ගැහැණු මල් වගේ

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ගැහැණු ළමයි මල් වගේ
    FB_IMG_1650083054394.jpg

    ගැහැණු මල් වගේ වෙන්න ඕනි කිව්වට
    මහඹබුට අමතක උනා ඒ කොහොම මලක් වගේද කියල කියන්න.

    ඉතින් ගැහැණු තමන්ට ඕනි , ඕනි ජාතිවල මල් උනා.

    කටු තිබ්බත් ඉක්මනටම පරාජය බාරගන්න නිදිකුම්බා මලක් වෙලා සමහර ගැහැණු පිපුනා. හැම ස්පර්ශයකටම හැකිලෙන එහෙම මල් වල ගැහැණුකම ඕනිවටත් වඩා තිබ්බා.

    කොයිතරම් කටුක උනත් කාන්තාරයේ පතොක් මල් වෙලා සමහර ගැහැණු පිපුනා. හොදටම දරා ගන්න පුළුවන් එහෙම මල් වල වස්සානෙ නැතත් පුංචි පුංචි මල් පිපුනා.

    හැම ස්පර්ශයක්ම ඇද බැද ගන්න බාදුරා මලුත් වෙලා තවත් මල් පිපුනා. මල් පිපෙන්නෙ රොන් ගන්න විතරයි කියල හිතපු බඹරු බාදුරා මල් ලග ගොඩක් අසරණ උනා.

    රෑට පිපිල උදේට පරවෙලා යන කඩොපුල් මල් වෙලා තවත් ටිකක් පිපුනා. කැපකිරීමක් කරල ඕනිම කෙනා නෙලාගන්නකම් එහෙම මල් ඔහේ බලාගෙන හිටියා. බැරි උන තැන රහසේම පරවෙලා ගියා.

    එහෙම තවත් ගොඩක් මල් පිපුනා.

    මහබඹුවත් දන්නෙ නැති ගොඩක් තැන්වල එක එක පාටෙන්, එක එක මල් වලින්, එක එක සුවදින් හැම මොහොතකම කොහේහරි අලුත් මලක් පිපුනා.

    " ඔව්, ගැහැණු කම සාපේක්ෂයි ,හරියට මල් වගේ ". මහබඹුන් තමන්ටම කියා ගත්තා.

    - රුවා
    උපුටා ගැනීමකි
    From ෆේස්බුක්
     
    Last edited:

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    බුද්ධාගමේ නම් ගෑණු ගැන කියන්නෙ මෙහෙමෙ

    බාර් එකයි, පොදු පාරයි,නාන තොටුපලයි,රැස්වීම් ශාලාවයි,ගැහැණියයි,
    ඔය ඔක්කොම එක සම්මනයි, නීති දාල එන්නෙ එපා කියන්න බෑ,රජතුමාගෙ ඉදල හිඟන්න වෙනකන් ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන් කියල

    ඔය උඩ කියල තියෙන්නෙ දුස්සීල ගෑනු ගැන හොදේ
     
    • Like
    Reactions: Sandy_Fdo

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    බුද්ධාගමේ නම් ගෑණු ගැන කියන්නෙ මෙහෙමෙ

    බාර් එකයි, පොදු පාරයි,නාන තොටුපලයි,රැස්වීම් ශාලාවයි,ගැහැණියයි,
    ඔය ඔක්කොම එක සම්මනයි, නීති දාල එන්නෙ එපා කියන්න බෑ,රජතුමාගෙ ඉදල හිඟන්න වෙනකන් ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන් කියල

    ඔය උඩ කියල තියෙන්නෙ දුස්සීල ගෑනු ගැන හොදේ
    ලයික් මයි එක්ස් බිච්.. :baffled:
     
    • Like
    Reactions: SK29 and bokaRaj