ගැස්‌ට්‍රයිටිස්‌

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ගැස්‌ට්‍රයිටිස්‌

    නිවැරදි වේලාවට ජලය පානයෙන් ගැස්‌ට්‍රයිටිස්‌ වලක්‌වා ගන්න පුළුවන්:yes:

    සාමාන්‍ය ව්‍යවහාරය තුළ අපි කවුරුත් බඩේ දැවිල්ල ලෙස හදුන්වන්නේ ගැස්‌ට්‍රයිටිස්‌ රෝග තත්ත්වයයි. මෙය ආමාශයේ ආසාදන තත්ත්වයකි. බොහෝ අය මෙය බඩේ ගෑස්‌ ලෙස හැඳින්වුවත් එය ඉතා ම වැරදි හඳුන්වාදීමකි. කෙනෙකුගේ ආහාර උගුරට එන විට නැතිනම් ඉක්‌කාව ඇතිවන විට බඩේ ගෑස්‌ යනුවෙන් හඳුන්වා වෛද්‍යවරුන් වෙත ප්‍රතිකාර කරා යොමු වේ.

    ගැස්‌ට්‍රයිටිස්‌ ලෙස හඳුන්වන්නේ අමාශයේ ඉතා සුළුවෙන් ඇතිවන තුවාල තත්ත්වයකිs. විශාල ලෙස තුවාල ඇතිවීම ගැස්‌ට්‍රක්‌ අල්සර් ලෙස හඳුන්වයි.

    ලතින් භාෂාවෙන් ගැස්‌ටර් ලෙස හඳුන්වන්නේ ආමාශයයි. එයින් ආමාශයේ ඇතිවන තුවාල ගැස්‌ට්‍රයිටිස්‌ ලෙස හඳුන්වයි. ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය ගැන කතා කිරීමේදී එම රෝගයට බලපාන කාරණාවන් හඳුනා ගැනීම වැදගත්වේ. කොතරම් රෝගයට ප්‍රතිකාර කළද නිසි සුවය සඳහා රෝගයට බලපාන කාරණාවලින් ඉවත්වීම කළ යුතුය. අප ගන්නා ආහාර සහ ආහාර ගන්නා අවස්‌ථාවල තිබෙනා වැරදි පිළිවෙත් මෙම රෝගයට මූලිකම හේතුන් වේ. බඩගින්නේ සිටීම , වේලාවට ආහාර නොගැනීම, ගැස්‌ට්‍රයිටිස්‌ ඇතිවීමට ප්‍රධාන හේතුන් වේ.

    තෙල් අධික ආහාර ගැනීම , ඇඹුල් අධික ආහාර ගැනීම, චයිනීස්‌a ආහාර නිතර නිතර ගැනීමත් මෙම රෝගයට හේතුකාරක වේ. ඊට අමතරව සිගරට්‌ ,මත්පැන්, බුලත්විට , චුයින්ගම් යන ඒවාත් ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය ඇති කරවන්නට හේතුවේ. මේ සියළු දෙයින්ම පරෙස්‌සම් වුවත් මානසික ආතතිය නිසාත් ගැස්‌ට්‍රයිටිස්‌ ඇතිවේ. විශේෂයෙන් විධායක ශේ්‍රණියේ වැඩකරන අයට සහ මුදල් පරිහරණය කරන අයටත් ඇතිවන මානසික පීඩනයෙන් මෙම රෝග තත්ත්වය ඇතිවිය හැකිය. පවුලක ගෘහමූලිකයාට දරුවන් පිළිබඳ ඇතිවන පීඩනය, පවුල්a ප්‍රශ්න, ගෘහනියට ඇතිවන මානසික පීඩනය යන සෑම දෙයකින් ම රෝගය ඇතිවිය හැකිය.

    ශරීරයේ බර වැඩි අය වෛද්‍ය උපදෙස්‌වලින් තොරව ආහාර පාලනය කරන්නට යාමෙන්ද ගැස්‌ට්‍රයිටිස්‌ රෝගයට ගොදුරු වූ අවස්‌ථා ඕනෑ තරම් තිබේ. මෙම රෝගයට ප්‍රතිකාර කිරීමේදී රෝගයට බලපෑ කාරණාවන් හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට යොමුවීම ඉතා වැදගත්වේ. ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය මුලින් ඇතිවන්නේ ආහාර ගැනීමට ආසන්න වන වේලාවට වෙනදාටත් වඩා නැති බඩගින්නක්‌a දැනීමෙනි. මෙම දැවිල්ල ආහාර ගැනීමෙන් පසු අඩුවන නමුත් ආහාර වල තෙල් අධික බව ඇඹුල් ගතිය අධික වීම නිසා දැවිල්ල තවදුරටත් වැඩිවීමට පුළුවනි.

    මෙම දැවිල්ල ඇතිවන්නේ අපගේa ආමාශයේ ආහාර දිරවීමට ශ්‍රාවය වන හයිෙඩ්‍රාක්‌ලෝරික්‌ අම්ලය නිසාවෙනි. එම අම්ලයේ සහය ආමාශයේ තිබෙන එන්සයිම වල ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය වේ. ආමාශයේ ඡ්‍ය අගය 1.5 සිට 2 අතර විය යුතුයි. නමුත් හයිෙඩ්‍රාක්‌ලෝරික්‌ අම්ලය අධිකව ශ්‍රාවය වීමත් සමග ආමාශයේ ඡ්‍ය අගය 1.5 ට වඩා අඩු වේ. ආමාශයේ ආම්ලිකතාව වැඩි වන විට ආමාශයේ ශ්ලේෂ්මලය තුවාල වෙන්නට පටන් ගනී. මෙසේ ඇතිවෙන කුඩා තුවාල තත්ත්වය අපි ගැස්‌ට්‍රයිටිස්‌ ලෙස හඳුන්වයි. මෙම තුවාල ඉක්‌මනින් සුව නොවන්නේ අප ආහාර ගන්නා වාරයක්‌ පාසා මෙම තුවාල පෑරීම හේතුවෙනි. එම තුවාල වලට හානි කර ආහාර ගතහොත්, නියමිත වේලාවට ආහාර නොගත හොත්, නියමිත වේලාවට ජලය පානය නොකළ හොත්, ඖෂධ හරිහැටි නොගත හොත්, එම තුවාල තව දුරටත් පෑරී ගැස්‌ටි්‍රක්‌ අල්සර් තත්ත්වය හෙවත් රුපියලේ කාසි තරම් විශාල තුවාල ආමාශයේ හට ගනී.

    ආමාශය තිබෙන්නේ අප පපුව ලෙස හඳුන්වන කොටසේ යි. නාභිය ආශ්‍රිතව බඩවැල් තිබේ. ගැස්‌ට්‍රයිටිස්‌ නිසා අපි පපුවේ දැවිල්ල ලෙස හඳුන්වන්නේ ආමාශයේ ඇතිවන දැවිල්ලයි.

    මතක තබා ගත යුත්තේ ගැස්‌ට්‍රයිටිස්‌ ආකාරයෙන් හෘදවස්‌තුවේ අසනීප තත්ත්වයන් ඇති විය හැකි බවයි. පපුවේ අමාරුව තිබෙනා කෙනෙක්‌ පපුවේ වේදනාව ගැස්‌ට්‍රයිටිස්‌ ලෙස සිතා ප්‍රථිකාර කිරීම සුදුසු නොවේ. අනිවාර්යයෙන් වෛද්‍යවරයෙක්‌ කරා යොමුවිය යුතු මෙවැනි අයට EගCගඨ පරීක්‌ෂාවක්‌ වෛද්‍යවරුන් විසින් සිදු කරයි. ගැස්‌ටි්‍රක්‌ ටයිප් යනුවෙන් පපුවේ අමාරුව මතුවන අවස්‌ථාවන්ද තිබේ. ආමාශයික යුෂ සෑදීම පාලනය කල හැකි ප්‍රතිකාර අද තිබේ. ඖෂධද මගින් ආමාශයික යුෂය ශ්‍රාවය වීම සහ ආමාශික යුෂ වල ආම්ලික තාවය පාලනය කර ගැනීමේ හැකියාව අපට තිබේ.

    ඊට අමතරව මෙම තුවාල වලට යම් සහනයක්‌ ලබා දීම සඳහා බෙහෙත් වර්ගද තිබේ. වෛද්‍ය උපදෙස්‌ මත එන්ඩස්‌කොපි පරීක්‌ෂණය මගින් ආමාශයේ තුවාල වල ස්‌වභාවය තුවාල සංඛ්‍යාව පරික්‌ෂා කර බලා ඖෂධ මඟින් ප්‍රතිකාර වලට යොමු වීමේ හැකියාව ඇත. වෛද්‍ය උපදෙස්‌ මත ඖෂධ පාවිච්චි කරන අතරේ සිගරට්‌, මත්පැන්, බුලත්, චුයින්ගම්, සහ වැරදි ආහාර පුරුදු කහට තේ, කෝපි, දෙහි දොඩම් යුෂ අච්චාරු, බැඳපු මස්‌ වර්ග, බැඳුම් පාවිච්චියෙන් ඉවත්වීම කළ යුතුයි. කුළුබඩු ගැස්‌ට්‍රයිටිස්‌වලට අහිතකර නොවේ. දිය කිරෙන් කෑමද අවශ්‍ය නොවේ. මේ සියල්ලෙන් ම වන්නේ තුවාල පෑරීමක්‌ පමණි.

    ආප්ප පාන් වැනි පිටි ආහාර වලින් ඉවත්වීම ද සුදුසුයි. මතක තබා ගත යුත්තේ කෑම වේලකට පැය භාගයකට පෙර වතුර වීදුරුවක්‌ පානය කිරීමයි. ආහාර ගන්නා විට වතුර බීම නරක පුරුද්දකි. එවිට බඩ හෑරේ. බඩ ලොකුවේ. කෑම දිරවීම අපහසු වේ.

    ප්‍රධාන ආහාර වේල් වලින් පැයකට පසු වතුර වීදුරුවක්‌ පානය කිරීම සුදුසුයි. මෙම පුරුද්ද මගින් කෙනෙකුට දවසකට වතුර වීදුරු 6 ක්‌ පානය කිරීමට හැකියාව ද ලැබේ.


    එන්. එස්‌. ඒ. සේනාරත්න
    ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය
    විකලාංග අංශය , ජාතික රෝහල
     
    Nov 24, 2014
    789
    64
    0
    මහින්ද චින්තනයෙන් ජීවම් කල වතුර වීදුරුවක් බීල බලන්න. ගෑස්ට්රික් නෙමේ සියලුම රෝග බංගයි. ඒ තරම් ගුනක් බලයක් මහින්ද චින්තනය සතුව තියෙනව. සියලූම රෝග වලට එකම පිහිට අපේ ජනාදිපතිතුමා පමනයි. ජනාදිපතිතුමාගේ පිහිටෙන් ඔබලාගේ ගෑස්ට්රික් සුවවේවා.
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Good post..
    11.gif