ගැහැණු පිරිමින්ගෙන් වෙනස් වෙන හැටි

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ගැහැණු පිරිමින්ගෙන් වෙනස් වෙන හැටි

    මේ ලෝකෙ මිනිස්සු හැදිලා තියෙන්නෙ ගැහැණු සහ පිරිමි විදියට කියලා ඔයා දන්නවා ඇතිනෙ.උදේ නැගිට්ට වෙලේ ඉදලා රෑ නින්දට යනකන් ගෑනු පිරිමි වලි ඕනි තරම් අපිට දකින්න පුළුවන්.ඒක අද සාමාන්‍ය දෙයක් වෙලා ඉවරයි.මේ කියන්න යන්නෙ ගෑණු පිරිමින්ගෙන් වෙනස් වෙන තැන් .අපිට මීටර් වෙච්ච තැන් කිහිපයක්.බලන්නකෝ මේ දේවල් ඇත්තද කියලා.

    ගෑණු අයට ලොකුවටම තියෙන ප්‍රශ්නෙ ඇදුම් හැබැයි පිරිමි අයට එහෙම නෑ.එයාලට ලොකුවට තියෙන්නෙ සිංදු , වීඩියෝ ගේම් වගේ දේවල්.කාන්තාවන් නිතරම මැසිවිලි නගන්නෙ අදින්න ඇදුම් නෑ කියලා.අනිත් අතට පිරිමි ප්ලේ කරන්න දේවල් නෑ කියලා කියවනවා.හැබැයි මෙයාලා මෙහෙම නෑ කියන්නෙ නැතිම නිසා නෙවෙයි.

    56008dfa75518.jpeg


    කාන්තාවන්ගෙ කාමරයක් ගත්තොත් ඉතාම පිරිසිදුයි.පිලිවෙලයි.ඒත් පිරිමින්ගෙ කාමර නම් එහෙම නෑ.හරිම අපිලිවෙලයි.ඕකෙ අනිත් පැත්ත දකින්න හම්බෙන්නෙ වාහනයක් ඇතුලෙ.පිරිමි තමන්ගෙ වාහනේ ලස්සනට තියාගෙන හිටියට ගෑණු අය නම් එහෙම කරන්නෙ නෑ.

    56008e011c38d.jpeg


    කොහෙ හරි යන්න ඕනි වුණාම ගෑනු කට්ටිය නම් අදින ඇදුමෙ ඉදලා ගහන කොන්ඩ කට්ටෙ ඉදලා ලෑස්ති කරනවා.යන්න කලින් තමන්ගෙන් වෙන්න ඕනි දේවල් මොනවද අමතක වුණේ මොනවද කියලා හිත හිත තමයි නිදා ගන්නෙ.ඒත් පිරිමි අය එහෙම නෑ.විනාඩි පහක්වත් යන්නෙ නෑ එයාලට ලෑස්ති වෙන්න.

    56008e088b1b6.jpeg


    කණ්නාඩියක් ඉස්සරහට ගියාහම මේ දෙගොල්ලන්ගෙ හැසිරීම් වෙනස්.ගෑනු අය තමන්ට කොච්චර ලස්සන ඇගක් තිබ්බත් ඒ ගැන හිත හිත වොරි වෙනවා.පිරිමි අය කණ්නාඩියක් ඉස්සරහට ගියහම තමන්ට නැති ඇගක් මවාගෙන සතුටු වෙන්න තමයි බලන්නෙ.

    56008e0f7ae8a.jpeg


    56008e0f7ae8a.jpeg


    විනාඩි පහ සමානයි පැය තුන කියන තියරිය දෙගොල්ලන්ටම පොදු දෙයක්.විනාඩි පහෙන් කරන්නම් කියලා පැය ගනන් ගන්න පුරුද්දක් හැමෝටම තියෙනවා නෙ.මේ පුරුද්ද කාන්තාවන්ට තියෙන්නෙ මේකප් කරනකොට.පිරිමි අයට තියෙන්නෙ නම් බොන වෙලාවට.කාලෙ යනවා තේරෙන්නෙ නැහැ.

    56008e175111f.jpeg


    ශොපින් කරන්න දෙගොල්ලොම ගියාට කාන්තාවන් ගන්න තරම් වේලාවක් නම් කවදාවත් පිරිමි ගන්නෙ නැහැ.

    56008e255dd8d.jpeg


    කොහෙ හරි යන්න ලෑස්ති වෙනකොට පිරිමි අයට වඩා ගෑනු අයට වෙලා යනවා වැඩියි.

    56008e2f0ea08.jpeg


    පොඩි කාලෙ කාටුන් බලන පුරුද්ද ගෑණු අයගෙන් ටික ටික වෙනස් වෙනවා.එයාලා ලව් ස්ටෝරි වගේ දේවල් බලන්න ගන්නවා ලොකු වෙලා.ඒත් පිරිමි අයගෙ නම් එකම පුරුද්ද තමා දිගටම තියෙන්නෙ.එයාලා වෙනස් වීම් සිදු කරනවා හරිම අඩුයි..

    56008e53f3afe.jpeg


    ගැහැණු පිරිමි යාලුවො වෙන හැටිත් හරිම වෙනස්.

    56008e5e90181.jpeg


    හෙයා කට් එහෙම නැත්නම් කොණ්ඩ මෝස්තර කරනකොට ගැහැණු අයට වඩා පිරිමි අය වෙනස්...

    56008e704abee.jpeg


    හොදයි නම් ඉතින් දෙන්නලා....:lol::lol::lol:


    source-http://www.lankalines.com/news/332/%E0%B6%9C%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AB%E0%B7%94-%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1-%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92-%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%
     

    Similar threads