හායි..චුට්ටක් කියවල මොනාහරි කියල යන්න...
මේක ඔයාල කියවන එකක් නෑ සමහර විට ඔයාලට පුලුවන් නම් කියවන්න නැතත් කමක් නෑ හිත නිදහස් වෙම්න මං මේක මේ ගෲප් එකට දාන්නෙ....
මම කොල්ලෙක් ලොකු වයසක් නෑ අවුරුදු 19,
වයසෙන් පොඩී තමයි ඒත් සාමාන්‍යයෙන් ගත්තොත්
මට අත්දැකීම් වැඩී අවුරුදු 19ක් උනාට මම ගොඩක් ජොබ් කරල තියෙනෝ හැමවිදියකම මිනිස්සු ආශ්‍රය කරල තියෙනෝ අවුරුදු 27ක 28ක අත්දැකීම් තියෙනව මට පෙනුමත් වයසට වඩා වැඩියි...වයසෙන් පොඩී කියල බනින්නෙපා මට අනිත් උන්ට වඩා මං ටිකක් වෙනස් ඉතින් අහන්නකො මගෙ සෝචනීය කතාව,
මේක කෙලින්ම ආදරය ගැන ප්‍රශ්නයක්,
ඒක උනේ මෙහෙමයි එයාව මට මුලින්ම හම්බුනේ මියුසිකල් එකකදි මගෙ යාලුවෙක්ගෙ යාලුවෙක් එයා ඒ මිට අවුරුදු දෙක හමාරකට් විතර කලින්...එයාට මං සජූ කියල කියන්නම්.. එදා එයා දැක්ක දවසෙම මට එයාට ආදරේ හිතුන..මම එයාව ටෝක් කරන්න ගියෙ නෑ ඒ දවස්වල මටත් කෙල්ලෙක් හිටිය ඒත් මට ඒ එදා දැකපු රූපෙ ඕනි කියල හිතුන මං එදා රෑ එයා ගැන විමසිල්ලෙන් හිටියෙ එහෙම හිටපු නිසා මම දැක්ක එයා දිගටම කාටද මැසේජ් කරනව ඉතින් මං එයාට කොල්ලෙක් ඇති කියල හිතල මං එයාගෙන් ඈත් වෙලා හිටිය මං හොරෙන් හොරෙන් බලන් හිටිය එයා දිහා ඔහොම ගිහින් මියුසිකල් එක ඉවර උනා ඉවර උනාම අපිත් එක්ක ආපු අය කවුරුත් නෑ මටත් එයාලව මගෑරිලා මට මෙයාව දාල යන්න හිතුනෙ නෑ සෙනග වැඩී එදා මම ඊටපස්සෙ එයාව අල්ලගෙන කාගෙවත් ඇඟකවත් වදින්නැතුව එලියට පරිස්සමෙන් එක්කම් ආව ඒක මොකක් හින්ද කරාද කියල මං දන්නෑ මං එහෙම දෙයක් කාටවත්ම මීට කලින් කරල නෑ..ඊට පස්සෙ අපි ගෙදර ගියා ගෙදර ගිහිම් මං මගෙ යාලුවගෙන් සජූගෙ නම්බර් එක ඉල්ලම් මැසේජ් කරා එයාට එෆෙයා එකක් තිබුන ඒක නිසා අපි යාලුවො වගේ හිටිය එයාටත් මාව දැනෙන්නැති එයා මට උදව් එමත් කරා...ඔහොම ගිහින් එයා මාව බ්ලොක් කරල එයාගෙ කොල්ල කේස් දාල මම ඊට පස්සෙ හොයන්න ගියෙ නෑ ඒත් හිතේ හිටිය ඊට පස්සෙ අවුරුද්දකින් විතර ආයෙ එයා මට කතාකරා ආයෙත් අපි කතාකරකර හිටිය එයා බූට් එකක් කාල මං එයාගෙ හිත සෑහෙන්න හැදුව ඒත් මං ආදරෙයි කියල කිව්වෙ නෑ ඔහොම ගිහින් ආයෙ එයා මාව බ්ලොක් කරා ආයෙත් මම හිටිය ඊට පස්සෙ මගෙ ජීවිතෙත් ගොඩක් දේවල් උනා ඒත් හැමදාම එයා මගේ හිතේ කොනක හිටිය මම අර මගෙ යාලුවොත් එක්ක යන හැම ගමනකටම වගේ එයාව එක්කම් යන්න බැලුව ඒත් හරිගියෙ නෑ ඊට කාලෙකට පස්සෙ මේ අවුරුද්දෙ මාර්තු වගේ එයා මාත් එක්ක කතාකරා එයා ගොඩක් දුකින් හිටිය ලව් එක බ්‍රේකප් වෙලා මං හිත හැදුව ඉතිම් ආයෙ සති දෙකකින් විතර ආයෙ මාව බ්ලොක් කරා එතකොට මං රෙස්ටුරන්ට් එකක වැඩකරේ එයාව අහම්බෙන් දකිනව මං ඔහොම ගිහින් මේ අවුරුද්දෙ ජුනි 21 අපි ට්‍රිප් එකක් ගියා නුවරඑළියෙ ඒකට මෙයාලත් ආව සජුයි එයාගෙ අම්මයි..ඒ ආවෙත් මං නිසා මම indirect එයාලට කතාකරව්වෙ නුවරඑළියෙ ගිහික් ඇල්ලෙදි ෆොටෝ ගැහුව මගෙ කැම් එකක් තිබුන එයාලගෙත් මං ෆොටෝ ගැහුව ඒකෙන් එයා මාත් එක්ක කතාකරේ ආයෙත් මං ගොඩක් ආතල් එකේ හිනාවෙලා ඉන්න චරිතයක්...ආ කියන්න බැරි උනානෙ මාත් සිරා ලව් එකක් කරල දාර බූටක් කාල හිටියෙ මාස ගානකට කලින් ඒත් ඒ කෙල්ලව අතෑරගන්න බැරුව හිටියෙ හරි අහන්නකො ඔහොම අපි නුවරඑළියෙ තව වැඩකටත් එක්ක ආවෙ ඒක ඉවර වෙලා අපි ගියේ විලා එකකට මම එදා හවස බීල ඩවුන් වෙලා එහෙම හිටියෙ
ඊට පස්සෙ රෑ ආයෙ විලා එකේදි හොඳටම බිව්ව බීල නටල ඒම ඉවර වෙලා රෑ දොලාමාරට විතර මායි සජුයි තව කපල් එකකුයි සෝෆා එකේ හිටියෙ අපි කතාකරකර හිටියෙ මං එයාගෙ ඔලුව අතගගා හිටියෙ එයා දුකින් හිටියෙ ඒ ඇයි කියනෝනම් එයා ලව් එක බ්‍රේකප් කරල තමයි ට්‍රිප් එක ආවෙ එයාගෙ කොල්ල toxic people කෙනෙක් කොහෙවත් යන්න දෙන්නෑ ඒක නිසා
ඔහොම ඉඳල රෑ අපි දෙන්න සෝෆාවෙ තුරුල් වෙලා නිදාගත්ත නිදාගෙන ඉද්දි මගෙන් එයාට වැරැද්දක් උනා ඔව් ලොකුම ලොකු වැරැද්දක්...skip...අපි ගෙදර ආව එයත් එක්ක මං මැසේජ් කරා එයා මාත් එක්ක තරහින් හිටියත් මං හැමවෙලේම හිටපු නිසා ඒ වැරැද්ද නැති උන්නෑ ඒක යටපත් උනා ඊට මාසෙකට විතර පස්සෙ මං එයාට ආදරෙයි කිව්ව ඒත් එයා මට කැමති නෑ කිව්ව එයාගෙ චොයිස් එක නෙමේ මං හැම අතින්ම මාව එයාට ගැලපෙන්නෑ අඩුම මගෙ බැල්මටවත් එයා කැමති නෑ මං වැඳ වැඳ පස්සෙන් ගියා එයා මාව අතෑරලම ගියා මම ගොඩක් බිව්ව දුක නැති උන්නෑ ඊට පස්සෙ බොනේක නැවැත්තුවා...දැන් මට ප්‍රශ්න ගොඩයි..හේතුවක් නැතුව මට හැමදේම එපාවෙලා ,ජීවිතේ ගැන ගොඩක් කලකිරිල එදිනදා වැඩක් කරගන්නවත් හිතෙන්නෑ හරි තෙහෙට්ටුයි ඇඟට, ගෙදර අය එක්කවත් කතා කරන එක පවා වදයක් මට මාව කිසිම වැඩකට නැති එකෙක් විදිහට දැනෙනව කෑම කන්න කිසිම පිරියක් නෑ මම මේක ටයිප් කරන්නෙ රෑනෙ මේ වෙද්දි මම ඉන්නෙ ඊයෙ උදේ කාපු ගමන් මට නින්ද යන්නෙ නෑ රෑ තුන පහුවෙලත් ඔහේ කල්පනා කර කර ඉන්නව එකේක විකාර දේවල් මට මගෙ ජීවිතේට මොකක් හරි කරගන්න හිතෙනව රිද්දගන්න හිතෙනව දැන් මට ගොඩක් කේන්ති යනව උදේ කකුලෙ ඇඟිල්ල වැදිල ඇඳේ මං ආයෙ හයියෙන්ම ඇඳට ගැහුව දැන් කකුල ඉදිමිලා මම ලොකු මානසික පීඩනේ ඉන්නෙ මං කරන්නෙම ඇඳට වෙලයි සැබ් එක උඩට වෙලයි කල්පනා කරකර ඉන්නෙක මට හරිම මහන්සියි...
මං සජූ ගැන වටින් පිටින් හොයල බලනව ෆොටෝ දිහා පැය ගනන් බලන් ඉන්නව මං කොරියන් එක්සෑම් කරනව මං හොඳට පාඩම් කරා දැන් සති තුනක ඉඳන් මං පොතක් අල්ලලවත් නෑ කෙල්ලගෙ වැරැද්දක් නෑ මමයි බොරුවට බලාපොරොත්තු තියාගත්තෙ අර කතාවකුත් තියෙනෝනෙ කොල්ලෙක් කෙල්ලෙක්ව අත් නොහරින බව තේරුනාම කෙල්ල කොල්ලට නරක විදියට සලකනෝ කියල...මං හීන ගොඩක් හිතේ තියම් ලස්සන හැඟීම් වලින් පිරුනු හිතක් තිබුනු කොල්ලෙක් ඒත් මං දැන් විනාස වෙලා ඒත් මං ඒක මිනිස්සුන්ට පෙන්නන්නෑ මගෙ ප්‍රශ්නයක් කාටවත් කියන්නෙත් නෑ මට විසඳුම් ඕන්නෑ මට පුලුවන් නම් මගෙ සජූව ලැබෙන්න කියල ප්‍රාර්තනා කරන්න...
පුලුවන් තරම් කෙටියෙන් මං මේ කතාව කිව්වෙ..
මං මේ ගෲප් එකට මේක දැම්මෙ හිතේ හිරකරන් ඉන්න බැරි නිසා ඔයාල කියෙව්වත් නැතත් කමක් නෑ...හැමෝටම බුදු සරනයි...