ප්‍රවෘත්තියක්

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ප්‍රවෘත්තියක්
    රාත්‍රී එකොළහට පමණ පාළු පාරක නවතා තිබූ සැක සහිත වාහනයක් පිළිබඳ සෝදිසි කිරීමට ගිය රාජකාරියෙ සිටි පොලිස් නිළධාරින්ට දක්නට ලැබුණු දසුනින් ඔවුන් මවිතව ගොස් තිබිණි.. පුරුෂයින් දෙදෙනෙකු සහ තරුණ කතක් එහි සිට ඇත. අදාල කාන්තාව අස්වාභාවික ලෙස වත්සුණු තවරා තිබුණු බවටද පොලිසිය දැක ඇත. තිදෙනා ගැන සැක සිතුනු පොලිසිය විසින් ඔවුන්ව ප්‍රශ්ණ කරද්දි පුරුෂයින් දෙදෙනාම විවාහකයින් වන අතර තරුණියට වයස අවුරුදු දහ හතක් වන බවටද අනාවරණය කරගෙන ඇත. ඇය අහවල් පාසලෙ වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරන අහවල් තැන පදිංචි අහවලා බවටද අනාවරණය කරගෙන ඇත.
    බුකි පත්තිනි ඇන්ඩ් බුකි ඔස්තාර් Comments :-
    // පට්ට වේ# ට හෙන ගහන්න ඕනි කසාද බැඳපු පිරිමි එක්ක නටනවට.. //
    // වයසටද බලපන්කො වැඩ ,ඒකත් පිරිමි දෙන්නෙක් එක්ක.. චිහ් //
    // චීයා අනී අපිට නම් ලැජ්ජයි මේවා අහන්න ලැබුණ එක.. අපෝ ළමයි ඉන්න අම්මලා වෙලත් අපිට නම් ඕවා හිතන්නවත් බෑ..! //
    // අඥෙ දැන් කොහොමද අර කසාද ගෑණු මේකට මූණ දෙන්නෙ දෙයියනෙ.. පව් අනේ.. ! හෙන ගහන්න ඕනි ඔය පරට්ටිට. //
    //ඇයි අනේ අම්මලා පොල් ගාලද ? Sure එකට අම්මලා කෙල්ලව විකුණන් කාලා ඇති. චිහ්..//
    // ඔය වයසට අපි වැලි බත් උයනවා //
    // ඕකිව චාටර්ම කරන්න ඕනි.//
    // මේ බැල්&යක් නිසා අර පිරිමි දෙන්නගෙම පවුල් දෙකම ඉවරනෙ.. දරුවො කීදෙනෙක් අනාථද ? //
    කැළණි හිඟන බුකි පේජස්
    අදාල කෙල්ලගෙ පිංතූරයක් කෙසේ හෝ සොයාගෙන ,
    " කෙල්ලෙ හැදියන් හරියට ගිනි දෙන්නෙ නැතිව වැදූ දෙමාපියන්ට.. "
    " පට්ට අම්මන්ඩිට හෙන ගහන්න ඕනි කියලා හිතනවනම් ලයික් එකක් දෙන්න , වෙඩි තියලා මරන්න ඕනි කියලා හිතනවනම් Comment කරන්න , දෙකම කරන්න ඕනි නම් ලයික් කරලා , comment කරලා share කරන්න."
    යාළුවනෙ මතක ඇතුව ජල් හිංගියා පේජ් එකට ලයික් එකකුත් දාගෙන යන්න.
    " මට කාර් එකකුයි යාළුවෙකුයි ඉන්නවා , මොන නංගිද මගෙත් එක්ක එන්න කැමති මහ රෑ පාළු පාරක කාර් එකක ඉන්න ? "
    "ඔය ඉස්කෝලෙ ඈයො කොහොමත් යන්නෙ අඩි ගාණක් උඩින්.. වෙට්ට පාසියො.. තුහ් "
    ඇත්තටම සිද්ධිය
    ⁣මහනුවර තිබුණ මගුල් ගෙදරකට කොළඹ ඉඳලා ගිය අම්මයි , තාත්තයි , පුතයි , දුවයි ලේලියි ආපහු කොළඹට එන අතර මගදි වයිෆ්ට චූ බරක් හැදුන නිසා පාළු පාරක වාහනෙ නවත්තපු පුතා අම්මා එක්ක වයිෆ්ව පාරට ටිකක් ඈතින් තිබුණ පාළු ඉඩමක් පැත්තට යවලා ඒ දෙන්නා ඒ ඉඩමේ පදුරකට මුවා වෙලා චූ දාලා එනකම් නංගියි තාත්තයි එක්ක වාහනෙට වෙලා වාඩිවෙලා එයාලා එනකම් බලාගෙන ඉඳලා..!
    අනුන්ට චරිත සහතික දීමට හදිසි නොවන්න..! තම තමන්ගෙ ජීවිත වල එරියස් ඒ ඒ විදියට කවර් කරගන්න. තමන්ගෙ පුරුෂයා අනියම් පෙමක පැටලී නම් එසේ වීමට හේතු සොයා බලා ඒවාට පියවර ගන්න. ඒ කරුම අර අහිංසක පිටස්තර මිනිසුන්ගෙ ජීවිත මතින් පිට නොකරන්න.
    පූචා.
    පූර්ණිමා චාරුණී බණ්ඩාර .
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    කව්ද අයිසේ මෙව්වා ලියන්නේ. අන්තිම සිද්ධිය තුන් හතර පාරක් කියවලා තේරුම් ගත්තේ. 😣😣😣
     
    • Like
    Reactions: War Fighter