ගෑනියෙක් සහ පිරිමියෙක්

IMUNA

Well-known member
  • Feb 16, 2012
    929
    670
    93
    ගෑනියෙක් සහ පිරිමියෙක්

    හොද පිරිමියෙක් සහ හොද ගෑනියෙක් කියන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් තේරුම් දෙකක්.

    අපි පිරිමියෙක් ගැන කතා කරද්දි එයාගෙ හොද ගති විදිහට කතා කරන්නෙ මොනවද? කැපවීම, විශ්වාසය, දක්ෂකම වගේ දේවල්. එයා කී දෙනෙක් එක්ක නිදාගන්නවද වගේ දේවල් එතනදි අදාල නෑ. ඒත් අපි කෙල්ලෙකුගෙ හොදකම ගැන කතා කරද්දි මූලිකම වෙන්නෙ එයා සෙක්ස් කරන පිරිමි හෝ ගෑනු ගාන වගේ දේවල්. මේ වෙනස අවුලක් වගේ අපිට පේන්නෙවත් නෑ.

    කවුරු හරි ඇඩ්වෙන්චරස් සෙක්ස් ලයිෆ් එකක් ගත කරනවා කියන්නෙම ඒ මනුස්සයා ජීවිතේ අනුන් විසින් පනවපු සීමාවන් ගනං ගන්නෙ නෑ කියන එක. මිනිස් ආදරය බැදීම හැගීම් ගැන වඩා ගැඹුරු තේරුම් ගැනීමකට යනවා කියන එක. එයා ජීවිතය වඩා විශාලව විදින්න විවුර්තයි කියන එක.
    එහෙම ගෑනුන්ට සම +හරක් අපහාසත්මකව කියන්නෙ වේසි කියල. ඒත් ඇත්තටම අපිට එහෙම පිරිමි වෙනුවෙනුත් ආඩම්බරෙන් ඒකම පාවිච්චි කරන්න පුළුවන් .

    අපිට පුළුවන් ස්ත්‍රී පුරුශ බේදයක් නැතුව අපි මානව සදාචාරය හදුනන, විකාර තහංචි නොතකන වේසියෝ කියල අපිව අදුන්නගන්න.

    නමුත් ගොඩක් එවුන් ඒ යථාර්ථය තේරුම් ගන්නෙ නෑ...ගැහැනුන් අපහසයට පත්කර තමන් සුදනන් වීමේ උම්මත්ත මානසිකත්වයක් ගොඩක් එවුන්ට තියෙන්නේ...

    ගැහැනියක්ගෙන් ලබන උනුසුම සතුට වගේම ගැහැනියක් අහිමිව සිටීමේ අපිරිමිත වේදනාව තම මනසින් සංවේදිව සිතා අවබෝධ කරගත යුත්තක්..

    ගැහැනු තරම් අවලාද ,අපහාස විදින කවුරුත් මේ සමාජයේ නෑ..මම ලිංගිකත්වය පිළිබඳම අදහස් පලකරන්නෙ, මිනිසුන්ගෙ සාමාන්‍ය ජීවිත ගැන අවබෝධයක් නැතිව නෙමෙයි.. ලිංගිකත්වය පදනම්කරගත් සමාජ ක්‍රරමයක් තුල ගැහැනියක් විදින බැරැරුම් වේදනාවන් නිසයි..

    ගොඩක් ගෑනු ලිංගිකත්වය ගැන කතාකිරීමට, හැගීම් බෙදාගන්න වැඩි කැමැත්තක් තියෙනවා...හැබැයි ඒ දේවල් බෙදාගන්න බෑ.. මොකද ඊලග දවසෙ ඒක සමාජජාලා වල උනුකැවුම් වගේ ශෙයාර් වෙනවා.. අන්න ඒකයි මේ ක්‍රමය තුල තියෙන දුර්වල කම.. මේ දේම පිරිම් අපිට අත්විදීමට සිදුවූවොත් මොනවා වෙයිද... ? පිරිමි වේසාවන් ලෙස සමාජගත වෙන්න කවුරුහරි කැමතිද ..? සම්මතව හෝ අසම්මතව උපරිමය විදගෙන සහයෝගයෙන් ජීවත් වෙනවාද..? අධමයන් ලෙස සමාජගත වෙනවාද..? තීරණය ඔබ සතුය...

    සුභ දවසක්.. බුදුසරණයි හැමෝටම

    අමිල අමිල
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,124
    1
    359
    83
    කවුරු හරි ඇඩ්වෙන්චරස් සෙක්ස් ලයිෆ් එකක් ගත කරනවා කියන්නෙම ඒ මනුස්සයා ජීවිතේ අනුන් විසින් පනවපු සීමාවන් ගනං ගන්නෙ නෑ කියන එක. මිනිස් ආදරය බැදීම හැගීම් ගැන වඩා ගැඹුරු තේරුම් ගැනීමකට යනවා කියන එක. එයා ජීවිතය වඩා විශාලව විදින්න විවුර්තයි කියන එක.
    එහෙම ගෑනුන්ට සම +හරක් අපහාසත්මකව කියන්නෙ වේසි කියල. ඒත් ඇත්තටම අපිට එහෙම පිරිමි වෙනුවෙනුත් ආඩම්බරෙන් ඒකම පාවිච්චි කරන්න පුළුවන් .
    අනුන් විසින් පනවපු සීමාවන් ගණන් නොගැනීම නොහොත් ස්වාධීන වීම කියන්නේ නිදහස් මනුස්සයෙක් ගොඩනැගෙන මග.
    නමුත් හැඟීම්බර කාරණා සම්බන්ධයෙන් එහෙම ස්වාධින වෙනවාය කියන්නේ බොහෝදුරට ඒ මනුස්සයා වරද කරා යොමු වීමේ ප්‍රවණතාව වැඩී.
    විශේෂයෙන් ලිංගික ජීවිතයේ දී පනවා ඇති සීමාවන් වැදගත් වෙනවා තමුන්ගේ හිත පාලනය කරගන්ට!
    ගැඹුරු තේරුම් ගැනීමකට යනවා නොවේ, ගැඹුරු මුලාවකට යාම, තමන්ගේ ජීවිතයම විනාශ කරගැනීම එතනදී වෙන්නේ.
    ඒ නිසා ඔය විෂයේදී අනුන් විසින් පැනවූ සීමාවන් වලට යටත් වීම වරදක්, මෝඩකමක්, හෝ නිදහසට බාධාවක් නොවෙයි. ඒ සීමාවන් ඇතුළේ ජීවත්වෙන්නේ තමාගේම යහපතට!
    හැඟීම්බර වෙනවාය, කාමයට වහල් වෙනවාය කියන්නේම බුද්ධිය තොර කර ගැනීමේ මග.

    ආගම් ගැන, ජාති කුල මල භේද, දේශපාලනය වගේ විෂයයන් වලදී ඔය කියන විදියට
    අනුන් විසින් පැනවූ සීමාවන් ගණන් නොගැනීමෙන් විවෘතව හිතන ස්වාධීන බුද්ධිමත් මනුස්සයෙක් ගොඩනඟන්න පුළුවන්.

    ------------------------------------------------
    මෙතනින් පහලට පස්සේ ලිව්වේ හොඳෙ!
    ඇයි මේ පිරිමි මෙච්චර ගෑනු අයගේ නිදහස ගැන සැලකිලිමත්. මට තියන හරිම ලොකු ප්‍රශ්නයක් ඒක?
    ගෑනු අයට නිදහස් වෙන්නලු. ඇඟ පෙන්නන්නලු. ඇඟ වැහෙන්න අඳිනවාය කියන්නෙ මෝඩකමලු! අනේ මන්දා!
    ඒ නොකියා කියවෙන්නේ එයාලගේ අමුතු අමුතු ආසාවන්ට ගැළපෙන ආකාරයට ගැහැණුන් හරවා ගැනීමේ උවමනාව ද? 😶
     
    Last edited: