ගෑණියෙක්ව සතුටු කරන්න පුලුවන් ක්‍රම 45 ක්.....

deemantha99

Member
Mar 3, 2010
48
1
0
man meka kiyawala kara ban hari guye na ban kella wena ekek ekka yalu una nay ban jok nemei ban sira kiyanny,man kadulu pihiduwa eth 1 week vitharai ban happy eke hitiye aye giya,habai ban ara kollta mata wada salli ehema tiyanwa ban ekada danny na sine eka
 

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    man meka kiyawala kara ban hari guye na ban kella wena ekek ekka yalu una nay ban jok nemei ban sira kiyanny,man kadulu pihiduwa eth 1 week vitharai ban happy eke hitiye aye giya,habai ban ara kollta mata wada salli ehema tiyanwa ban ekada danny na sine eka

    කෙල්ලෝ ඔහොම්මමයි :angry:
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    man meka kiyawala kara ban hari guye na ban kella wena ekek ekka yalu una nay ban jok nemei ban sira kiyanny,man kadulu pihiduwa eth 1 week vitharai ban happy eke hitiye aye giya,habai ban ara kollta mata wada salli ehema tiyanwa ban ekada danny na sine eka

    හා හා උබ 46 වෙනි කරුණත් හොයාගත්තේ... සල්ලි නම් ඕනේ හිගන්න වගේ ඉන්න එපා. පොර ටෝල්ක් දාපන්
     
    report
    http://www.elakiri.com/forum/showthread.php?t=1532280
    sorry

    mata kiyanna ona une me tika?


    මේක කියෙව්වාම මට හිතුන දේ තමයි ගෑණු කොයි තරම් Complicated ද කියලා.. මේක ලිව්වේ කව්ද කියලා පැහැදිලි නැති උනත් මේ කියන බොහෝ දේ ඇත්ත නේද කියලා කල්පනා කලාම... එහෙමත් නැත්නම් අත්දැකීම එක්ක සංසන්දනය කලාම හිතෙනවා.... හිතලා බලන්න... ඔබට මේ දෙවල් වලට මුන දෙන්න වෙලා නැද්ද..

    ඔබ කාර්ය බහුල උන වෙලාවක ඔබට ඇයගේ උපන් දිනය අමතක උනොත්...? එහෙමත් නැත්නම් ඔබගේ විවාහ සංවත්සරය අමතක උනොත්.... එහෙමත් නැත්නම් ඔබේ පලමු හමුවේ සංවත්සරය අමතක උනොත්..... ඇයගේ ප්‍රතිචාරය කොහොම වෙයිද...?

    අපි මේ වගේ ලැයිස්තු වලට කියන්නේ Wish list එකක් කියලා... අපේ තරුණ කාලේ නම් අපි Favorite Book කියලා එකක් යාළුවෝ අතරේ බෙදාගත්තා... ඒ අපි එකිනෙකා කැමති දෙවල් ගැන දැනගන්න... මේ ලැයිස්තුව දැක්කාම මතක් වෙන්නෙත් ඒ වගේ දෙයක්....නමුත් මගේ පෞද්ගලික අත්දැකීම අනුව මේ කියලා තියන දේ හරි... ගෑණු...(ගෑණු කිව්වාම අදහස් කරන්නේ ගෑණු සතා කියන දේ. එහෙම නැතිව විවාහක අවිවාහක කියන දේ නෙමෙයි).... කොහොමත් මේ අච්චුවට ගැලපෙනවා....

    දැන් මේක බලලා කියයි ගෑණු එහෙම තමයි සංවේදීයි... පොඩි දෙයක් පවා ගොඩක් හිතනවා.... පොඩි වෙනස් කමත් දැනෙනවා කියලා.... නෑ ඒක අසත්‍යක්...... ඒ පෙන්නන්නේ වෙස් මුනක්..... බොහෝ දෙනෙක් ඒ වෙස් මුනට රැවටෙනවා..... මේ වෙලාවේ මට මතක් වෙනවා ගොර්කිගේ “අම්මා“ පොතේ (මගේ මතකේ හොඳ නම්) තිබුන කියමනක්....

    “දුමක් බීපන්.... ලස්සන කෙල්ලෙක් උඹට ආදරය කරනවාට කැමතිද..? ඔව් උඹ කැමති වෙයි.... උඹ ඇයගේ දෙතොල් ඉරැවොත්.... ඒකි උඹව මුලු ජීවිත කාලෙම බැඳ ගනීවී.... උඹට ඒකිගෙන් ගැලවෙන්න බැරි වේවි.... කෙල්ලෝ කියනවා උඹට පන වගේ ආදරය කරනවා කියලා.... එහෙම කියන එකියකට උඹ ඇල්පෙනෙත්ති තුඩකින් ඇණපන්.... එදාට ඇයි උඹගේ ආත්මය උනත් උදුරගන්න පැකිලෙන එකක් නැහැ“

    මම හිතන විදියට මේක අදටත් වලංගුයි......


    ඔබ හිතන්නේ පිරිමියෙක් කැමති දේවල් මේ වගේ Wish list එකක් ලිව්වොත් කොයි තරම් පේලි ගනනක් ලියන්න වෙයිද..?

    බොහෝ පිරිමි ගැන කියන්න බැරි උනත් පෞද්ගලිකව මගේ ගැන ලියන්නම්...

    1. ගැහැණියක් මට ඇහුම්කන් දෙනවා නම්....

    2. උත්තර හොයනවට වඩා ප්‍රශ්ණේ බෙදාගන්න පුලුවන් නම්..

    3. වැඩ ඇරිලා එනකොට හිනාවෙන් පිළිඅරගෙන තේකක් අතට දෙන්න පුලුවන් නම්...

    4. පත්තරයක් බලනකොට ලඟට වෙලා නිහඬව ඉන්නවා නම්...

    5. පොඩි ඩ්‍රින්ක් එකක් දානකොට බයිටක් හදලා දෙනවා නම්...

    6. තනියට ලඟට වෙලා මම කියන දේ අහගෙන ඉන්නවා නම්....

    7. මම ඇඳට එනකොට ඇහැරිලා බලාගෙන ඉන්නවා නම්....

    8. මට කලින් මගේ ඇඟ උඩට එනවා නම්...

    දැනට අමතක පස්සේ මතක් වෙයි කියලා හිතන තව දෙක තුනක් ඇරෙන්න වැඩි දෙයක් මගේ Wish List එකේ නැහැ.... වෙනත් පිරිමියෙක් ගත්තත් මේ දේවල් වලට අකැමැති වෙන්න විදියක් නැහැ... තව ඕනේම නම් කීපයක් එකතුවෙයි.

    අපිට මේක මේ වගේ බොහොම සරළව කථා කරන්න පුලුවන් උනාට මේක අද පවතින සාමාජීය ගැටළුවක්.... එකිනෙකාගේ අවශ්‍යතා හඳුනා නොගැනීම.... මේ හේතුව හින්දා තමයි අවුරුදු ගානක් ආශ්‍රය කරලා... දිවට දිව තියාගෙන ආදරේ කරලා.... විවාහ වෙලා මාස ගනකින් පවුල් වල ප්‍රශ්ණ ඇතිවෙන්නේ... එහෙම වෙන්න ප්‍රධාන හේතුව තමයි ආදරය කරන කාලේ අපි එකිනෙකාගේ ඕනෑ එපා කම් සෙනේ සිතින් ඉවසුවට විවාහ උනාට පස්සේ එකම වහලක් යට ජීවත් වෙනකොට, දිගින් දිගටම එකම දේ සෙනේ සිතින් ඉවසනකොට ඒක නුරුස්සනා ගතියක් ඇති වීම.... ආදරේ පස්සා දෙරෙන් පලා ගිහින් ඉවසීම ඉස්සරහා දොරන් බැහැලා ගිහින් වෛරය.... එහෙමත් නැත්තනම් නුරුස්සන බව ඇති වීම.... මෙහි දෙවැනි අතුරු ඵලය වෙන්නේ අවිශ්වාසය...... දෙන්නා දෙන්නව අවිශ්වාස කිරීම..... ඒ වෙලාවට තමයි හිතෙන්නේ...“පෙම් ලොව දී දුටු ඔහුම ද මේ.... ඔහුටද මා අන්ධ උනේ කියලා...“.... හැබැයි .... පිරිමියාටත් ඔය දේම හිතෙනවා... ඔහු ඒක හංගගෙන ඉන්නවා....

    එකඟ නොවෙන තැන් ඇති.... එන්න අපි කථා කරමු.... ආදරය කරන උන්ටත්... කසාද බැඳපු උන්ටත් තේරෙන භාසාවෙන් අපි කථා කරමු.....

    http://jbasnayaka.blogspot.com/2012/04/45.html
     
    පළමුව කිවයුත්තේ මෙය මා මීට පෙර කිහිප වතාවක් අප Elakiri සමාජය තුල දැක ඇති බවය. එසේම තවමත් අවිවාහකයෙකු වුවත් මා ජීවිතයේ ලද යම් අත්දැකීම් ඇසුරෙන් යමක් සදහන් කරමි.

    ඔබ මුලින්ම සදහන් කල කාරනා (කරුණු 45) සම්බන්දයෙන් මා එකග නොවෙමි. මක් නිසාද යත් පිරිමියෙකු වශයෙන් උක්ත කාරනා සියල්ල අවන්කවම තම බිරිදට/පෙම්වතියට ඉටු කරන්නාවූ පුරුෂයෙක් මෙතෙක් මා දැක නොමැති හෙයිනි. මා මිතුරන් සමහරක් මෙවන් කාරනා මුහුණ පොතෙන් අධ්‍යනය කර නිසාදෝ අකුරටම ඉෂ්ඨ කරමින් පර ස්ත්‍රීන් කරා ගොස් සතුටු වනවා මා දැක ඇත. අත් විද ඇත. එසේම උක්ත කරුණු 45 නිසි අයුරින්ම, එලෙසින්ම ඉෂ්ඨ කර බිරිදගේ/පෙම්වතියගේ පැසසුමට ලක්වනවා මා දැක ඇත. ඒ මගින්
    බිරිද/පෙම්වතිය රවට තමා මහා වීරයෙක් බව තම මිතුරන්ට අතිශෝක්තියකින් පවසන උන් එමටය.

    මා අත්විද ඇති සත්‍ය මෙයයි.


    පිරිමියා නිතරම ගැහැනියට ද, තමා මෙන් හැසිරීමට නොහැකි මන්දැයි තේරුම් නොගනියි.

    ගැහැණියඇගේ සැමියා ද තමාමෙන්ම හැසිරෙතැයි බලාපොරොත්තු වෙයි.

    සම්බන්දතා බිද වැටෙන්නේ මේ ගැන අවබෝධය නොමැති කමෙනි.

    ලිංගිකත්වය අනුව බොහෝ වෙනස්කම් තිබුනද පිරිමි සහ ගැහැණු අතර සම්බන්දතා බොහෝ පවතියි. පිරිමියා අනිවාර්යයෙන් තේරුම් ගත යුත්තේ එහි ගෞරවයෙන් වැඩිකොටස හිමිවිය යුත්තේ ගැහැණියට බවයි. මන්ද? ඇය සියලු වෙනස්කම් අතරම පවුලත් ආරක්ෂා කරගැනීමට සමත් වන හෙයිනි.
    (ගෙඩිය පිටින්ම උපුටා ගැනීමකි......)

    ela ela thanks