඕගොල්ලො බලාගන්න. බස්‌ එකේ වමනේ දාපු එක ගැනයි මම කතා කරන්නේ..." යෑයි පැවසීය.

    සිත්පිත් නැති තිරිසනාගේ එම වචන ටික ඇසීමෙන් ගැබිනි කාන්තාව සහ වයසක මව තවත් අසරණ වූහ. ඒ මොහොතේ එම බස්‌රථය තුළ කොන්දක්‌ ඇති කිසිවකු නොසිටින්නට ඇති. එසේ සිටියා නම් කොන්දොස්‌තරගේ එම තිරිසන්කමට එරෙහිව අනිවාර්යෙන්ම නැඟී සිටිනවා ඇත.

    ගැබිනි මාතාව සහ ඇයගේ මව හල්පේ හන්දියෙන් බැසීමට සූදානම් වූහ. ඒ මාතෘ සායනය සඳහා සහභාගි වීම සඳහාය. "කොහේ බහින්නද... වමනේ දාපු ඒවා හෝදන්නේ පොලිසියෙන්ද... ඔය මළ ජරාව සුද්ද කරන්න අපිට බැහැ. ඒක නිසා අපිත් එක්‌ක ගිහින් බස්‌ එක හෝදලා දෙනවා..." එම සිත් පිත් නැති තිරිසනා පැවසුවේය.

    "අනේ මහත්තයෝ... අපිට ක්‌ලිනික්‌ එකට යන්න තියෙනවා. පරක්‌කු වෙන්න බැහැ. අපිට බහින්න දෙන්න කරුණාකරලා..." ගැබිනි මාතාවගේ මව පැවසුවාය.

    "කොහේ බහින්නද... සිංහල තේරෙන්නේ නැද්ද. බස්‌ එක හෝදලා මිසක්‌ බහින්න දෙන්නේ නැහැ. කරුණාකරලා කට වහගෙන ඉන්නවා" එම තිරිසනා තර්ජනාත්මක ස්‌වරයෙන් පැවසුවේය.

    කොතරම් පැවසුවත් සිත් පිත් නොමැති මෙම තිරිසනාගෙන් සහනයක්‌ නොලැබෙන බව ගැබිනි කාන්තාව සහ ඇගේ මව තේරුම් ගත්හ. ඔවුන් වෙනුවෙන් කතා කිරීම සඳහා එම බස්‌ රථයේ පිට කොන්දක්‌ තිබූ කිසිවෙකුත් නොසිටියේය. අසරණ වූ ගැබිනි කාන්තාව සහ ඇයගේ මව යළි අසුන් ගත්තේ මාතෘ සායනයට යන අදහස සිතින් අයින් කර ගනිමින්ය.

    හල්පේ සිට මීරිගම දක්‌වා කිලෝමීටර් දහයක පමණ දුරක්‌ එම ගැබිනි මාතාව සහ ඇගේ මව මෙම තිරිසනා රැගෙන ගොස්‌ තිබුණි. මීරිගම නගරයෙන් මිනිසුන් බැස ගිය පසු මෙම සිත් පිත් නැති තිරිසනා බස්‌රථය නගරයේ එක්‌ තැනක නවතා එම ගැබිනි මාතාව සහ ඇයගේ මවට කියා බස්‌ රථයේ කාපට්‌ සෝදාගෙන තිබේ.

    ගැබිනි මාතාවට සහ ඇයගේ වයෝවෘද්ධ මවට එම කාපට්‌ ශුද්ධ කිරීම සඳහා බොහෝ වේලාවක්‌ ගොස්‌ තිබුණි. එය අවසන් වූ පසු ඔවුන් දෙදෙනා යළි හල්පේ මාතෘ සායනය වෙත ගොස්‌ තිබුණි. ඒ වන විට සායනය අවසන් වී පැය ගණනක්‌ ඉක්‌ම ගොසිනි. ගැබිනි මාතාවගේ සිතට දැනුණේ දරාගත නොහැකි ශෝකයකි. මෙතරම් කුරිරු මිනිසුන් මෙලොව සිටිනා බව අප දැන ගත්තේ එදිනයි. සිත් පිත් නැති තිරිසනකු නිසා මාතෘ සායනය අහිමිවූ ඇය බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරියට සහ කොටදෙනියාව පොලිසියට ගොස්‌ තමාට වූ අසාධාරණත්වය ගැන පවසා පැමිණිල්ලක්‌ දැමුවාය.

    පසුව කළ සොයා බැලීමකදී ඇයට දැන ගන්න ලැබුණේ සිත්පිත් නැති තිරිසන් කොන්දොස්‌තරවරයා එම බස්‌ රථයේ හිමිකරු බවයි.

    මුදල් පසුපස හඹා යමින් මිනිස්‌කම සිතේ කොතැනකවත් ගෑවී නොමැති, අශිෂ්ට සම්පන්න ලෙස හැසිරුණ මෙවැනි මිනිස්‌ තිරිසනුන්ට නීතියෙන් නිසි දඬුවම් නොලැබුණහොත් ස්‌වභාවධර්මයෙන් හෝ නිසි දඬුවම් ලැබේවා යන්න බොහෝ දෙනෙකු ප්‍රාර්ථනා කරති.


    http://www.divaina.com/2017/02/19/feature25.html
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මේ වගෙ කාලකන්නි නිසා තමයි ලංකාවෙ නම කැත වෙන්නෙ..
    මේවට මේ ආත්මෙදිම විදවන්න වෙයි..!:no: