ගෑණුන්ට මඤ්ඤං බං..
•▬•ඕනෑ එකක්•▬•
මිනිසා : අද රෑට අපි මොනවද කන්නේ?
මිනිසා : අද රෑට අපි මොනවද කන්නේ?
ගැහැණිය : ඕනෑ එකක්
මිනිසා : අද අපි ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් කමුද?
ගැහැණිය : අනේ ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් නම් බෑ, ගිය පාර කාලා මගේ මූනේ කුරුළෑ ආවා
මිනිසා : එහෙනම් චයිනීස් රෙස්ටුරන්ට් එකකට යමු?
ගැහැණිය : ඊයෙත් කෑවේ චයිනීස් එකකින් නේද? අදත් චයිනීස් කන්න පුලුවනිද?
මිනිසා : එහෙනම් කොත්තු අරන් ගිහින් කමුද?
ගැහැණිය : පිස්සුද අනේ... බඩේ අමාරුවක් හදා ගන්නද?
මිනිසා : ඉතින් එහෙනම් මොනවද කන්නේ? ඔයාම කියන්නකෝ...
ගැහැණිය : ඕනෑ එකක්
•▬•ඕනෑ දෙයක්•▬•
මිනිසා : ඉතින් දැන් අපි මොකද කරන්නේ?
මිනිසා : ඉතින් දැන් අපි මොකද කරන්නේ?
ගැහැණිය : ඕනෑ දෙයක්
මිනිසා : එහෙනම් අපි ෆිල්ම් එකක් බලමු? කාලෙකින් එකක් බලන්නත් බැරි උනානේ.
ගැහැණිය : ෆිල්ම් බලන්න බෑ අනේ... කාලේ නාස්තියක්
මිනිසා : එහෙනම් අපි බීච් එක පැත්තේ යමුද?
ගැහැණිය : බීච් එකට යන්න!!? මේ ගිනි අවුවේ?
මිනිසා : එහෙනම් අපි මාකට් එක පැත්තේ ගිහින් ගෙදරට බඩු ගේමුද?
ගැහැණිය : අද මාකට් යන්න බෑ අනේ, හෙට යමු.
මිනිසා : ඉතින් එහෙනම් මොකද කරන්නේ? ඔයාම කියන්නකෝ...
ගැහැණිය : ඕනෑ දෙයක්
•▬•ඔයාගේ කැමැත්තක්•▬•
මිනිසා : එහෙනම් අපි දැන් ගෙදර යමුද?
මිනිසා : එහෙනම් අපි දැන් ගෙදර යමුද?
ගැහැණිය : ඔයාගේ කැමැත්තක්
මිනිසා : එහෙනම් අපි බස් එකක නැගලා ගෙදර යමු
ගැහැණිය : බස් වල යන්න බෑ අනේ... ජරාව... අනිත් එක සෙනගත් වැඩී...
මිනිසා : එහෙනම් අපි කැබ් එකක යමු
ගැහැණිය : ඔය පොඩි දුරට මොකටද අනේ කැබ්? අපරාදේ...
මිනිසා : හ්ම්ම්ම්... එහෙනම් අපි ඇවිදගෙන යමු නේද? වැඩි අව්වකුත් නෑනේ...
ගැහැණිය : ඇවිදගෙන යන්න බෑ... මට බඩගිනී
මිනිසා : එහෙනම් අපි දැන් මොකද කරන්නේ?
ගැහැණිය : ඔයාගේ කැමැත්තක්
මිනිසා : අපි මොනවා හරි කමුද?
ගැහැණිය : ඕනෑ එකක්
මිනිසා : මොනවද කන්නේ?
ගැහැණිය : ඕනෑ දෙයක්
•▬•ඕනේ වෙලාවක•▬•
පෙම්වතා : මම ඔයාට කීයටද කෝල් කරන්න ඕනි?
පෙම්වතා : මම ඔයාට කීයටද කෝල් කරන්න ඕනි?
පෙම්වතිය : ඕනේ වෙලාවක
පෙම්වතා : ඒත් ගිය පාර උදේ මම කෝල් කලාම ඔයා ආන්සර් කලේ නෑනේ
පෙම්වතිය : මම නිදි එතකොට
පෙම්වතා : එදාම 11ට විතර කෝල් කලාමත් ආන්සර් කලේ නෑනේ
පෙම්වතිය : ඒ වෙලාවේ මම අම්මා එක්ක ෂොපින්
පෙම්වතා : 3ට විතර ගත්තාමත් ආන්සර් කලේ නෑ
පෙම්වතිය : ඒ වෙලාවේ මට ගොඩාක් මහන්සියි... මම ටිකක් නිදා ගත්තා...
පෙම්වතා : එතකොට 5ට ආන්සර් නොකලේ?
පෙම්වතිය : මම කාටුන් එකක් බල බල හිටියේ
පෙම්වතා : එතකොට මම රෑ වෙලා ගත්තාම ඇයි ආන්සර් නොකලේ?
පෙම්වතිය : එතකොට මම පාඩම් කරනවා
පෙම්වතා : හ්ම්ම්... එහෙනම් ඔයාම කියන්නකෝ ඔයාට ලේසි වෙලාවක් කෝල් කරන්න.
පෙම්වතිය : ඕනේ වෙලාවක
