ගැලවීමට ආ හමුදාව

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    ගැලවීමට ආ හමුදාව

    එදා ඉරිදාවක්. නුවර නගරයේ වැව වටේ ජනතාව රැස් වෙලා හිටියා.කලබලයක්, කාටවත් අනතුරක් නිසා නෙවෙයි. ජනයා රැස් වෙලා හිටියේ අලුත් අත්දැකීමක් ඇසින් දැක, සිතින් විඳ දරා ගන්නටයි.

    ඒ අලුත් අත්දැකීම මොකද්ද? අගනුවර සිට ගිය කිසියම් පිරිසක් අමුතු ආකාරයක නිවේදනයක් නගරය පුරා ප්‍රචාරය කිරීමයි.

    මෙන්න ඒ නිවේදනය.

    “සවන් දෙන්න, සවන් දෙන්න. අපි කොළඹ ඉඳන් ඇවිත් ඉන්නේ අලුත්ම අත්දැකීමක් ඔබට ලබා දෙන්නයි. අපි පිහිනීමේ සහ කිමිදීමේ සූරයෝ. මේ වැවට පනින ඕනෑම කෙනෙකු අපි තත්ත්පර කිහිපයක් ඇතුළත වතුරෙන් ගොඩ අර ගෙන, බේරා ගෙන ඔබ හැමට අපේ හැකියාව පෙන්නන්න සූදානම්. ඉතින් අපි හැම දෙනාගෙන්ම ඉල්ලා හිටින්නේ බය නැතුව වැවට පනින්න කියලයි."

    “වැවට පනින්න කවුරු හරි ඉදිරිපත් වෙන්න. ඒ තමා අපේ ඉල්ලීම. ඕනෑම වයසක ඕනෑම කෙනෙකුට වතුරට පනින්න ඉදිරිපත් වෙන්න පුළුවන්. කිසි බයක් වෙන්නෙපා.අපි කිසිම කෙනෙකුට කිසිම අනතුරක් වෙන්න දෙන්නේ නෑ.ඒ නිසා කිසි බයක් නොවී වතුරට පනින්න.”

    මේ විදිහට මේ නිවේදනය කිහිප වාරයක්ම ප්‍රචාරය කළා. වැව වටේ හිටිය සමහරු පුදුමයෙන් මෙන් මුනු මුනු ගෑවා.ඇස් දල්වා ගෙන කවුරු හෝ වැවට පනින තුරු බලා හිටියා.ඒත් කුවරුවත් වැවට පැන්නේ නැහැ. සමහරවිට එහෙම එක සැරේම වතුරට පනින්න තරම් ධෛර්යයක් නැති වෙන්නැති.ඒ වගේම ඔය ගලවා ගන්නවා කියන කට්ටිය ගැන විශ්වාසයක් නැති නිසා වෙන්නත් ඇති. ඒ හින්දා කවුරුවත්ම වතුරට පනින වගක් පෙනෙන්නට තිබුණේ නැහැ.
    ඔන්න ආයෙත් නිවේදනය ප්‍රචාරය වෙන්නට පටන් ගත්තා.

    “සවන් දෙන්න සවන් දෙන්න ....” මේ වාරයේ නිවේදනය ප්‍රචාරයවන අතර වාරයේ ඔන්න කෙනෙක් වතුරට පැන්නා.වැව වටේ රැස් වෙලා බලා සිටින ජනතාව හුස්ම උඩට අල්ලා ගත්තා.හැම දෙනා තුළම ඇති වූයේ විස්මයක්.ඊළඟට වෙන්නේ කුමක්ද? හැම දෙනාගේම පොදු ප්‍රශ්නය වුණා.
    නිවේදනය නතර වුණා. ඒ වෙනුවට වැවට පැන්න පුද්ගලයා බේරා ගැනීම පිළිබඳව ශබ්ද විකාශනයෙන් කියවෙන්නට පටන් ගත්තා.
    “ඔන්න අපේ භටයන් ක්‍ෂණිකව දියට පැන්නා. පීනා ගෙන යනවා පේනවා.තවත් සමහැර දිය යටින් යනවා.ඒ හැම දෙනාම ඔය වගේ කටයුතුවලට හොඳින්ම පුහුණුව ලැබූ අය. ඒ අයට බැරි වෙන්නෙත් නෑ. වරදින්නෙත් නෑ. ඔන්න......ඔන්න, හැමෝටම බලා ගන්න පුළුවන් දියට පැන්න කෙනාව අපේ භටයන් බේරා ගෙන ගොඩ එන ආකාරය...” වැව වටේ සිටි ජනතාව අත් පොළසන් දෙන්නටත්, ඔල්වරසන් දෙන්නටත් පටන් ගෙන තිබුණා.
    ‘කතාවත් ඇත්ත.වැඩෙත් ඇත්ත.’ ජනතාව එකිනෙකාට කියා ගත්තේ සතුටින්.

    වැව් දියට පැන තිබුණේ අවුරුදු හතළිහක විතර පෙනුමැති මහතෙක්.ඉහින් කනින් බේරෙන වතුරත් එක්කම ගලවා ගැනීමේ හමුදාවේ භටයන් ඔහුව ගොඩට අර ගෙන ආවා.

    මේ සිද්ධිය වෙන කාලේ අපේ රටේ රූපවාහිනී මාධ්‍යය තිබුණේ නැහැ.තිබුණේ රේඩියෝ සහ පත්තර පමණයි. ඒ නිසා අර ගලවා ගැනීමේ හමුදාවේ සාමාජිකයන් වැවෙන් ගොඩට ගත් පුද්ගලයා වටේට පත්තර නියෝජිතයන් රැස් වුණා.
    “ඔබට මොනවද මේ ගැන කියන්න තියෙන්නේ?” පුවත්පත් වාර්තාකරුවන්ගේ පොදු ප්‍රශ්නය වුණා. ඒ හැම දෙනාම හෙට පත්තරේට මේ සිදුවීම ගැන හොඳ වාර්තාවක් ලියන්නටයි ලක ලැහැස්තිවී සිටියේ.

    “මට කියන්න තියෙන්නෙද?” තවමත් ඉහින් කනින් බේරෙන ජලය සහ තෙත බරිත ඇඳුමින් සිටි මහතා කතා කළා. “මට කියන්න තියෙන්නේ මාව වතුරට තල්ලු කළ එකා හොයා ගන්න ලැබුනොත් උගේ හොක්ක තලලා තමා අතාරින්නේ කියලයි."

    (ඔබ කිසියම් වින්දනයක් ලැබුවා නම් එහි ආශ්වාදනීය පින මෙහි මුල් නිර්මාණකරුට අයත් විය යුතුය. මා කළේ මගේ මතකය හාරාවුස්සා සොයා ගත් යමක් බට ඉදිරිපත් කිරීම පමණි. ස්තුතියි.)
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ

    අම්මො එක පට්ට බන් ඉස්සරත් ලාන්කිකයො අපතයොම තමයි.....කොයි කාලෙ සීන් එකක් ද බ්න් මෙ..??/REP ++