ගැඹුරු වූ අනිත්‍යය දැකීම

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මම මේ ප්‍රශ්නෙදි සංයුක්ත නිකායේ, අව්‍යකත සංයුක්තයට අවධානය යොමුකරවන්න කැමතියි. එකේ මට දැන් ටක් ගලා මතක් වෙන අනුරාධ සුත්‍රයේ බුදුරදුන් අන්තිමට කියනව "ඉතින් අනුරාධ ඔබට තථාගතයන් මේ භාවයේදීම සත්‍යක්/යථාර්තයක් විදිහට ගන්න බැරිනම්"...........කියල.
    පොඩ්ඩක් ඔය සුත්‍රය කියවල බලන්න. එතැනදී අපිට තේරුම් යනවා සත්වයෙක් පුද්ගලයෙක් ඉන්නවා කියන සඥ්ඥාව එන්නෙම ආත්ම දෘෂ්ටිය පදනම් කරගෙන ලෝකය දිහා බැලුවම.

    ඉතින් දැන් ඔයා තරහකාරයෙක් ඉන්නවා කියාගෙන ඔය ප්‍රශ්නය ඇසීමෙන්ම ප්‍රශ්නය දොස සහිත එකක් බවට පත් කරල හමාරයි. ඒ කියන්නේ ඉන්කරෙක්ට්, ඔයාගේ ප්‍රශ්නයම ඉන්කරෙක්ට්.

    නමුත් කමක් නෑ අපි දැන් ඔයාගේ ඉන්කරෙක්ට් ගැටළුව ගමුකො (එක නිවරදි කරන්නේ කොහොමද කියන එක දැනගන්න),

    Code:
    "එතකොට කෙනෙක් වෙනස් වීමට කැමති වුනොත්. හිතන්න එයාගෙ හතුරා ස්ථිරව ඉන්නවට අකමැතියි. එයා විනාස වෙලා අනිත්‍ය වෙලා යනවට කැමතියි.
    මේ වගේ වලාවක අනිත්‍ය ස්වභාවය අපිට කැමති අයුරින් තියෙනවනෙ."

    *ඔය කැමැත්ත අකමැත්ත ගැන මම කලින් පොස්ට් එකක පැහැදිලි කලා.

    මේ ප්‍රශ්නය ගේන්න ඇත්තේ, යද අනිච්චන් තන්දුක්කන් මගින් අනිත්‍ය අන්ච්ච පටලැවිල්ල ඉදිරිපත් කරන්න වෙන්න ඇති. එකට පිළිතුරු සපයන්න
    මම ඔය ඉහත පාඨයට අදාල ගාථා ත්‍රිත්වයක් මතක් කරන්න කැමතියි.

    සබ්බේ සංඛාරා අනිච්චාති
    යදා පඥ්ඥාය පස්සති
    අත නිබ්බින්දති දුක්ඛේ
    එස මග්ගෝ විසුද්ධියා.

    සබ්බේ සංඛාරා දුක්ඛාති
    යදා පඥ්ඥාය පස්සති
    අත නිබ්බින්දති දුක්ඛේ
    එස මග්ගෝ විසුද්ධියා.

    සබ්බේ ධම්මා අනත්තාති.
    යදා පඥ්ඥාය පස්සති
    අත නිබ්බින්දති දුක්ඛේ
    එස මග්ගෝ විසුද්ධියා.

    දැන් ඔය ගාථා තුනේම දෙවැනි පදය බලන්න. එක "යදා පඥ්ඥාය පස්සති". එහෙනම් විසුද්දියට හේතුවන්නේ ප්‍රඥ්ඥා වෙන් බැලුවොත් තමා. නැත්නම් බුදුන්ට කියන්න තිබ්බනේ "යදා පස්සති" කියල විතරක්. එහෙනම් ප්‍රඥ්ඥාවෙන් බලන කෙනෙක් තුල අත්මදෘස්ටිය/ මම ඉන්නවාය කියන එක තියේවිද? නැහැ නේද? මම නැත්නම් මට හතුරෙකුත් ඉඳීවිද? නැහැ නේද? එයා තුල තියෙන්නේ මේ මම කියන්නේ මායාවක්, මෙය නාම රුප ගොඩක් පමණයි, සතුරාත් නාම රූප ගොඩක් පමණයි.
    ඉතින් එහෙම බැලුවම සතුරා මැරෙනකොට සත්‍ය දන්නකෙනාට ඇතිවන්නේ නාම රුප ගොඩක් වෙනස්වෙලා ගියා කියන එකයි.

    දැන් අරිය පර්යේෂණය කරන අපිත් අන්න ඒ උතුමන් වගේ හිතන්න පුරුදුවෙන්න ඕනේ. අපිට තවම "යදා පඥ්ඥාය පස්සති" වෙලා නැතත් මෙහෙම හිතනකොට ඒ දෙය සිදුවන්න උපකාරයක් වෙනව. නැතිනම් වෙන්නේ මෝහය මුල්කරගෙන තව තවත් අකුසල් රැස් කරන එක.

    පින්වත් මිතුර.

    ශ්‍රාවකයෙක් කොහොමද අරහත් උතුමෙක් විදියට හිතන්නෙ.

    බුදුහාමුදුරුවන්ට වැරදිලාද එක තැනක මම නැහැ හෝ ඉන්නව කියන්නෙ මෝඩයො කියලා පස්සේ වෙන තැනක ආයෙත් මම නැහැ කියල කියන්න.

    කෙලින් පිලිතුරක් දෙන්න මිතුර. මුස්ලිම් උත්තර එපා. හරියට දන්නෙ නැති උනාම තමයි වටේ යන පිලිතුරු දෙන්නෙ. තරහ වෙන්න එපා.

    ඔයා දන්නවද සංඝභේදය කියන ආනන්තරිය පාපකර්මය සිදුවෙන්නෙ හාමුදුරුවො කොටවන එකෙන් නෙවෙයි. ධර්මය අධර්මයක් කරන එකෙන්.

    මේව කිව්වෙ කරුණාවෙන්මයි. තරහ ගන්න එපා
     
    • Like
    Reactions: shamil45

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    මිතුර උඩ පැහැදිලි කිරීමෙන් ගත්විට ඒ අරුතෙන් ගතහොත් , සබ්බේ සන්කාරා දුක්කාතී යන ගාථාවත් වලන්ගුනැති වෙනවා නේද?
    ප්‍රඥ්ඥාවෙන් බැලුකල, මම නැත.එනම් දුකක්ද නැත.දුක විදින්නෙන් නැතිනිසා.("එහෙනම් ප්‍රඥ්ඥාවෙන් බලන කෙනෙක් තුල අත්මදෘස්ටිය/ මම ඉන්නවාය කියන එක තියේවිද? නැහැ නේද? මම නැත්නම් මට හතුරෙකුත් ඉඳීවිද? නැහැ නේද? එයා තුල තියෙන්නේ මේ මම කියන්නේ මායාවක්, මෙය නාම රුප ගොඩක් පමණයි, සතුරාත් නාම රූප ගොඩක් පමණයි.") එවිට ගාථාව ඇප්ලයි කරන්නේ කාටද?
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    පින්වත් මිතුර.
    ශ්‍රාවකයෙක් කොහොමද අරහත් උතුමෙක් විදියට හිතන්නෙ.

    සිහියෙන් සිටීමෙන්. සතිපට්ඨානයට අනුව සිහියෙන් සිටීමෙන්. එහෙමත් නැතිනම් වර්ථමාන මොහොතේ හිත පිහිටුවීමෙන්. එහෙමත් නැතිනම් අරමුණු කෙරෙහි නොඇලී සිටීමෙන්. (මේක කෙලෙස් රැස් නොකරමින් ඉන්න ගන්න උත්සහයක් සහ තියන කෙලෙස් දුරුකරන ක්‍රමයක්. රහතන් වහන්සේ නමක් මෙන්ම සිතනවා/හැඟීම් පහළවෙනවා නොවේ )

    බුදුහාමුදුරුවන්ට වැරදිලාද එක තැනක මම නැහැ හෝ ඉන්නව කියන්නෙ මෝඩයො කියලා පස්සේ වෙන තැනක ආයෙත් මම නැහැ කියල කියන්න.

    කොතනද මම දැන් එහෙම කිව්වේ, මමය සත්‍යක්/යථාර්ථයක් කරගන්න බැහැ කියල , එක තුල මම නැහැ කියන අර්ථය නැහැ. එදා ඉන්දියානු චින්තකයෝ චතුෂ්කෝටික ක්‍රමයේ හිරවෙලා ඉඳල අර මුලින් කිව්වා සුත්‍රයේ ප්‍රශ්නේ ඇහුව වගේ ඔයා ඇරිස්ටෝටල්ගේ ද්විකෝටික ක්‍රමයේ සිරවෙලා වගේ.ධර්මයේ එක්කෝ හරි එක්කෝ වැරදි කියල ගන්න බරිදෙවල් දේවල් තියනව.

    කෙලින් පිලිතුරක් දෙන්න මිතුර. මුස්ලිම් උත්තර එපා. හරියට දන්නෙ නැති උනාම තමයි වටේ යන පිලිතුරු දෙන්නෙ. තරහ වෙන්න එපා.

    කෙලින් තමා ඔය දීල තියෙන්නෙ. මම හිතුව කතාකරපු විදිහෙන් හොඳ හරවත් සාකච්චාවකට කැමති කෙනෙක් කියල, බලාගෙන ගියාම තමන්ගේ දෘෂ්ටියට පහර වදිනකොට පුද්ගලයින්ට පහර දීල පිළිතුරුවලින් මගහරින අයෙක් වගේ.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මිතුර උඩ පැහැදිලි කිරීමෙන් ගත්විට ඒ අරුතෙන් ගතහොත් , සබ්බේ සන්කාරා දුක්කාතී යන ගාථාවත් වලන්ගුනැති වෙනවා නේද?
    ප්‍රඥ්ඥාවෙන් බැලුකල, මම නැත.එනම් දුකක්ද නැත.දුක විදින්නෙන් නැතිනිසා.("එහෙනම් ප්‍රඥ්ඥාවෙන් බලන කෙනෙක් තුල අත්මදෘස්ටිය/ මම ඉන්නවාය කියන එක තියේවිද? නැහැ නේද? මම නැත්නම් මට හතුරෙකුත් ඉඳීවිද? නැහැ නේද? එයා තුල තියෙන්නේ මේ මම කියන්නේ මායාවක්, මෙය නාම රුප ගොඩක් පමණයි, සතුරාත් නාම රූප ගොඩක් පමණයි.") එවිට ගාථාව ඇප්ලයි කරන්නේ කාටද?

    ආර්ය පර්යේෂණය කරන්නා හට. ප්‍රඥ්ඥාවෙන් බලන තාක් කල් උපාදාන දුක නැත. නොබලන/අසිහියෙන් ඉන්නවිට ඇත. ආර්යන් වහන්සේට බැලුවා නොබැලුව හිත සකස්කර ඇතිනිසා කිසිවිටක උපාදාන දුක නැත.
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මිතුර උඩ පැහැදිලි කිරීමෙන් ගත්විට ඒ අරුතෙන් ගතහොත් , සබ්බේ සන්කාරා දුක්කාතී යන ගාථාවත් වලන්ගුනැති වෙනවා නේද?
    ප්‍රඥ්ඥාවෙන් බැලුකල, මම නැත.එනම් දුකක්ද නැත.දුක විදින්නෙන් නැතිනිසා.("එහෙනම් ප්‍රඥ්ඥාවෙන් බලන කෙනෙක් තුල අත්මදෘස්ටිය/ මම ඉන්නවාය කියන එක තියේවිද? නැහැ නේද? මම නැත්නම් මට හතුරෙකුත් ඉඳීවිද? නැහැ නේද? එයා තුල තියෙන්නේ මේ මම කියන්නේ මායාවක්, මෙය නාම රුප ගොඩක් පමණයි, සතුරාත් නාම රූප ගොඩක් පමණයි.") එවිට ගාථාව ඇප්ලයි කරන්නේ කාටද?

    බුද්ධ සාසනයෙ මම කරනව, මම ඉන්නව කියල නෙවෙයි පටිච්ච සමුප්පන්නව වෙනව කඅයල තමයි මම අහල තියෙන්නෙ.

    අරමුණු වලට නො ඇලී ඉන්නෙ අවිද්‍යාව නැති 4 වෙනි ධ්‍යානෙ ඉන්න කෙනෙක් හෝ අරහතුන් වහසේලා පමණයි. අනිත් හැමෝම සත්වත්වය ඉක්මවල නැහැ.

    ධර්මයේ එක්කෝ හරි එක්කෝ වැරදි කියල ගන්න බරිදෙවල් දේවල් මොනවද

    "මේ මම" කියලා කියන්නේ මායාවක් නෙවෙයි. කර්ම වල පලයක්. මායාවක් වගේ හිතෙනව නම් කාට හරි කියලා කොන්ද හරහට පොල්ලකින් ගහගෙන බලන්න.

    ඒ වගේම තමන්ට නොතේරෙන බණ තථාගතයන් වහන්සේ ඇප කරලා තව කෙනෙක්ට කීම ආනන්තරිය පාපකර්මයක්. අපායට ටිකට් ගැනීමක්. ගොඩක් පරිස්සම් වෙන්න. තෙරුවන් සරණයි.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ආර්ය පර්යේෂණය කරන්නා හට. ප්‍රඥ්ඥාවෙන් බලන තාක් කල් උපාදාන දුක නැත. ආර්යන් වහන්සේට බැලුවා නොබැලුව හිත සකස්කර ඇතිනිසා කිසිවිටක උපාදාන දුක නැත.

    අරහත් වෙලා නැතිනම් ශේෂ වශයෙන් හෝ අවිද්‍යාව තියෙනව. දෙවෙනි කරුන හරි.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අරහත් වෙලා නැතිනම් ශේෂ වශයෙන් හෝ අවිද්‍යාව තියෙනව. දෙවෙනි කරුන හරි.

    ඔඔ්, වෙලා නැතිනම් තියනව. නිවැරදිව සිහියෙන් ඉන්නකොට යතා ස්වරුපය පෙනීම මුල්කරගෙන තමා pragngnawen බලනකොට කියල කිව්වෙ.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    බුද්ධ සාසනයෙ මම කරනව, මම ඉන්නව කියල නෙවෙයි පටිච්ච සමුප්පන්නව වෙනව කඅයල තමයි මම අහල තියෙන්නෙ.
    අරමුණු වලට නො ඇලී ඉන්නෙ අවිද්‍යාව නැති 4 වෙනි ධ්‍යානෙ ඉන්න කෙනෙක් හෝ අරහතුන් වහසේලා පමණයි. අනිත් හැමෝම සත්වත්වය ඉක්මවල නැහැ.
    ධර්මයේ එක්කෝ හරි එක්කෝ වැරදි කියල ගන්න බරිදෙවල් දේවල් මොනවද
    "මේ මම" කියලා කියන්නේ මායාවක් නෙවෙයි. කර්ම වල පලයක්. මායාවක් වගේ හිතෙනව නම් කාට හරි කියලා කොන්ද හරහට පොල්ලකින් ගහගෙන බලන්න.
    ඒ වගේම තමන්ට නොතේරෙන බණ තථාගතයන් වහන්සේ ඇප කරලා තව කෙනෙක්ට කීම ආනන්තරිය පාපකර්මයක්. අපායට ටිකට් ගැනීමක්. ගොඩක් පරිස්සම් වෙන්න. තෙරුවන් සරණයි.

    ඇත නැත/ බොරු ඇත්ත කියන එක;

    එක්කෝ ඇත,එක්කෝ නැත,ඇත නැත දෙකම ඇත්ත, ඇත නැත දෙකම බොරු යනුවෙන් යනුවෙන් ගන්න බැරිකම.

    මොනවටද අදාල වෙන්නේ කියල බලන්න අව්ව්‍යකත සංයුක්තය කියවන්න.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    සැමටම,
    සත්‍ය වශයෙන්ම ධර්මය තමා තුලින්ම අත්විඳ දැකගන්න අවශ්‍ය නම් රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ සුවිසි මහගුණය පොතත් උන්වහන්සේගේ විපස්සනා භාවනා උපදෙස් පොතුත් පරිශීලනය කර, එක එක මතවාද බැහැරතබල එක මාස 6ක් ඒ උපදෙස් අනුව භාවනා කරන්න. ප්‍රතිපල නැතිනම් ,මේ ක්‍රමය වැඩක් නැහැ,බොරු, ප්‍රතිපල දායක නැහැ කියල හිතනවානම් අතැරලා දාන්න.

    PS
    මේ ප්‍රකාශය තුල මා කිසිම අධිගමයක්/අවබෝදයක් හැඟවීමක් හෝ ප්‍රකාශයක් නොකරණබව තේරුම්ගන්න. මා එවැන්නක් ලබා නොමැත.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    ඇත නැත/ බොරු ඇත්ත කියන එක;

    එක්කෝ ඇත,එක්කෝ නැත,ඇත නැත දෙකම ඇත්ත, ඇත නැත දෙකම බොරු යනුවෙන් යනුවෙන් ගන්න බැරිකම.

    මොනවටද අදාල වෙන්නේ කියල බලන්න අව්ව්‍යකත සංයුක්තය කියවන්න.

    අපරාදෙ අපි දෙන්නගෙම කාලය.

    අව්‍යාකෘත සංයුක්තය පුලුවන් වුනොත් මම කියවන්නම් .

    අව්‍යාකෘත පටිච්ච සමුපාදය හට ගන්නෙ අවිද්‍යාවෙන් නෙවෙයි. සංකාරයෙන්. එහි නාම තියෙනව රෑප හටගන්නෙ නැහැ. ඒ කියන්නෙ ප්‍රභාස්වර සිත. උපන් සිත. එය තමයි ආගන්තුක උපක්ලේෂයන්ගෙන් කිලිටි වෙන්නේ පෘතජනයගේ. අරහත් උතුමන්ගෙ සිත අව්‍යාකෘතයෙන් නවතිනව. එයින් එහාට උපාදාන/සංකාර කරන්නේ නැහැ.

    ඉතින් අවිද්‍යව ඇතිතාක් ප්‍රඥාවක් /සිහියක් කොහෙද?

    මායාවක් / හීනයක් කියන්නෙ කොහොමද සතර මහ භුතයන්ගෙන් සැදුන කයට? පිටකයෙ එහෙම දෙයක් කියල නැහැනෙ. මේ කය කර්ම වල විපාකයක්. ඒක නැහැ කියන්න බැහැ. මෙට්රික්ස් ෆිල්ම් එකෙන් බලාගෙන බන කියන අයට නම් කයක් නැහැ. ඉතින් මොලයකුත් නැහැ. (ඔයාට නෙවෙයි කිව්වෙ හොදේ)

    තෙරුවන් සරණයි
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සැමටම,
    සත්‍ය වශයෙන්ම ධර්මය තමා තුලින්ම අත්විඳ දැකගන්න අවශ්‍ය නම් රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ සුවිසි මහගුණය පොතත් උන්වහන්සේගේ විපස්සනා භාවනා උපදෙස් පොතුත් පරිශීලනය කර, එක එක මතවාද බැහැරතබල එක මාස 6ක් ඒ උපදෙස් අනුව භාවනා කරන්න. ප්‍රතිපල නැතිනම් ,මේ ක්‍රමය වැඩක් නැහැ,බොරු, ප්‍රතිපල දායක නැහැ කියල හිතනවානම් අතැරලා දාන්න.

    PS
    මේ ප්‍රකාශය තුල මා කිසිම අධිගමයක්/අවබෝදයක් හැඟවීමක් හෝ ප්‍රකාශයක් නොකරණබව තේරුම්ගන්න. මා එවැන්නක් ලබා නොමැත.

    යාලුවේ,
    ත්‍රිපිටකයත් පැත්තකට දාලා ඔය පොත් කියවන්නද උපදෙස් දෙන්නේ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    මිතුර උඩ පැහැදිලි කිරීමෙන් ගත්විට ඒ අරුතෙන් ගතහොත් , සබ්බේ සන්කාරා දුක්කාතී යන ගාථාවත් වලන්ගුනැති වෙනවා නේද?
    ප්‍රඥ්ඥාවෙන් බැලුකල, මම නැත.එනම් දුකක්ද නැත.දුක විදින්නෙන් නැතිනිසා.("එහෙනම් ප්‍රඥ්ඥාවෙන් බලන කෙනෙක් තුල අත්මදෘස්ටිය/ මම ඉන්නවාය කියන එක තියේවිද? නැහැ නේද? මම නැත්නම් මට හතුරෙකුත් ඉඳීවිද? නැහැ නේද? එයා තුල තියෙන්නේ මේ මම කියන්නේ මායාවක්, මෙය නාම රුප ගොඩක් පමණයි, සතුරාත් නාම රූප ගොඩක් පමණයි.") එවිට ගාථාව ඇප්ලයි කරන්නේ කාටද?

    :lol::lol::lol:

    WoW!

    I guess now we have some idea what we are dealing with here!

    Greenthunder, Do not waste your time, these guys are not here to learn!
     
    Last edited:

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    :lol::lol::lol:

    WoW!

    I guess now we have some idea what we are dealing with here!

    Greenthunder, Do not waste your time, these guys are not here to learn!

    මිතුර ,මේ දම් පැහැයෙන් ඇත්තේ, greenhunder ගේ පැහැදිලි කිරීමකින් ගම්‍යවන අදහස හා ඔහුගේ පැහදිලි කිරීමක උපුටාගත් කොටසක්.එහෙම නැතුව මමම් දරන මතය නෙවෙයි.

    මිතුර උඩ පැහැදිලි කිරීමෙන් ගත්විට ඒ අරුතෙන් ගතහොත් , සබ්බේ සන්කාරා දුක්කාතී යන ගාථාවත් වලන්ගුනැති වෙනවා නේද?

    ප්‍රඥ්ඥාවෙන් බැලුකල, මම නැත.එනම් දුකක්ද නැත.දුක විදින්නෙන් නැතිනිසා.("එහෙනම් ප්‍රඥ්ඥාවෙන් බලන කෙනෙක් තුල අත්මදෘස්ටිය/ මම ඉන්නවාය කියන එක තියේවිද? නැහැ නේද? මම නැත්නම් මට හතුරෙකුත් ඉඳීවිද? නැහැ නේද? එයා තුල තියෙන්නේ මේ මම කියන්නේ මායාවක්, මෙය නාම රුප ගොඩක් පමණයි, සතුරාත් නාම රූප ගොඩක් පමණයි.") එවිට ගාථාව ඇප්ලයි කරන්නේ කාටද?

    .
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මිතුර ,මේ දම් පැහැයෙන් ඇත්තේ, greenhunder ගේ පැහැදිලි කිරීමකින් ගම්‍යවන අදහස හා ඔහුගේ පැහදිලි කිරීමක උපුටාගත් කොටසක්.එහෙම නැතුව මමම් දරන මතය නෙවෙයි.

    [/COLOR]
    .

    Jabuk..!
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28

    ඉතින් දැන් ඔයා තරහකාරයෙක් ඉන්නවා කියාගෙන ඔය ප්‍රශ්නය ඇසීමෙන්ම ප්‍රශ්නය දොස සහිත එකක් බවට පත් කරල හමාරයි. ඒ කියන්නේ ඉන්කරෙක්ට්, ඔයාගේ ප්‍රශ්නයම ඉන්කරෙක්ට්.

    නමුත් කමක් නෑ අපි දැන් ඔයාගේ ඉන්කරෙක්ට් ගැටළුව ගමුකො (එක නිවරදි කරන්නේ කොහොමද කියන එක දැනගන්න),

    Code:
    "එතකොට කෙනෙක් වෙනස් වීමට කැමති වුනොත්. හිතන්න එයාගෙ හතුරා ස්ථිරව ඉන්නවට අකමැතියි. එයා විනාස වෙලා අනිත්‍ය වෙලා යනවට කැමතියි.
    මේ වගේ වලාවක අනිත්‍ය ස්වභාවය අපිට කැමති අයුරින් තියෙනවනෙ."

    *ඔය කැමැත්ත අකමැත්ත ගැන මම කලින් පොස්ට් එකක පැහැදිලි කලා.

    මේ ප්‍රශ්නය ගේන්න ඇත්තේ, යද අනිච්චන් තන්දුක්කන් මගින් අනිත්‍ය අන්ච්ච පටලැවිල්ල ඉදිරිපත් කරන්න වෙන්න ඇති. එකට පිළිතුරු සපයන්න
    මම ඔය ඉහත පාඨයට අදාල ගාථා ත්‍රිත්වයක් මතක් කරන්න කැමතියි.

    සබ්බේ සංඛාරා අනිච්චාති
    යදා පඥ්ඥාය පස්සති
    අත නිබ්බින්දති දුක්ඛේ
    එස මග්ගෝ විසුද්ධියා.

    සබ්බේ සංඛාරා දුක්ඛාති

    දැන් ඔය ගාථා තුනේම දෙවැනි පදය බලන්න. එක "යදා පඥ්ඥාය පස්සති". එහෙනම් විසුද්දියට හේතුවන්නේ ප්‍රඥ්ඥා වෙන් බැලුවොත් තමා. නැත්නම් බුදුන්ට කියන්න තිබ්බනේ "යදා පස්සති" කියල විතරක්. එහෙනම් ප්‍රඥ්ඥාවෙන් බලන කෙනෙක් තුල අත්මදෘස්ටිය/ මම ඉන්නවාය කියන එක තියේවිද? නැහැ නේද? මම නැත්නම් මට හතුරෙකුත් ඉඳීවිද? නැහැ නේද?

    මෙතන මිතුර ඔබ කපටිඋපායක් යෙදුවා.එනම් තරහා කාරයෙක්ගේ සිද්දියකදී අනිත්‍ය සැපකුත් වෙනබව අනිත් මිතුර තර්ක කලා.ඔබට අනිත්‍ය මගින් එය පැහැදිලි කරන්න නොහැකි වුනිසා. අනිච්චා කියන අරුත ඉස්මතුවෙයි කියන සැකය ආව. ඒ නිසා ඒක වලක්වන්න , මමෙක් නැත කියන පදනමට ඒමට තරම් අසරන උන.එතනින්පසු හනික ඒ පදනම මත පිහිටා අනිකාගේ ප්‍රශ්නය නමමින් ඔහුව මුලා කලා, අනිච්චා යන ධර්මතාව යටපත්කරමින්.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මෙතන මිතුර ඔබ කපටිඋපායක් යෙදුවා.එනම් තරහා කාරයෙක්ගේ සිද්දියකදී අනිත්‍ය සැපකුත් වෙනබව අනිත් මිතුර තර්ක කලා.ඔබට අනිත්‍ය මගින් එය පැහැදිලි කරන්න නොහැකි වුනිසා. අනිච්චා කියන අරුත ඉස්මතුවෙයි කියන සැකය ආව. ඒ නිසා ඒක වලක්වන්න , මමෙක් නැත කියන පදනමට ඒමට තරම් අසරන උන.එතනින්පසු හනික ඒ පදනම මත පිහිටා අනිකාගේ ප්‍රශ්නය නමමින් ඔහුව මුලා කලා, අනිච්චා යන ධර්මතාව යටපත්කරමින්.

    කෙනෙක්ට යමක් සරලව පැහැදිලි කරන්න බැරිව වටේ යනව නම් ඒකේ තේරුම දන්නවනෙ.

    මට තියෙන අවුල මේ අය සංඝභේද පාපකර්මයට මුල පුරන එක.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඉතින් පාදම ඇදට දාගෙන ගහන කණු සම්බන්ද කරලා &quo

    මෙතන මිතුර ඔබ කපටිඋපායක් යෙදුවා.එනම් තරහා කාරයෙක්ගේ සිද්දියකදී අනිත්‍ය සැපකුත් වෙනබව අනිත් මිතුර තර්ක කලා.ඔබට අනිත්‍ය මගින් එය පැහැදිලි කරන්න නොහැකි වුනිසා. අනිච්චා කියන අරුත ඉස්මතුවෙයි කියන සැකය ආව. ඒ නිසා ඒක වලක්වන්න , මමෙක් නැත කියන පදනමට ඒමට තරම් අසරන උන.එතනින්පසු හනික ඒ පදනම මත පිහිටා අනිකාගේ ප්‍රශ්නය නමමින් ඔහුව මුලා කලා, අනිච්චා යන ධර්මතාව යටපත්කරමින්.

    ඇයි මගේ රිප්ලයි එකේ සම්පුර්ණ එකම නොදා අඩු කරලා කෝට් කලේ, ත්‍රිපිටක කොටස අයින් කරල එක නිකන් මගේ වචනයක් වගේ අනිත් අයට පෙන්න සලස්වාන්නද? දැන් ඉතින් අයෙ ඒක ඇඩ් කරන්න ඕනේ නැහැ.

    ජාති අන්දයෝ හතර දෙනා සහ අලියාගේ උදාහරණෙ දන්නවා ඇති නේ. නමුත් බුදුන් කියන්නේ අලියා දිහා ප්‍රඥා ඇසෙන් බලන්න කියල. බුදුන් කිසිම දෘෂ්ටියක පැටලෙන්නේ නැහැ. නමුත් ඔයාල හරියට ඒ ජාති අන්දයෝ වගේ. ඔයාගේ යාළුවා ඇහැට පේන රුපය මම විදිහට අරන්, ඒ මගම යමින් තවත් රුප ගොඩක් හතුරෙක් කරගත්ත. (මේ ආකාරයට ඉතුරු වේදනා,සග්‍න්ඥා,සංඛාර.......යන ඒවාත් සැලකිය යුතුයි.)

    ඉතින් පාදම (රූප,වේදනා,.......වල අනිත්‍ය දුක්ඛ නොදනිම හෝ ඒවා වෙන ආකාරයකට අකුරු පෙරලීම නිසා වන පටලැවිල්ල) ඇදට දාගෙන ගහන කණු (නිසා ඇතිවන ආත්ම දෘෂ්ටිය) සම්බන්ද කරලා ගහන ගෙදරත් ඇදයි( ආත්මය මත පිහිටා තවත් රූප,වේදනා...... ගොඩක් සතුරෙක් කරගැනීම).

    මම ඔය පැහැදිලි කිරම ගෙන අවේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන තිලක්ෂණය මුල්කරගෙන.

    ඔය උදවිය දෘෂ්ටි මතවාද කියන කැලැවේ වේලිලා පැටලිලා ඉන්න උදවිය. එකයි ඔය ගැටලුව. දැන් අංශු මාත්‍රයක හරි සත්‍යයෙන්ම ධර්මය දකින්න කැමතිනම් ඔය සියල්ල බිමින් තියන්න. තියල එක මාස හයක් සතිපට්ඨානය රේරුකානේචන්දවිමල ස්වාමින් වහන්සේ උපදෙස් පරිදි කරන්න (මේ කිව්වේ අර කලින් කෙනා අදහස් කලා වගේ, ඔයගොල්ලෝ දැන් කරනවා වගේ ත්‍රිපිටකය ප්‍රතික්ෂේප කිරීමක් නෙවි, හුදෙක් අතහදා බැලීමක්) මාස හයක්. මාස හයෙන් පස්සේ තමන්ටම මේක නොතේරුනොත්, ඔය ඔයාලගේ අර්ථ විවරණ තමා හරි කියල හිතුනොත් ක්‍රමය අතහැරලා දාන්න. ප්‍රපංච බිමින් තියල එක මාස හයක් උත්සහ කරන්න වැරදි කියල හිතෙනවනම් අතහරින්න. නැතිව මේ කථා වල නියම ප්‍රයෝජනක් ලැබෙන්නේ නැහැ. ඉහත කාරණය මේ ත්‍රෙඩ් එක කියවන ධර්ම පිපාසාව තියෙන ඕනෙම කෙනෙකුට කරලා බලන්න. ප්‍රත්‍යක්ෂ නැතිනම් අතහරින්න.

    @ ewijesekara
    Yeah, most of the stuff written here went right over their heads. I should refrain from further engagement.

    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    That awkward moment; ගලේ පහරලා වහ ගන්න බැරිව සිටින හැගීම.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    මිතුර ,මේ දම් පැහැයෙන් ඇත්තේ, greenhunder ගේ පැහැදිලි කිරීමකින් ගම්‍යවන අදහස හා ඔහුගේ පැහදිලි කිරීමක උපුටාගත් කොටසක්.එහෙම නැතුව මමම් දරන මතය නෙවෙයි.

    [/COLOR]
    .
    :rofl::rofl:
    අනේ මන්දා ඉංගිරිසියෙන් කියමනක් තියෙනව put words in other peoples mouths කියලා. මේව දැක්කහම හිනා යනවා, හිතන් ඉන්නේ අපි අමු මෝඩයෝ කියලා වෙන්න ඇති. හා හොඳයි, එය ඔබේ සතුට නම් මම එයට බදා නොකරමි..හිහ් හිහ්.