ගැස්ට්‍රයිටීස්

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    ගැස්ට්‍රයිටීස්

    ගැස්ට්‍රයිටීස් වදකාරයා
    Gastritis-500x325.jpg

    නරක්වීම නිසා ඇඹුල් බවට පත්වූ පිත අම්ල පිත්තය ලෙස හැඳින්වේ.
    විවිධ කාරණා හේතුවෙන් පිත ඇඹුල් බවට පත්වීමෙන් අම්ල පිත්තය ඇති වන අතර ආහාරපාන ඇතුළු නොයෙකුත් හේතූන් නිසා ආමාශයික යුෂ ශ්‍රාවය වැඩිවීමද අම්ල පිත්ත රෝගයට හේතුවකි.


    නරක් වූ ආහාර, අම්ල රස වැඩි, විදාහි ආහාර, පිත් කෝප කරන ආහාරපාන, උෟෂ්ණ ආහාර, රා, අරක්කු ආදී පාන වර්ග, උඳු, පාන්පිටි මිශ්‍ර ආහාර ගැනීම, එකිනෙකට විරුද්ධ වූ ආහාර, මානසික ආතතිය, නිදි වැරීම, ශරීරයේ අධික උෂ්ණත්වය, නිතර තෙල්, මිරිස්, රසකාරක සහිත ආහාර වර්ග, පිපෙන්නට තබා සාදන ආහාර අම්ල පිත්ත රෝගයේ සමාරම්භයයි.

    අම්ල පිත්ත රෝගයේදී උෟර්ධවගත අම්ල පිත්තය සහ අධෝගත අම්ල පිත්තය යනුවෙන් ප්‍රභේද 2කි.
    අම්ල පිත්ත රෝගය බටහිර මතයට අනුව හෙලිකොබැන්ටර් ෆයිලෝර් නමැති බැක්ටීරියාව අධික ලෙස ආමාශය තුළ වර්ධනය වීම බව දක්වා ඇත. මෙම බැක්ටීරියාව ඇතැම් ඔෟෂධ මඟින් පාලනය කළ හැකි බව බටහිර මතයයි. ආශ්වාස ප්‍රශ්වාස පරීක්ෂණය, මලපහ පරීක්ෂණය, රුධිර පරීක්ෂණය මඟින් එම බැක්ටීරියාව හඳුනාගත හැකිය.


    ගලනාලයේ සහ ආමාශයේ ඇති වී තිබෙන ආසාදන තත්ත්වයන් දැනගැනීමට සිහින් බටයක් මුඛයෙන් උගුර දිගේ පහළට ආමාශය දක්වා එවා එන්ඩස්කොපි පරීක්ෂණය කරනු ලබයි. මෙම බටයේ කුඩා කැමරාවක් සහ කුඩා විදුලි බුබුළක් මඟින් ගලනාලයේ සහ ආමාශයේ ඇති තුවාල රතු වූ ලප කැළැල් හඳුනාගනී.
    එන්ඩොස්කොපි පරීක්ෂණයෙන් ආමාශයේ ඇති සැකකටයුතු තැන්වලින් ලබා ගන්නා පටක බයොප්සි පරීක්ෂණයක් සඳහාද යොමු කරයි. මෙසේ කරනු ලබන්නේ පිළිකා තත්ත්වයන් පිළිබඳව නිශ්චිත නිගමනයකට පැමිණීමටයි.
    එසේම බේරියම් නමැති රසායනික ද්‍රව්‍ය පානය කිරීමට සලස්වා එක්ස් කිරණ පරීක්ෂණයක් සිදු කරනු ලබයි. එයිනුදු තුවාල සහ පිළිකා පිළිබඳ නිගමනය කළ හැකි වේ. මෙවැනි පරීක්ෂණ කිරීමෙන් ඔබගේ රෝගය පිළිබඳව හරියාකාර අවබෝධයක් ලබා ගැනීම වැදගත්වේ. එවිට ඔබට රෝගය සඳහා නිසි ප්‍රතිකාර ලබා ගැනීමට පහසු වනු ඇත.


    අම්ල පිත්ත රෝග ලක්ෂණ
    බඩ සහ පපුව දැවිල්ල, බඩ පිපුම, ඔක්කාරය, වමනය, හිසරදය, උගුරට ඇඹුල් රස දැනීම, කටට නිතර කෙළ ඉනීම, කෑම ගිලීමේ අපහසුතාව, කෑම අරුචිය, දැඩි ලෙස කුසගින්න දැනීම, ආහාර ගත් විගස වැසිකිළි යෑම, නිතර මල පිටවීම, මල දියර ලෙස පිටවීම, මලබද්ධය, නිතර ඉක්කා ඇති වීම, මුඛයෙන් දුගඳ හැමීම, සුව නොවන කැස්ස, සුව නොවන සෙම තත්ත්වයක් ඇතිවීම, නිතර සෙම්ප්‍රතිශ්‍යා ගතිය, නිතර පණු රෝග ඇති වීම, කොන්ද වේදනාව, කෑම අරුචිය, නින්ද නොයෑම, ලිංගික ආශාවන් නොදැනීම, ලිංගික දුර්වලතා, දණහිස් ආබාධ, සන්ධි වේදනා, ඇඟ කෙට්ටු වීම, ඇස් පෙනීම දුර්වල වීම, ශාරීරික දුබලතාවය, ශරීරයේ අප්‍රාණික බව, ශරීරයේ පලු දැමීම, ශරීරය කැසීම සහ ඇඟපත වේදනාව වැනි ඉහත රෝග ලක්ෂණ කීපයක් හෝ මේ සියල්ලම ඇතිවීමට පුළුවන.


    අපථ්‍ය ආහාරපාන විහරණ
    අච්චාරු, අන්නාසි, බල මාළු, ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, තක්කාලි, අඹ, ඇඹරැල්ලා, තල, උඳු, කොල්ලු, අධික කුළුබඩු යොදා සකස් කළ ආහාර, තේ, කෝපි, සකස් කළ බීම වර්ග, ෆ්‍රයිඩ් රයිස්, පිපෙන්නට හැර සාදා ගන්නා ආප්ප, තෝසෙ, ඉට්ලි, පාන් වැනි කෑම වර්ගද, ඇඹුල් කෙසෙල්, කැකුළු හාල්, බිස්කට් වර්ගද, මත්පැන්, සිගරැට් ආදියද රූක්ෂ ආහාර, විදාහී ආහාර, නිදි වැරීම, අධික මානසික පීඩනය, මල මුත්‍ර, ක්ෂුද්‍රා, පිපාසා වැනි වේග ධාරණ, නිතර තරහා ගැනීම, ඊර්ෂ්‍යා කිරීම, කේ‍රා්ධ කිරීම, ඔෟෂධ වර්ග නිතර පානය කිරීම අම්ල පිත්ත රෝගය සඳහා බලපානු ලබයි. එසේම චොක්ලට් සහ මෝල්ට් වර්ගද අගුණ වේ. මුංඇට, බාර්ලි, පුහුල්, පිපිඤ්ඤා, වැටකොළු, පතෝල, කරවිල, කැකිරි, විලඳ, මීපැණි, දෙළුම්, පැපොල්, නාඩු සහල්, යෝගට්, කුඩා මාළු වර්ග, කිරි යොදා සකස් කළ පලා වර්ග, කහට නොදා සකස් කළ කිරිපිටි බීම, අම්ල පිත්ත රෝගයට සුදුසුවේ. රණවරා, බෙලිමල්, ඉරමුසු වැනි බීම වර්ගද සුදුසුවේ.


    නිතර සිත සන්සුන්ව තබා ගැනීම, මෛත්‍රි කිරීම අම්ල පිත්ත රෝගයට වැදගත් වේ.
    ආහාර නිසි පිළිවෙළට ගැනීම, නියමිත කාලසීමාවන් තබා ගැනීම, නියමිත ආහාර වේල් 3ට අමතරව කුඩා ආහාර වේල් 2ක්වත් ගත යුතුය. නින්දට පැය 2කට පෙර කෑම ගත යුතුය. ගන්නා ආහාරය සියලු පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් සම්පූර්ණ විය යුතුය.


    දිනකට වතුර ලීටර් 3ක් අනිවාර්යයෙන් ගත යුතුය. ආහාර ගැනීමට පෙර හා පසු අත් හොඳින් සේදිය යුතුය. බර පාලනය කිරීම වැදගත්වේ. පැය 6ක්වත් නිදාගත යුතුවේ. නිදාගන්නා විට දකුණු ඇලයට හැරී නිදා ගැනීමෙන් අම්ල පිත්ත රෝගය අඩු කරගත හැකිවේ. හිර ඇඳුම් ඇඳීමෙන්ද වැළකිය යුතුය. නිෂ්පාදිත ඔෟෂධ ආසවය, පූනර්ණවාසවය, ආසවය, චිරබිල්වාදී, ක්්වාථය, උශිරාසවය, ත්‍රිපලා ක්වාථය, භාෂ්කර චූර්ණය, සුකුමාර චූර්ණය, අම්ල පිත්ත නාශක වටී, අවිපත්ති ගුළි.
    අම්ල පිත්ත රෝගය විටෙක උත්සන්න වුවද ආහාරපානවලින් ප්‍රවේශම් වීම අනිවාර්ය කරුණකි. ඔෟෂධවලට වඩා ආහාරපාන නිසි අයුරින් ගැනීමෙන් ඔබට මෙය වළක්වාගත හැකිවේ. සිත මෙන්ම කයත් නිරෝගී වීමට ඔබගේ කට ප්‍රවේශම් කර ගැනීම අම්ල පිත්ත රෝගයෙන් පහසුවෙන් මිදිය හැකි මඟකි.


    වෛද්‍ය නිරංජලා වික්‍රමසිංහ නිරංජලා වෛද්‍ය ආයතනය මහනුවර 0775886265

    සටහන - මල්මී වීරසූරිය
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    අම්මෝ මේක මහ කරුම ලෙඩක් බන්.එපා වෙනවා හැදුනම.තෑන්ක්ස් දැනුවත් කලාට
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    අපථ්‍ය ආහාරපාන විහරණ
    අච්චාරු, අන්නාසි, බල මාළු, ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, තක්කාලි, අඹ, ඇඹරැල්ලා, තල, උඳු, කොල්ලු, අධික කුළුබඩු යොදා සකස් කළ ආහාර, තේ, කෝපි, සකස් කළ බීම වර්ග, ෆ්‍රයිඩ් රයිස්, පිපෙන්නට හැර සාදා ගන්නා ආප්ප, තෝසෙ, ඉට්ලි, පාන් වැනි කෑම වර්ගද, ඇඹුල් කෙසෙල්, කැකුළු හාල්, බිස්කට් වර්ගද, මත්පැන්, සිගරැට් ආදියද රූක්ෂ ආහාර, විදාහී ආහාර, නිදි වැරීම, අධික මානසික පීඩනය, මල මුත්‍ර
    ,

    :baffled::baffled::baffled: