ගෑණු මායම් වලට අහුවෙන්න එපා !

enadun

Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    ගෑණු මායම් වලට අහුවෙන්න එපා !

    වැසි සහිත සැන්දෑවකි. එක් පාළු ස්ථානයකදී රූමත් කාන්තාවක් පදවාගෙන ගිය රථයක් තවත් රථයක ගැටිනි. අනිත් රථයේ සිටියේ කාන්තාවගේ සමවයසේ පුරුෂයෙකි. කාන්තාවගේ රථය සම්පූර්ණයෙන්ම හානිවී ඇත. පුරුෂයාගේ රථයද එසේමය.

    etKO7to.png


    පුරුෂයා - "බලනවා තමුසේ කරපු දේ ..." මගේ කාර් එකේ ගන්න දෙයක් නෑ.... සම්පූර්ණයෙන්ම වරද තමුන්ගේ. ඉන්නවා මම පොලීසියට කෝල් කරන්නම්"

    කාන්තාව නිහඩය... පසුව සිහින් ස්වරයෙන් පුරුෂයා ඇමතූ ඇය..

    "බලන්න මේ වගේ පාළු තැනක, වහින වෙලාවක, අපි දෙන්නව එකට එක් කලේ දෙවියෝ කියලයි මට හිතෙන්නේ. ඔයාට එහෙම හිතෙන්නේ නැද්ද ? කාර් එකනම් මොකද? අපි දෙන්න හොඳටම ගැලපෙනව කියලයි මට හිතෙන්නේ"


    Physical-Attraction.jpg


    පුරුෂයා - "ඕහ්.... මට ඒ ගැන හිතුනෙ වත් නැහැ"

    කාන්තාව - "ඒකනේ ඔයා කලබල වෙලා. කාර් කටුවක් ගැන හිතනවා. මා දිහා හරියට බැලුවෙවත් නැහැ.

    පුරුෂයා - "මටත් පිස්සු... "

    දෙදෙනාම ප්‍රේමයෙන් මුසපත්වී ඇත. තදින් වැස්සද ඇදවැටේ. හොඳටම ඇඳිරි වැටී ඇත. දෙදෙනාටම අනතුර ගැන වගක් නැත.


    පුරුෂයා - "ඉන්න කාර් එකේ විස්කි බාගයක් තිබුනා.. ටිකක් ගමු."


    කාන්තාව - "හා.."

    පුරුෂයා බෝතලය ගෙන මූඩිය ගලවා ඉන් දෙකෙන් පංගුවකටත් වඩා ගිල දමා බෝතලය කාන්තාව අත තැබීය. කාන්තාව පානය කරන පාටක් නැත, ඇය ජංගම දුරකථනයේ ඇමතුමක පැටලී සිටී.

    පුරුෂයා - "ඇයි ඔයා බොන්නේ නැද්ද ?"

    කාන්තාව - "බොන්න?, ඉන්නවා තව ටිකකින් පොලීසිය එයි. එතකොට මම බලාගන්නම්. බීල බීල මගේ කාර් එක හැප්පුවට පාඩමක් උගන්නන්න.. "

    angry+woman+driver_3182849.jpg


    Re-Post නං sorry වෙන්න ඕන..


     
    Last edited:
    Aug 2, 2014
    158
    17
    0
    ඔන්න ඕවට තමයි කියන්නේ කන්න හිතුනම කබරගොයත් තලගොයා වෙනවලු කියල..