ගැසට්ටුව ඉල්ලා අස්කර ගැනීමට

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ගැසට්ටුව ඉල්ලා අස්කර ගැනීමට

දෙසැම්බර් 7 නඩු තීන්දුවට කලින් ගැසට්ටුව ඉල්ලා අස්කර ගැනීමට ගමරාළ තීන්දු කරලා..!

47179036_2183658408581325_5567357486358331392_o.jpg


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොවැම්බර් 9 වෙනිදා ගැසට්ටුවක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ඇති සහ දැනට එම ගැසට්ටුව අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති පෙත්සම් විභාගය දෙසැ 4,5,6, දිනයන්හි සිදුකර දෙසැ 7 වෙනිදා තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබියදී විභාගය ආරම්භ වීමට පෙර තම ව්‍යවස්ථා විරෝධී ගැසට්ටුව අස්කර ගැනීමට ජනාධිපති ගමරාළ සූදානම් වන්නේ යයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

දෙසැම්බර් 7 තීන්දුව නිසැක වශයෙන්ම තමාගේ ක්‍රියාවට විරුද්ධ තීන්දුවක් විය හැකි බව පෙනී ගොස් ඇති ගමරාළ, එවැනි තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුනහොත් ඔහු ඉන්තේරුවෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව කැඩීමේ වරදට හසුව දෝෂාභියෝගයකට ලක් වන බැවින් ඊට පෙර ගැසට්ටුව ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර තිබේ.

ගසැට්ටුව ඉල්ලා අස්කර ගන්නා බවට ඉඟි කරන ප්‍රකාශයක් ගමරාළ ඊයේ දෙමළ ජාතික සන්ධානය සමග පැවැති සාකච්ඡාවේ දී ද ප්‍රකාශ කර තිබේ.

කෙසේ නමුත් ගමරාළගේ හොර අගමැති මහින්ද රාජපක්ෂ ඉන්නේ 7 වෙනිදා තීන්දුවෙන් වෙනත් තීන්දුවක් ලැබේවියැයි අනුමානයෙනි. එනම් මේ වන විට ජනාධිපතිවරයා පත් කළ ආණ්ඩුව පවත්වාගෙන යා නොහැකි නිසා මැතිවරණයක් පැවැත්වීම සාධාරණ යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුකරනු ඇති බවයි. එසේ නමුත් ව්‍යවස්ථාව පිලිබඳ පරිණත නීතිවේදීන් පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට වුව ව්‍යවස්ථාවට පිටින් තීන්දුවක් දිය නොහැකි බවයි. ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි තීන්දුවක් දුන්නොත් ඡන්දයකින් ආණ්ඩුවක් පත් වීමෙන් පසු තමන් අකමැති අගමැතිවරයෙක් පත් වීමට යන්නේ යයි මින් මතු සිතන ඕනෑම ජනාධිපතිවරයෙක් ඡන්දය තබා දින 2 කින් හෝ පාර්ලිමේන්තුව විසිරුවා හැර යලි යලිත් ඡන්ද වලට යෑමේ විකෘතියකට රට පත් වේ. එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි තීන්දුවක් නොදෙනු ඇතැයි නීතිවේදීහු කියති.

කෙසේ වෙතත් “ජුන්ටාවේ ඉරණම තීන්දු වන 7 වෙනිදා නඩුව අහන විනිසුරු 4 කට මරා-සිරා ජුන්ටාවෙන් දැඩි බලපෑම්..! සම්පූර්ණ කුමන්ත්‍රණය මෙන්න..!!” මැයෙන් ලංකා ඊ නිව්ස් රාජපක්ෂලාගේ කුමන්ත්‍රණය හෙළි කිරීමෙන් පසු විනිසුරුවරුන් තම දුරකථන වලට පවා ඒමෙන් වැළැකී සිටින බව වාර්තා වේ. ඒ හේතුව මත රාජපක්ෂලා දැන් බලපෑම් කිරීමට තෝරා ගෙන ඇත්තේ විනිසුරුවරුන්ගේ ලඟම ඥාතීන්ව ය.

මේ අතර මහින්ද රාජපක්ෂ විශ්වාස භංග දෙකකින්ම පරාජය වී ඇති බැවින් ඔහුට තව දුරටත් අගමැතිධූරයේ කටයුතු කිරීමෙන් වළක්වාලන ක්වෝවොරන්ට් රිට් ආඥාවක් ඉල්ලා මන්ත්‍රීවරුන් 122 කගේ අත්සනින් ගොනු කළ පෙත්සම ඊයේ විභාගයට ගැණුනු අතර එහි තීන්දුව ලබන 3 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය. මේ තත්ත්වය යටතේ ජනාධිපති විසින් තම ගැසට් නිවේදනය ඉල්ලා අස් කර ගැනීම බොහෝ විට 3 වෙනිදා නඩු තීන්දුවෙන් පසු සිදු කරනු ඇත.


Reuters Link
---------------------------
 

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    දෙසැම්බර් 7 නඩු තීන්දුවට කලින් ගැසට්ටුව ඉල්ලා අස්කර ගැනීමට ගමරාළ තීන්දු කරලා..!


    Reuters Link
    ---------------------------

    Foreign countries have yet to recognize the new government. The impasse has also pushed the island’s currency to record lows, caused turmoil on its stock and bond markets, and raised fears it may not be able to service debts to finance reconstruction following a 26-year civil war that ended in 2009.
    :no::no::no:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,823
    29,053
    113
    පාර්ලිමේන්තුව විසුරුවාහැරීම අද රෑ 12ට අවලංගුයි ?

    අද (දෙවැනිදා) මධ්යම රාත්රියේදී ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය යළි කැඳවීමට හෝ එම නිවේදනය අහෝසි කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරනු ඇතැයි ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග සදහන් කරයි.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පවතින නඩු විභාගය දෙසැම්බර් මස තුන්වැනිදා ආරම්භවීමට නියමිත හෙයින් ඊට පෙර අදාළ ගැසට් නිවේදනය අහෝසි කරනු හෝ යළි කැඳවනු ඇතැයි අපේක්ෂා කෙරේ.


    - http://divaina.com/sunday/index.php/main-news-2/7189-23-35
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පාර්ලිමේන්තුව විසුරුවාහැරීම අද රෑ 12ට අවලංගුයි ?

    අද (දෙවැනිදා) මධ්යම රාත්රියේදී ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය යළි කැඳවීමට හෝ එම නිවේදනය අහෝසි කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරනු ඇතැයි ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග සදහන් කරයි.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පවතින නඩු විභාගය දෙසැම්බර් මස තුන්වැනිදා ආරම්භවීමට නියමිත හෙයින් ඊට පෙර අදාළ ගැසට් නිවේදනය අහෝසි කරනු හෝ යළි කැඳවනු ඇතැයි අපේක්ෂා කෙරේ.


    - http://divaina.com/sunday/index.php/main-news-2/7189-23-35

    :yes::yes::yes:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    “රනිල් හැර වෙන අගමැති කෙනෙකුට අපි කැමැති නෑ..!” -සජිත් සියළු පක්ෂ නායකයන් ඉදිරියේ ගමරාළගේ මුහුණටම කියයි

    එජාපෙරමුණේ පක්ෂ නායකයන් සියළු දෙනාගේ විශ්වාසය දිනාගෙන සිටින රනිල් වික්‍රමසිංහ හැර අන් කවරෙකු හෝ අගමැතිධූරයට පත් වෙනවාට තමා ද ඇතුළු සියළුම පක්ෂ නායකයන් විරුද්ධ යැයි එජාප නි.නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ ජනාධිපති පල්ලෙවත්ත ගමරාළගේ මුහුණට සියළුම පක්ෂ නායකයන් ඉදිරියේ ප්‍රකාශ කර තිබේ.

    ඔහු මේ ප්‍රකාශය කර ඇත්තේ ජනාධිපති ගමරාළ සමග එජාපෙ පක්ෂ නායකයන් ඊයේ රාත්‍රී දක්වා කෙරුණු සාකච්ඡා අතර තුර දී ය.

    තමා විසින් හඳපානේ පත් කළ හොර අගමැති මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුව තුල කවරාකාරයෙකින් හෝ බහුතරයක් හදා ගත නොහැකි බව ජනාධිපති ගමරාළ විසින් ඊයේ පිළිගෙන ඇති නමුත් අගමැතිවිය යුත්තේ එජාපෙරමුණේ රනිල් හැර වෙන අයෙකු යැයි දැඩිව අවධාරණය කර තිබේ. ඊට හේතු සාධක ලෙස මීට පෙරද පවසා ඇති රනිල්ගේ අයා දෝෂ අඳෝනා ඊයේ දිනයේද දොඩවා ඇති ජනාධිපති ගමරාළ තමාට හිතෙන ආකාරයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්වචනය කර ගනිමින් පවසා ඇත්තේ අගමැති විය යුත්තේ ජනාධිපතිද කැමැති පුද්ගලයෙකු බවත් නොඑසේව එකට වැඩ කළ නොහැකි බවයි.

    මෙහිදී නීතිඥයන් රැසකගෙන් හෙබි පක්ෂ නායකයන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ එවැන්නක් ව්‍යවස්ථාවේ නොමැති බවයි. ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් වන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්ත ඇති මන්ත්‍රීවරයා අගමැතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කළ යුතු කියා මිස ජනාධිපතිගේද කැමැත්ත අැති පුද්ගලයා ද විය යුතු යැයි 19 වෙනි සංශෝධනයේ පමණක් නොව පැරණි ව්‍යවස්ථාවේ හෝ සඳහන් වන්නේ නැතැයිද, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය එදා කිසිසේත්ම කැමැත්තක් නොදැක්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට 2001 දී අගමැතිධූරය දුන්නේ ද ඒ අනුව යැයි පක්ෂ නායකයන් ගමරාළට පැහැදිලි කර දී තිබේ.

    ඉන්පසුව රනිල් වික්‍රමසිංහ වෙනුවට වෙන අයෙකු එක්සත් ජාතික පෙරමුණට ඇත්තේම නැතිදැයි විමසූ ජනාධිපති ගමරාළට නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස විසින් සියළුම පක්ෂ නායකයන් ඉදිරියේ ඉතාමත් පැහැදිලිවම කණ කිස් කන පිළිතුර දී ඇත්තේ ඒ අවස්ථාවේ දී ය. මේ අවස්ථාවේ දී එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සියළු දෙනා කිසිදු බෙදීමකින් තොරව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විය යුතුය යන මතයේ සිටින්නේ යයි ද එවැනි පාවාදීමක් කරන්නට කිසිදු නායකයෙකු මේ අවස්ථාවේ සූදානම් නැතැයිද සජිත් ප්‍රේමදාස ඉතා පැහැදිලිව පවසා තිබේ.

    කෙසේ වෙතත් ජනාධිපති ගමරාළ මේ පිළිබඳව තව දුරටත් එජාපෙ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීමට හෙට ඉරිදා දින යොදා ගෙන ඇත.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,269
    113
    Gotland
    ටෝයියෝ දැන් රෙස්ට් එකක් ගන්න



    බයියෝ ෆොටෝෂොප් ඉන්ස්ටෝල් කරලා ලෑස්ති වෙන්න
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    එතකොට කවුද අගමෑති? මේයකා මොන රෙද්දක් කරනවද මන්දා
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,175
    113
    Around the world
    මරා සිරා අැවිත් ගැසට් පීචං කළා ව්‍යවස්ථාව පීචං කළා විශ්වාසභංග පිචං කළා බහුතරය පීචං කළා Breaking News පීචං කළා විශේෂ ප්‍රකාශ පීචං කළා
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මරා සිරා අැවිත් ගැසට් පීචං කළා ව්‍යවස්ථාව පීචං කළා විශ්වාසභංග පිචං කළා බහුතරය පීචං කළා Breaking News පීචං කළා විශේෂ ප්‍රකාශ පීචං කළා

    :yes::yes:
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,567
    3,394
    113
    මරා සිරා අැවිත් ගැසට් පීචං කළා ව්‍යවස්ථාව පීචං කළා විශ්වාසභංග පිචං කළා බහුතරය පීචං කළා Breaking News පීචං කළා විශේෂ ප්‍රකාශ පීචං කළා

    මහබැංකුව