ගැසට්ටුව ඉල්ලා අස්කර ගැනීමට
දෙසැම්බර් 7 නඩු තීන්දුවට කලින් ගැසට්ටුව ඉල්ලා අස්කර ගැනීමට ගමරාළ තීන්දු කරලා..!
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොවැම්බර් 9 වෙනිදා ගැසට්ටුවක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ඇති සහ දැනට එම ගැසට්ටුව අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති පෙත්සම් විභාගය දෙසැ 4,5,6, දිනයන්හි සිදුකර දෙසැ 7 වෙනිදා තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබියදී විභාගය ආරම්භ වීමට පෙර තම ව්‍යවස්ථා විරෝධී ගැසට්ටුව අස්කර ගැනීමට ජනාධිපති ගමරාළ සූදානම් වන්නේ යයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
දෙසැම්බර් 7 තීන්දුව නිසැක වශයෙන්ම තමාගේ ක්‍රියාවට විරුද්ධ තීන්දුවක් විය හැකි බව පෙනී ගොස් ඇති ගමරාළ, එවැනි තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුනහොත් ඔහු ඉන්තේරුවෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව කැඩීමේ වරදට හසුව දෝෂාභියෝගයකට ලක් වන බැවින් ඊට පෙර ගැසට්ටුව ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර තිබේ.
ගසැට්ටුව ඉල්ලා අස්කර ගන්නා බවට ඉඟි කරන ප්‍රකාශයක් ගමරාළ ඊයේ දෙමළ ජාතික සන්ධානය සමග පැවැති සාකච්ඡාවේ දී ද ප්‍රකාශ කර තිබේ.
කෙසේ නමුත් ගමරාළගේ හොර අගමැති මහින්ද රාජපක්ෂ ඉන්නේ 7 වෙනිදා තීන්දුවෙන් වෙනත් තීන්දුවක් ලැබේවියැයි අනුමානයෙනි. එනම් මේ වන විට ජනාධිපතිවරයා පත් කළ ආණ්ඩුව පවත්වාගෙන යා නොහැකි නිසා මැතිවරණයක් පැවැත්වීම සාධාරණ යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුකරනු ඇති බවයි. එසේ නමුත් ව්‍යවස්ථාව පිලිබඳ පරිණත නීතිවේදීන් පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට වුව ව්‍යවස්ථාවට පිටින් තීන්දුවක් දිය නොහැකි බවයි. ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි තීන්දුවක් දුන්නොත් ඡන්දයකින් ආණ්ඩුවක් පත් වීමෙන් පසු තමන් අකමැති අගමැතිවරයෙක් පත් වීමට යන්නේ යයි මින් මතු සිතන ඕනෑම ජනාධිපතිවරයෙක් ඡන්දය තබා දින 2 කින් හෝ පාර්ලිමේන්තුව විසිරුවා හැර යලි යලිත් ඡන්ද වලට යෑමේ විකෘතියකට රට පත් වේ. එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි තීන්දුවක් නොදෙනු ඇතැයි නීතිවේදීහු කියති.
කෙසේ වෙතත් “ජුන්ටාවේ ඉරණම තීන්දු වන 7 වෙනිදා නඩුව අහන විනිසුරු 4 කට මරා-සිරා ජුන්ටාවෙන් දැඩි බලපෑම්..! සම්පූර්ණ කුමන්ත්‍රණය මෙන්න..!!” මැයෙන් ලංකා ඊ නිව්ස් රාජපක්ෂලාගේ කුමන්ත්‍රණය හෙළි කිරීමෙන් පසු විනිසුරුවරුන් තම දුරකථන වලට පවා ඒමෙන් වැළැකී සිටින බව වාර්තා වේ. ඒ හේතුව මත රාජපක්ෂලා දැන් බලපෑම් කිරීමට තෝරා ගෙන ඇත්තේ විනිසුරුවරුන්ගේ ලඟම ඥාතීන්ව ය.
මේ අතර මහින්ද රාජපක්ෂ විශ්වාස භංග දෙකකින්ම පරාජය වී ඇති බැවින් ඔහුට තව දුරටත් අගමැතිධූරයේ කටයුතු කිරීමෙන් වළක්වාලන ක්වෝවොරන්ට් රිට් ආඥාවක් ඉල්ලා මන්ත්‍රීවරුන් 122 කගේ අත්සනින් ගොනු කළ පෙත්සම ඊයේ විභාගයට ගැණුනු අතර එහි තීන්දුව ලබන 3 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය. මේ තත්ත්වය යටතේ ජනාධිපති විසින් තම ගැසට් නිවේදනය ඉල්ලා අස් කර ගැනීම බොහෝ විට 3 වෙනිදා නඩු තීන්දුවෙන් පසු සිදු කරනු ඇත.
Reuters Link
---------------------------