ගැහැනු ලමයිට කොන්ඩා

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    ගැහැනු ලමයිට කොන්ඩා

    කොහොමද ගැහැනු ළමයි? කොහොමද පිරිමි ළමයි? හිකිස් !
    ඔන්න මගේ දෙවන පෝස්ටුව........
    ගැහැනු ළමයි බ්ලොගයේ අපි වැඩිපුරම කතා කරන්නේ ගැහැනු ළමයි ගැන, එයාලගේ සිතුම් පැතුම් ගැන. ඉතින් ගැහැනු ළමයි ගැන කතාකරද්දි නිතැතින්ම කියවෙන වචනයක් තමයි ෆැෂන්.. සාමාන්‍යයෙන් කොල්ලෝ රන්චුවක් එකතු වුනාම අරෑ මොනවද ඇඳගෙන ආවේ, මූ මොනවද ඇඳගෙන ආවේ, අරෑගේ ෂර්ට් එක අයන් කරලා නැහැ නේද, අරැගේ බෙල්ට් එකේ වර්ගේ මේක කියලා කතා වෙන අවස්ථා නැහැ නේද? කලාතුරකින් තමයි වෙන්නේ. සමහර විට එහා පැත්තේ එකා බෙල්ට් එක වෙනුවට ලණුවක් ගැටගහගෙන හිටියත් තමන්ට වගේ වගක් නැතුව තමයි ඉන්නේ. එ කොල්ලන්ගේ හැටි. ඉස්සර කාලේ අමුඩ කොටයක් ගහගෙන හේනේ වැඩ කරපු පිරිමි උන්දැලාට, තන පොටේ ගහගෙන ඇඹුල අරන් ගිය ගැහැනු උදවියට කොයින්ද ෆැෂන් ගැන හාන්කවිසියක්, විලි වහ ගන්නවා ඇරෙන්න..
    ඒත් කාලයත් එක්ක මිනිස්සු ගල් යුගයේ ඉඳන් එ‍ෙඬරෙ යුගයට, ඊළඟට ගොවි යුගයට සහ කාර්මික යුගයට පිවිසෙනවාත් එක්කම සිතුම් පැතුම් ආකල්ප වගේම ඇඳුම් පැළඳුමුත් වෙනස් වුනා. ඒත් දැන් දැන් ආපහු ගල් යුගයේ විදියට ආපහු ඇඳුම් පැළඳුම් වෙනස් වේගෙනයි එන්නේ. ඊයේ බස් එකේ හිටියා කෙනෙක් මෙන්න බලන්න ඇඳුම :P

    අනවශ්‍ය කොටසක් අඳුරු කර ඇත :පි



    කොහොම වෙතත් ඔයිට වඩා අසබ්‍ය ඇඳුම් දැන් අඳිනවා උනත් මට පින්තුරයක් හොයාගන්න බැරි උනා :පි
    ඉතින් කාලයත් එක්කම මිනිසුන් තුල ෆැෂන් කියන සංකල්පය ගොඩ නැගුනා. අද කාලේ ඔය ෆැෂන් නිසා තමයි වැඩිපුරම මිනිස්සු හම්බ කරන්නේ.. මොකද ඉතින් ෆැෂන් එන්න එන්නම වර්ධනය වෙනවා මිසක් අභාවයට යන්නේ නැහැනේ.
    ෆැෂන් නැත්තම් විලාසිතා ගත්තම කස්ටිය එක එක ඒවා කරනවනේ දැන් කාලේ. ගැහැනු ළමයි තමයි ඕවා වැඩිපුරම කරන්නේ. අද මම මගේ ලිපියේ කතා කරන්නේ කාන්තාවන්ගේ විලාසිතා ගණයට වැටෙන කාන්තාවන් වැඩිපුරම සල්ලි යොදවන විලාසිතා අංශයක් ගැන. ඒ තමයි කොණ්ඩය. අපි කොන්ඩේට මොන මොන විලාසිතා කරනවද? අපි ඒවා ගැන අද කතා කරමු.


    කොන්ඩේ කපාගන්නේ කොහෙන්ද? හන්දියේ සමන් අයියාගේ බාබර් සාප්පුවෙන් නේද?​

    නෑ අපි යන්නේ අහවල් නිළියගේ සැලෝන් එකට..​

    මමනම් සමන් අයියට කියලා රුපියල් 100 ට කපාගන්නවා.​

    රුපියල් 100 ට කොන්ඩේ කැපෙන්නේ නැහැ.මට යනවා 2000 ක් ලෙයර්ස් කපන්න අහවල් සැලෝන් එකේ​

    අහ එතකොට 2000 ටද කපෙනං :පි​

    මේ තියෙන්නේ Short Blond Hair කියන කොණ්ඩ විලාසිතාව.​
    මේ තියෙන්නේ Layered Hair Style කියන විලාසිතාව.ඒ කියන්නේ කොන්ඩේ තට්ටු තට්ටු විදියට තියෙන්න තමයි කපන්නේ. ඔය ක්‍රමය තමයි දැන් ගොඩාක් අය බාවිතා කරන්නේ.​

    මේ තියෙන්නේ Blunt cuts කියන කොන්ඩ විලාසිතාව. මේක සුපිරි නේද :D




    මේ තියෙන්නේ Short Pixie Style Haircut කියන විලාසිතාව.. එමා කෙල්ලත් කපලා නොවැ :පි





    මේ තියෙන්නේ Mullet Haircut කියන විලාසිතාව. මෙහි ඉස්සරහ කොටස කොටට සහ පිටුපස කොටස දිගට සිටින සේ කපන විලාසිතාවයි.










    මේ පහලින් තියෙන්නේ තව Mullet වර්ගයක්. :P




    මීට අමතරව ඉතින් ඔයාලා දන්නවනේ straight hair and curl hair. ඒ පින්තුර නම් දැම්මේ නැහැ.
    ඊළඟ විලාසිතාව තමයි කොන්ඩේ පාට කිරීම. හෙවත් tint කිරීම.








    ඔය කොච්චර විලාසිතා තිබුනත් මම නම් කියන්නේ කළු කොන්ඩේ තමයි ලස්සනම සහ ශරීරයට හිතකරම කියලා. ඒ වගේම පොකට් එකටත් ලාබයි. අද කාලේ සැලෝන් වල ඉන්න අය තමයි වැඩිපුරම සල්ලි හොයන්නේ.... ඔය ඔලුවට දාන ඩයි වර්ග විස වෙලා කීයක්‌ නම් මිනිස්සු නැති වෙලා තියෙනවද?මේ හැම විලාසිතාවක්ම තාවකාලිකයි. සදාකාලිකව අපිට නිරෝගිකම ඉතුරු කරගන්න' තාවකාලික දේවල් අත්හැරියොත් තමයි හොඳ කියලා තමයි අවසානයේදී කියන්න තියෙන්නේ...
    මමනම් Mullet Haircut එකක් කරගන්නයි ඉන්නේ

    උපුටා ගැනිම​

    http://gehenulamai.blogspot.com/feeds/posts/default
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,336
    3,126
    113
    6°54′N 79°54′E
    180847741256650299X5rU7QgJc.jpg


    :P:P:P
     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    wow මමත් මේ hair කට් 1ක් හොය හොය හිටියේ..සෑහෙනට ප්‍රයෝජනවත් bro..
    ++++Rep