ගැලැක්සි සෙවන් යන්නම යයි

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ගැලැක්සි සෙවන් යන්නම යයි

    හදිසියේ ගිනි ඇවිලීමට ගත් නිසාවෙන් ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇතිවීමට තුඩු දුන් සැම්සුන්ග් සමාගමේ ගැලැක්සි නෝට් 7, ස්මාර්ට් ෆෝනයේ නිශ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට එම සමාගම තීරණය කර ඇත.නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කර තිබෙන්නේ තම පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව ගැන සිතා මෙම තීරණයට එළැඹි බවය.

    ගැලැක්සි නෝට් සෙවන් ස්මාර්ට් ෆෝනයන් හදිසියේ ගිනිගන්නා බව අනාවරණය වීමත් සමග වහාම හානියට පත් ස්මාර්ට් ෆෝනයන් නැවත කැඳවීමට කටයුතු කළ සැම්සුන්ග් සමාගම, පසුව එම දුරකතන පරිශීලනය කරමින් සිටි පුද්ගලයින්ට නවතම ගැලැක්සි සෙවන් ස්මාර්ට් ෆෝනයන් ලබාදුන්නේ වරද නිවැරදි කර ඇති බවට සහතිකයක් දෙමිනි.

    නමුත් එසේ ලබාදුන් ස්මාර්ට් ෆෝනයන්ද ගිනි ගන්නා බව අනාවරණය වීමත් සමග සැම්සුන්ග් සමාගමට ලොව දස දෙසින් දෝශාරෝපණ එල්ල විය.දකුණු කොරියාවේ ආර්ථික ඇමැතිවරයාද නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, සැම්සුන්ග් සමාගම වරද පිළිගෙන අදාළ පරිදි කටයුතු නොකළහොත් එයින් හානි වන්නේ දකුණු කොරියාවේ සමස්ත අපනයනයන්ට බවයි.

    ආර්ථික විශ්ලේෂකයින් මත පල කර ඇති ආකාරයට මෙසේ නිශ්පාදන කටයුතු අත්හිටුවීමට ගත් තීරණය නිසා සැම්සුන්ග් සමාගමට අහිමිවනු ඇති මුදල ඩොලර් බිලියන 17 කට ආසන්නය.මෙම ගණනය කිරීම සිදුකර ඇත්තේ ගැලැක්සි සෙවන් ස්මාර්ට් ෆෝනයන් ලක්ෂ 190 ක් විකිණීමට හැකිවේයැයි සැම්සුන්ග් සමාගම පළකර තිබූ පුරෝකථනයක් අනුවය.

    ගැලැක්සි නෝට් සෙවන් අත්හිටුවීමෙන් සැම්සුන්ග් සමාගමට ආර්ථික වශයෙන් වන අලාභයට වැඩි අලාභයක් නාමික වශයෙන් ගෙවීමට සිදුවනු ඇත.ඒ විශ්වසනීය සමාගමක් ලෙසට පාරිභෝගිකයන් අතර තිබූ පිළිගැනීම සෑහෙන පමණකින් අහිමි වන නිසාය.

    මේ සම්බන්ධයෙන්ද අදහස් දක්වා ඇති විචාරකයින්ට අනුව සැම්සුන්ග් සමාගමේ ආපදාවෙන් වාසි සළසා ගනු ඇත්තේ පික්සල් නම් නවතම ස්මාර්ට් ෆෝනයක් සමග වෙළදපලට පිවිස සිටින ගූගල් සමාගම තම නවතම අයිෆෝනය ඉදිරිපත් කර තිබෙන ඇපල් සමාගමය.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    :(මාත් එකක් ගන්න හිටියේ.note 7 එකට ගහන්න ෆෝන් එකක් නැහැ ඕක උනේ නැත්නම්.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    FYJVexl.gif