ගෑණු පාතාලේ හිස ඔසවයි

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කොටහේනේ ව්‍යාපාරික නිවසක මෙහෙකාරිය ගෙල කපා මරලා; සිරුර පඩිපෙළ දිගේ ඇදගෙන ගිහින්!!!
    fShare
    * යාපනයෙන් පැමිණි කාන්තාවන් කළ වැඩක්‌ දැයි සැකයක්‌

    ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ලසිත දුමින්ද

    කොටහේන, නව හෙට්‌ටි වීදිය මහල් නිවසක්‌ තුළ ගෙල කපා මරාදමා ගලකින්ද හිසට පහරදී තිබූ ගෘහ සේවිකාවකගේ මළ සිරුරක්‌ පෙරේදා (19 වැනිදා) රාත්‍රී සොයාගත් බව කොටහේන පොලිසිය පවසයි.

    මැය පිටකොටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසේ සේවයේ යෙදී සිට ඇති අතර, අදාළ ව්‍යාපාරිකයා ව්‍යාපාරික ස්‌ථානයේ වැඩකටයුතු නිමවා නිවසට විත් බැලීමේදී සිව්වැනි මහලේ මරාදමා තිබූ සිය ගෘහ සේවිකාවගේ මළ සිරුර දැක තිබේ. අනතුරුව ඔහු මේ ගැන පොලිසියට කළ දැනුම් දීමකට අනුව පොලිසිය එහි පැමිණ පරීක්‍ෂණ ඇරඹීය.

    මෙලෙස ඝාතනයට ලක්‌ව තිබුණේ යාපනයේ සිට කොටහේන ප්‍රදේශයේ ගෘහ සේවයට පැමිණි ගුණරත්නම් විජිතා (35) නමැති සිව්දරු මාතාවකි.

    නිවස හිමි ව්‍යාපාරිකයා පිටකොටුව, දෙවැනි හරස්‌ වීදියේ වෙළෙඳසලක්‌ පවත්වාගෙන යන අයෙකි.

    යාපනයේ සිට කොළඹට පැමිණි කාන්තාවන් කීපදෙනකු විසින් මැය ඝාතනය කරන්නට ඇතැයි සැකකරන බවද පොලිසිය පවසයි.

    මෙම ඝාතනය සිදුවන අවස්‌ථාවේ නිවසේ කිසිවෙකුත් සිට නැත. මැය මුළුතැන්ගෙය තුළ රැඳී කිසියම් කාර්යයක නිරතව සිටියදී රහසිගතව නිවසට ඇතුල්වී ඇති කාන්තාවන් කීපදෙනා මැය අල්ලා ඇගේ ගෙල කපා පලායන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

    එලෙස ඝාතනය කරන ලද එම කාන්තාව අදාළ කාන්තාවගේ නිසල සිරුරර පඩි පෙළ දිගේ ඇදගෙන ගොස්‌ සිව්වැනි මහලේ දමා යන්නට ඇතැයි සැකකරන බවද පොලිසිය කියයි.

    අදාළ නිවසේ පඩිපෙළ දිගේ ලේ පැල්ලම් තිබූ බවද පොලිසිය පවසයි.

    ඝාතනයට ලක්‌වූ කාන්තාව ඥාති හිතවතියක්‌ සමඟ පැවැති ඉඩම් ආරවුලකට පළිගැනීමක්‌ ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

    ඝාතනයට සම්බන්ධ සැකකාරියන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් මෙහෙයුමක්‌ අරඹා තිබේ.

    මේ පිළිබඳව කොටහේන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක මහින්ද කරුණාරත්න මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක රුවන් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    විසි කළ අත් බෝම්බය තමාගේම ඔසරියේ පැටලී පිපිරීමෙන් "උඩරට මහේෂිකා" මරුට".....

    හිනා වෙලා මම මැරුණා.:lol::lol::lol: