ගැමුණු කුමරුගෙන් රන් මැණිකාට

KaneBETA

Active member
  • Oct 6, 2014
    169
    92
    28
    ගැමුණු කුමරුගෙන් රන් මැණිකාට

    :rolleyes::rolleyes::rolleyes:
    නිවහල් , අබා මිණි කැටවල පහස නැති
    මාගම් කිරුළ, උර සක් දම් මිස කිමෙක ?
    හෙලා දාහ මුතු වරුසා කෙත් කරන
    කොත්මල් පුරය සිප් හල හෙළයට ඔබින

    රන් මිණි අබරණින් නොව නළලට නැගෙන
    දහදිය හැඩයි , ලා අව් රැල්ලට දිලෙන
    සඳුන් , කොකුම් තවරා නැති ඡවි කලණ
    වෙලේ මඩින් ඔප් වී ඇති සැටි ලලන

    යදියකු විලස ආ මට දුරු කතර ගෙවා
    නුඹේ හදෙහි රද අබිසෙස් දුන් විලස
    රජ සැප නිදහස සොයනා මෙමට
    උඹයි රන්මැණික සැමදින අග රැජිණ​
    :rolleyes::rolleyes::rolleyes: