ගෑණු නම් මැරුණත් ගෑණු ම තමයි වෙනස් වෙන්නේ නැහැ

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    එක්තරා බිරිඳක් මියෙන්නට ආසන්නයේ ඇඳ මත ඉන්න ගමන් සැමියාගෙන් මෙහෙම ඇහුවා.
    " මං මැරිලා කොච්චර කාලයක් ගියාට පස්සෙද ඔයා වෙනත් කෙනෙක්ව විවාහ කරගන්නේ ? "
    " ඔයාව මිහිදන් කරපු තැන සම්පූර්ණයෙන්ම වියැලී යනතුරු මං වෙන කෙනෙක් ගැන හිතන්නෙවත් නෑ " සැමියා කිව්වා.

    කොහොමහරි බිරිඳ ටික දවසකින් මියගිහින් අවසන් කටයුතු කළාට පස්සේ සැමියා ඇයව මිහිදන් කරපු තැනට වරින් වර ගිහින් බැලුවලු. ඒ හැම දවසකම මිහිදන් කරපු තැන තෙත් සහිත ස්වභාවයක් තිබ්බා. ඉතිං ඔහු විවාහයක් කරගත්තෙත් නැහැ. ඔහොම වසර 15 ක් ගෙවිගියාට පස්සේ දවසක් සැමියා එතනට යද්දි මිය ගිය බිරිඳගේ සොහොයුරා ඇවිත් හිටියලු.

    " ඔබ මොනාද මෙතන කරන්නේ ?" සැමියා ඇහුවා.
    " මං මගේ සොහොයුරියගේ අවසන් ඉල්ලීම ඉටු කරන්න ගෙවුණු අවුරුදු 15 පුරාම මෙතනට හැමදාම උදේට එනවා " සොහොයුරා උත්තර දුන්නා.
    " ඒ මොකක්ද අවසන් ඉල්ලීම?" සැමියා විමතියෙන් ඇහුවා.
    " ඇය මගෙන් ඉල්ලුවා හැමදාම ඇයව මිහිදන් කරපු තැනට ඇවිත් එතන වියැලි බව නැති වෙන විදිහට හොඳට වතුර දාලා තෙමලා තියන්න කියලා "

    ඒක අහපු සැමියා සිහිනැතුව වැටුනලු.....

    The hidden saying :
    Even in the death,
    women are women ....!
    FB_IMG_1655120464455.jpg