ගෑණු හිතකින්...සකි නුඹට කියමි...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ගෑණු හිතකින්...සකි නුඹට කියමි...

    5vclx.jpg

    ගෑණු හිතකින්...සකි නුඹට කියමි...

    ගෑණු හිතකට ඇහැකි විලක් සේ ඉන්නට
    එපා නුඹ එන්නට එය කලම්ඹන්නට
    කරණම් ගැසුවොතින් කිමිදී බලන්නට
    සසළ වුනු රැළිති ඇත...ගසා ගෙන යන්නට

    නැත්නම් හැකි වේය කර වට ගිලෙන්නට...

    ඉඩෝරය ඇවිත් යන හීන්වට කොනිත්තන
    වැහි බිංදු ඇනුනාට ළප කැළැලි මතු නොවෙන
    නාටු නටුවක පවා සුවඳ සියපත් පිපෙන
    විලක දිය බිඳිති ඇත බොහොම ගණකම පිරුණ..

    සකි..තෙරට පෙනෙන්නේ සියුමැළි කම පමණ...

    පතුලේ වහං උනු කැට කැබලිති බොහොම
    අඳුරෙන් පිරී ගිය මතක අහුමුලු අරුම
    මුතු බෙල්ලෙකුද ඇත හංගාගෙන රකින
    උල්පතකි විඳින්නේ එහි සොඳුරුම ගැඹුර

    මං පහරන්නෙකුට..සකි නැත එහි උරුම...

    දෙව්රංඟි@එළකිරි.කොම් (w.w.)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මුතු බෙල්ලෙකුද ඇත හංගාගෙන රකින
    උල්පතකි විඳින්නේ එහි සොඳුරුම ගැඹුර

    මං පහරන්නෙකුට..සකි නැත එහි උරුම...
    මේ දේ තේරුම් අරන් ති‍යන අ‍ය නම් දවසින් දවස අඩු වෙනවා......:oo::sorry:

    ගැඹුරු අදහසක් සරලව කි‍යලා ති‍යනවා.....ලස්සන‍යි අක්කේ......:) (රෙප් දෙන්න බැරිලු.....:dull:)
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මේ දේ තේරුම් අරන් ති‍යන අ‍ය නම් දවසින් දවස අඩු වෙනවා......:oo::sorry:

    ගැඹුරු අදහසක් සරලව කි‍යලා ති‍යනවා.....ලස්සන‍යි අක්කේ......:) (රෙප් දෙන්න බැරිලු.....:dull:)

    බොහොම ස්තුතියි මල්ලි ඔයා, මගේ අදහස නිවැරදිව විඳලා තියනවා...ඇත්ත, බහුතරයක් හිතන් ඉන්නේ ගැහැණු හිත් තියෙන්නේ ඇවිත් සතුටු වෙලා ආපහු යන්න කියල..සහ බොහොම පහසුවෙන් ඒ හිත් ඇතුලට රිංගන්න පුළුවන් කියල...අනිත් අතට බැලුවම දැන් මෙහෙම ගැහුණු හිතුත් අඩු වේගන යනවා
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    බොහොම ස්තුතියි මල්ලි ඔයා, මගේ අදහස නිවැරදිව විඳලා තියනවා...ඇත්ත, බහුතරයක් හිතන් ඉන්නේ ගැහැණු හිත් තියෙන්නේ ඇවිත් සතුටු වෙලා ආපහු යන්න කියල..සහ බොහොම පහසුවෙන් ඒ හිත් ඇතුලට රිංගන්න පුළුවන් කියල...අනිත් අතට බැලුවම දැන් මෙහෙම ගැහුණු හිතුත් අඩු වේගන යනවා

    ඇත්ත අක්කේ..දැන් ගොඩක් දේවල් ගොඩක් වෙනස්වෙලා..​
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    5vclx.jpg

    ගෑණු හිතකින්...සකි නුඹට කියමි...

    ගෑණු හිතකට ඇහැකි විලක් සේ ඉන්නට
    එපා නුඹ එන්නට එය කලම්ඹන්නට
    කරණම් ගැසුවොතින් කිමිදී බලන්නට
    සසළ වුනු රැළිති ඇත...ගසා ගෙන යන්නට

    නැත්නම් හැකි වේය කර වට ගිලෙන්නට...

    ඉඩෝරය ඇවිත් යන හීන්වට කොනිත්තන
    වැහි බිංදු ඇනුනාට ළප කැළැලි මතු නොවෙන
    නාටු නටුවක පවා සුවඳ සියපත් පිපෙන
    විලක දිය බිඳිති ඇත බොහොම ගණකම පිරුණ..

    සකි..තෙරට පෙනෙන්නේ සියුමැළි කම පමණ...

    පතුලේ වහං උනු කැට කැබලිති බොහොම
    අඳුරෙන් පිරී ගිය මතක අහුමුලු අරුම
    මුතු බෙල්ලෙකුද ඇත හංගාගෙන රකින
    උල්පතකි විඳින්නේ එහි සොඳුරුම ගැඹුර

    මං පහරන්නෙකුට..සකි නැත එහි උරුම...

    දෙව්රංඟි@එළකිරි.කොම් (w.w.)

    Mata mukuth therune nehe ne :(:(:(:(
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    Mata mukuth therune nehe ne :(:(:(:(

    සරලවම් කියනවා නම් ගැහැණුන්ගේ හිත් විලකට උපමා කරලයි නිර්මාණය කරලා තියෙන්නේ...ඒවායේ දිගක් පළලක් නොදැන පතුලේ තියන දෙයක් නොදැන ඒවට නිකරුණේ ලං වෙන්න උත්සහ කරන්න එපා කියල..
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    සරලවම් කියනවා නම් ගැහැණුන්ගේ හිත් විලකට උපමා කරලයි නිර්මාණය කරලා තියෙන්නේ...ඒවායේ දිගක් පළලක් නොදැන පතුලේ තියන දෙයක් නොදැන ඒවට නිකරුණේ ලං වෙන්න උත්සහ කරන්න එපා කියල..

    ow etika mata teruna ....mama hituwa eta vadiya deyak kiyavenava kiyala...:)

    monava unath kathava nam sahathika atta..
     
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ow etika mata teruna ....mama hituwa eta vadiya deyak kiyavenava kiyala...:)

    monava unath kathava nam sahathika atta..

    එකින් එකට අරන් විවරණය කලොත් ගැඹුරින් විඳින්න පුළුවන්..එය ඉතින් කියවන්නාගේ වැඩක් නිසා මම වැඩිදුර විස්තර කරන එක අසාධාරණයි...:)