ගෑණුන්ට මඤ්ඤං බං..

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,977
    113
    ගෑණුන්ට මඤ්ඤං බං..

    •▬•ඕනෑ එකක්•▬•
    මිනිසා : අද රෑට අපි මොනවද කන්නේ?​
    ගැහැණිය : ඕනෑ එකක්​
    මිනිසා : අද අපි ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් කමුද?​
    ගැහැණිය : අනේ ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් නම් බෑ, ගිය පාර කාලා මගේ මූනේ කුරුළෑ ආවා​
    මිනිසා : එහෙනම් චයිනීස් රෙස්ටුරන්ට් එකකට යමු?​
    ගැහැණිය : ඊයෙත් කෑවේ චයිනීස් එකකින් නේද? අදත් චයිනීස් කන්න පුලුවනිද?​
    මිනිසා : එහෙනම් කොත්තු අරන් ගිහින් කමුද?​
    ගැහැණිය : පිස්සුද අනේ... බඩේ අමාරුවක් හදා ගන්නද?​
    මිනිසා : ඉතින් එහෙනම් මොනවද කන්නේ? ඔයාම කියන්නකෝ...​
    ගැහැණිය : ඕනෑ එකක්​

    •▬•ඕනෑ දෙයක්•▬•
    මිනිසා : ඉතින් දැන් අපි මොකද කරන්නේ?​
    ගැහැණිය : ඕනෑ දෙයක්​
    මිනිසා : එහෙනම් අපි ෆිල්ම් එකක් බලමු? කාලෙකින් එකක් බලන්නත් බැරි උනානේ.​
    ගැහැණිය : ෆිල්ම් බලන්න බෑ අනේ... කාලේ නාස්තියක්​
    මිනිසා : එහෙනම් අපි බීච් එක පැත්තේ යමුද?​
    ගැහැණිය : බීච් එකට යන්න!!? මේ ගිනි අවුවේ?​
    මිනිසා : එහෙනම් අපි මාකට් එක පැත්තේ ගිහින් ගෙදරට බඩු ගේමුද?​
    ගැහැණිය : අද මාකට් යන්න බෑ අනේ, හෙට යමු.​
    මිනිසා : ඉතින් එහෙනම් මොකද කරන්නේ? ඔයාම කියන්නකෝ...​
    ගැහැණිය : ඕනෑ දෙයක්​

    •▬•ඔයාගේ කැමැත්තක්•▬•
    මිනිසා : එහෙනම් අපි දැන් ගෙදර යමුද?​
    ගැහැණිය : ඔයාගේ කැමැත්තක්​
    මිනිසා : එහෙනම් අපි බස් එකක නැගලා ගෙදර යමු​
    ගැහැණිය : බස් වල යන්න බෑ අනේ... ජරාව... අනිත් එක සෙනගත් වැඩී...​
    මිනිසා : එහෙනම් අපි කැබ් එකක යමු​
    ගැහැණිය : ඔය පොඩි දුරට මොකටද අනේ කැබ්? අපරාදේ...​
    මිනිසා : හ්ම්ම්ම්... එහෙනම් අපි ඇවිදගෙන යමු නේද? වැඩි අව්වකුත් නෑනේ...​
    ගැහැණිය : ඇවිදගෙන යන්න බෑ... මට බඩගිනී​
    මිනිසා : එහෙනම් අපි දැන් මොකද කරන්නේ?​
    ගැහැණිය : ඔයාගේ කැමැත්තක්​
    මිනිසා : අපි මොනවා හරි කමුද?​
    ගැහැණිය : ඕනෑ එකක්​
    මිනිසා : මොනවද කන්නේ?​
    ගැහැණිය : ඕනෑ දෙයක්​

    •▬•ඕනේ වෙලාවක•▬•
    පෙම්වතා : මම ඔයාට කීයටද කෝල් කරන්න ඕනි?​
    පෙම්වතිය : ඕනේ වෙලාවක​
    පෙම්වතා : ඒත් ගිය පාර උදේ මම කෝල් කලාම ඔයා ආන්සර් කලේ නෑනේ​
    පෙම්වතිය : මම නිදි එතකොට​
    පෙම්වතා : එදාම 11ට විතර කෝල් කලාමත් ආන්සර් කලේ නෑනේ​
    පෙම්වතිය : ඒ වෙලාවේ මම අම්මා එක්ක ෂොපින්​
    පෙම්වතා : 3ට විතර ගත්තාමත් ආන්සර් කලේ නෑ​
    පෙම්වතිය : ඒ වෙලාවේ මට ගොඩාක් මහන්සියි... මම ටිකක් නිදා ගත්තා...​
    පෙම්වතා : එතකොට 5ට ආන්සර් නොකලේ?​
    පෙම්වතිය : මම කාටුන් එකක් බල බල හිටියේ​
    පෙම්වතා : එතකොට මම රෑ වෙලා ගත්තාම ඇයි ආන්සර් නොකලේ?​
    පෙම්වතිය : එතකොට මම පාඩම් කරනවා​
    පෙම්වතා : හ්ම්ම්... එහෙනම් ඔයාම කියන්නකෝ ඔයාට ලේසි වෙලාවක් කෝල් කරන්න.​
    පෙම්වතිය : ඕනේ වෙලාවක​
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    rofl8yi.gif