උඹේ කතාවේම උත්තරේ තියෙනවා. ඒ ගෑණි ළමයි හදන්න අකමැති කෙනෙක්. හැබැයි ලංකාවේ දෙන්නෙක් බැන්දම වටේ ඉන්න එවුන්ට කට තියන් ඉන්න බෑ. කෝ කවද්ද දෙන්නා තුන්දෙනා වෙන්නේ එක්කෝ අපි කවද්ද පුංචි කෙනෙක් වෙන්නේ , ලොකු අම්මා වෙන්නේ , ආච්චි වෙන්නේ . නැත්තම් ප්රශ්න තියෙනවා නම් දොස්තර ගාවට යන්න. පරක්කු උනාම ළමයි අංගවිකල වෙනවා. මාර අමාරුව බන්.ගෑණු අැයි බං ළමයි හදනකන් බුම්මන් ඉඳලා ළමයි හදාගත්තහම ළමයින්ට බණින්නේ..මගේ යාළුවෙක්ගෙ වයිෆ් ඒ ළමය හෙම්බිරිස්සාවක් හදන් අාවත් බණිනවලු ඉස්කෝලේ සීතල දේවල් කාල කියල.යකෝ ලෙඩක් හැදුනහම බෙහෙත් අරන් දෙන්නෙ නැතුව බැණල හරියනවද.ඒ ළමය නිකන් මානසිකව වැටෙනවනේ.උෟටත් මාරම අප්සට්.උෟ කලින් ළමයින්ට කැමති නැතුව හිටියෙත්.ඒත් ගෑණි කලින් ළමයි හදන්නේ නෑ කියල බුම්මන් හිටියලු අවුරුදු 3ක්මම.නිතරම කියවනවලු ළමයෙක් නෑ කියල.නෑයොත් අහනව කියල. ඵහෙම ඉඳල ළමයි හැදුවහම ළමයින්ට කරුණාවක් නෑ..පුදුම ගෑණු ලංකාවෙ ඉන්නෙත්..ඵක අතකට පව් පිරිමි තමා හැම පැත්තෙන්ම තැලෙන්නේ ගෑණු මායම් වලට රැවට්ලා.බඳින්න ඉන්න උනුත් පරිස්සමෙන්.ගෑණුන්ට ඕන විදිහට නටන්න ඵපා..ළමයින්ට අාදරයක් නැත්නම් ළමයි හදන්නේ මොන බම්බුවකටද..![]()
මම දන්න පිටරට ඉන්න ලංකාවේ කපල් ඉන්නවා ළමයි හදන්නේ නෑ කියලා දෙන්නම තීරණය කරලා ඒ අය කැමති විනෝදාංශවල යෙදෙනවා.
ළමයි හදන එක දෙන්නෙක්ගේ පෞද්ගලික දෙයක්. ළමයි ලොකු කරන්නේ ඒ දෙන්නනේ. ඒකට ඒ දෙන්නගේ කැපවීම 100% ඕනේ. වෙන වෙන අය කියලා හරි යන්නේ නෑ.
දැන් මේ උඹේ කේස් එකේදී මේ ගෑණු කෙනා මානසිකව වැටිලා ඇති. මෙහෙම හිතපන්කෝ. උඹට මොනවහරි අකමැති දෙයක් ඉගෙන ගන්න කියනවා බලෙන්. උඹ එක අමාරුවෙන් බැණ බැණ ඉගෙන ගන්නවා. හැබැයි යටි හිතෙන විඳවනවා.
ඇත්තම කතාව කිව්වොත් ඔය ගෑණු කෙනාට සමහරවිට බෙහෙත් ගන්න ඕනේ ඇති මානසික මට්ටම හදාගන්න.
අනික් එක ලංකාවේ මිනිස්සු ළමයි හදන්න කියන්නේ වයසට ගියාම ඒ ළමයි තමුන්ට බලයි කියලා හිතලා. එහෙම නොකරම ඒ හිතේ අමාරුවෙන්ම මැරෙනකන් ඉන්නවා. තරුණ කාලේ ඉදන්ම retire උනාම කොහොමද ඉන්නේ කියලා පොඩි plan එකකට වැඩ කරාම කාගේවත් එකක් බලාගෙන ඉන්න ඕනේ නෑ.