ගැස්ට්රයිටිස්
ගොඩ දෙනෙක් මේ දවස් ටිකේම ගෑස්ටික් ගැන කතා කරල තිබුණ හින්දා මම හිතුව පොඩි නූලක් දාන්න ඕන කියල .
ඇත්තටම කියනවනම් හරි වචනෙ ගැස්ට්රයිටිස් ඒ කියන්නෙ ආමාශගත ආසාදනය මේකෙත්
Acute සහ chronic වශයෙන් වර්ග දෙකක් තියෙනව.ඒ ගැන වෙන වෙනම කතා කරමු.
ගොඩක් අයට එන රෝග ලක්ෂණ තමයි බඩ පපුව දැවිල්ල ඒ කියන්නෙ බ්ඩේ උඩ මැද හරියේ දැවිල්ල,උගුරට එන ගතිය වමනය..ඇතැම් වෙලාවට කලන්තය,බඩ එලියෙ යාම වගේ ලක්ෂණ ත් එන්න පුලුවන්.කල්ගත වීමෙදි බඩේ වේදනාව ,ලේ වමනය,මලපහ කලු පාටට යාම ඒ කියන්නෙ ආහාර මාර්ගයේ ඉහල කොටසක ලේ ගැලීමක් ..ආදිය එන්න පුලුවන්.
ඇයි මෙහෙම වෙන්නෙ,
Pathophysiology එහෙම නැත්තම් මේ රෝගයෙ පදනම කතා කලොත් අපේ ආමාශයේ ඇතුලත ස්තරය අපි කියනව mucosa එක හැදිල තියෙන්න අපිඡ්ඡද සෛල වලින් .ආමාශය කියන්නෙ ආහාර දිරවන තැනක් මේක ආම්ලික ගතියෙන් තමයි තියෙන්නෙ අපේ හමකට ඇසිඩ් වැටුනොත් පිච්චෙනව වගේ මේ ආම්ලික බ්ව නිසා අමාශෙ පිච්චෙන එක වලක්වන්න ක්රම ඇගෙන්ම හැදිල තියෙනව ආමාශෙ ඇතුලත තුනී ස්ලේශ්මල පටලයකින් ආරක්ෂා වෙලයි තියෙන්නෙ .ඉතින් මේ ආරක්ෂා යාන්ත්රනයට මොනව හරි හානියක් වුනොත් හරි වෙනත් බාහිර සාධක නිසා හරි අමාශය ආසාදනය උනොත් අර උඩින් කිව්ව රෝගලක්ෂණ මතු වෙන්න පුලුවන් .
අර කිව්ව ආරක්ෂක යාන්ත්රන බිඳ වැටුනම අමාශ අපිඡ්ඡද ය හානි වෙලා තුවාල ඇති වෙන්න පුලුවන්,මේවගෙන් ලේ ගලන්න පුලුවන්,දිගු කාලයක් මේ විදියට තිබීමෙන් ඒ සෛල වෙනස් වෙලා පිලිකා තත්ත්වයක් බවට පත් වෙන්න පුලුවන් ,ඇතැම් විට දරුණු තුවාලය්යක් නිසා ලේ ගැලීමෙන් මිය යන්න ආමාශය සිදුරු වෙන්න පවා පුලුවන් ...
මොනවද හේතු ,
1.වැරදි ආහාර පුරුදු ..ඒ කියන්නෙ අපිට බඩගිනි දැනෙනකොට අපේ ආමාශයේ අම්ල ස්රාවය පටන් ගන්නව අපි දිගටම නොකා ඉන්න කොට මේ ඇසිඩ් වලින් බඩ පිච්චෙනව
2.බැක්ටීරියා ,වෛරස් ,දිලීර ආසාදනය ..මේ වගෙන් ප්රදාන වෙන්නෙ හෙලිකොබැක්ට පයිලෝරි කියන බැක්ටීරියාව නිසා වන ආසාදන මෙයා ස්රාවය කරන විශ රසායන නිසා ආමාශයේ තුවාල ඇතිවීම පවා වෙනව..
3.දුම් බීම,මත්පැන් පානය
මේව නිසා ආමාශයේ ආරක්ෂ්ණ යාන්ත්රනය බිඳ වැටෙනව
4.ජාන ගත රෝග
5.සමහර ඖෂධ
විශේෂයෙන්ම NSAIDS ඒ කියන්නෙ ඇස්පිරින් ,ඩික්ලොෆිනැක් වගේ ඒව නිසා අර ආරක්ෂ්ණ යාන්ත්රනයට හානි වෙනව
ප්රතිකාර
මුලින්ම අපේ ආහාර පුරුදු නිවරදි කරගන්න ඕන
ඊළඟට
ආම්ලික බව අඩුකරන ඖෂධ
ආරක්ෂා යාන්ත්රනයට උදව් වෙන ඖෂධ
මේ ප්රතිකාර එකදිගට සති අටක් වත් පාවිච්චි කරල ඒත් හොඳ නැතිනම් එන්ඩොස්කොපි පරීක්ෂණ කරල බලන්න වෙනව...
ගැටලු කතා කරමු ...තෙරුවන් සරණයි