වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ලබා ගත් ඖෂධය ගැබිනි කතට දිවි අහිමි කරයි

Rukshansms

Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    පිළිගත් වෛද්‍යවරයෙකුගේ වෛද්‍ය නිර්දේශයකින් තොරව අවිස්සාවේල්ල ප්‍රදේශයේ පෞද්ගලික ඔසු සලකින් ලබාගත් ඖෂධයක් පානය කිරීමෙන් තෙමස් ගැබිනි මවක් හෝමාගම මූලික රෝහලේදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වීමේ සිදුවීමක් වාර්තා වී තිබේ.
    මෙලෙස මියගොස් ඇත්තේ රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි සිව් දරු මවක් බව රුවන්වැල්ල පොලීසිය පැවසීය.
    පසුගිය 05 වැනිදා අදාළ කාන්තාව සිය සැමියා සමග අවිස්සාවේල්ල ප්‍රදේශයේ පෞද්ගලික ඔසු සලකට ගොස් දරු ගැබ ඉවත් කිරීම සඳහා ඖෂධයක් ඉල්ලා ඇති අතර පසුව එම ඖෂධ සැලෙන් ශරීරයට ඇතුල් කිරීම සඳහා මෙන්ම පානය කිරීම සඳහාද ඖෂධ කරලක් මෙන්ම පෙති තුනක්ද ලබා දී තිබේ.
    එම පෙති පානය කිරීමත් සමග අදාළ කාන්තාව අසාත්මික තත්ත්වයකට පත් වීම හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොස් ප්‍රතිකාර ඉල්ලා ඇතත් එම අවස්ථාවේදී එම වෛද්‍ය මධ්‍යස්ථානය ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කර අදාළ කාන්තාවට වහාම රජයේ රෝහලට ඇතුළත් වෙන ලෙස දන්වා තිබේ.
    ඒ අනුව ප්‍රතිකාර සඳහා එම ගැබිනි කාන්තාව අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුගිය 06 වැනි දින හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
    එහිදී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ කාන්තාව මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
    මෙම කාන්තාව පානය කර තිබූ විෂ සහිත ඖෂධය විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිගමයකින් තොරව පානය කිරීමට අවසර නොමැති බවත් එවන් ඖෂධයක් ලබා ගැනීම සහ නිකුත් කිරීම දෙපාර්ශ්වයම සිදුකළ වරදක් බවත් මෙහිදි අනාවරණය වී ඇත.
    මියගිය කාන්තාවගේ මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් සිදුකර ඇති අතර මෘද දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රනීත සෙනෙවිරත්න මහතා විසින් සිදුකර තිබේ.
    එහිදී නිකුත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව මියගිය කාන්තාවගේ සහ තෙමස් බිළිඳු කලලයේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කොට මරණයට හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබා දීමට පශ්චාත් මරණ පරීක්ෂණයේදී තීන්දු කර තිබේ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    නූගත් අඩුකුලේ හිඟන සොන්නලුන්ට හම්බවෙන ලමයා මරාගන්න, කසිප්පු බොන්න සල්ලි තියෙනවා. මෝල කරවෙලා හැමිනෙනකොට කොන්ඩම් එකක් ගන්නයි සල්ලි නැත්තේ. නොදකින්. :dull:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,001
    11,745
    113
    නූගත් අඩුකුලේ හිඟන සොන්නලුන්ට හම්බවෙන ලමයා මරාගන්න, කසිප්පු බොන්න සල්ලි තියෙනවා. මෝල කරවෙලා හැමිනෙනකොට කොන්ඩම් එකක් ගන්නයි සල්ලි නැත්තේ. නොදකින්. :dull:
    ☝️👏🏻
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ගබ්සාව නීතිගත කරානම් ලංකාවෙ බහුතරය සතුටින්
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    ගබ්සාව නීතිගත කරානම් ලංකාවෙ බහුතරය සතුටින්
    එහෙම කරලා මදියි ගවුරවනාමයක් දෙන්න ඕන. දේශාජිවානිභානි වගේ නමක් දාලා.
     
    • Haha
    Reactions: Cypress

    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    වෙන රටවල් වල වගේ පිළිගත් prescription එකක් නැතුව එක එකාට හිතුණ පලියට බෙහෙත් ගන්න හැකියාව නැති කරන්න ඕන.

    මේ ආණ්ඩුවට විතරයි ඒක කරන්නත් හැකියාවක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: Cypress