ගෑණිට බය යකා

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ගෑණිට බය යකා

    http://nadeesthoughts.wordpress.com/author/nadeesthoughts/
    devil.jpg



    ඔන්න එකෝමත් එක රටක ගෑණු කෙනෙකුයි, මිනිහෙකුයි හිටියලු. මේ දෙන්නට පුතෙකුත් හිටියලු. ඒ ගොල්ලන්ගෙ ගේ ඉස්සරහ මුරුංග ගහක් තිබුනලු. එක යකෙක් ඇවිත් මේ මුරුංග ගහේ හත් අවුරුද්දක් තිස්සෙ හැංගිලා ඉන්නවලු ඒ ගෙදර ගෑණු කෙනාට වැහෙන්න හිතාගෙන.
    එක දවසක්දා ඒ තාත්තයි, පුතයි ගමනක් ගියාලු.


    stock-vector-family-portrait-father-mother-and-son-34357666.jpg

    එදා ඒ ගෑණු කෙනා කැපෙන්නෙ නැතිව පැත්තකට දාලා තිබ්බ වක් පිහියක් අරන් මුවත් තිබ්බලු. ඒ වක් පිහියෙ මුවාත බල-බලා ගෙදරට යන ගමන් මුරුංග ගහ දිහා බලල ඒ ගෑණු කෙනා කිව්වලු “මේ වක් පිහියෙන් දැන් නම් යකෙක් වුනත් කපන්න පුළුවන් කියලා.” අර යකා ඒ කථාව ඇහිලා හොඳටම බය වුනාලු. ඒ ගෑණු කෙනා ගෙදරට ගිහින් එලවළු කපන අතරෙ අර යකා මුරුංග ගහෙන් හෙමීට බැහැල පස්සවත් නොබලා දුවන්න ගත්තලු.



    running-daemon-transparent.gif

    යකා ඔහොම යනකොට ඒ ගෙදර තාත්තයි, පුතයි දෙන්න ආපහු ගෙදර එනවා මුණු ගැහුනලු. බයේ ගැහි ගැහි යකා අර දෙන්නට කීවලු “මේ ඇත්තො කොයි ගියාද? මම ඔහේලගෙ මුරුංග ගහේ තමා හත් අවුරුද්දක් තිස්සෙ හිටියෙ ඒ ගෑණිට වැහෙන්න බලාගෙන. ඒ අම්මණ්ඩි අද වක් පිහියක් මුවත් තියලා මා දිහා බලාගෙන ඉන්න ගමක් කීවෙ නැතෑ “මේ වක් පිහියෙන් යකෙක් වුනත් කපන්න පුළුවන්” කියලා. ඒක ඇහිලා මම යන ගමන් තමා මේ. ඔහේලත් යන්න එපා ගෙදර පැත්ත පලාතෙවත්. අර ගෑණි ඔහේලවත් කපල දායි. ” කියලා.



    feared-man-150.gif

    “ඉතින් තමුසෙ අපිට මොනවා කරන්නද කියන්නෙ” කියලා ඒ මනුස්සය ඇහුවලු. “ඔහේල දෙන්න මාත් එක්ක එනවා. මම ජීවත් වෙන්න විදියක් කියල දන්නම්” කියලා යකා කිව්වලු. “ඒ කොහොමද?” කියලා තාත්තයි, පුතයි ඇහුවහම යකා කිව්වලු, “මම දැන් ගිහින් අහවල් ගමේ, අහවල් ගෙදර අහවල් ගෑණු කෙනාට වැහනවා. තමුසෙලා දෙන්න යකැදුරෝ කියල ඒ ගෙදරට එනවා. ඇවිත් මතුරලා මට යන්න කිව්වහම මම යන්නම්. එතකොට ඒ ගෙදර ඇත්තො ඔහේල ඇත්ත යකැදුරෝ කියලා පඬුරු පූජ කරයි. ඊට පස්සෙ මම ගිහින් තවත් ගෑණු කෙනෙකුට වැහෙනවා. තමුසෙල ඇවිත් ආයෙත් මාව එලවලා පඬුරු ගන්නවා. ඊට පස්සෙ තව කෙනෙකුට… ඒ විදියට තමුසෙලා පඬුරු එකතු කරගෙන ඇති වුනාම මාව එලවන්න එන්න එපා” කියලා.
    එහෙම කියලා යකා ගිහින් අර කිව්ව විදියටම ගෑණු කෙනෙකුට වැහුනලු. ඊට පස්සෙ අර තාත්තයි, පුතයි ඒ ගෙදරට යකැදුරෝ වගේ ගිහින් යකා එලෙව්වලු. එදා ඉඳලා මේ අලුත් යකැදුරෝ දෙන්න ගැන කටින් කට ආරන්චි වුනාලු. ඒ ගෙදර අය යකැදුරන්ට පඬුරු ගොඩකුත් දුන්නලු.
    ඊලඟට යකා තවත් ගෑණු කෙනෙකුට වැහුනලු. ඒ පාරත් යකාව එලවලා තාත්තයි පුතයි පඬුරු ගත්තලු. මේ විදියට ගොඩක් කල් යකාව එලව-එලව මේ යකැදුරෝ දෙන්නා පඬුරු ගොඩක් එකතුකර ගත්තලු. එතකොට යකා ඇවිල්ල ඇහුවලු “දැන් පඬුරු ඇති නේද?” කියලා. අර දෙන්න කිව්වලු “දැන් නම් ඇති” කියලා.
    ඒ පාර යකා කිව්වලු “එහෙනං මම ගිහින් අහවල් රටේ, අහවල් රැජිණට වැහෙනවා. ඊට පස්සෙ මම ඒ ශරීරෙ දාල යන්නෙ නෑ. ඔහේල එන්නෙ එහෙම නෑ මාව එලවන්න” කියලා. එහෙම කියලා යකා ගිහින් අර රැජිණට වැහුනලු. යකැදුරෝ විදියට ප්‍රසිද්ධ වෙච්ච තාත්තයි පුතයි ඔක්කොම පඬුරුත් අරන් ගෙදර ගියාලු.
    ඒ දෙන්න ගෙදර යනකොට රජතුමාගෙන් පයිණ්ඩයක් ඇවිත් තියනවලු “වහාම රජ මාළිගයට පැමිණ රැජිණව යක්ෂ ග්‍රහණයෙන් මුදාගනු” කියලා.




    Hayter_StatePortraitOfQueenVictoria.jpg



    යකා රැජිණ දාල යන්නෙ නෑ කිව්ව නිසා මේ තාත්තයි පුතයි යකැදුරෝ දෙන්න රජ මාළිගෙට යන්නෙ නැතුව ගෙදර හිටියලු.
    ඒ පාර රජතුමා ගෙදරට පයිණ්ඩයක් එව්වලු “වහාම පැමිණියේ නැත්නම් හිස ගසා දැමමි.” කියලා. යකාගෙන් බේරුනත් රජාගෙන් නම් බේරෙන්න බැරිබව තේරුණ නිසා තාත්තයි, පුතයි රජ මාළිගෙට ගියාලු.
    මේ දෙන්නා රජ ගෙදරට ගිහින් දන්න කියන ඔක්කොම මන්තර මැතිරුවත් යකා යන්න ගියෙ නෑලු. යකාටත් හොඳටම තරහ ගියාලු එන්න එපා කිව්වත් මේ තාත්තයි පුතයි රජ ගෙදරට ආපු එක ගැන. ඒ නිසා යකා තමන් වැහිල ඉන්න රැජිණව පිස්සුවෙන් හැමතැනම දිවෙව්වලු. ඊට පස්සෙ යකා රැජිණගෙ අතට මෝල් ගහක් දීලා ඒකෙන් ගහලා යකැදුරො දෙන්නව මරවන්න හැදුවලු. රැජිණ මේ දෙන්නට ගහන්න මෝල්ගහ උස්සනකොටම පුතා “අප්පච්චි, අර බලාපංකො අපේ අම්මණ්ඩි” කියල කිව්වලු.
    ඒක ඇහිච්ච ගමන් යකා හොඳටම බය වෙලා රැජිණවත් උඩුබැලි අතට පෙරලගන හූ කියාගෙන යන්න ගියාලු. ඊට පස්සෙ රැජිණට සිහිය ආවලු. රජතුමත් සතුටු වෙලා ඒ තාත්තටයි, පුතාටයි ඇතෙක් බරට වස්තුව දුන්නලු. යකත් ඒ ගෑණු කෙනාට වැහෙන්න ආවෙ නෑලු. ඊට පස්සෙ ඒ පවුලෙ අය සතුටින් ජීවත් වුනාලු.
    එච්චරයි.
    වයඹ පලාතේ ජනකතාවක්.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මම පොඩිකාලේ බලපු වේදිකා නාට්‍යක් මතක් උනා. ඒ තමයි "පරාස්ස", එය ඔබේ කතාව හා බොහෝසෙයින් සබැදේ. පරාස්ස නාට්‍යයට පදනම වූයේ "ගමරාල සහ යකා" නම් අපේ පැරැණි ජනකතාවයි. මගේ මතකය නිවැරදි නම් ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා තමයි යකාට රගපැවේ.
    3+